• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරු – අගමැතිවරු – විපක්ෂ නායකවරු – ඇමැතිවරු – අනාගත ජනාධිපතිවරු හැදුවා… කෙට්ටුම දරුවන්ගෙ අම්මලා අප්පලගෙ කතාව I Sri Lanka Latest News

March 7, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට දිස්ත්‍රික්කය කියලා එක පාරට කියපු ගමන් මතක් වෙන්නේ මොකක්ද? මතක් වෙන්නේ ඡන්ද ප්‍රතිඵල. රාජපක්ෂවරු තුන්දෙනෙක් එකම පවුලෙන් ගිය අවුරුද්දේ විතරක් පාර්ලිමේන්තුවට ආවා. හම්බන්තොට දිස්ත්‍රික්කයට නෑකම් කියන ජනාධිපතිවරයෙක් ලංකාවේ බිහිවුණා. අගමැතිවරයෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහිවුණා. විපක්ෂ නායකවරු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහිවුණා. හම්බන්තොට දිස්ත්‍රික්කය දේශපාලනිකයි. ඉතා ඉහළ දේශපාලන නායකයන් ප්‍රමාණයක් බිහිකරපු දිස්ත්‍රික්කයක් හම්බන්තොට දිස්ත්‍රික්කය.(Sri Lanka Latest News)

ඒ නිසා හම්බන්තොට දිස්ත්‍රික්කය දියුණු කරන්න පිටරටවල ආධාර ලැබුණා. එක වෙලාවක අපට හිතුණා හම්බන්තොට දිස්ත්‍රික්කය සුඛිත මුදිත දේශයක් බවට පත්වෙමින් තිබුණාය කියලා. ඇළ වේලි මහ නියර පවා කොන්ක්‍රීට් දාලා හදලා තියෙන්නේ. හැම පාරක්ම ඉද්ද ගැහුවා වගේ කාපට් දාලා සුදු ඉරි ගහලා ලස්සනට හදලා. අලුතින් ගොඩනැගිලි තැන් තැන්වල ඉදිවෙනවා. ඒවා පණ තියෙන ගොඩනැගිලිද, පණ නැති ගොඩනැගිලිද කියන එක හිතන්න ඕනේ ඊළඟට. මොකද සමහර ගොඩනැගිලි ඇතුළේ වෙන්නේ මොනවද කියලා හිතාගන්න බෑ. හැබැයි විශාල ගොඩනැගිලි තියෙනවා. වීදි මංමාවත් නිර්මාණය වෙලා ඒවායේ යන්නේ කවුද කියලා අපි දන්නේ නෑ.

ඒ අස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහත්තයා සූරියවැව ප්‍රදේශයේ තිබුණු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන් ගැන කතාවක් කියනවා. ඇළ වේලි පාරවල් කාපට් කරලා නියමෙට හදලා තියෙනකොට සුදු ඉරි ගහලා යන්න පුළුවන් විදියට පාරවල් වෙන්කරලා තියෙනකොට, අලුතින් ගොඩනැගිලි ඉදිවෙනකොට රෝහල් ඉදිවෙන කොට හම්බන්තොට වරායකුත්, ගුවන් තොටුපළකුත් දෙකක්ම තියෙනකොට, දරුවන්ගේ තත්ත්වේ ගැන කියනකොට ලියනකොට මම දන්නවා ඔබට කියන්න දෙයක් නෑ, අහන්න දෙයක් නෑ,

ඒ දරුවන්ගේ තත්ත්වය ඉතා ඉහළ ඇති කියන එක ඔබට විශ්වාසයි. මොකද දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නේ නැතුව භෞතික සම්පත් දියුණු කරන්න තරම් අපේ රටේ දේශපාලකයෝ මෝඩ නෑ. අනාගතයේ ජනාධිපතිවරයෙක් වෙන්නත් බලාගෙන ඉන්න නාමල් රාජපක්ෂ මහත්තයා ඉන්නෙත් හම්බන්තොට. හම්බන්තොටින් තමයි එතුමත් ඡන්දේ ඉල්ලන්නේ. හොඳ නායකයෙක් එතුමා. හැබැයි මේ චමල් සංජීව මහත්තයා කියන්නේ මාර කතාවක්. ඇත්තද බොරුද දන්නෙත් නෑ. අපට නම් විශ්වාසත් නෑ. මොකද මෙච්චර ලොකු නායකයෝ ගොඩක් ඉන්න මේ වගේ තැනක මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද?

‘මීට වසර එකහමාරකට විතර පෙර හම්බන්තොට දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක් කළා. නමුත් නිලධාරීන් ඊට කිසිදු කියාමාර්ගයක් නොගෙන තවමත් ඒ පිළිබඳ හෙළිකළ මා පිළිබඳ විමර්ශන පැවැත්වීම සිදුකරමින් යනවා…’ ඒක තමයි මේ රටේ තියෙන සුන්දරම දේ. ‘2023 වර්ෂයට අදාළව නිකුත් කරන ලද වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා පෝෂණය සම්බන්ධයෙන් හම්බන්තොට තියෙන්නේ ඉතාම දරුණු තත්ත්වයක කියලා. ඔවුන් මෙන්න මෙහෙම එකක් කියනවා.

පසුගිය වසරට අදාළව පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා පාසල් දරුවන් අතර උසට සාපේක්ෂව බර අඩු වීම හෙවත් කෘශභාවය වැඩිම දරුවන් පිරිසක් ජීවත් වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බව. ඒ ප්‍රතිශතය 32.4%ක්. දරුවෝ 100 දෙනෙක්ගෙන් 32ක් උසට සරිලන මහත නැති කෙට්ටු දරුවෝ බව ලංකාවේ අනෙක් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව බලනකොට කෘශභාවය වඩා වැඩිම දරු පිරිස වාර්තා වෙන්නේ හම්බන්තොටින්ලු. මේවා මම හදපු වාර්තා නෙවෙයි කියලා වෛද්‍යවරයා කියනවා. මේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කරන ලද දත්ත. දරුවන්ගේ උසට සරිලන බර ඌනතාව කියන්නේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයේ පවතින අර්බුදයක්.

ළමා වර්ධක සටහන් ගත්තමත් උසට සාපේක්ෂව බර කියලා කියන්නේ ඉතා වැදගත් සාධකයක්. අප සිදුකළ සොයා බැලීම්වලදී පවා අනාවරණ වුණේ හම්බන්තොට පාසල් යන වයසේ දරුවන්ගේ ආහාර වේල බවට බොහෝ වෙලාවට පත්වෙලා තියෙන්නේ කිඹුලා බනිස් ගෙඩියක් හෝ පාන් පිටි සහිත ආහාරයක් කියන එක. දරුවෝ වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න සමාජයේ වැඩිහිටියන්ට බැරි වෙනවා නම් පවතින දේශපාලන ප්‍රවාහය තමයි ඒකට වගකියන්න ඕනේ. හම්බන්තොට කියලා කියන්නේ කෘෂිකාර්මික පුරවරයක්. බැලූ තෙක්මානයේ නිල්ල නිලන කෙත්වතු තියෙන හම්බන්තොට වගේ දිස්ත්‍රික්කයක, නගරයෙන් ඈතට යනකොට හේන් වගාවන් සිද්ධ වෙන, බවබෝග අස්වනු නෙළාගත හැකි ස්ථානයක් තමයි හම්බන්තොට කියලා කියන්නේ.

අපි දන්නවා හම්බන්තොට අයිති වෙන්නේ අර්ධ ශුෂ්ක කලාපයකට බව. යම් ශුෂ්ක බවක් හම්බන්තොට තියෙනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය ජලය ලබාදීම නියමිත පරිමාණයට සිද්ධ වෙනවා. දේශපාලකයෝ මෙච්චර ඉඳලත් ඒක කරගන්න බැරි නම් වැඩකුත් නෑනේ. හම්බන්තොට දියුණු වුණා කියලා පුන පුනා කියන දේශපාලකයෝ කරලා තියෙන දියුණුව මේකද කියලා අපට වෙලාවකට අහන්න හිතෙනවා. මොකද රටක් දියුණු කරන්නනේ මේගොල්ලෝ ආවේ. රටක් දියුණු කරන්න ආපු අයට ගමක් දියුණු කරන්න බැරි නම්, එතැනින් එහාට අහන්න දෙයක් නෑ.

පෝෂණ දත්ත අනුව අඩු බර දරුවන් වැඩිම ප්‍රතිශතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. උග්‍ර තීව්‍ර බර අඩු දරුවන් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තියෙනවා. එමෙන්ම ගර්භණී මවුවරුන් අතරත් මන්දපෝෂණය සහ නීරක්තියේ වැඩිවීමක් මේ වන විට දකින්න ලැබෙනවා. මේ වන විට වයස අවුරුදු 5ට අඩු දරුවන්, වයස අවුරුදු 5ට වැඩි පාසල් දරුවන් හා ගර්භණී මවුවරුන් වගේම තරුණියන් අතර ඇතිවන පෝෂණ අර්බුදය කෙරෙහි කඩිනම් අවධානය යොමුකළ යුතු බවත් මේ වෛද්‍යවරයා දිගින් දිගටම සඳහන් කරනවා.

මේ සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් සක්‍රීය දායකත්වයක් ලබාදීම නොකළහොත් අත්වන ඉරණම ඉතා භයානක වෙන්න පුළුවන් බවත් කියනවා. පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳ නොසලකා හැරීම කියලා කියන්නේ දීර්ඝකාලීන අර්බුදයක් බව පිළිගත යුතුයි. මොකද මනස වර්ධනය වීම, මොළය වර්ධනය වීම, බුද්ධිය වර්ධනය වීම කියන එක පවා දරුවන්ගේ සිද්ධ නොවුණොත් අනාගතයේදීත් ඒ අය ඡන්දේ දෙන්නේ මේ වගේ අයටම වෙන්න පුළුවන්.

බුද්ධිය වර්ධනය වන ආකාරයේ ආහාර ටික මේ මවුපියන්ට දරුවන්ට දෙන්න බැරි නම් ඒ දරුවොත් පාර්ලිමේන්තුවට තමන්ගේ ගමේ ඉන්න කසිප්පුකාරයාව, හොරාව, මංකොල්ලකාරයාව, මහපොළොව හොරාකන එකාව යවලා ඒකගෙන් මොනවා හරි සන්තෝසමක් අරගෙන කසිප්පු බාගෙට, බත් පාර්සලේට රැස්වීම්වලට ගිහිල්ලා පස්සේ මුළු පාර්ලිමේන්තුවටම එක බෝම්බයක් ගහන්න කියලා ප්‍රාර්ථනා කර කර ඉඳීවි.

තමන්ට ලැබෙන ඡන්ද බලයෙන් හරි මිනිහෙක් පාර්ලිමේන්තු යවන්නේ නැතුව ගොන් වැඩ කරලා ඒකා මැරුණ දවසට රතිඤ්ඤා පත්තු කරන්න තරම් බූරුවෝ බවට පත්වේවි. ඒක නිසා මන්දපෝෂණය නැතිකරලා දරුවන්ගේ නුවණ වර්ධනය කරන්න විතරක් නෙවෙයි සෞඛ්‍ය කාර්ය දර්ශක පිළිබඳ නිසි අවධානයකින් වැඩ කරන්න කියලා අපි දේශපාලකයන්ගෙන් වගේම මහජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා. තමන් පාර්ලිමේන්තු යවපු දේශපාලකයෝ, ජනාධිපතිවරු, අගමැතිවරු, විපක්ෂ නායකයෝ, කැබිනට් ඇමැතිවරු තමන්ට දීලා තියෙන තෑග්ග කොච්චර ලොකුද කියලා හම්බන්තොට ජනතාවට දැන් ආයෙමත් බලාගන්න පුළුවන්. බලාගන්නේ කොහොමද දන්නවද? ඔබේ ගෙදර පොඩි දරුවෙක් නැත්නම් අහල පහළ දරුවෙක් හරි, එහෙමත් නැත්නම් පොඩ්ඩක් ඉස්කෝල ඇරෙන වෙලාවට හරි, ඉස්කෝලෙ පටන්ගන්න පැයකට විතර කලින් හරි පාරට ගිහිල්ලා බලාගෙන ඉන්න. ඔබට දකින්න ලැබේවි ඔබ විසින් තනාගන්නා ලද දේශපාලනයෙන් ඔබට ලැබුණු ප්‍රතිලාභ මොනවද කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අගමැති හමුවන්න ගියාම ගහන්න හැදුවා කියන චෝදනාව අතිශය බරපතළයි! විධිමත් පරීක්ෂණයක් පවත්වන්න! වහාම රාසමාණික්කම් මන්ත්‍රීතුමාගේ ආරක්ෂාව තහවුරු කරන්න! විපක්ෂනායක සජිත් රාසමාණික්කම් වෙනුවෙන් කෙළින්ම පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය දුන්නේ නෑ! පොලිස්පති පත් කිරීමට එරෙහිව සජබය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි! I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.