• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙම ලිපියට ශීර්ෂ පාඨයක් නොමැත…ඡායාරූප පෙළ ශීර්ෂ පාඨය සේ සලකන්න I Sri Lanka Latest News

November 26, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය කලා කෙතේ මනහර රස මැවූ සංකලනයන් බොහොමයක් වේ. බයිස්කෝප් කලාවට අනුව ගන්නේ නම් ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා සංකලනය ප්‍රේක්ෂකයන්ගේ මනදොළ අමතක නොවන රස දහසකින් පුරවාලූයේය. මාලනී ෆොන්සේකා සහ විජය කුමාරණතුංගද එහෙව් රහක් ගෙන ආ කදිම සංකලනයකි. ගීත ලොවේද එහෙම සංකලයන් ඕනෑ තරම්ය.(Sri Lanka Latest News)

සුවිශේෂව ගත් කලෙක මොහිදීන් බෙග් සහ ජමුනා රාණි හැට හැත්තෑව දශකයේ බයිස්කෝප්වලට සින්දු කියමින් අසන්නන්ට දුන් රසය අදටත් අමතක කරන්නට බැරිය. පසු කලෙක ලතා වල්පොල, බෙග් සමග එකතුපහදු වී තවත් වෙනම රසයකින් සින්දු කලාවට මිහිරක් එක් කළේය. එච්.ආර්. ජෝතිපාල සහ ලතාද එක්ව කරපු ගී සින්දු එලෙසම රසින් බර විය. ‘අමර පෙම් ලතාවේ’ ගීතය තුළින් ඇන්ජලීන් ගුණතිලක, ජෝතිපාල සමගින් බයිස්කෝප් කලාවට එකතු කරපු අසීමිත වූ රසාස්වාදය අති සොඳුරු විය.

ප්‍රබුද්ධ සින්දු කලාව පැත්තෙන් ගත්තාම සංගීත විශාරද නන්දා මාලිනිය සහ පණ්ඩිත් අමරදේවයන්ද අංක එකේ සංකලනයකි. වචනවලින් විස්තර කරන්නට බැරි කන්කලු සිත්කලු සංගීත රසයක් ඔවුන් දෙපළගේ එක්කාසුව තුළ තිබුණේය. ‘යුග’ ක්‍රමයෙන් වෙන්ව සංගීත විශාරද නන්දා මාලිනිය තනිව යුග ගණනක දුරක් පැමිණි ගීත කලාව තුළද එතුමියට අති විශිෂ්ට ගණයේ අත්වැලක් වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. එයද අමතක කරන්නට බැරි අතිශය මධුර වූ සුමිහිරි සංකලනයක් නොවේද?

අද අපේ මව්රටෙහි මේ ලියන පටුනට විෂය මාතෘකාව වන්නේද අන්න ඒ මධුර සංකලනයයි.

විෂය මාතෘකාව කුමක්ද? සංගීත විශාරද නන්දා මාලිනිය හෝ ආචාර්ය සුනිල් ආරියරත්නයන් එක්ව කළ කලා නිර්මාණයන් ගැන දොසක් කීමට තැනක් නැහැ එදා වාගෙම අදටත්. සත්තකින්ම ඒ කලා නිර්මාණ අතිවිශිෂ්ටයි. ඇදක් පළුද්දක් එහි හොයන එක කිසිම ජගතෙකුට ලේසි නැහැ. සක්කරයාගේ පුතා වයිමා ආවත් මේ අලංකාර සංකලනය මුසු ගීත සමුච්චයන්ට ඇඟිල්ලක් දිගු කරන්න අවස්ථාවක් කිසිම අතකින් හොයන්නට බැහැ. හැඩ ස්වරයෙන් සහාය නොදුන්නාට සිය මනලෝලී වචනයන්ගෙන් මැවුණු පද රචනයෙන් ආචාර මේ ප්‍රබුද්ධ සංගීතවේදියා නන්දා මාලිනියට හඬට සරිලන මනස්කාන්ත සින්දු ගොන්නක් අකුරු කළේ මිනිස් සිත්සතන් මනමෝහනීය වූ ලෝකයක අසුන්ගන්වමිනි.

ඒ මනමෝහනීය වූ ගීත ලියවුණේ කා වෙනුවෙන්ද?

ධන කුවේරයන් හෝ සඳලුතලවල කුමාරිකාවන්ගේ සුන්දර ලෝකය ගැන කතන්දර එහි නොවීය. බජව් ගීත එහි නොවීය. සදාහරිත වූ ප්‍රේම කතාවලට වඩා එහි වූයේ පීඩිත මිනිසුන් වෙනුවෙන් දියවුණු සින්දු කතන්දරය. දුගී පැල්පත්වල බතක් ළිප තබාගන්නට වත්කමක් නැති අසරණ මිනිසුන් ගැන ඇසට කඳුළු උනන වදන් පේළි නොවේද?

‘ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්…’

කාටද අමතක ඒ සංවේදී ගීත රසය. මුග්ධ පාලකයන්ගෙන් බැටකන පීඩිත පන්තියේ අසරණයන් ඔවුන් දෙපළගේ නිර්මාණ සමග සිතින් ගතින් බැඳුණේ හෘදයාංගමවය.

‘යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තළා දෙතිස් වධය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්…’

රටට වින කරන අමන පාලකයන් මර්දනය කරන්නට අවි අතට ගත් විප්ලවවාදීන් වෙනුවෙන්ද ආරියරත්නයන් අන්න ඒ වාගේ දුක හිතෙන සින්දු ලියා ගයන්නැයි නන්දා මාලිනියට දුන්නේය.

ආරියරත්නයන් තව බොහොමයක් ඒ වාගේ සින්දු ලීවේය. සුදු වතින් සැරසුණු නන්දා මාලිනිය එරමිණියා ගොතා කලාලයක් මත ඉඳගෙන ඒවා හරි අලංකාරෙට ගැයුවාය. ධනපති පන්තිය සේම පීඩිත පන්තිය සහ විප්ලවවාදීන්ද ඒ සින්දු සංකලනය සමග එක් රොක්ව එයට ප්‍රිය මහා ජන පවුරක් ගොඩනැගුවේය. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්ද ඔවුන්ට ආරාධනා ලැබිණි. එලෙස ‘පවන’ ප්‍රබුද්ධ සංගීත සාදය ලොව පුරා අතිශයින් ජනප්‍රිය විය. එවක සිටි රජය පවනට බය වී 1987දී එය තහනමට ලක් කළේය. රට අතහැර විදේශගත වන තරමට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට සහ සංගීත විශාරද නන්දා මාලිනියට මරණ තර්ජන නිකුත් වන්නට විය. පවනෙහි සින්දු ගුවන් විදුලියකවත් ප්‍රචාරය කිරීම තහනම් විය. රූපවාහිනී සේවාවන්ටද එය එලෙසම විය. ඒ දවස්වල ප්‍රයිවට් චැනල් තිබුණේ නැති නිසා පවන නිහඬ කරවීම ලේසි විය.

එහෙත්, පවනට ප්‍රිය කළ මිනිසුන් පවන සමග හැමදාමත් සිටියේය. ඒ රසය අමතක කරවීම සිතූ තරම් පහසු නොවීය. ඒ වාගේම පවනට පැමිණි බලපෑම්ද කිසිවකුට අමතක නොවීය. සුනිල් ආරියරත්නයන්ට එය කෙසේවත් අමතක කරවීම පහසු නැත. වාරණ දැමුවාට, බැරියර්වලින් මුවා කළාට කලාකාමී හැඟීම්ි ඇති වියත් මිනිසකුගේ උස්ව නැගෙන සිතුවිලි දාමයට තහනම් පැමිණ විය නොහැකිය. හෙළයේ අමරණීය ගී නිම්නාදය වූ නන්දා මාලිනියගේ හඬ පෙරටුකොට ගෙන දූෂණයට භීෂණයට මර්දනයට එරෙහිව ආරියරත්නයන් සටන මෙහෙයවූයේ ඒකය. ඒක ආණ්ඩුවකට විතරක් නෙමේය.

තව තව ආණ්ඩුවල මර්දනයට එරෙහිවද ඔහු තම ගී පද රචනයෙහි බලය නන්දා මාලිනියගේ හඬ හමුවේ මෙහෙයවූයේය. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවද ඉන් එකකි. පාස්කු ප්‍රහාරය ම්ලේච්ඡ කැම්පේන් එකක් කොටගෙන 69 ලක්ෂයක ඡන්දයක් තුළින් ගොඩනැගුණු රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිවද ආරියරත්නයන් නන්දා මාලිනියව ගෙන ආවේය. එය සිදුවූයේ පවන වැනි ප්‍රබුද්ධ සංගීත සාදයකින් නොවේය. එතැනදී හෙතෙම තරුණ අරගලයකට මැදිවන වීරෝදාර කලාකාරියක ලෙස ඇයව මෙහෙයවූයේය. ඔහු ඈ අතට දුන් ‘ස්ලෝගන්’ එක වූයේ ‘බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනු’ යන්නය.

‘පවන’ ප්‍රබුද්ධ සංගීත ප්‍රසංගය තහනමට ලක්වූ යුගය ගෙවී දැන් දශක ගණනක් ඉක්ම ගිහින්ය. ගෝල්ෆේස් අරගලයද නැවත ආරම්භ වන දින නියමයක් නැතිව අතරමග නතරව ඇත. ඒ කතා අද මෙතැනට ගෙන ආවේ ඇයි? කියන්නට සූදානම් වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනියගේ සුමධුර හඬ මර්දනයට සහ අසාධාරණයට එරෙහිව කදිම අවියක් කොට ගැනීම බරපතළ වරදක් කියලාද?

කිසිසේත්ම එහි වරදක් නැත. බරපතළ හෝ සුළු හෝ වරදක් එහි නැත. ආරියරත්නයන් එතැනදී කළේ එහිදී උචිත දේය. එකී කාලෝචිත දේ හරහා උසස් නිර්මාණද බිහිවිය. එය එහෙම නම් පටලැවිල්ල ඇත්තේ කොතැනද?

පටලැවිල්ල ඇත්තේ මෙතැනය.

සෝෂල් මීඩියාවල මේ දිනවල ලැව් ගින්නක් සේ දස අත සංසරණය වන්නේ පැතිර යන්නේ ඒ පටලැවිල්ල ගැනය. මෙතැනදී එය මෙලෙස පෙළගස්වමු.

මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව එදා ගී පද රචනා කරපු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පසුකාලීනව පත්ව ආ රනිල් – රාජපක්ෂ ආණ්ඩු විසින් පිරිනැමූ ‘සෞන්දර්ය කලා ආයතනයෙහි කුලපති’ ධුරය ඉතා සතුටින් දෝත දරා පිළිගත්තේය.

‘බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනු’ යන ස්ලෝගන් එක සංගීත විශාරද නන්දා මාලිනිය පෙරටු කොටගෙන අරගලයට ගෙන ආවේ ආරියරත්නයන්ය.

‘බැඳුම්කර හොරා’ යනුවෙන් චෝදනා එල්ල වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහටය. එය වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ කීවේය. මඳක් නැවතිල්ලේ හිතලා බලන්න. ඔහු ලොකු තනතුරක් කිසිදුම පැකිලීමක් නැතිව භාරගත්තේ තමා විසින් ප්‍රසිද්ධියේ චෝදනා කළ ඒ ‘බැඳුම්කර හොරුන්’ගෙන්ය.

මේ තරම් ඉක්මනට සුනිල් ආරියරත්න වැනි ප්‍රවීණ අද්විතීය කලාකරුවකුට ඉතා මෑතක් වූ අතීතය අමතක වූයේ කොහොමද?

සෝෂල් මීඩියා තුළ මෑතකදී ඉමහත් ජනප්‍රියත්වයට පත් යූටියුබ්කරුවන් කිහිප දෙනකුම තම වීඩියෝ හරහා මේ දවස්වල මුදාහැර ඇත්තේ එවැනි ප්‍රශ්න රැගත් විචාරයන්ය.

‘රජ කාලේ සංසිද්ධීන් රැගත් බයිස්කෝප් රැල්ල සිංහල සිනමාවට ගෙන ආවේ මහාචාර්ය සුනිල් ආරියරත්නය. ඔහු රාජපක්ෂලා සමග වක්‍රව හිතැතිකම් පෑ බවත්, රජ කාලේ චිත්‍රපට රැල්ල ඔහු ගෙන ආවේ මහින්ද රාජපක්ෂ මහ රජාගේ චරිතයට ආරූඪ වන්නට ගත් පසු එයට සමගාමීව සහ අනුරූපීව යැයි යන කතාබහක්ද කනින් කොනින් ඇසෙන්නට තියෙන වගද නොරහසකි. ඒ අතර ආරියරත්නයන් 69 ලක්ෂය ජයග්‍රාහී කරවන්නටද කලා කවයට දුන් අයෙකි.

2022 අවුරුද්දේ අරගලයට ආරියරත්නයන් නන්දා මාලිනියවත් පෙරටු කොට ගෙන ආවේ වෙනම මුහුණුවරකිනි. බැඳුම්කර හොරුන්ට යැයි චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව ස්ලෝගන් ගෙන ආ ඔහු, ඔවුන්ම දුන් තානාන්තරය බොහොම සතුටින් පිළිගත්තේ තවත් මුහුණුවරකිනි. කොහොම වුණත් බොහෝ දෙනා සිතා සිටි ආකාරයට මර්දකයන්ට විරුද්ධව සංවේදී ගේය පද ලියපු ඔහුට, නන්දා මාලිනිය ලවා ඒවා ගායනා කළ ඔහුට ඔහු විසින්ම අරගලය තුළදී හඳුන්වා දුන් මහබැංකු හොරුන් යැයි චෝදනා ලැබූවන්ගෙන් මේ තනතුර පිළි නොගෙන ඉන්නට තිබිණි.

‘ස්තුතියි සර්, මේ තනතුර මට එපා…’

එහෙම කියා ආරියරත්නයන් එයට පයින් ගැසුවා නම් එය කලාකරුවකු ලෙස ඔහුගේ ප්‍රතිරූපයට වටින්නේ යැයි යන මතය තුළ තවමත් කසුකුසු කුට්ටං පවතින බව ඇස් කන් ඇර වටපිට බලන ඔහුට ළැදිව සිටි ඕනෑම අයකුට පෙනෙන්නේය. එලෙසම ඇසෙන්නේය.

ඇඟිල්ල දිගුවන්නේ සුනිල් ආරියරත්නට විතරද? එතකොට සංගීත විශාරද නන්දා මාලිනිය සම්මානය සමග පුද පඬුරු ගැනීම සර්ව සාධාරණද? ඇයට සම්මාන උළෙල වර්ජනය කරන්නට තිබුණා නොවේද?

රටේ නායකයා අමුතුම පාහේ ආතල් මූඩ් එකක් මවාගෙන සින්දුවක් කියමින් අත්පුඩි තළමින් පය පාමුලට ගෙනා සම්මානය රිජෙක්ට් කිරීම අශෝභන යැයි සමහර විටෙක නන්දා මාලිනියට සිතෙන්නට ඇත.

ඔව්, තමාට රිසි දේ කරන්නට හිතන්නට ඕනෑම අයකුට අයිතියක් ඇත. ඒ නිසා නන්දා මාලිනිය එලෙසින් සම්මානය සහ තෑගි පිළිගන්නට ඇතැයි සිතමු.

හැබැයි, බොහෝ දෙනකු ඔය කියන සිද්ධි සිද්ධාන්තයන් ගැන ඔයිට වැඩිය වෙනස් විදියකට හිතන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

භීෂණයට විරුද්ධව මර්දනයට විරුද්ධව ගී පද ගෙතූ සුනිල් ආරියරත්නත් ඔහු කී පරිදි එය අලංකෘතව ගායනා කළ නන්දා මාලිනියත් මේ හැටි වෙනස් වූයේ කොහොමද?

කෙසේ වුවද වෙනස් වී ඇත්තේ ඔවුන් පමණය.

නන්දා මාලනියගේ සහ සුනිල් ආරියරත්නයන්ගේ උදාර කලාකාමී ප්‍රතිරූපයන්ට ගරු කළ බොහෝ දෙනා සිතන්නේ එහෙමය. සෝෂල් මීඩියාවල දිගට හරහට මුදාහැරෙන්නේද එහෙම සටහන්ය.

ඒවායේ දොසකුත් නැතැයි හිතන්නට බැරිය.

ඒ මොකද කියනවා නම්, හැඟීම්බර ගී පද රචනයෙන් මනලෝලී ස්වරයෙන් දූෂණයට භීෂණයට සහ මර්දනයට එරෙහිව එදා හඬ නැගූ මහා පෙරළියක් කළ කලාකාරීම සිත් ඇති කදිම ප්‍රතිරූපයන් මැවූ මෙතරම් අද්විතීය සංකලනයක් තවත් දැක නැති නිසාය.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

හෙට ඇමැති රොෂාන්ගෙන් තවත් ක්‍රිකට් හෙළිදරව්වක්! Sri Lanka Latest News

Next Post

බංකොලොත් රටට දිනේෂ් ආදර්ශයක් දෙයි! අගමැති කාර්යාලයේ මිලියන 1310ක වියදම මිලියන 705ට අඩු කරයි! 178ක් වෙච්ච වාහන සංචිතය 125ට අඩු කර පෙන්වයි! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.