• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හංගලා ඉන්න අරගලකාරයාගේ උපන් දිනය ගිය 18 වැනිදා! දඹානේ ඉන්න වසන්තගේ අම්මා කළුමැණිකා පුතා ගැන කියන කතාව…!

September 26, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
හංගලා ඉන්න අරගලකාරයාගේ උපන් දිනය ගිය 18 වැනිදා! දඹානේ ඉන්න වසන්තගේ අම්මා කළුමැණිකා පුතා ගැන කියන කතාව…!
Share on WhatsAppShare on Facebook

‘මයේ කොල්ලා නරක එකෙක් නොවේ. වැද්දියෙකුගේ කුසින් බිහිවුණාට ඒකා හටන් කරලා ජනාධිපතිලා ගෙදර යව්වාලු. මිනිස්සු කියන කතා ඇහුවාම මට හරි බයක් දැනෙනවා. මට ම‍යේ කොල්ල ඉන්න අයිරුව හොයාන යන්න බෑ. කොළඹදී මහත්තයාලාට පුතා මුණගැහෙනවා ඇති නෙ…’

දඹනේ වසන්තගේ අම්මා කළුමැණිකා පුතා ගැන කියන කතාව…

ලංකාවේ වැදිගම් පත්තුව ඌව නැඟෙනහිර දෙපළාත් කේන්ද්‍ර කර විහිදී ඇත්තේය. ඒ අතරින් හේනබැද්ද, දානිගල, බිංගොඩ, ඉඩන්බෝව වැනි ගම් තුලානවල් ඌව පළාතටද, මහඔය, බොක්කේ බැද්ද, නුවරගල ප්‍රමුඛ හීතල වන්නියේ වැදි ගම්මාන නැඟෙනහිර පළාතටද අයත් වෙයි. මෙරට ආදිවාසී ජනයා කොයි කොයි දේසේ වාසය කළද නාගරිකව දිවි ගෙවනා ‘හූරන්ට’ නම් වැද්දන් (අලුත් පන්නයේ භාෂාවෙන් ආදිවාසීන්) කී සැණින් සිහියට එන්නේ දඹානය. ඊට හේතුව වත්මන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ප්‍රමුඛ කොටගත් ආදිවාසීන් සැලකිය යුතු ප්‍රමාණයක් දඹාන අවට පදිංචිව සිටීමය. එමතුදු නොව ආදිවාසී සංස්කෘතික මධ්‍යස්ථානය, ආදිවාසී ගම්මානය ඈ කී නොයෙක් සංස්කෘතිකාංග රැසක් පිහිටා ඇත්තේද දඹාන කේන්ද්‍ර කරගෙනය.

දඹාන ආදිවාසී ගම්මානය සොයා යන අප ගමන් ඇ‍රඹූයේ මහියංගනය නගරයෙනි. එහි සිට කිලෝමීටර් 15කට අසන්න දුරක් ගිය පසු දඹාන හන්දිය හමුවෙන අතර අදිවාසී ගම්මානයට මාර්ගය වැටී ඇත්තේ මේ හන්දියෙනි. ඒ මඟ ඔස්සේ අප ඔබ කැඳවාගෙන යන්නේ ආදිවාසී ගම්මානයට නොව ඉන් ඔබ්බේ පිහිටි නිවෙසකටය. ඒ නිවෙසේ පදිංචිකාරයෝ ආදිවාසීන්ම නොවුණත් ඔවුන් හා සමීප බන්ධුත්වයක් ඇත්තෝය. එහෙත් අප ඔවුන් සොයා යන්නේ එකී නෑ සබඳතා හාරා අවුස්සන්නට නොව වෙනත් සුවිශේෂ කරුණක් අරබයාය. අප දඹනේ නිවෙසට ගොඩවදිද්දී එහි වූයේ පාළු ස්වභාවයකි. ඊට හේතුව අපේ කතානායකයා ඒ වන විටත් ගෙන්දගම් පොළොවේ කුටියක සිරගතව සිටීමය.

වෙන අවුරුදුවල නම් මේ නිවෙසේ ඇත්තන්ට බිනර මාසේ 18 වැනිදා සුවිශේෂ දිනයක් වන්නේමය. අන් කාට නැතත් මේ ගෙදර අම්මා කළුමැණිකාට නම් ඒ දිනය අමතක වන්නෙම නැත. ඒ ඇගේ තෙවැනි දරුවා වන වසන්ත මෙලොව එළිය දකිනුයේ බිනර මාසේ 18 වැනිදා නිසාය. ඉරිදා පත්තරේක තකහනියක් කතා කරන්නට යන බිනර මාසේ 18 වැනිදා උපන් වසන්ත කවුදැයි ඔබට සිතෙන්නට පුළුවන. ඔහු අන් කිසිවෙක් නොව රටකට වසන්තය ගෙන එන්නට මහමඟ සටන් කොට සිරගතව සිටින වසන්ත මුදලිගේ නොහොත් අන්තරේ කැඳවුම්කරු වසන්තය.

උපන්දිනයදා අම්මා ලවා බත් කටක් කවාගන්නට වෙනදා ගෙදර එන වසන්තට මෙවර ඒ ගමන එන්නට ලැබෙන්නේ නැත. දඹානට පියඹන්නට නොහැකි ලෙස යදමින් බැඳි ඔහු දැනට දන්නා පරිදි සිරගතව සිටිනුයේ නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකයේය. ඒත් දඹානේ නිවෙසේ සිට තම පුතා එන තෙක් දෑස් රිදෙන තෙක් මඟ බලා ඉන්නා කළුමැණිකා අම්මාට මේවා ගැන ගනිච්චියක් නැත. නිකිණි මහේ සිට වැහි රැල්ලක් නොවැටුණු නිසාදෝ දඹාන අවට වන බූටෑව පඬු පැහැයට හැරීලාය. අව්කාස්ටකේට දාගිය අතු ඉති අස්සෙන් කොළ පැහැ දලු කිණිති ලියලන්නට එක වැසක් ප්‍රමාණවත්ය. ඒ බව දන්නා කළුමැණිකා අම්මා ඊළඟ බස් රියෙන් හෝ තම පුතා ගෙදර එතැයි මඟ බලා සිටින්නීය.

වසන්තගේ අම්මා වන කළුමැණිකාට ආදිවාසී පරපුරෙ උරුමයක් ඇති තැනැත්තියක වුවද ඔහුගේ තාත්තා තණමල්විල පැත්තේ කෙනෙකි. මිතුරු සමූහයක් සමග ආදිවාසී ගම්මානය බලන්නට ආ ඔහු තම හිත ගිය තැන මාලිගාව ඉදිකළේය. වසන්ත තුන්වැනියා ලෙස මෙලොව එළිය දකිනුයේ ආන්න ඒ මාලිගයේය. කළු මැණිකාට දරුවන් පස්දෙනෙකි. වසන්ත පවුලේ මද්දුමයාය. අක්කලා දෙදෙනකුගේ සෙනෙහස මැද හැදීවැඩුණු වසන්ත මල්ලිලා දෙදෙනකුට ලොකු අයියා වූයේය. මේ පවුලේ වසන්ත සහ තවත් එක් බාල සහෝදරයෙක් උපාධිධාරීන්ය. මොන අග හිඟකම් මැද වුවත් කළුමැණිකලා දරුවන්ගේ ඇස් පාදන එක නතර කළේ නැත. කවදා හෝ තමන්ට ඇති එකම ගැලවීම අධ්‍යාපනය බව දන්නා කළුමැණිකාගේ දරුවෝද මොන දුක් ගැහැට පැමිණියද ඉස්කෝලේ යාම නතර කළේද නැත.

කළුමැණිකා අම්මාගේ දරුවෝ මුලින්ම ගියේ දඹාන පාසලටය. ඉන් පසුව මහියංගන දෙහිගොල්ල මධ්‍යමහා විද්‍යාලයටය. දඹාන පාසලින් පැමිණි නිසා කළුමැණිකාගේ දරුවන්ටත් ඉඳ හිට වැද්දන් යයි ඇතැමුන් කොළොප්පම් නොකළාම නොවේ. ඒත් ජීවිතයේ ලිහාගන්නට තිබූ ගැටලුවල හැටියට වසන්තලාට එවැනි කතා මහ ලොකු බාධාවන් වූයේ නැත. සතුටට වඩා දුක පිරී තිබූ වසන්තල්ලාගේ ජීවිතයට වසර දහයකට පහළොවකට පෙර සිදුවූ පියාණන්ගේ අභාවය ගෙන ආවේ බරපතළ පසුබෑමකි. එහෙත් ජීවත් වන්නට නම් සටන් කරන්නටම වෙන බව උපන්දා සිටම වටහාගෙන සිටි කළුමැණිකාගේ දරුවන් සිය ගමන පියාගේ අකල් නික්මයාමෙන් නතර කළේ නැත. කරදඬු උස්මහත් වෙද්දී දරුවන් පාසල් ගමන අතහැර රැකියාවන්ට යාමට උත්සාහ කළද කළුමැණිකා ඊට ඉඩ දුන්නේ නැත. ඕ හැකි විදියට දරු පැටවුන්ගේ කුස පුරවන්නට උත්සාහ ගත්තාය. කන්නට දෙයක් නැතිම දිනවල මඤ්ඤොක්කා කොළ, මුරුංගා කොළ තම්බා කා හෝ වසන්තලා ඉස්කෝලේ ගියේ කළුමැණිකාගේ පෙරැත්තයටය.

බඩගෙඩි පහක් පුරවන්නට කළුමැණිකා කළ සටන සුළුපටු එකක් නොවේ. ආදිවාසී ගම්මානය බලන්නට එන සිදාදියේ ‘මිනිස් ගජ්ජන්ට’ දෙහි දොඩම්, ඇට මාල වැනි නොයෙක් අරුමෝසම් විකුණමින් පනම් හතරක් සොයාගත් ඕ ඒ හැම සතයම වියදම් කළේ තම දරුවන්ගේ පාසල් වැඩටය. ජීවත් වන්නට ඇය ගන්නා උත්සාහයට ආණ්ඩුවෙන්ද වරක් දෙවරක් පුංචි උපකාරයක් නොලැබුණාම නොවේ. ඒ ගැන ඇගේ අසල්වාසී තරුණයෙක් පවසනුයේ මෙවැනි කතාවකි ‘කළුමැණිකා නැන්දාට අමාරුකම් බොහෝමයි. ඕන්න වතාවක් රුපියල් 250ක පින් පඩියක් ලැබුණා. ආයිම පාරක් රුපියල් 1500ක සමෘද්ධිය ලැබුණා. ඒත් ඒක ළමයි විවාහ වුණා කියලා නවත්තලා තියෙනවා’ නීතිය ටක්කෙට ක්‍රියාත්මක වන රටක හැටි එහෙමය.

වසන්ත මුදලිගේ සිරගතව සිටියද ඔහු වෙනුවෙන් හඬ නගන්නට ලෝකයේ බොහෝ සංවිධාන සහ පුද්ගලයන් පෙරට ආවේය. හද්දා පිටිසර ආදිවාසී ගම්මානයක ඉපිද දුෂ්කර පාසලක ඉගෙනුම ලබා රජරට විශ්වවිද්‍යාලයට ගිය වසන්ත මුදලිගේ අද වන විට ලෝකයට චරිතයක් වී අවසානය. ආදිවාසී නායකයකු ලෙස ලෝක සම්භාවනාවට ලක්ව සිටින ඌරුවරිගේ වන්නියලැත්තෝ වසන්ත මුදලිගේ රඳවා තැබීම නොබියව හෙළාදැක්කේය. උපන් දිනය දා වසන්ත තවත් සගයන් දෙදෙනෙක් සමග ත්‍රස්ත විමර්ශන ඒකකයේ සිරබත බුදිද්දී ඔහුගේ සටන් සගයන් කිහිප දෙනකු මහපාරේ කේක් කපා සිය සගයාගේ උපන්දිනය සමරූවේ මිනිසුන් මිස සිතුවිලි සිරකරන්නට මොනම ජගතකුටවත් බැරි බව ආණ්ඩුවට කියා පාමිනි.

ලෝකයට මොන තරම් වීරයෙක් වුවත් කළුමැණිකාට නම් වසන්ත මුදලිගේ තවමත් මද්දුමයාමය. ඒත් දැන් කළුමැණිකා අම්මා ඉන්නේ අසනීප ගානේය. විස්සවිජ්ජාලේ ගිය මද්දුම පුතා ගැන රට්ටු කියනා කතා ගැන වෙලාවකට ඇයට ඇතිවන්නේ බියකි.

‘මයේ කොල්ලා නරක එකෙක් නොවේ. වැද්දියෙකුගේ කුසින් බිහිවුණාට ඒකා හටන් කරලා ජනාධිපතිලා ගෙදර යව්වාලු. මිනිස්සු කියන කතා ඇහුවාම මට හරි බයක් දැනෙනවා. මට ම‍යේ කොල්ල ඉන්න අයිරුව හොයාන යන්න බෑ. කොළඹදී මහත්තයාලාට පුතා මුණගැහෙනවා ඇති නෙ…’

ඕ විමසන්නීය. තම පුතාට ආණ්ඩුවේ නිලමක්කාරයන් ත්‍රස්තවාදී චෝදනා ගොනුකර ඇති බව ඇයට තවමත් තේරුමක් නොමැත. කවුරුන් කුමක් කීවද පුතා ගැන සහසුද්දෙන් දන්නේ අම්මාය. ‘මයේ කොල්ලා කාටවත් නරකක් කරන්නේ නෑ’ ඇය දැඩි විශ්වාසයෙන් පවසනුයේ ඒකය. ඒ විශ්වාසය ඇත්තේ දඹානේ කළුමැණිකා අම්මාට පමණක් නොවේ. අද වන විට රටේ විශාල පිරිසක් සිතන්නේ එහෙමය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මේ ආණ්ඩුවේ ප්‍රධානියා පත්වුණේ ජනතා ජන්දයෙන් නෙමෙයි රාජපක්ෂලාගේ කතිරෙන්! සජිත් ගලිගමුවට යයි! (VIDEO & PHOTOS)

Next Post

බයික් එකකින් ඇවිත් පන්නිපිටියේ ෆාමසියක් කොල්ල කයි! රුපියල් 50,000ක් අරන් ගිහින්!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.