• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියතට සුදු ඇඳගෙන කළු ජනවාරිය ඇවිදින්…! -උපුල් ජෝශප් ප්‍රනාන්දු!

March 26, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
සියතට සුදු ඇඳගෙන කළු ජනවාරිය ඇවිදින්…! -උපුල් ජෝශප් ප්‍රනාන්දු!
Share on WhatsAppShare on Facebook

දිගු පිහි තල රජ කළ රාත්‍රිය ජර්මනිය බියෙන් සලිත කළ රාත්‍රියකි. හිට්ලර් බලය ලබාගත්තාට පසු මාධ්‍යවේදීන් සහ විරුද්ධ මතධාරීන් ඝාතනය කළේ ඒ රාත්‍රියේය. ඔහු සිය නාසි හමුදාව පිස්සු බල්ලන් මෙන් මාධ්‍යවේදීන් සහ විරුද්ධ මතධාරීන් පසුපස පන්නනු ලැබුවේ උල් පිහි අතට දීලාය. හිට්ලර්ගේ උල් පිහි රජ කළ රාත්‍රියට සමානව ලංකාවේ මාධ්‍යවේදීන් බියෙන් සලිත කළේ කළු ජනවාරියේය. කළු ජනවාරිය ලංකාවේ මාධ්‍යවෙදීන්ට මාරාන්තික හීනයකි. කළු ජනවාරිය පටන්ගත්තේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලයේ මහින්දගේ අගසව් මර්වින් සිල්වා රූපවාහිනියට කඩාපැනීමත් සමගය. ඒ, 2008 ජනවාරි 26ය. මර්වින් මැරර හමුදාවක් සමග රූපවාහිනියට කඩාපැන මහින්ද සහ රාජපක්ෂ පවුලට අවනත නැති මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමට පටන් ගත්තේය. මර්වින්ගේ තර්ජනය ඉවසාගත නොහැකිව රූපවාහිනී මාධ්‍යවේදීන්ද මර්වින්ට පහර දෙන්න පටන්ගත්හ. ලේ පෙරාගත් මර්වින් රූපවාහිනියෙන් එළියට පැමිණ මැරයන්ගේ ආරක්ෂා සහිතව එළියට යන ඡායාරූපය එකල ජනප්‍රිය ඡායාරූපයක් විය. එදින සවස රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයකු වූත්, රූපවාහිනියේ ප්‍රධාන තීරුවේ මාධ්‍යවේදියකු වූත් ලාල් හේමන්ත මාවලගේගේ රථය අතුරුගිරියේදී නවත්වා මැරයන් පිරිසක් ඔහුට පිහි පහර කිහිපයක් එල්ල කරනු ලැබීය. වේලාව හරියටම රාත්‍රී 11ට විය.අසාධ්‍ය වූ ලාල් මාවලගේ වහාම රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔහු තමාට උල් පිහිවලින් ඇනපු මැරයන් ගැන පොලිසියට පැමිණිලි කළේය. එදිනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, මැර ප්‍රහාරය හෙළාදකිමින් නිවේදන නිකුත් කළහ. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රකාශ කළේ නිතර නිතර මාධ්‍යවේදීන්ට පහරදීම දැඩි ලෙස අවධානයට ගතයුතු කාරණයක් කියාය. මාවලගේට පහරදුන් මැරයන් කිසිවකු අත්අඩංගුවට පත් නොවීය. මර්වින් සිල්වා, මහින්ද සහ රාජපක්ෂ පවුල සමග පසු දිනම හෙලිකොප්රටයෙන් ගියේ වීරයෙක් වගේය. මහින්දගේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට දුන් පණිවුඩය බල්ලන් ලිහා ඇති බවය. 2008 කළු ජනවාරියට පසු ඊළඟ කළු ජනවාරිය ආවේ 2009දීය. 2009 ජනවාරියේ මහින්දගේ ආණ්ඩුව කිලිනොච්චිය අල්ලා හිටියේ උජාරුවෙන්ය. ඒ කළු ජනවාරියේ දිනක මහින්දගේ ආණ්ඩුව දැඩිව විවේචනය කළ සිරස රූපවාහිනිය ගිනිබත් කරනු ලැබීය. ඉන් පසු ජනවාරි 08 ‘සන්ඩේ ලීඩර්’ කර්තෘ, ප්‍රකට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබීය. රාජපක්ෂවරු විවේචනය කරන මෙරට මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් බයෙන් සලිත වූයේ ඒ කළු ජනවාරියේය. අදටත් සිරස ගිනිබත් කළ මැරයන් සහ ලසන්ත ඝාතකයන් ගැන ආරංචියක්වත් නැත.

ඊළඟ කළු ජනවාරිය එන්නේ 2010 ජනවාරියේය. 2010 ජනවාරිය උණුසුම් වූයේ 2010 ජනාධිපතිවරණ සටනින්ය. මේ ජනාධිපතිවරණ සටනේදී රාජපක්ෂ පවුල උපහාසයට ලක් කරන කාටූන් පොතක් කළ ප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වන්නේ අරුම පුදුම ලෙසය. අදටත් ඔහුට වෙච්ච දෙයක් නැත. ඔහුගේ බිරිය තම සැමියා සොයාදෙන්න කියමින් ලෝකේ වටේ යාදිනි කියමින් යයි.

2011 ජනවාරිය කළු නොවූයේ රාජපක්ෂවරුන්ගේ මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ගෙන ආ යෝජනාවට රාජපක්ෂවරු බය වූ නිසාය. 2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලටය පත්වන්නේත් මාධ්‍යවේදීන් දඩයම් කළ කළු ජනවාරියට එරෙහිව මිනිස්සු නැගී සිටිය නිසාය. 2008 සිට 2010 තෙක් කළු ජනවාරියේ අතුරුදන් වූ, ඝාතනය කළ, පහරකෑමට ලක්වූ මාධ්‍යවෙදීන්ට 2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට පත් වුවත් මාධාරණයක් ඉටු නොවීය. හේතුව මෛත්‍රී සහ රනිල්, රාජපක්ෂ පවුල තරගෙට ආරක්ෂා කරන්න කටයුතු කළ නිසාය. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේදී ගෝඨාභයට චෝදනා පත්‍ර භාරදුන්නත් ඔහු 2019 ජනාධිපතිවරණයේදී ජනාධිපති විය. එහෙත් ගෝඨාභයට සහ රාජපක්ෂ පවුලට දෛවයේ සරදමට මුහුණ දීමට සිදුවූයේ අරගලය නිසාය. මහින්දගේ ආණ්ඩු කාලයේ කළු ජනවාරියට බයේ මාධ්‍යවේදීන් රට පැන්නා සේ ගෝඨාට රටින් පනින්න සිදුවිය. රාජපක්ෂ පවුලට හැංගෙන්න සිදුවිය. ගෝඨාභය සහ රාජපක්ෂ පවුල රනිල්ව ජනාධිපති කළේ අරගලය මර්දනය කරන්නටය.

රනිල් අරගලය මර්දනය කළේය. රනිල් ජනාධිපති වී පළමු ජනවාරිය එළඹීනි. අරගලය කාලේ රාජපක්ෂවරුන්වත්, පසු රාජපක්ෂවරුන් ආරක්ෂා කරන්න ජනාධිපති වූ රනිල්වත් දැඩිව විවේචනය කරමින් රට පුරා ජනප්‍රිය වූ වැඩසටහනක් වූයේ ‘සියත’ රූපවාහිනියේ ‘ටෙලි වැකිය’ය. අනෙකුත් මාධ්‍ය රෙදි ගලවාගෙන නිරුවත්ව ආණ්ඩුවට කඩේ යද්දී, ‘ටෙලි වැකිය’ වදින්නට ඕනෑ තැනට රිදෙන්නට ගැහුවේය. මේ ‘ටෙලි වැකිය’ කරන්නේ කවුද, කින්ද, මන්ද කියා හැමෝම හොයන්න පටන් ගත්හ. ඔහු, ලාල් හේමන්ත මාවලගේ නොහොත් කළු ජනවාරියේ පළමු දඩයමය. මර්වින්ගේ මැරයන් මහ රෑ පිහියෙන් ඇන්නේ එහුටය. ඔහු බය සැක නැතිව ටෙලි වැකියෙන් රටේ දේපළ හොරකම් කළ හොරුන්, මංකොල්ලකාරයන් ගැන හෙළිදරව් කරද්දී යලිත් අලුත් වටයකින් කළු ජනවාරිය තමා පසුපස පන්නන බව ඔහු දැන සිටියේ නැත.

හරියටම 2023 ජනවාරි 23 ජනාධිපති රනිල් කළ කතාවක් සම්බන්ධයෙන් ඔහු ලියපු ටෙලි වැකිය ගැන විමර්ශනය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කරනු ලැබීය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මාධ්‍යවේදියෙක් ගැන විමර්ශනය කරන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කළේ ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේය. එයට හේතුව එවක ‘සන්ඩේ ඔබ්සවර්’ පත්‍රයේ එකල විදේශ ඇමැති ඒ.සී.එස්. හමීඩ්ගේ පින්තූරයක, ඡායාරූප විස්තරය වරදවා පළවිය. එකල ජනප්‍රිය හොලිවුඩ් නිළියක් වූ ජේන් පොන්ඩා, ඇයගේ හිතවතකු සමග ගඟක ඔරු පදින ඡායාරූපයක් යට විදේශ ඇමැති හමීඩ් දකුණු කොරියාවේ කර්මාන්ත පුරයක් නිරීක්ෂණය කරන අයුරු සටහන කරමින් ඡායාරූප විස්තරයක් පළකොට තිබිණි. එතැනම වෙනත් තැනක හමීඩ් දකුණු කොරියාවේ කර්මාන්ත පුරය නිරීක්ෂණය කරන ඡායාරූපය පළකොට තිබිණි. හමීඩ් හිතුවේ මෙය හිතාමතා කළ අපහාසයක් කියාය. තමා හොලිවුඩ් නිළිය සමග ඔරු පදින බවක් ඇඟවීමට ඔබ්සවර් පත්‍රයට වුවමනා වී තිබුණා යැයි ඔහු සැක කළේය. ඔහු කතානායකට පැමිණිලි කොට තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇතැයි කීවේය. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඔබ්සවර් කර්තෘ හැරල්ඩ් පීරිස් සහ නියෝජ්‍ය කර්තෘ පිලිප් කුරේ කැඳවනු ලැබීය. මෙය 1978 මැයි 29 වැනි දින ඔබ්සවර් පුවත්පත සිය කතුවැකියෙන් කීවේ මෙලෙසය.

‘සන්ඩේ ඔබ්සවර් හිටපු කර්තෘ හැරල්ඩ් පීරිස්ගේ භූමදානය අද සවස බොරැල්ල කනත්තේදී සිදුකරනු ලබයි. ඔහු දේශපාලන ඉතිහාසයේ අහඹු ලෙසින් වුවද නිකේතනයක් තමා වෙනුවෙන්ම වෙන්කරවා ගෙන ඇත. 1978 ඔබ්සවර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ඔහු සහකාර කර්තෘ පිලිප් කුරේ සමගින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකිරීමක් සම්බන්ධයෙන් අධිකරණයක් ලෙස මුළු සභාවම නඩු විභාගයට ලක්වූ එකම මාධ්‍යවේදියාය….’

මේ හැරල්ඩ් පීරිස්ගේ පුතා නීතිඥ සංගමයේ සභාපති පුටුවට පත්වූ, අරගලය වෙනුවෙන් පෙනීසිටීම නිසා රනිල්ගේත්, රාජපක්ෂ ආණ්ඩුවේත් දැඩි ප්‍රහාරයට ලක්වන කීර්තිමත් නීතිඥ සාලිය පීරිස්ය. රනිල් ඔහුට පහර දුන්නේ වරක් දෙවරක් නොවේ. දැන් රනිල්ගේ කතාව විවේචනය කොට පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකළාය කියා ටෙලි වැකියේ මාධ්‍යවේදියාට දඬුවම් කරන්න යන්නේ සාලිය පීරිස්ගේ පියාට දඬුවම් කළ වරප්‍රසාද කමිටුව ප්‍රයෝජනයට ගනිමින්ය. ඒ, කළු ජනවාරියේය.

මහින්දගේ ආණ්ඩුව මාධ්‍යවේදීන් මර්දනය කළේ ආයුධවලින්ය. මහින්දගේ ආණ්ඩුවේ ආයුධවලින්ම මර්දනය වූ මාධවේදියෙක් වන ලාල් මාවලගේ අද රනිල්ගේ ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් නිහඬ කරන්න යෑම මතකයට නගන්නේ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ කියන නාට්‍යය මිස අනෙකක් නොවේ.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද කමිටුවටත් පැමිණිලි කළා! ශ්‍රේෂ්ඨාධිකරණයටත් අරන් ගියා! අන්න ලාල් හේමන්ත මාවලගේගේ ‘සියත ටෙලි වැකිය’ රයිගම් සම්මාන දිනලා! VIDEO

Next Post

මුදලිගේ දකිනකොටත් වෙව්ලන බලවත්තු…

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.