වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක මහතා විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළ අතර මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම්බල වග උත්තරකරුවන් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කරුවෝ කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොමැති බවය.