• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොඳට තිබ්බ ශ්‍රීලංකන් නැත්තට නැති කරපු අසුන්දර කතාව I Sri Lanka Latest News

October 22, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදියා – ‘2024 වසර අවසන් වන විට ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය විකුණා දැමීමට රජය සැලසුම් කර තිබෙනවද? දැනට මේ ගැන උද්ගතව ඇති තත්ත්වයත්, එම ක්‍රියාවලිය ගැනත් ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?(Sri Lanka Latest News)

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා

‘ශ්‍රී ලංකන් ගුවන් සේවය මුළුමනින්ම විකුණා දැමීමක් කිසි විටෙකවත් වෙන්නේ නැහැ. එසේ කළහොත් ලෝකයේ වැදගත් ගමනාන්ත රැසකට ගොඩබෑමේ අයිතිය අපට අහිමි වෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් 51%ක් රජය සතුව තබාගෙන ඉතිරි 49%ක කොටස් වෙනත් පාර්ශ්වයකට විකිණීමයි. මෙම ක්‍රමවේදය මින් පෙරද සිදුකෙරී තිබුණා. ඒ අනුව මෙවරද අප ඉතා ඉක්මනින්ම බලාපොරොත්තු වන්නේ එලෙස කොටස් ප්‍රමාණයක් විකුණා දැමීමටයි. ගුවන් සේවය රැකගැනීමට නම් මේ කාර්යය වහාම සිදුකළ යුතුයි…’

මාධ්‍යවේදියා
මෙම හවුල් ව්‍යාපාරය ගැන දැනට ඇතිව තිබෙන ප්‍රගතිය හෝ සාර්ථකත්වය කෙසේද?

අමාත්‍යවරයා
ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් අපට ජාතික ව්‍යාපාරයක් වෙනත් කෙනකුට සම්පූර්ණයෙන්ම විකුණා දමන්න බැහැ. මෙලෙස ජාතික ගුවන් සේවයේ කොටස් ප්‍රමාණයක් විකිණීම ගැන මේ වන විට ලෝක බැංකුව මගින් උපදේශකවරයකුද පත්කර තිබෙනවා. මේ ක්‍රියාවලිය සිදුකිරීම ගැන මම මීට මාස 08කට පෙර කැබිනට් පත්‍රිකාවක්ද රජයට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කටයුතු සඳහා අප දැනට ඩොලර් බිලියන 1.2ක් ණයවී තිබෙනවා.

මෙලෙස ආයතන ගණනාවකට ණය වී තිබෙනවා. මේ නිසා දැනට අපට ප්‍රාග්ධන එන්නතක් ඉක්මනින් අවශ්‍යයි. නැතිනම් මේ ගුවන් සේවය ඉදිරියට පවත්වාගෙන යෑම ඉතා අමාරුයි. මෙහිදී අවම වශයෙන් ඩොලර් මිලියන 500කවත් විශාල ප්‍රාග්ධනයක් යෙදවිය යුතුයි. එහෙත් එතරම් මුදලක් යෙදවීමට රජයට හැකියාවක් ඇත්තේ නැහැ.

මාධ්‍යවේදියා
මෙම ව්‍යාපෘතිය සඳහා දැනට යම් පාර්ශ්වයක් කැමැත්ත පළකර තිබෙනවද?

අමාත්‍යවරයා
ගැනුම්කරුවන් ගැන අප තවම නිල ප්‍රකාශයක් සිදුකළේ නැහැ. එහෙත් මේ වන විට යම් පාර්ශ්ව කිහිපයක්ම අප රජයෙන් විමසීම් සිදුකර තිබෙනවා. ලෝක බැංකු උපදේශක වාර්තාව ලැබුණු පසුව වහාම එම තීරණය ගන්නවා.

මාධ්‍යවේදියා
යම් හෙයකින් ගැනුම්කරුවකු නොමැති වුණොත් ඇතිවන තත්ත්වය මොකක්ද?

අමාත්‍යවරයා
එසේ වුවහොත් ගුවන් සේවය නවතා දමන්නට හෝ සිදුවන්න පුළුවන්. එහෙත් මේ අර්බුදය යම් විසඳුමකට යනු ඇතැයි අපි විශ්වාස කරනවා.

වසර 44ක් පැරැණි ජාතික ගුවන් සේවයේ කතාව දීර්ඝ එකකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය වඩාත් ලාභ ලබන සමාගමක් බවට පත්කිරීම උදෙසා 1998 වසරේදී එය පුද්ගලීකරණය කරන ලදී. එනම් 1998 වසරේදී මෙම සමාගමේ කොටස්වලින් 40%ක ප්‍රමාණයක් ඩුබායිහි පිහිටි එමිරේට්ස් ගුවන් සමාගම වෙත ලබාදුන්නේය. ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් ඒ සඳහා රජයට ලැබුණු අතර, මෙම ගිවිසුම වසර 10ක කාලයකට අස්සන් කෙරිණි.

පසුව එමිරේට්ස් සමාගමට ලබාදුන් කොටස් ප්‍රතිශතය 43.6% දක්වාද වැඩිකෙරුණු අතර, එම සමාගම යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉහළ ආදායම් සහ ලාභ ලබන ආයතනයක් බවට පත්විය. මේ ආකාරයට 2008 වසරේ රාජපක්ෂ පාලන සමයේදීද ශ්‍රී ලංකන් සමාගම ඉතා සාර්ථක ආයතනයක් බවට පත්ව තිබිණි. ‘ශ්‍රී ලංකන් – එමිරේට්ස්’ ලෙසින් සඳහන් කෙරුණු මෙම සමාගමේ ලාභය ඒ වන විට වසරකට රුපියල් බිලියන 9.3ක් විය. මෙය අතිවිශාල ලාභයක් විය.

2008 වසරේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට කණකොකා හඬන්නට පටන් ගත්තේය. ඒ වනවිට වසර කිහිපයකට සිට මෙම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා වූයේ අතිදක්ෂ ප්‍රවීණ ගුවන් සේවා පරිපාලකයකු වූ බි්‍රතාන්‍ය ජාතික පීටර් හිල්ය. ඔහු 1999 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනයට පැමිණීමට පෙර එමිරේට්ස් ගුවන් සේවයේ පරිපාලනය භාරව සිටියේය.

එමිරේට්ස් සමාගමට ශ්‍රී ලංකන් සමාගමේ කොටස් හිමිවීමත් සමගම පීටර් හිල්ට ශ්‍රී ලංකන් සමාගමේ පරිපාලනයද භාර කෙරිණි. ඒ අනුව ඔහුගේ පරිපාලන කාලය තුළදී මෙම ගුවන් සේවය රුපියල් බිලියන ගණනින් ලාභ ලබන්නට විය. එහෙත් මෙලෙස කාලය ගතවී යත්ම 2008 වසරේදී සිදුවූයේ අපූරු සිදුවීමකි. එනම් එක්තරා සුවිශේෂ සිදුවීමක් අරබයා එවක සිටි ජනාධිපතිවරයා පීටර් හිල් සමග අර්බුදයක පැටලීමය. ඒ හේතුව මත පීටර් හිල්ගේ ශ්‍රී ලංකාවේ රැකියා කිරීම සඳහා වන බලපත්‍රය සහ වීසා බලපත්‍රය අහෝසි කර දැමුණේය.

මෙම අර්බුදය එතැනින්ද නැවතුණේ නැත. එතැනින් පසුව 2008 වසරේදී එමිරේට්ස් ගුවන් සේවය සමග ඇතිකරගෙන තිබුණු ගිවිසුම අවලංගු කෙරුණු අතර, නැවත එය දීර්ඝ කිරීම සිදු නොවිණි. එතැන් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විනාශය පටන්ගත් අතර, දිනෙන් දින අතිශය දරුණු ලෙස පාඩු ලබන්නට විය. නිල වාර්තාවලට අනුව 2008 සිට 2015 දක්වා රාජපක්ෂ පරිපාලනය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වසර හතක කාලයක පාඩුව පමණක් රුපියල් බිලියන 128.2ක් විය.

මෙය ඇමෙරිකානු ඩොලර්වලින් මිලියන 875කි. සැබැවින්ම මෙය අතිශය දරුණු පාඩුවක් වූ අතර, ගුවන් සේවය මේ දක්වා ගොඩගැනීමට නොහැකි තත්ත්වයකට පත්විය. එමිරේට්ස් ගුවන් සමාගම සමග එකට එක්ව කටයුතු කළ කාලයේ ඩොලර් මිලියන ගණනින් ලැබූ ලාභයන් අන්තයටම පිරිහී ගොස්, ඩොලර් මිලියන ගණනින් පාඩු ලබන්නට වූයේ හිටපු රාජ්‍ය නායකයාගේ පුද්ගලික විරසකයක් හේතුවෙනි.

මෙලෙස ගුවන් සමාගම අතිශය දරුණු ලෙස පාඩු ලබන්නට හේතු වූයේ එම සමාගම තුළ සිදුවූ දූෂණ වංචා රැසක් සහ නාස්තිය බවට කරුණු හෙළිවිය. එකල රාජ්‍ය පාලකයන්ගේ නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට පත්කිරීම හේතුවෙන් එම උසස් තනතුරු දැරූ පුද්ගලයන් විසින් මහා පරිමාණ වංචා සිදුකරන්නට විය. එම කතන්දර ලියා තබන්නට ග්‍රන්ථයක් හෝ මදිය.

කෙසේ හෝ මෙලෙස සිදුවූ විනාශයන් සොයා බලන්නට 2015දී යහපාලන රජය බලයට පත්වූ පසු පංච පුද්ගල කමිටුවක් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලදී. මූලික කරුණු 10ක් යටතේ අදාළ සමාගමේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ මෙ කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එමිරේට්ස් ගුවන් සමාගම අතර එළැඹ තිබුණු ගිවිසුම අවලංගු කිරීම, ගුවන් යානා හා වෙනත් වත්කම් මිලදී ගැනීම, විකිණීම හා බදුදීම, සේවක බඳවාගැනීම්, මිහින් ලංකා සමාගම ස්ථාපිත කිරීම හා නිමා කිරීම ආදී කරුණුද මෙහිදී අවධානයට ගැනිණි.

2018 ජනවාරි 31 වැනිදා යටකී කොමිසම පත්කෙරුණු අතර, 2019 ජූලි 02 වැනිදා එම කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙන ලදී. මෙම වාර්තාව නීතිපතිවරයාට යොමුකර චූදිතයන්ට එරෙහිව නඩු පවරා අත්අඩංගුවට ගැනීම් ආදියද සිදුකෙරුණත් මේ දක්වා කිසිවකුත් සිරගෙට ගොස් නැත. එසේම රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් පසුව විවිධ නඩුහබ රාශියකට මුහුණදුන් චූදිතයන් රාශියක්ම අධිකරණයෙන් නිදහසද ලැබුවේය. මේ අනුව කිසිදු ප්‍රබල දූෂණ වංචාවකට හසුවූ පුද්ගලයකුට මේ දක්වා දීර්ඝ සිර දඬුවම් නියම වී නොමැත. සෑම දිනෙකම සිර දඬුවම් නියම වූයේ සමාජයේ සිටින පොඩි මිනිහාට පමණි.

එමිරේට්ස් ආයතනයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉවත් වීමෙන් පසුව 2009 වසරේදී සිදුවූ පාඩුව රුපියල් කෝටි 930ක් වූ අතර, 2014 වර්ෂයේදී එය රුපියල් කෝටි 400කට ආසන්න වී තිබිණි. පසුගිය යහයපාලන රජය සමයේදී එනම් 2015 සහ 2016 වසරවලදී එම පාඩුව රුපියල් කෝටි 160ක් පමණ දක්වා අඩුවූ බව පැවසෙයි. මීට අමතරව වසර 2008 දී එමිරේට්ස් ගුවන් සමාගමට කොටස් තිබියදී ශුද්ධ වත්කම් රුපියල් කෝටි 1,500ක් වී තිබූ අතර, එමිරේට්ස් සමාගම ඉවත් වීමෙන් පසු 2015 වන විට ශුද්ධ වත්කම ඍණ රුපියල් කෝටි 7,500ක් බව වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව වත්කමට වඩා බැරකම ඉහළ ගොස් තිබූ බව වාර්තා විය. මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිදු අංශයකින්වත් ලාභයක් ලබා නොතිබුණු බව ප්‍රකාශ විය. මෙම සමාගම භාණ්ඩාගාර ඇප මත විවිධ බැංකු හා වෙනත් ආයතනවලින් ලබාගත් ණය මුදලින් ශ්‍රී ලංකාවේ තවත් විශාල අධිවේගී මාර්ගයක් තැනිය හැකි බවද ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇති කරුණකි. මෙලෙස ‘ ශ්‍රී ලංකන් ගුවන් සේවය’ රටට මහා බරක් වන්නට විය.

ප්‍රියන්ත හෙට්ටිගේ

අප රටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසර 15ක කාලයක සිට ඉතා දරුණු අගාධයකට වැටී පාඩු ලබන්නට විය. එලෙස එම විනාශය ආරම්භ වනු ලැබුවේ 2008 වසරේ සිටය. එකල මෙම ගුවන් සේවය සමග එකට එක්ව කටයුතු කළ එමිරේට්ස් ගුවන් සේවය ඉවත් කිරීමෙන් පසුව එම පරිහානිය ඇතිවිය. පසුගිය වසර 02ක පමණ කාලයක සිට නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යම් යහපත් වාතාවරණයක් උද්ගතව ඇතැයි එහි බලධාරීන් පවසයි. එනම් එම වසර 02 තුළ ගුවන් සේවයේ කටයුතු සඳහා රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන ඇති අතර, රජයද මුදල් ලබාදීම නතර කර ඇත.

එහෙයින් උපයා ගන්නා ආදායම්වලින් තම වියදම් කටයුතු පියවා ගැනීමට ගුවන් සේවය සමත්ව ඇත. කෙසේ හෝ මෙවැනි තත්ත්වයක් තිබුණද රුපියල් කෝටි ගණනින් පාඩු ලැබීම මෙතෙක් නැවතී නැත. එවැනි වටපිටාවකදී මෙයට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ පැවැති දකුණු ආසියාතික සංචාරයක සම්මාන උළෙලේදී (South Asian Travel Awards – SATA) ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙසට සම්මානයට පාත්‍රවිය.

SendShareShare
Previous Post

මහනුවර මහනගර සභාවේ ප්‍රධාන මුදල් අයකැමිවරිය සභාවේ ලක්ෂ 51ක් ගිණුමට බැර නොකර ගෙදර අරන් ගිහින් දුවගේ මඟුල කාලා! Sri Lanka Latest News

Next Post

එක එක නායකයෝ ඩිජිටල් විප්ලව ගැන කතා පවත්ව පවත්ව ඉන්න කොට විපක්ෂ නායක 36 වැනි සුහුරු පන්ති කාමරයත් පාසල් දරුවන්ට පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.