• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා විරන්දගොඩ අද විලඳගොඩ…

August 18, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
එදා විරන්දගොඩ අද විලඳගොඩ…
Share on WhatsAppShare on Facebook

දුටුගැමුණු මහරජතුමාගේ පුත් සාලිය කුමරුන් අශෝකමලා කුමරිය හා පෙමින් වෙළී අනුරාධපුරයෙන් පිටත්වී කලා ඔයෙන් එතෙරවී මාගේ ගම්මානයට පැමිණ ජනාවාස පිහිටුවාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කාලයක් ගතවීමෙන් පසුව දුටුගැමුණු මහරජු බැහැදැකීමට පිටත්වන සාලිය කුමරු මහරජුට විලඳ පුජා කළ බවත්, ඒ විලඳ ප්‍රමාණයට වෙහෙර විහාර කරවන ලෙස මහරජු කුමරුට ප්‍රකාශ කර තිබෙනවා. එය පිළිගත් කුමරු ගල්ලෙන් 64කින් යුතු මේ පින්බිම ඉදිකර ‘විරන්දගොඩ’ ලෙස හඳුන්වා තිබෙනවා. වර්තමානයේ ‘විලඳගොඩ’ ලෙස හඳුන්වන්නේ මේ උතුම් පින්බිමයි.

වර්තමානයේ මෙලෙසින් දක්නට ලැබුණත් ඒ පින් බිම සොයාගැනීමට වර්තමානයේදී සංරක්ෂණයට ගෙන ඒමට මහත් වෙහෙසක් ගන්නට දායකත්වයක් ලබාදෙන්නට මා හට හැකියාව ලැබුණා. 2005 වර්ෂයේදී අපගේ වෙහෙරගල රජමහා විහාරාධිපති වයඹ පළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය තම්මැන්නාවැටියේ රතනජෝති නාහිමිපාණන් විසින් දහම් පාසල් ප්‍රධානාචාර්ය ධුරය දැරූ මා හට මෙම පූජා භූමිය ගවේෂණය කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්ට අවශ්‍ය මඟපෙන්වීම් හා බැඳුණු සියලු කටයුතු පැවරුවා.

පුරාවිද්‍යා නිලධාරීන් ගමේ වැඩිහිටියන් දෙදෙනකු සමග අපි මේ අවදානම් කාර්යය ආරම්භ කළා. මාගේ ගම්මානයට කොටි ත්‍රස්‍තවාදීන් පහර දීමෙන් පසු මේ ප්‍රදේශයේ ගැමි ජනතාව ගමන් කළේ නැහැ. පැරණි අඩි පාරවල්, විශාල ගස්, කටු පඳුරුවලින් වැසී තිබුණා.

ඒ වගේම දඩයම්කරුවන්ගේ බැඳුම් තුවක්කු පත්තු වීමේ අවදානමත්, වනඅලි, වලසුන්, විෂ සර්පයන්ගෙන් සිදුවන අනතුරු ගැනත් අපි හොඳ අවධානයෙන් පූජා භූමියට ඇතුළු වුණේ. අපි පුළුවන් තරම් පූජා භූමියේ තොරතුරු ලබාගත්තා. සම්පූර්ණයෙන්ම දින හතක් ගතවුණා වගේ මතකයි. රෑ බෝවෙන්න කලින් අපි දිනපතා ගම්මානයේ පන්සල වෙත නැවත පැමිණියේ රාත්‍රී කාලයේ රැඳීසිටීම අවදානම් නිසා. විශාල ගල්කුලුණු මතට නැගී සෙල්ලිපි ඡයාරූප ගතකරමින් අවශ්‍ය තොරතුරු සටහන් කරගන්නා පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම, ඊට සහයෝගය දක්වන අපිත් විශාල මහන්සියක් මේ දින හතේම වින්දා. එසේ වෙහෙස වූ එක් දිනෙක සාලිය කුමාරයා දියනෑ පොකුණ වෙත බැසීමට අප සූදානම් වූයේ එහි ජලයෙන් පිරිසිදු වී ගතේ වෙහෙස නිවා ගැනීමටයි. නමුත් නොසිතූ අනතුරකින් දිවි රැකගත්තෙමු. එනම්, පොකුණ වෙත ගමන් කිරීමට තිබූ අඩි පාරේ දඩයම්කරුවන්ගේ බැඳුම් තුවක්කු දෙකක් අටවා දහවල් කාලයේද ⁣ඉවත් කර නොමැති වීමයි. තිසරණ සරණින්, අයියනායක දෙවියන්ගේ පිහිටෙන් අප කිසිවකුට කිසිදු අනතුරක් සිදුනොවූයේ යහපත් කාර්යයකට අපි දායකත්වය ලබාදුන් නිසයි.

වසර ගණනාවක් තිස්සේ අවධානය යොමු නොවූ වන අලි වලසුන් සර්පයන් සිටින ගල්ලෙන් හා අනෙකුත් ස්ථානවල අපි තොරතුරු ලබා ගත්තෙමු. එමෙන්ම කිරිගරු⁣ඬෙන් නිමකළ අගනා හිටි පිළිමයක් එහි කොටසක් පොළොවට යටවී තිබෙනු දක්නට ලැබිණි. කිසිදු වටිනාකමක් ඇති නිදන් වස්තු නොමැති මේ පිළිමය නිදන් හොරුන් වරින් වර අතට අසුවූ දෙයකින් තළා දමා තිබුණා.
මා විසින් දහම්පාසල් ප්‍රධානාචාර්යවරයකුසේම ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස මේ පිළිමය පිළිබඳවත් පූජා භූමිය රැකගැනීමේ වටිනාකම ගැනත් ‘සිංහල බෞද්ධයා’ පුවත්පතට ලිපි ඉදිරිපත් කළෙමි. නමුත් නිදන් හොරුන් විනාශ කළ ඒ පිළිමයේ අද දකින්නට ඇත්තේ පස් ගොඩක් පමණි. මාගේ දෑසින් දැක්ක වටිනා කිසිවක් නැති මේ පිළිමය නිදන් හොරුන් නිකරුණේ විනාශ කිරීම ගැන අදටත් මම කනගාටු වෙමි.

කෙසේ වුවද 2005 වර්ෂයේ අපි දුක් මහන්සිවී දින හතක් පමණ ගවේෂණය කළ පින්බිම ⁣වර්තමානයේ දියුණු වෙමින් පවතී. මේ උතුම් පින්බිම රැකගන්නට මා දිරිමත් කළ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තම්මැන්නාවැටියේ රතනජෝති නාහිමිපාණන්ට ගෞරවනීය ස්තුතිය පුද කරමි.

එසේම මතකයේ රැඳුණු පුරාවිද්‍යා කණ්ඩායම භාර ඒකනායක මහතා, තුෂාර මහතා, සුධර්මා මහත්මිය හා අනෙකුත් නිලධාරීන් ද සිහිපත් කරමි.

පුණ්‍ය භූමියේ වර්තමාන ඡායාරූප ඔබ වෙත ඉදිරිපත් කරමි.

ඩී.එම්. සමන් කුමාර දිසානායක

SendShareShare
Previous Post

IMF නියෝජිතයන් යළිත් ලංකාවට! මහබැංකු අධිපති හෙළි කරයි!

Next Post

රනිල්ගේ ගෙට ගිනි තැබීම! සිරස සභාපති ශෂී රාජාමහේන්ද්‍රන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි! (VIDEO)

MORE NEWS

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ ගංතලාව ප්‍රදේශයේ ඇති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කන්තලේ ප්‍රාදේශීය සභාව යටතේ පැවැත්වෙන අතර මෙම පෙර පාසල අවුරුදු 40කටත් වැඩි...

Read more
ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper