• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය ඖෂධ සේවයේ කොමිස් කාක්කෝ… වැඩිම ලන්සුවට ඖෂධ ටෙන්ඩරය දුන් හැටි… රු. මිලියන 400ක පාඩුවකින් දුන් ඖෂධ ටෙන්ඩරය… ඉංග්‍රීසි පුවත්පත් ලිපියක් විස්තර හෙළිකරයි I Sri Lanka Latest News

August 14, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඖෂධ මිලදීගැනීම : සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ කොමිස් මුදලක් භුක්ති විඳීමට උපක්‍රම ආරම්භ කළ ආකාරය’ (Purchasing of Medicine: How Health Ministry Initiated Ploys to enjoy lofty commissions).(Sri Lanka Latest News)

කුමක්ද මේ සුවිශේෂ වගතුගක් හෙළිකෙරෙන කතාන්දරය? සෞඛ්‍ය අමාත්‍යාංශය යනුවෙන් මෙහි සඳහන්ව ඇත්තේ කුමන රටක් උදෙසා පැවසෙන වගතුගක්ද? එය වෙනත් කිසිදු දේශයක කතාවක් නොවේ. අපේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කතාන්දරයකි. අද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අසන්නට ලැබෙන්නේ අතිශය අනුවේදනීය කතාන්දර රැසකි. සෞඛ්‍ය ඇමැතිවරයාගේ සිට තවත් විවිධ අංශ ගණනාවක් පුරා මෙම මහා ශෝකාන්තය අසන්නට ලැබෙයි. දැන් එසේ නම් ඉහත ඔබට ලියා තැබූ සුවිශේෂ මාතෘකාව අපට අසන්නට ලැබුණේ කොතැනින්ද? අපට මෙම විශේෂිත වගතුග දකින්නට සහ කියවන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට ඉහතදී ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක් වූ ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළකෙරුණු ලිපියකිනි.

වත්මන් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා ඛේදාන්තයක් ගැන මෙම ගවේෂණාත්මක ලිපිය ලියා තිබුණේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන නිර්මලා කන්නන්ගර විසිනි. බොහෝ සත්‍ය ගවේෂණශීලී කරුණු රැසක් ඉදිරිපත් කර ඇති එම ලිපියෙහි සිංහල භාෂා පරිවර්තනයක් ඔබට ඉදිරිපත් කිරීමට අප අදහස් කළෙමු. ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය ගැන වූ එම ලිපියෙහි විවිධ මාතෘකා කිහිපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබිණි. මෙහිදී වඩාත්ම දැඩි අවධානයක් යොමුකර තිබුණේ වර්තමානයේදී සිදුවනු ලබන ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙනි. එය මෙලෙස අංශ කිහිපයකට අදාළව අර්ථකථනය කර තිබිණි. එය ගෙනහැර බලමු. මෙම ලිපිය සංක්ෂිප්ත කර ලියා ඇත.

★ NMRA (National Medicines Regulatory Authority – ජාතික ඖෂධ නියාමන අධිකාරිය) සමග සමාගම් ලියාපදිංචි කිරීම සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කැපීපෙනෙන අඩුපාඩු රැසක් ඇති බව සටහන් වෙයි.
★ ජාතික විගණනය ප්‍රකාශ කර ඇත්තේ NMRA විසින් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පනතේ දක්වා ඇති කොන්දේසිවලට පටහැනි බවයි.
★ වැඩිම ලංසුකරු සහ අඩුම ලංසුකරු අතර මුළු වෙනස දළ වශයෙන් මිලියන 400ක් විය.
★ ඇතැම් ඖෂධවල බෙදාහැරීමේ මිල පරීක්ෂා කිරීමේදී CIF මිලට වඩා 10 ගුණයකින් වැඩි බව ඇතැම් අවස්ථාවලදී නිරීක්ෂණය විය.
★ ඖෂධ ඉක්මනින් නිෂ්කාශනය කිරීම සඳහා NMRA
හි වේගවත් පද්ධතියක් සකස් කළ යුතුය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ වනවිට ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී විශාල දූෂණයක් සිදුව ඇති බවට චෝදනා එල්ලවී ඇත. මෙලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සාමාජිකයන් ඖෂධ මිලදී ගැනීමේදී දූෂණ ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වෙයි. මෙහිදී හදිසි මිලදී ගැනීම් ලබාගැනීමේ මුවාවෙන් මෙම ක්‍රියාවන් සිදුකර ඇත.

2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) පනතේ 109 වැනි වගන්තියට අනුව, අධිකාරියේ ලියාපදිංචි නොවී එමෙන්ම අධිකාරියෙන් නිසි බලපත්‍රයක් ලබාගැනීමෙන් තොරව කිසිදු ඖෂධයක් හෝ වෛද්‍ය උපකරණයක් හෝ නිෂ්පාදනය කිරීම සහ ආනයනය කිරීම නොකළ යුතුය. කෙසේ වෙතත් ජාතික අවශ්‍යතා සහ ජාතික ආරක්ෂාව සඳහා ජීවිතයක් බේරාගැනීම, බෝවන රෝග හෝ වසංගත රෝග හෝ පැතිරීම වැළැක්වීම වැනි විශේෂ අවස්ථා සඳහා පමණක් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමට අධිකාරියට බලතල පැවරී ඇත.

පනතේ නියම කර ඇති කොන්දේසි එසේ වුවද NMRA පිළිබඳ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද 2021 විගණන වාර්තාවට අනුව ඖෂධ වර්ග 67ක් සහ වෛද්‍ය උපකරණ වර්ග 140ක් ආනයනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) සහ පෞද්ගලික ආයතනවලට ලියාපදිංචිය සඳහා නිදහස් කිරීමේ ලිපි නිකුත් කර ඇති ආකාරය මෙහිදී හෙළිදරව් කරයි. ලියාපදිංචිය අවලංගු කිරීම සහ ලියාපදිංචි සැපයුම්කරුවන් නොමැතිකම යනාදිය නිසා එසේ සිදුවූ බවට කරන ලද ප්‍රකාශයන් සමග එවැනි තත්ත්වයන්ට යටත් නොවිණි. විගණන සොයාගැනීම්වලට ප්‍රතිචාර වශයෙන් NMRA පවසන්නේ ජාතික විගණනය විසින් කරන ලද නිරීක්ෂණයන්ට තමන් එකඟ නොවන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව පනතේ 109 වැනි වගන්තියට අනුව ජීවිතයක් බේරාගැනීමට හෝ වසංගත රෝගයක් පැතිරීම වැළැක්වීමට හෝ එවැනි විශේෂ අවස්ථාවලදී ලියාපදිංචිය අවලංගු කිරීම වැනි පියවර ගැනීම සිදුකර ඇත. ලියාපදිංචි සැපයුම්කරුවන් සිටීම, ඖෂධ ආනයනය නොකිරීම සහ ලියාපදිංචි වීමේ ප්‍රවණතාව අඩුවීම හේතුවෙන් රාජ්‍ය හා පෞදගලික අංශයේ ඖෂධ හිඟය ඇතිවීමෙන් මෙම අර්බුදකාරී තත්ත්වයන් උද්ගත වෙයි. කෙසේ වෙතත් ජාතික විගණනය ප්‍රකාශ කර ඇත්තේ NMRA අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පනතේ දක්වා ඇති කොන්දේසිවලට පටහැනි බවයි.

මේ වන විට රට තුළ වසංගත හෝ හදිසි තත්ත්වයක් නොමැති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි මිලදී ගැනීම් තවදුරටත් සිදුකරන්නේ ඇයිදැයි ප්‍රශ්න මතුවී තිබේ. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් විසින් චෝදනා කරන්නේ කොමිස් මුදල් ලබාගැනීම සඳහා මෙම හදිසි මිලදී ගැනීම් සිදුකරන බවයි. මෙලෙස නිසි ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර, හදිසි මිලදී ගැනීම් සිදුකර ඇති ආකාරය අවධාරණය කළ හැකි බොහෝ අවස්ථා දක්නට හැකිය.

නිර්නාමිකව සිටීමට කැමැති අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව මේ පිළිබඳ බොහෝ කරුණු හෙළිවෙයි. ‘හදිසි මිලදී ගැනීම් කාණ්ඩය යටතේ පවතින ඖෂධ මිලදී ගන්නේ ඇයිදැයි විමසන විට අපට පවසන්නේ, ටෙන්ඩරයක් ඉදිරිපත් කළහොත් අවශ්‍ය තොග රටට ගෙන්වා ගැනීම සඳහා මාස 10කට වැඩි කාලයක් ගතවන බවත්, ඒ නිසා හදිසි තත්ත්වයක් ඇතිවූ බවත්ය’ යනුවෙන් එම ආරංචි මාර්ග අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ස්ථාවරය එබඳු වුවත් ප්‍රතිජීවකයක් ලෙස භාවිත කරන Cefuroxime Sodium Injection ඖෂධය මිලදී ගැනීම සඳහා 2022 දී පාවෙන ටෙන්ඩරය කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කළ ආකාරය සනාථ කිරීමට අදාළ නිල ලේඛන මෙම පුවත්පත (ඩේලි මිරර්) සතුව ඇත.

අඩුම ලංසුකරුට ටෙන්ඩරය පිරිනැමීමට මුදල් අමාත්‍යාංශය නියෝග කළද කැබිනට් අමාත්‍යවරු වැඩිම ලංසුකරුවාට කැමැත්ත පළ කළහ. වැඩිම ලංසුකරු සහ අඩුම ලංසුකරු අතර මුළු වෙනස ආසන්න වශයෙන් රුපියල් මිලියන 400ක් වූ නමුත් මෙම ටෙන්ඩරය අවලංගු කිරීමෙන් තවත් හදිසි මිලදී ගැනීමක් සිදුකර ඇති අතර, ටෙන්ඩරය සමාගම් දෙකකට ලබාදී ඇත. අවලංගු කරන ලද ටෙන්ඩරයේ අඩුම ලංසුකරුට එම කොන්ත්‍රාත්තුව ලබා නොදීමෙන් රටට සිදුවූ මුළු පාඩුව දළ වශයෙන් රුපියල් මිලියන 1,200කි.

‘රට දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවක බදු ගෙවන්නන් මත බර පටවමින් රුපියල් මිලියන 1,200කට වැඩි වියදමකින් එක් නිෂ්පාදනයක් මිලදී ගැනීම සාධාරණද?’ මූලාශ්‍ර විසින් විමසා ඇත.

ඉහත අදාළ සමාගම 2018 වසරේ සිට එම ඖෂධයේ කුප්පි මිලියන 5.5කට වඩා ලබාදී ඇති අතර,SPC විසින් පිළිගනු ලබන පිළිගත් රසායනාගාර මගින් අදාළ සාම්පල පරීක්ෂා කර ඇත. මේ සියලු රසායනාගාර මෙම ඖෂධයේ ගුණාත්මක බව අනුමත කර ඇත. ඖෂධ නිෂ්පාදනයක් අසාර්ථක වන්නේ නිෂ්පාදන දෝෂ නිසා පමණක් නොව, දුර්වල ලෙස හැසිරවීම, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ද නිසා බව ක්ෂේත්‍රයේ දන්නා සාමාන්‍ය කරුණකි. NMRA ලියාපදිංචිය එම සමාගමට නොතිබුණද එම ඖෂධයේ කුප්පි 90,000ක් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේ ජූලි මාසයේදී ටෙන්ඩරයක් එම සමාගමට ලබාදුන්නේ ඇයි යන පැනය මේ වන විට ඉතා තදබල අයුරින් මතුව ඇත.

මෙම ප්‍රසම්පාදනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් ස්ථාවරයක් අනුගමනය කළේ ඇයි? මේ සියල්ල නිලධාරීන්ට පොරොන්දු වූ කොමිස් මුදල් නිසා යැයි අපි විශ්වාස කරමු යැයි ඉහත ආරංචි මාර්ග චෝදනා කර සිටියේය. මෙහිදී මුදල් ඇමැතිවරයාගේ යෝජනා නොසලකා ඇති ආකාරයක්ද පෙනෙන්නට ඇත. 2023 මැයි 05 වැනිදා මුදල් අමාත්‍යවරයා විසින් අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුට මාස 03ක කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලෙස නිරීක්ෂණය කළද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මැයි 08 දිනැති කැබිනට් පත්‍රිකාව මගින් කරන ලද ඉල්ලීමට අනුව අමාත්‍ය මණ්ඩලය 2023 මුදල් අමාත්‍යවරයාගේ යෝජනාව පිළිනොගත් අතර, මෙම ටෙන්ඩරය අවලංගු කර නැවුම් ලංසු කැඳවීමට තීරණය කළේය.

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඩුම සහ ඉහළම ලංසු අතර මිල වෙනස සැලකිල්ලට ගනිමින් සිය නිරීක්ෂණය සිදුකළේය. මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් කර ඇත්තේ වෙබ් අඩවියේ සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ලියාපදිංචිය සම්බන්ධයෙන් කටයුතු කරන NMRA වාර්තා මත බවයි. එබැවින් නිර්දේශ කරන ලද ලංසුකරුට NMRA ලියාපදිංචියක් නොමැති අතර, ප්‍රතිචාරාත්මක ලංසුකරු ලෙසද සැලකිය නොහැක.

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව (DPC) තාක්ෂණික අගැයීම් කමිටුව (TEC) ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PBA) සහ අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව (MPC) විසින් තෝරා ගන්නා ලද ලංසුකරුට කුප්පියකට ඇමෙරිකානු ඩොලර් 0.251ක් නියම කර ඇති අතර, කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කරන ලද ලංසුකරුට කුප්පියට ඇමෙරිකානු ඩොලර් 0.760ක් මිල නියම කෙරී ඇත. ලංසුකරුවන් දෙදෙනාගේ මිල වෙනස කුප්පියට ඇමෙරිකානු ඩොලර් 0.509ක් විය. කුප්පි මිලියන 2.5ක මුළු මිල වෙනස ඇමෙරිකානු ඩොලර් 1,272,500ක් වන අතර, එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 600කි.

මෙම අර්බුදයට මැදිවුණු Cefuroxime Sodium කුප්පි මිලියන 2.5ක් සැපයීමට අදාළ වූ ටෙන්ඩර් අංකය – 2022/SPC/E/R/P/00035-DHS/P/WW/18/23 ලෙස දැක්වෙයි.

මෙහිදී අඩුම ලංසුකරු ලෙස M/S Swiss Parenterals Ltd, India සහ වැඩිම ලංසුකරු ලෙස M/S Eureka Life Sciences, Singapore සමාගම් සඳහන් කර ඇත. Swiss Parenterals Ltd සමාගම 2018 සිට රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත මෙම ඖෂධය සපයා ඇති අතර, එහි නිෂ්පාදන ස්ථානය සඳහා යුරෝපීය GMP (EUGMP) ප්‍රතීතනයද ඇත. ‘මෙම EUGMP සහතිකය ගෝලීය වශයෙන් පිළිගෙන ඇති අතර, එය දේශීය NMRAට වඩා ඉහළ මට්ටමේ නියාමන ආයතනයකි’ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටියේය.

2023 ජනවාරි 27 වැනි දින ලංසුකරුවන් දෙදෙනා අතර ඇති මිල වෙනස සැලකිල්ලට ගනිමින් අඩුම ලංසු තබා ඇති Swiss Parenterals වෙත ප්‍රසම්පාදනය පිරිනැමීමට තීරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා MPC තීරණය අනුමත නොකළ අතර, අඩුම ලංසුකරු ගැන ප්‍රතිචාර නොදක්වා සිටියේය. කෙසේ වෙතත් 2023 පෙබරවාරි 12 වැනි දින SCAPC රැස්වීමේදී වැඩිම ලංසුව ඉදිරිපත් කළ සිංගප්ූරුවේ Eureka Life Sciences වෙත කුප්පියකට ඇමෙරිකානු ඩොලර් 0.760 බැගින් පිරිනැමීමට තීරණය කරන ලදී.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලෝක සැපයුම් මාර්ගවලින් ඉන්දියාව, චීනය පරදවයි!

Next Post

ඉන්දියාව රුපියල ශක්තිමත් කරයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.