• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදලිගේ දකිනකොටත් වෙව්ලන බලවත්තු…

March 26, 2023
in Exclusive, News
Reading Time: 13 mins read
A A
මුදලිගේ දකිනකොටත් වෙව්ලන බලවත්තු…
Share on WhatsAppShare on Facebook

අපේ මහගෙදර (සීයාගේ) මා දන්නා කියන කුඩා කාලයේ (නවසිය පනහේ මුල් භාගයේ) සිටම ප්‍රජා මධ්‍යස්ථානයක් Comunity Center බඳුය. ඊට හේතුව නිවෙස තිබුණේ නිතර ගොවියන් යන එන අක්කර තුන් හාරසියයක් තරම් වෙල් යාය මායිමේ පිල්ලෑවක හෙයිනි. වැපුරුම් කාලයටත්, නෙළුම් කාලයටත්, කොළදිං කාලයටත් (අස්වැන්න නෙළන කාලය) ඔය කොයි කාලයටත් වෙල් යායේ අඩුම තරමින් පනහක් හැටක් දෙනා නිතර ගැවසෙති.

ඒ අතරතුර කාලයේ දෛනිකව තම තමන්ගේ කුඹුරුවලට වතුර හරවන්න, “උමං” (කක්කුටුගුල්) වහන්න, කුරුල්ලන් එළවන්න ආදී දේටත් හත්අට දෙනෙක් හෝ ආව ගියෝය. ඔය අයගෙන් වැඩි දෙනාට හදිසියේ අවශ්‍ය වෙන වතුර ටිකක් ගින්දර ටිකක්, පිහියක්, උදැල්ලක් වැනි “ඒකක් මේකක්” ඉල්ලා ගැනීමට එන්නේ ද අපේ නිවෙසටය.
ඇතැම් දෙනා එදිනෙදා වැඩකටයුතු කඩිනමින් නිමාකර නාකියාගෙන (ස්නානය කර) හිරු බස්නා හැන්දෑ යාමේ හතරට පහට අවුත්, වෙලේ කුඹුරේ රවුමක් ගසා අපේ ගෙදරට ගොඩවෙති. ඔවුන් වෙනුවෙන් මිදුලේ කෙළවරට වෙන්නට තිබුණු අඹ ගස යට අපේ සීයා විසින් දිග බංකුවක්ද ඉදිකරනු ලැබ තිබුණේය.

එතැන බොහෝ විට අපේ ගමේ පාර්ලිමේන්තුවය. ඔය පාර්ලිමේන්තුවේ සාකච්ඡා වාද විවාදවලට මා සවන් දුන්නා පමණක් නොව මට අවබෝධ කරගත නුහුණු යම්යම් කරුණු පහයා (විස්තර දැනගැනීම) ගැනීම වනාහි දැනුම් සාගරයක් අත්කර ගැනීමක් බව මට පසු කලෙක තේරුම් ගිය කරුණකි.

ඇතැමුන්ගේ පිළිගැනීම අනුව අපේ ගමේ “අංකූරා” නයිදෙ මාමාය. සම්පූර්ණ නම “අප්පුනයිදේ” වුවත් කෙටි නම නයිදේය. ඔය මනුස්සයාගේ කියුං කෙරුං ගැන වතාවක් සාකච්ඡා කරන කල්හි “ඔවුන් ගනං ගන්න බෑ, අම්මට ගෙංබං පන්නපු එවුං නොවැ” යැයි පීතරා උන්දෑ කීවේය. (නම් සත්‍යම ඒවා නොවේ)

“ගෙම්බං පන්නපු කතාව” මට කිසිසේත්ම අවබෝධ නොවුණු නිසා මම ඒ කතාව කුමක්දැයි අම්මාගෙන් ඇසුවෙමි.

“අනේ මං ඕවා දන්නෙ නෑ” අම්මා මගාරින න්‍යායෙන් කීවාය.

“එහෙනං මම නයිදෙ මාමගෙන් අහගන්නං” මම කීවෙමි.

ගෙමිදුලේ හෙණයක් පාත්වුණාක් මෙන් බියට පත් අම්මා එතෙක් කරමින් සිටි සියලු වැඩ වහාම නවතා මට ඒ කතාව කීවාය.

ඈත අතීතයේ රජ මාලිගාවට රන් ආභරණ හදාදුන් නවංදන්නා (රිදී රත්තරං කර්මාන්තය) ධනවත් පරම්පරාවකට අයත් එක්තරා කාන්තාවකට මුතුන්මිත්තන්ගෙන් ලැබුණු “රත්තරං මැඩියෙක් (ගෙම්බෙක්) සිටියේය. ඒ වස්තුව ඇය පණ සේ රහසේ රැකගෙන ආභරණ ටිකක් සාදාගැනීමේ අපේක්‍ෂාවෙන් කල්යල් බලමින් වයසට පත්වෙන තුරුම සිටියාය. ලෝකුරු කර්මාන්තයේ (රන් රිදී කර්මාන්තය) යෙදෙන සියලුම දෙනා වංචාකාරයන් යැයි ඈ සිතා සිටින ලද්දෙන් ඕ තම පුතාට ඒ කර්මාන්තය හොඳින් ඉගැන්නුවාය. වියපත් ඇය ඉන් අනතුරුව ඒ ගෙම්බා මකවා (උණුකර) ආභරණ ටික සාදවා ගැනීමට පවරා ඒ කාර්යය කෙරෙන අන්දම දෙස ඉතා විමසිල්ලෙන් ඇස් දල්වා බලා උන්නාය.

ඔහු ඇයට පෙනෙන්නට ගෙම්බා කෝවට (උදුනට) දමා මයිනහම අදිමින් රත් කරන්නට වූ අතර ඊට පෙර තම මවට නොපෙනෙන්නට පණ ඇති ලොකු ගෙම්බෙක් කෝව යට සඟවා තැබුවේය. මයින හම අදින්නට වූ විට ගිනි රස්නය දැනී ඒ පණ ඇති ගෙම්බා පැන දුවන්නට වූවේය.

එවිට පුතා “අන්න අම්මෙ ගෙම්බ පැනල යනවා” යැයි කෑගෑවේය. එවක් පටන් “අම්මටත් ගෙම්බං පන්නපු මිනිස්සු” යන හඳුනව්ව ඒ අයට ලැබුණේලු.

රජ වාසලට ඒ නවංදන්නා කර්මාන්තය දත් පිරිස් විසූ ගම්මාන ඈත අතීතයේ සිට මෑතක් වන තුරුම තිබුණේය. එපමණක් නොව මහනුවර රජ වාසලට අවශ්‍ය අවි ආයුධ සැපයූ කර්මාන්තකරුවන් විසූ ගම්මාන ද විය. මාවනැල්ලට නුදුරු “දුනුගම” එවැනි ගම්මානයකි. බත (හාල්) සැපයූවන් වුසූ ගම්මාන බත්ගම්ය. මහවාසලට දඩමස් සැපයීමටද පිරිසක් උන්හ. ඔවුහු දඹාන ඈ ප්‍රදේශවල පදිංචිකරුවෝය.

මහවාසලට (රජ මාලිගාවට) අවශ්‍ය භාණ්ඩ සේම විවිධ සේවා (ශුද්ධ පවිත්‍ර, ආරක්‍ෂා) සැපයූවන් විසූ ගම්මානද තිබිණි. රජවරුන්ට සේවය කළ රණවිරුවන් විසූ ගම්මානද විශේෂ වූවේය.

වර්තමානයේ හේවාදිවෙල, දීවෙල වශයෙන් හැඳින්වෙන්නේ ඒවාය. මහවාසලට එසේ රාජකාරි කළ උන්ගේ දරුවන්ද, ඒ දරුවන්ගේ දරුවන්ද, ඒ අයගේ දරුවන්ගේ, දරුවන්ගේ දරුවන්ද යන පරිදි රජ අණින් පරපුරෙන් පරපුරට ඒ මෙහෙයම කළ යුත්තෝ වූහ.

මේ පාලනය වැඩවසම් ක්‍රමයයි. කුලවාදයේ උත්පත්ති කතාවයි. එක එකා පහත්කර තමා මුදුනා වීමේ උන්මාදයේ බීජයයි. තාත්තගේ රස්සාව පුතා කළයුතු යැයි කියන යුගයක් ද අපේ රටේ වූවේය.

ගම්මුලාදෑනි තනතුර එබන්දකි. එහෙත් නවසිය පනහෙන් පසුව ඒ ක්‍රමය වෙනස් වන්නට වූ අතර සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා අතු පැලෙන් මහ මන්දිරයට මාර්ගය නිර්මාණය වූවේය.

ඔය කියන කුලවාදය, ගෝත්‍රවාදය මෙරට උතුර දකුණේ පමණක් නොව ලෝකය පුරාම ද අදත් විහිදී පැතිරී තිබේ.

කිසියම් දිනෙක කළු කෙල්ලන් (අප්‍රිකානු) සුදු කොල්ලන් (ඉංගිරිසි) සමග අත්වැල් බැඳ වීදි බැස යන අන්දමත්, මගේ මුතුන්මිත්තන් (වහලුන්) සාමිවරුන් (එංගලන්තයේ කුලවතුන්) සමග එකම මේසයේ ආහාර අනුභව කරනු දැකීමත් මගේ සිහිනය My Dreams යැයි මගේ (මට) මතක හැටියට Junior Marting Luther කීවේය.

අපේ අදූරදර්ශී අඥානයෝ තවමත් ඔය කියන ගෝත්‍රික මනෝමය භාවයේ එල්ලීගෙන සිටින්නෝය.

ඇමිතිවරයාගේ පූතා ඇමැති කෙනකුම විය යුත්තේය. වෛiවරයාගේ පුත්‍රයා වෛද්‍යවරයකුම විය යුත්තේය. එහෙත් “වැසිකිළි හෝදන කෙනාගේ පුතා වැසිකිළි සේදිය යුතුවාක් මිස දේශපාලනඥයකු, වෛද්‍යවරයකු නොවිය යුත්තේය” යන්න බොහෝ දෙනකුගේ මතයය.

මා කුඩා සමයේ වැඩි වශයෙන්ම අපේ ගමේ නිවෙස්වලට ඔවුහු යමක් ඉල්ලා ගැනීමට ආවෝය. එසේ එන මේ අහිංසක මිනිස්සු නිවෙසින් කෙනකු එළියට පහලියට එන තෙක් මිදුලේ කෙළවර “කුංකුමිට” (උක්කුටිකයෙන්) ඉඳගෙන උන්හ.

පුරුෂ පක්‍ෂයේ කෙනකු නම් ඇඳ සිටියේ “ගොමස්කඩ” සරමක් පමණි. බොහෝ විට ඔවුහු වයෝවෘද්ධය. කොණ්ඩය බැඳ උන්හ. ඒ තෙමේ වක ගසාගෙන (උක්කුටිකයෙන්) උන් තැන පසෙක කත්ලීයකි. (කත්ලීයක් යනු හොඳට “සුරුවමට” (ඔපයට, සිනිඳුවට) යතු ගාගත් අඟල් හතරක් පමණ පළල අඩි පහක් පමණ දිග කිතුල් “පත්තකි” (පතුරකි). එහි එක් කෙළවරක ලණුවලින් එල්ලන ලද සෑහෙන “පොතු කොළ” (පොල් කොළවලින් වියා තල් කොළවලින් බාගත්තකි) පෙට්ටියකි. එය ලැබෙන යමක් දමාගෙන යාමටය.

ඔවුන් ජීවිකාව ගෙනගියේත් අඹුදරුවන් පෝෂණය කෙළේත් ගෙන්ගෙට ගොස් ඉල්ලා ගත් යමකිනි. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔවුනට කිසිම දිනෙක කිසිම තැනෙක රජයේ තබා පෞද්ගලික ස්ථානයක හෝ රැකියාවක් ලැබුණේ නැති හෙයිනැයි කියනවාට වඩා නුදුන් බැවින් යැයි කීම වටී.

තරුණ පහේ උදවිය ගව සමින් (හරක් හං) සකසා ගත් “ඩොලැක්” නම් සංගීත භාණ්ඩයද රබං (රබාන) ද හදා අලෙවි කර ජීවිකාව ගෙන ගියහ. ඇතැම්හු කොහු (කොස්ස ,මුසුන්න) ඉදල්ද හදා විකුණා ගත්හ. ඔවුන්ගේ කතා වහරද වෙනස්ය. එය වෙනත් උප සංස්කෘතියකි. “පිං කඳ” ඒ සාමාන්‍ය පුරවැසියකුට ආමන්ත්‍රණය කළ වචනයයි. “වලව්වෙ දෙයියො” යනු ගෘහමූලිකයකු හෝ වැඩිහිටියකු අමතන ලද අයුරුයි.

එම පිරිසේ කාන්තාවන්ට උඩුකය (ළැම) වසාගැනීම තහනම් විය. කරවටා දැමූ රෙදිකඩක පහළට එල්ලා වැටෙන දෙකෙළවරින් ළැම තල වසාගැනීම නියමය විය. ප්‍රභූවරයකු යැයි කියාගන්නා මහීෂයකු අශ්ව කරත්තයේ යන විටෙක මාවත අසල කිසියම් තරුණයකු (ඇඳිවත) සරම කිසියම් ප්‍රමාණයකට ඔසවා ගෙන සිටියේ නම් ඔහුට නොවැරදීම කසපහර කෑමට සිදුවූ බව ප්‍රකටය.

ඉදින් වර්තමාන විප්ලවකාරී අරගලකරුවෝ එදාද උන්හ. ඔවුහුද නිර්පාක්‍ෂකයෝමය. මේ සමාජ අසාධාරණයට විරුද්ධව ඔවුහුද පෙරමුණ ගත්හ. එවන් වීර තරුණයන්ට එල්ල වූ මරණ තරජන නිසා ගම්වල සිටින්නට ද නොහැකි විය. බැරිම තැන ඔවුන් කණ්ඩායම් වශයෙන් ගම්වලින් දුර පළාත්වලට පැනගොස් අප්‍රසිද්ධියේ ජීවත් වූ බව ද කිව යුතුය.

ඒ වැඩවසම් යුගය ගෙවී ප්‍රජාතන්ත්‍රවාදී යුගයේ කලල බීජය ඩොනමෝර් ආණ්ඩුක්‍රමයත් සමග මුල් ඇදෙන්නට පටන්ගත්තේය. එහෙත් ඒ මන්දගාමීවය.

ඇතැම්හු තමන්ගේ බලපුළුවන්කාරකම, ලොකුකම අත්හරින්නට මැළි වූහ. වංශය කබල් ගාන්නට ආරක්‍ෂා කරගන්නට වූහ.

සමානාත්මතාව දෙසූ බුදුන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව යැයි කියන මහා සංඝරත්නනය වෙසෙන ඇතැම් විහාරස්ථානයක ද සෙසු සිල් සමාදන් වන්නන් සිටි අසලකට හෝ පීඩිතයන්ට සිල් සමාදන්වැ හෝ අසල්වන්නට පවා නොහැකි වූයේය. ඇතැම් විහාරස්ථානවල ඒ පිරිස් විසින් ගෙනෙන ලද දානය පවා වලඳනු නොලැබුණේය. මේ කුලමානය නිසාය.

(මේ සියලු සමාජ අසාධාරණකම් අලළා මේ ලියුම්කරු විසින් එවක (1980 මුල් භාගයේ) සේවය කළ ‘දිවයින’ පුවත්පතේ පළකරන ලද ලිපියක් නිසා එල්ල වූ මරණ තර්ජනද එමටය)

ඉදින් පිංවතුනි ඈත අතීත මානවයා කොළ අතු ඇන්ද බවද පැවැසේ.

එසේ නම් මේ ගෝත්‍රික මානසිකත්වයෙන් යුතු පුඟුලන්ගේ අදහස වර්තමානයේත් ආදිවාසී පරපුරෙන් පැවතෙන්නෝ තවමත් එසේ කොළ අතුවලින් සැරසිය යුත්තෝය යන්නය. මසුන් ඇල්ලූවෝ මසුන් ඇල්ලිය යුත්තෝමය යන්නය.

මේ අටුවා ටීකා කියන්නට සිදුවූයේ අරගලයේ ක්‍රියාකාරික වසන්ත මුදලිගේ අරබයා මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණයවන මඩ ඡායාරූපයක් කරණකොට ගෙනය. අරගලයේ ක්‍රියාකාරිකයකු වන ඔහු Shangrilla හෝටලයේ වාඩිවී සිටින බව ඡායරූපයක් දක්වමින් මඩ ගසති. එහෙත් වසන්ත මුදලිගේගේ මිතුරකු වන නුවන් ළහිරු දරුවා පවසන්නේ ඒ තමන් සහ මුදලිගේ වැස්සකින් බේරෙන්නට One Galle Face හෝටලයට ගොඩවී සිටි බවකි.

ඉතින් “හත් දෙයියනේ, වසන්ත මුදලිගේලාට, නුවන් ළහිරුලාට අඩුම තරමින් වැස්සකින් බේරෙන්නටවත් තැනකට ගොඩවෙන්න බැරිද?” මේ අලුකුත්තේරු පාහරයන්ට අල්ලපු කඩි කුලප්පුව මොකක්ද?

කාලකණ්ණින්, පාහරයන් යැයි කියන්නේ මුන්ටය. ඒ පොඩි උන් දෙන්නා අරගල සමයේ පවා හදිසි අවශ්‍යතාවකට (වැසිකිළි කැසිකිළි) ගොස් ඇත්තේද ඒ Food Palour එකට බව කියති. එසේ ගොස් ඇත්තේ සමාජයේ අනිත් මානව සත්වයන්ට ඇති අයිතිය සේම ඕ දෙදෙනාටත් අයිතියක් ඇති හෙයින් මොකක් හෝ කා මොකක් හෝ බීමට විනා “බින්න බහින්නට” නොවිය හැකිය. ඉතින්, ඒකෙන්, මුන්ට, මේ පූසිගෙ පුතාලට අල්ලපු රුදාව මොකක්ද?

මුන් වනාහි “ටොයියෝ, බයියෝ, ගොයියෝ, කයියෝ පමණක් නොව, …..යියෝද” විය හැකිය.

එසේ නැති නම් හප්පෝ, ජප්පෝ, කුක්කෝ, බක්කෝද විය හැකිය. කොහොම වුවත් හුන් වකකුවත් හරිහමං අන්දමට හරිහමං එකෙකකුට “තාත්තෙ” කියන්න බැරි උන්ය. ගමේ භාෂාවෙන් කියන්නේ නම් හරි හමං අන්දමකට ජාතක වූවාහු නොවන්නෝය. අඩුම වශයෙන් ඒකත් කර ඇත්තේද වැටකට හෝ ගහකට හෝ හේත්තු කරගෙන බව නම් පැහැදිලිය.

ඒ දරුවා ඒ ස්ථානයේ සිටීම වරදක්නම් එහි වගකීම දැරිය යුත්තේ ඒ ආයතනයය. මන්ද ඒ ස්ථානයට යා හැකි ගැවසිය හැකි අයගේ නම්ගොත් පමණක් නොව අවශ්‍ය නම්) කී දෙනකු විසින් ජාතක කරන ලද්දේද?යන්න ද සඳහන් ලැයිස්තුවක් ප්‍රදර්ශනය කළ යුතුම බැවිනි.

මේ වනවිට වසන්ත මුදලිගේට එල්ලවන චෝදනාව අරගලයේ ක්‍රියාකාරිකයකු වීමය. එසේ නැතිව ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු බවටද නොවේ. නැතහොත් ආදිවාසීන්ට ඥාති සම්බන්ධයක් ඇත්තකු බවට ද නොවේ. පැහැදිලිව ප්‍රකාශ කෙරෙන චෝදනාව අරගලකාරයන්ගේ නියමුවකු වීමය.

එසේ නම් ඒ ආයතනයේ ඉදිරිපසින් ලොකුවට පෙනෙන අකුරුවලින් “අරගලකරුවන්ට තහනම්” යන දැන්වීම් පුවරුව ද ප්‍රදර්ශනය කළ යුත්තේමය.

එම ආයතනය එසේ නොකරන්නේ නම් අඩුම තරමින් මේ චෝදනාව ඉදිරිපත් කරන්නන් හෝ ඒ ආයතනයට එසේ කළ යුතු බවට බලකළ යුතුය. ආයතනය එම ඉල්ලීම ඉටු නොකරන්නේ නම්, ඊට එරෙහිව ජනාධිපති ආඥාවක් හෝ පොලිස්පතිගෙන් නියෝගයක් හෝ නිකුත් කළ යුතුය. අධිකරණ නියෝගයක් ගත යුතුය. එවිට වසන්තයා ගල ග්‍රහයෙන් (බෙල්ලෙන්) අල්ලා හතඅටක් අන්නවා යළිත් වරක් ත්‍රස්තවාදය වළක්වන පනත යටතේ “ලොක්කා” කැමැති කාලයක් දක්වා (මෝ) රඳවා තැබිය හැකිය.

අනේ යකෝ, දැං මේරටට සිරිලංකාව යැයි කියන්නටත් විලිලජ්ජා හිතෙන තරම්ය.

“මයිනගෙ” බඩ පිස්සාගේ (බඩට පමණක් නොව සම්පූර්ණයෙන්ම) රුපියල් ලක්‍ෂ හත අටක් පමණ වටිනා බව කියන බළල් “නාට්ටා” අතුරුදන් වූ විටෙක පිස්සා කෑම නොකා ඇඬුවේලු. (බළල් නාට්ටාත් Thievish wedding (හොර මඟුලක) ගියා දැයි අපැහැදිලිය)

මුන් පදින්නේ ලම්බෝගිනි බවට කාලයක් රාවයක් තිබුණේය. (හැබෑ බොරු බව කියන්නට නම් නොදනිම්.

අරුන්නැහෙගෙ (දිමි ගෝඨගෙ) ලියන පෑන විතරක් රුපියල් ලක්‍ෂ විස්සක් බව මාධ්‍යවල තිබිණි.

උන් සහ උන්ගෙ දරුවන් ඉගෙන ගන්නේ “ඒරොප්පෙ”ය. අපේ උන්ට “කොරොප්පෙ”ය. වසන්ත මුදලිලාගේ පමණක් නොව අරගලයට සම්බන්ධ වූවන්ගේ කිරිපල්ල පවා අතගා බලන මේ “වෘක්‍ෂ සුනඛයන්ට, තෘණ සුනඛයන්ට” පමණක් නොව “ධාතු සුනඛයන්ටත්” මේවා කියාදෙනවාට වඩා “අපේ ආච්චිට හාල්ගරන්ඩ” කියාදීම පහසු බව කෙටියෙන් කියා දෙම්හ.

“පුතේ වසන්ත,” බුද්ධ ධර්මය ලෝකය ධාර්මික කිරීමේ ජීවන මාර්ගයයි. Buddishim is a way of life ඒ ධර්මයේ මෙසේ දැක්වේ.“යතීන්ද්‍ර ඛීලෝ පඨවිං සිතෝ සියා-චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ” හතර පැත්තෙන් ගහන මහා චණ්ඩ මාරුතයේ දීත් මහා කුලුනක් සේ ඉන්න කියන එකයි.

අපේ අලගියවැන්න මුකවැටිතුමා “සුභාෂිත කාව්‍යයේ” ලියන කොට ලියල තියෙනවා “දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ – සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ” කියලා.

උන් ඔහෙ ගහපුවාවෙ. ඒකෙන් වෙන්නෙ ලෝකය පුරාම තවතවත් ඔබේ සුවඳ පැතිරෙන එක විතරයි. Greatest glory is nog in never falling but in rising everytime we fall “ලොකුම ජය අපරාජිතව සිටීම නොවේ. වැටෙන වැටෙන සෑම අවස්ථාවකම යළි නැගීසිටීමයි.”

මේ ඔබට බණ කියනවා නොවේ. ඔබට ධෛර්ය දීමයි. ඔබේ කොඳුනාරටිය යනු කෙහෙල් පතුරක් නොව වානේවලටත් වඩා සවිශක්තිය ඇති යමකින් නිර්මිත බව සැබැවි. ඒ බව ඔබ විසින් ලෝකයටම සනාථ කරනු ලැබ තිබේ.

ඔබ ශක්තියක් නැති උන්ගේ ශක්තියයි. You are a voice for the voiceless people. ඒ නිසා මොන “බකයා” (බක යනු කොකාය – බක තපස්) මොන දේ කීවත් අප (ලෝකයම) ඔබ හා සිටින බව පමණක් දිවුරා කියන්නෙමු.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සියතට සුදු ඇඳගෙන කළු ජනවාරිය ඇවිදින්…! -උපුල් ජෝශප් ප්‍රනාන්දු!

Next Post

නියමු ව්‍යාපෘති 14ම අතිසාර්ථකයි! 15 වැනි ‘DP කෝඩින් ස්කූල්’ සහ ‘DP කෝඩින් හා රොබොටික්ස් කැම්පස්’ ආයතනය නුවරඑළියේ විවෘත වෙයි! ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 331ටම සැටලයිට් කැම්පස්! සිසුන් 165,000කට නොමිලේ පරිගණක අධ්‍යාපානය! ධම්මික පෙරේරාගෙන් තවත් වැඩක්! VIDEO

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.