• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මේ රටේ මිනිස්සුන්ට හරියන ආණ්ඩුව තමයි ලැබිලා තියෙන්නේ! අපි ඊළඟට බැසිල්ටත් දෙන්න ඕනේ! ගෑස්-පෙට්‍රල් පෝලිම් දැක්කාම මිනිස්සු ගැන හරි සතුටුයි!

December 14, 2021
in Exclusive, News
Reading Time: 5 mins read
A A
මේ රටේ මිනිස්සුන්ට හරියන ආණ්ඩුව තමයි ලැබිලා තියෙන්නේ! අපි ඊළඟට බැසිල්ටත් දෙන්න ඕනේ! ගෑස්-පෙට්‍රල් පෝලිම් දැක්කාම මිනිස්සු ගැන හරි සතුටුයි!
Share on WhatsAppShare on Facebook

අපේ රටේ පවතින සමාජ – දේශපාලන වාතාවරණය විවේචනය කරන පිරිස් අපට අද දවසේ ඕනෑ තරම් දකින්න ලැබෙනවා. නමුත් කලාකරුවන්, රංගන ශිල්පීන් වත්මන් පාලන තන්ත්‍රයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් විවේචනය කරනවා දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඊට හේතුව ලෙස අපි දකින්නේ අපේ කලාකරුවන්ගෙන් බොහෝ පිරිසක් විවිධ වූ දේශපාලන බලාධිකාරයන්ගෙන් විවිධ වූ වරදාන වරප්‍රසාද ලබාගත්තු පිරිසක් වීම. එහෙත් එවැනි කලාකරුවන් බහුතරයක් අතර තම ස්වාධීන මතය නොබියව රටට කියන සැබෑම රංගනවේදියෙක් තමයි ගිහාන් ප්‍රනාන්දු. කලාකරුවකු විදියට ජනතාවගේ පැත්තේ සිටිමින් ඔහු පළකරන මේ අදහස් අපි හැමෝටම ඉතා වැදගත්. ප්‍රදීප් ධර්මදාස මහතා සමග ගිහාන් ප්‍රනාන්දු රංගන ශිල්පියා පවත්වන්නට යෙදුණු මේ සාකච්ඡාව අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඒ නිසාමයි. මෙය අපි උපුටාගත්තේ ප්‍රදීප් ධර්මදාස යූටියුබ් නාලිකාවෙන්.

මීට කලකට කලින් කරපු සාකච්ඡාවකදී ඔබ කිව්වා මහින්ද රාජපක්ෂ තරම් මේ රට හෙළිදරව් කරපු තවත් ජනාධිපතිවරයෙක් නෑ කියලා. ඒ වගේම මහින්ද රාජපක්ෂ, කලාකරුවන්ගෙ රෙදි ගැලෙව්වා, විකල්ප මතධාරී දේශපලන පක්ෂ කුඩුපට්ටම් කරලා දැම්මා. බොරු ෂෝකාරයන්ගෙ රෙදි ගලවලා හෙළුවෙන් යැව්වා කියලත් ඔබ කෙළින්ම කිව්වා. මගේ ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ගැන නෙවෙයි, ඔහුගේ සහෝදරයා වත්මන් ජනාධිපතිවරයා ගැන. මහින්ද රාජපක්ෂට ඔබ චෝදනාව එල්ල කරන සන්දර්භයෙ ඉඳලා බැලුවාම ගෝඨාභය රාජපක්ෂ මොකක්ද කෙරුවෙ?
මහින්ද රාජපක්ෂට නෙවෙයි මම චෝදනාව එල්ල කරන්නේ. මහින්ද රෙදි ගැලෙව්ව කියන එකේ චෝදනාව එන්නේ මහින්දට නෙවෙයි. මහින්ද ඒ තරම් ටැලන්ට් කියන එක මම කියන්නේ. සියලු වාමාංශික මතධාරීන්, නළු නිළියො, රංගන ශිල්පීන්, අපි හිතාගෙන හිටපු විශ්වවිද්‍යාල මහාචාර්යවරු විවිධ ක්ෂේත්‍රවල ඉන්න අයට රෙදි ගැලෙව්වා කියන එක අද වෙද්දි ඔප්පු වෙලා තියෙනවා. ජනාධිපති පදවි ප්‍රාප්තියෙ දෙවැනි අවුරුද්ද මේ ගතවෙන්නේ. අවුරුදු දෙකකදි බොහෝම සතුටුදායක විදියට අපේ රට හොඳ තැනකට ගෙනිච්චා. ඉතින් සහෝදරය කළේ ඒ ටික. අනෙක් සහෝදරයො ඒකට සපෝට් කරනවා.

වත්මන් ජනාධිපතිවරයා ගැන ඔබට අදහසක් විදියට කියන්න තියෙන්නේ මොකක්ද?
අදහසක් විදියට පහුගිය කාලෙ මිත්‍රයො කීප දෙනෙක් කිව්ව රසවත් කතන්දරයක් තියෙනවා. ‘අනේ නෑ ගෝඨාභය නෙවෙයිනෙ මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ගෝඨාභය කියලා හිතං හිටියේ වෙන එක්කෙනෙක්’. ෆේස්බුක් එකෙත් දිගටම ගියා මේ වෙන කවුද කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ කියලා. මම කියන්නේ ‘කාලකණ්ණි වෛරී සතුටක් විඳිනවා මම මේ මොහොතේ. මම කියන්නේ මේ රටට හොඳ වැඩේ. ඉස්සරහට තව තව මේ සතුට මම විඳිනවා. මොකද මේක අපි අවුරුදු ගානකට කලින් දැකපු දෙයක්. අපට පෙනිච්ච දෙයක්. ඉතින් අපි සමහර වෙලාවට ඒවා ප්‍රසිද්ධ වේදිකාවෙ, මාධ්‍යවල සහ අපට හිතෙන තැන්වල නිර්මාණ හරහා අපි කිව්වා. ඉතින් මේ රටේ මිනිසුන්ට ඒක තේරුණේ නෑ. මම හිතන්නෙ මේ රටේ මිනිසුන්ට හරියනම දේශපාලන පවුල තමයි අපට ලැබිලා තියෙන්නේ. ඒ ලැබීමේ සතුට විඳිමින් තමයි රටේ ජනතාව දැන් ඉන්නේ.

හැබැයි ඒ සතුට දීර්ඝකාලීනව විඳින්න පුළුවන්කමක් නැහැ මම හිතන්නේ මේ වෙලාවෙ. ජනතාවට මුහුණපාන්න වෙලා තියෙන දේවල් එක්ක?
මම කියන්නේ ඒක තමයි අපේ සතුට කියලා.

එහෙම සතුටු වෙන්න පුළුවන්ද?
මම පැහැදිලිවම සතුටු වෙනවා. එද මම එනකොට දැක්කා ගෑස් පෝලිමක් තියෙනවා, පෙට්‍රල් පෝලිමක් තියෙනවා. මට මේ රටේ ජනතාව ගැන සතුටුක් තියෙනවා. මොකද අපේ රටේ මිනිසුන්ට එකක් යම් යම් කාලවලදී විවිධ අවස්ථාවලදී හිතලා තීරණ ගන්න බෑ. ඔවුන් හරිම ආත්මාර්ථකාමීයි. ඔවුන් මේ මොහොතේ හිතෙන්නෙ තමන්ට ලැබෙන වාසිය ගැන විතරයි. ෂීට් එකකට හරි, සිමෙන්ති කොට්ටෙට හරි, බත් පැකට් එකකට හරි, අරක්කු ටිකකට හරි ඡන්දෙ දෙන සමාජයක් මේ තියෙන්නේ. ඒ සමාජයට මේ පාලකයො තමයි හරියන්නේ. සොබාදහමෙන් අපට දෙන දඬුවමක් මේක. හැබැයි මේ සොබාදහමෙ දඬුවම අපට විතරක් නෙවෙයි, ඒගොල්ලන්ටත් දීලා තියෙනවා. මේ රට පාලනය කරන ජනාධිපතිගෙ සිට මැති ඇමැතිවරුන්ට මේ මොහොතේ ඔබට මට වගේ සනීපෙට කොට්ටෙ ඔළුව තියාගෙන නිදාගන්න බෑ කියලා මම හිතනවා. රෑ හීනෙන් බයවෙනවා ඇති. බයවෙලා හෙට උදේ මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි තැනක ඇති. ඒ තරම් දඬුවමක් තවත් නෑනෙ.

මොන මොන නම්වලින්, ලාංඡනවලින් පෙනී හිටියත් ලංකාවෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ හැඩේ තියෙන බල කඳවුරු දෙක. අනෙක් දේශපාලන ව්‍යාපාරවලට බලය ලබාගන්න ජනතාව ඉඩක් දෙන පාටක් පේන්න නෑ?
දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා කිව්වට මම හිතන්නේ එකයි තියෙන්නේ. ඒ එකේම මූණු ටික එහෙට මෙහෙට මාරුවෙන එක විතරමනෙ පහුගිය කාලෙ වුණේ. එක දේශපාලන පක්ෂයක් කඩාගෙන තව කට්ටියක් හැදෙනවා. ඒක කඩාගෙන තව කට්ටියක් හැදෙනවා. මම ඔබගෙන් ඇහුවොත් විමල් වීරවංශ මේ වෙලාවෙ මොන පක්ෂයෙද කියලා, ඔයාට හරියටම උත්තරයක් දෙන්න පුළුවන්ද? වාසුදේව මොන පක්ෂෙද? සුසිල් ප්‍රේමජයන්ත මොන ආණ්ඩුවෙද? එතකොට අපිම මොහොතක රැවටෙනවා. පාර්ලිමේන්තුව සජීවීව බැලුවොත් එහෙම අපිට ෂුවර් නෑ. මොකද ආණ්ඩු පක්ෂයෙ අය ඉන්නවනෙ විපක්ෂය පිටිපස්සෙත්. ඒ හින්දා අපට ෂුවර් නෑ මේ දෙගොල්ලො කොහෙද ඉන්නෙ කියන එක. ඒක තමයි මේ රටේ තත්ත්වය සහ අපේ රටේ දේශපාලනඥයන්ට තියෙනවා හරි ලස්සන වචනයක්. දේශපාලනයේදී සදාකාලික මිතුරෝ හෝ හතුරෝ නැත කියලා. ඉතින් මේ ගොන් කාලකණ්ණි ජනතාව මෙච්චර අමුවෙන් මේක කියද්දිවත් තේරුම්ගන්නෙ නැත්නම් තව කොහොමද මේක තේරුම් කරලා දෙන්නේ? මමයි ඔයයි තරහා නම් අපට තරහයි කියලා කියන්න පුළුවන්. හැබැයි මේ පැත්තෙන් ඉන්න තුන්වැනි පාර්ශ්වයට අපි කියනවා අපට තරහ වෙන්නත් පුළුවන්, යාළු වෙන්නත් පුළුවන්. එතකොට අපි දෙන්නා සදාකාලික හතුරෝ-මිතුරෝ නෙවෙයි. එතකොට මුන් කාත් එක්කද පෙළගැහෙන්නේ? ඔයත් එක්කද ඉන්නේ, මාත් එක්කද ඉන්නේ? මොකද උන්ට ෂුවර් නෑනෙ අපි දෙන්නා කොයි වෙලාවෙ යාළු වෙනවද, කොයි වෙලාවෙ තරහා වෙනවද කියලා. මේ ඔක්කොම එක්කහු වෙලා ගහන ගේම් එකක්. පහුගිය අවුරුදු ගානෙදිම. ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දීපු මගේ බොහෝ මිත්‍රයො ඉතා කේන්තියෙන් දැන් කතා කරමින් කියනවා ‘ඊළඟ පාර නම් අපි ඡන්දෙ දෙන්නෙ ජේ.වී.පී. එකට’ කියලා. මම කියන්නෙ ඒකත් බොරුවක් කියලා. මීළඟට බැසිල් ජනාධිපති කරමු කියන තැන තමයි මම ඉන්නේ. මොකද වෙන කෙනෙක් අරගෙන මේක කරන්න බෑ. මේගොල්ලන්ටම මේක ඉවර කරලා දාන්න ඉඩ දෙන්න ප්ලීස්…

ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන්නේ බැසිල්ව ජනාධිපති කරලා, ඊට පස්සේ මේ ක්‍රමවේදය ඉවරයක් කරන්නද?
නෑ ක්‍රමවේදය නෙවෙයි, රටම ඉවර කරලා දාන්න ඉඩ දෙන්න කියලා මම කියන්නේ. චීන කොලනියක්නෙ ඊට පස්සේ අපි. මම මීට අවුරුදු ගානකට කලින් ‘ස්ටෑන්ඩ්අප් කමේඩියන්’ කියන එක ප්‍රගුණ කරමින් හිටියා. මම බොහොම කාලෙකට කලින් තමයි මේ චීන ආක්‍රමණය ගැන මගේ ස්ටෑන්ඩ්අප් එකේ කිව්වේ. එතකොට මට විරුද්ධව ඒකෙ කෑලි කපලා ෆේස්බුක් එකේ ගියාම මට සහ අපේ අම්මට ගොඩක් ආශීර්වාද කරලා තිබුණා ඔය දෙපාර්ශ්වයේම අය. එහෙම වෙන්නෙ කොහොමද අපේ ජනාධිපති, අපේ රට රැකගත්ත කෙනා ආදී දේවල් කියලා. හැබැයි ඒක දැන් සිද්ධ වෙමින් පවතිනවා නේද?

ඔබ නිතර කියන කතාවක් තමයි රටට ආදරය කරන කවුරුත් දේශපාලන කරන්නෙ නෑ කියන එක. හැබැයි රටට ආදරය කරන්නෙ නැති දේශපාලන කරන මේ අය හැමදාම ජනතාවට කරන්න තියෙන සියලු බොරු, වංචාවල් කළත්, ජනතාව අන්තිමට ඡන්දෙ දෙන්නෙත් ඒගොල්ලන්ටමයි. එතකොට අපි මේ ජනතාව වෙනස් කරගන්නෙ කොහොමද?
පැහැදිලිවම මට එහෙම අදහසක් නෑ. සුගතපාල ද සිල්වා ‘මරාසාද්’ නාට්‍යයෙ කිව්වා වගේ අත දාලා කොට්ට උරයක් කණපිට හරවනවා වගේ මේ මිනිසුන්ව වෙනස් කරන්න ඕනෙ එහෙම නම්. ඒ ඇරෙන්න මේක වෙනස් කරන්න බෑ. මොකද අපි කොච්චර කිව්වත් අපි හිතන විදිය හරිම ආත්මාර්ථකාමීයි. මම උපතින් කතෝලික වුණාට බෞද්ධාගම මම හරියට අගය කරනවා සහ සියලු දේවල් කියලා තියෙනවා. මිනිස්සු සියල්ල අතහරින්න පුරුදු වෙනකම් මේ රට හදන්න බෑ. ඊයෙ මම යාළුවො කට්ටියක් එක්ක සාදයක ඉන්නකොට මම කිව්වා බුඩිසම් නැත්තෙ පන්සලේ කියලා. තාප්ප ගහනවා කියන්නෙම තව ඉඩම් කෑල්ලක් අල්ලගන්නවා කියන්නෙම, අපි හැමදාම දැකලා තියෙන්නේ ජීවිත කාලෙම ඉදිකිරීම් කරන පන්සල්මනෙ. මොකද්ද මේ කරන්නේ, මොනවද මේ එකතු කරගන්නේ? එතකොට බුඩිසම් ප්‍රැක්ටිස් කරනවා කිව්වා අපට වඩා බුඩිසම් යුරෝපයේ, ඇමෙරිකාව වගේ රටවල මේ මොහොතේ තියෙනවා.

ගිහාන් කියන්නේ විකල්ප දේශපාලන අදහසක් තියෙන කෙනෙක්. 2015 ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවට ඔබ ගොඩවෙනවා. ඒ වගේම ඔබ කලාකරුවන්ට දෝෂදර්ශනයක් එල්ල කළා පහුගිය කාලෙ පුරාම දේශපාලනය වෙනුවෙන් කඩේ යනවා කියලා. එතකොට ඔබ ඒ කරපු කටයුත්ත ඊට වෙනස්ද?
පැහැදිලිවම. 2015 කියන්නේ ඇත්තටම මම ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවට ගොඩවුණේ ඒ පක්ෂයේ සාමාජිකයෙක් විදියට නෙවෙයි. ඒක මම අදටත් කියනවා. මම ජේ.වී.පී.කාරයෙක් නෙවෙයි. ඔබ හිතන්න 2005 සිට 2015 වෙනකන් මේ රටේ තිබුණු රෙජීම් එක දිගටම තිබුණා නම්, 2015දී ඒ වෙනස සිදු නොවුණා නම් අද අපේ රට තියෙයිද? අවුරුදු පහක බ්‍රේක් එකක් අරගෙන ආයෙත් උන්ට දුන්නාම, ආයෙත් මෙච්චර කෙලෙව්වා නම් අර අවුරුදු 5ත් නොදී දිගටම තිබුණා නම් කොහොම තියෙයිද? ඒ මොහොතේ මට හිතුණා, මම තාමත් විශ්වාස කරනවා, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නියෝජිතයො වැඩි ගණනක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ කියලා. ඔවුන් ආණ්ඩුවක් පිහිටුවනවද, විපක්ෂය වෙනවද කියන එක නෙවෙයි. සුනිල් හඳුන්නෙත්ති එදා පාර්ලිමේන්තුවට ගිහින් කෝප් කමිටුවෙ සභාපති වෙලා ඉන්නකොට සුනිල්ට කරන්න පුළුවන් දේවල් ටිකක් තිබුණා. ඔහු ඒ ටික කළා. ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කළා කියලා කිසිම කෙනකුට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. හැබැයි සමහර කලාකාරයො කීපදෙනෙක් එකතු වෙලා ඒ මොහොතෙ පෙනී හිටියා, මේ මොහොතෙත් පෙනී ඉන්නවා. ඒ අතරතුර මම දකිනවා දේශපාලනිකව අනාථ වෙච්ච අය ඉන්නවනෙ, ඒ කියන්නේ තමන්ට යන්න එන්න කොහෙත්ම නැති වෙච්ච අය. ඔවුනුත් ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවෙ ඉඳගන්නවා. එතකොට අපටත් කලකිරීමක් ඇතිවෙනවා, අපිත් මුන් එක්ක ඉන්න ඕනෙද වගේ.

ආර්ට්වලින් මිනිසුන්ගෙ චින්තනය වෙනස් වෙනවා, චින්තනය වැඩිදියුණු වෙනවා කියන එක දරුණු විදියට පිළිගන්න කෙනෙක් ඔබ. මම අහන්නෙ පුංචි තිරය මූලික කරගත්ත ටෙලිනාට්‍යවලින් ඔය කියන චින්තනය වැඩිදියුණු වෙනවද? ඔබත් එවැනි ටෙලිනාට්‍යවල රඟපාන නිසයි මම ඒක අහන්නේ?
මම හිතන්නේ ඒක නම් සිද්ධ වෙන්නෙ නෑ. අද මේ වෙනකොට රටේ මිනිස්සු හිතන විදිය තීරණය කරන්නේ පස්දෙනෙක් වගේ කණ්ඩායමක්. අපි දේශපාලනිකව කොහොමද හිතන්න ඕනෙ, එකම ප්‍රශ්නෙ දිහා අපි බලන්න ඕන විදිය මොකක්ද, ඒක කාට පාක්ෂිකවද බලන්න ඕනෙ කියන එක තීරණය වෙන්නේ පස්දෙනෙක්ගෙ ඔළු මතින්. ඉතින් ඒ පස්දෙනා තමයි තීරණය කරන්නේ දේශපාලනික කාරණා, ආර්ට් ඇතුළු මේ සියලු දේවල් ගැන. කොච්චර වරද්දගත්තද කියනවා නම්, ලංකාවෙ ජාතික රූපවාහිනිය කියන එක තිබුණු තැනක් තියෙනවා. ස්වාධීන රූපවාහිනිය තිබුණු තැනක් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගෙ රසඥතාව කියන එක මොට කළේ රූපවාහිනී නාලිකාවලින්. සමාජ මාධ්‍ය එන්නත් ඉස්සෙල්ලා. නාලිකාවලින් කරන වැඩේ දිගටම කරගෙන යනවා. මම දන්නෙ නෑ අද අලුතෙන් එන ළමයෙකුට සිංදුවක ඔරිජිනල් වර්ෂන් එක නැත්නම් ඒ රහ විඳින්න හම්බවෙලා තියෙනවද කියලා. මොකද ඒගොල්ලො අහන්නෙ ‘රීමේක්’ එක. නැත්නම් මොකක් හරි තරගයකදි ඒ තරගයෙ විනිසුරුවන් කැමැති විදියේ සංගීත ධාරාවක ගීතයක්. අමරදේවගෙ ගීතයක් පවා. අපි වෙන්න ඇති අන්තිම පරම්පරාව අපේ ලෙජන්ඩ්ස්ලාගෙ දේවල් රස විඳපු. මොකද ඉදිරි පරම්පරාව ලෙජන්ඩ්ස්ලා කියලා කට්ටියක් දකින්නෙ නෑ. ඒගොල්ලන්ගෙ ලෙජන්ඩ්ස්ලා ඇවිල්ලා වෙනම සෙට් එකක්. ඒක රටකට වෙච්ච ලොකු හානියක්.

ඒ කියන්නේ ඔබ කිව්වා වගේ ටෙලිවිෂන්වල අයිතිකාරයන්ට ඒගොල්ලන්ගෙ රසවින්දනය මත තමයි තීන්දු වෙන්නේ මොකක්ද පෙන්නන්නෙ. බලන ජනතාව තීන්දු කරන්නේ ඒගොල්ලො කැමැති දේ බලන්න තමයි?
හුඟක් අය අපට පාරෙදි මුණගැහුණාම අහනවා ඔයා මේ දවස්වල මොකකවත් නෑ නේද කියලා. එතකොට මම කියනවා අහවල් නාලිකාවෙ මම ඉන්නවනෙ කියලා. අනේ අපි ඒක බලන්නෙ නෑනෙ. අපි බලන්නෙ අරක කියලා ඒගොල්ලො කියනවා. ඒ කියන්නේ හවස 6 ඉඳන් අවසාන දේශපාලන සාකච්ඡාව දක්වාම ඒ නාලිකාව විතරමයි බලන්නේ. හැමෝම එහෙම වෙන්කරගත්ත නාලිකා තියෙනවා මේ රටේ මිනිස්සු. එතකොට ඒ නාලිකාවෙන් තොර ජීවිතයක් ඒ අයට නෑ. ඒ නාලිකාවෙ දකින ටෙලිනාට්‍ය තමයි ඒ අය නාට්‍ය කියලා හිතන්නේ. එතකොට ඒක තීරණය වෙන්නේ අර පස්දෙනා මත.

කලාකාරයො පව්. කලාකාරයන්ව විශ්වාස කරන මිනිස්සු ඊටත් වඩා පව්. අපි ඒ පැත්තෙන් ගත්තම සමහරු ගැන පව් කියලා කියනවා. ඒ වුණාට අපි විශ්වාස කරන, මිනිස්සු ආදරය කරන මේ කලාකාරයො ඇවිල්ලා බොහොම සුළු මුදලකට මිනිස්සුන්ව රවට්ටන්න දේවල් කරන කොට. එතකොට කවුද පව්?
අද වෙනකොට සෝෂල් මීඩියාවල නොපෙන්වන්න ඕනෙ මොනවද, පෙන්වන්න ඕනෙ මොනවද කියලවත් ඒ අය දන්නෙ නෑ. අපේ පෞද්ගලිකත්වය මම හිතන්නේ ඒක වෙන කාරණාවක්. ආර්ට්වලදි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු අපි රඟපාන එක මිසක් ගිහාන් ප්‍රනාන්දු කොහොමද ගෙදර කකුළුවො කන්නෙ කියන එක නෙවෙයි. හැබැයි අද මේ රටේ මාකට් කරන්නේ ඒ වගේ දේවල්. ඒවා ආර්ටිස්ට්ලා අකැමැත්තෙන් කරනවා නෙවෙයි, කැමැත්තෙන් කරන්නේ.

මේ රට මොනම හරි හේතුවකින් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා අබමල් රේණුවක හරි විශ්වාසයක් තියෙනවා නම් ගිහාන්ගෙ පැහැදිලි දේශපාලන මතය මොකක්ද?
මම කියන්නේ මේ අවුරුදු 5 යන්න දෙන්න. මේ අවුරුදු 5 විඳින්න දෙන්න. ඒ කියන්නේ මේ අවුරුදු පහ ඉවර වෙද්දී මට සැකයක් තියෙනවා සමහර පිටරටවලට වුණා වගේ මිනිස්සු පාරට බැහැලා සමහර වාසගම් තියෙන මිනිසුන්ට ගහයි කියලා. මේ යන විදියටම ගියොත්.

ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා ජන කැරැල්ලක්, කැලඹීමක් ඇතිවේවි කියලා?
මොකද මේ පීඩනය දවසින් දවස වැඩිවෙනවා. එතකොට සාමාන්‍යයෙන් මොළේ තියෙන දේශපාලනඥයො කරන්නේ ඒ පීඩනය පිටකරගන්න මිනිස්සුන්ට ඉඩ දෙනවා. හැබැයි එහෙම නැති අය කරන්නේ ඒක බ්ලොක් කරන්න හදනවා. ඒක බ්ලොක් කරන්න බ්ලොක් කරන්න තව ඒක මෝදුවෙනවා. ඒ මොදුවීම එච්චර හොඳ දෙයක් නෙවෙයි. එහෙම වුණොත් හරි අපරාධයක් වේවි. අපි කෝටි ගානක් ලෝකෙට ණය වෙලා හදපු දේවල් අපේ මිනිස්සුම කැති පොලු ගෙනැල්ලා, ගල්ඉනි ගෙනැල්ලා කඩලා දාවි සමහර විට. ලෝකෙ සමහර රටවල වුණා වගේ ඒ අනතුර ගැන මම බයයි. මම හිතන්නේ හොඳ අවංක බුද්ධිමත් දේශපාලනඥයො සන්ධානගත වුණොත් මේ රට ගොඩගන්න පුළුවන් වේවි. මට හිතෙනවා එහෙම වෙයි කියලා කාලයත් එක්ක.

ඔබේ මතවාදය මොකක්ද පැහැදිලිවම?
එහෙම මොහොතකදි මම ඔවුන්ට උදව් කරනවා. දේශපාලනය කරලා නෙවෙයි, අපේ ආර්ට්වලින්. ඒ වෙනකම් අපි අපේ දේශපාලනය කරනවා අපේ ආර්ට්වලින්, වේදිකාවෙදි.

සකස් කළේ චානක ලියනගේ

SendShareShare
Previous Post

ගෑස් පිපිරුම්වලින් හානිවූවන්ට නොමිලේ නීති සහාය දෙන්න සජිත් සූදානම් වෙයි! (VIDEO)

Next Post

මහබැංකුවට එරෙහිව නීතීඥ සංගමය උසාවි යයි!

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.