• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුවන්කන්දෙන් බැසගිය හන්තානට පෑයූ සඳ…

September 1, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
උතුවන්කන්දෙන් බැසගිය හන්තානට පෑයූ සඳ…
Share on WhatsAppShare on Facebook

උතුවන්කන්ද ගැන අහපු නැති කෙනෙක් ලංකාවේ නැති තරම්. ඒ වටා ගෙතුණු ඉතිහාස කතාව නිසාමයි ඒ ස්ථානය විශේෂ වන්නේ. උතුවන්කන්ද ප්‍රසිද්ධියට පත්වුණේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී අප රට පාලනය කළ සමයේදී උතුවන්කන්ද සිය බළකොටුව කරගෙන ජීවත්වුණු සූර සරදියෙල් නිසයි. ඇත්තෙන්ම සූර සරදියෙල් කියන්නේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි ජනතාව වෙනුවෙන් නොබියව සටන් කළ වීරයෙක්. සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් වගේම ධන කුවේරයන්ගෙන් මුදල් මංකොල්ල කා දුප්පතුන් අතරේ බෙදාදීම සරදියෙල් සිදුකළා. ඒ නිසාම සරදියෙල්ව හැඳින්වූයේ ලංකාවේ රොබින්හුඩ් විදියටයි. හැබැයි පසුකාලයකදී ඔහුව අත්අඩංගුවට අරන් මරණ දණ්ඩනය ලබාදෙනු ලැබුවා. එකල අපේ රටේ ආන්දෝලනාත්මක පුවත් මැවූ චරිතයක් වූ සූර සරදියෙල් තම බළකොටුව ලෙස භාවිත කළ උතුවන්කන්ද අපේ රටේ බොහෝ ප්‍රසිද්ධියක් උසුලනවා. මේ කන්ද තරණය කරන්නටත් තරුණ පිරිස් වගේම විවිධ පර්යේෂණවල නිරත වන පුද්ගලයනුත් නිතරම පාහේ උතුවන්කන්දට පැමිණෙනවා. මේ කන්ද පිහිටා තිබෙන්නේ මහනුවර සිට මාවනැල්ල දක්වා පැමිණ කිලෝමීටර 2ක් ඇතුළට එන විට උතුවන මංසන්ධිය ආසන්නයේ.

උතුවන්කන්ද බඹර වදවලින්, කූඩැල්ලන්ගෙන් වගේම විවිධ බාධකවලින් වගේම විවිධ වන සතුන්ගෙන් ගහනවූ ඝන වනන්තරයක පිහිටා තිබෙනවා. මේ කන්දට පිවිසෙන මාර්ගය අවදානම් සහිතයි. පර්වතයේ එක් කොනක මහා ප්‍රපාතයක් දැකගත හැකියි. එහි මුදුනට නැගීම ඉතා දුෂ්කර කටයුත්තක්. කඳු මුදුන මැද ඇති ගල්ගුහාව එකල සූර සරදියෙල් සැඟව සිටි ස්ථානය බවට සැලකෙනවා. කන්ද පාමුල රබර් වගාකර ඇතත් ඉහළට යන්න යන්නට ඇත්තේ මානා ගස්වලින් වැසීගිය වන වැස්මක්.

සරදියෙල් ගල ලෙසටත් හැඳින්වෙන උතුවන්කන්ද මුදුනට නැග්ග විට අවට සුන්දරත්වය මනාව රසවිඳිය හැකියි. එක් අතකින් පින්නවල අලි අනාථාගාරයද ශ්‍රිී දළදා මාලිගාවද, තවත් පසෙකින් පේරාදෙණිය මල්වත්තද, තවත් පැත්තකින් උඩවත්ත වනාන්තරයද මනාව දැකගත හැකියි.

උතුවන්කන්ද මුදුනේ සිට පරිසරයේ සුන්දරත්වය රිසි සේ විඳගත හැකි වුණත් මේ කන්ද ඇසුරු කරගෙන සරදියෙල් ගෙවූ ජීවිතය නම් සුන්දර වූවක් නොවෙයි. ඒ උතුවන්කන්දේ දුක්බර කතාවට තවත් දුක්බර කතාවක් එක්කරමින් පසුගිය 21 වැනිදා මේ ඓතිහාසික කන්ද තරණය කිරීමට ගිය පේරාදෙණිය සරසවියේ සිසුවියකට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණා. ඒ, ඇය පර්වතය මුදුනට නැගීමට උත්සාහ දැරීමේදී ඉන් ඇදවැටීම නිසයි. එදින දහවල් 12ට පමණ ඇය සරදියෙල් ගල තරණය කරමින් සිටියදී දිරාගිය කොළ ගොඩකට පය තැබීමේදී ලිස්සා යාම නිසා අඩි 300ක පමණ ප්‍රපාතයකට ඇද වැටී සිටි බවයි මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ලසන්ත කළුආරච්චි මහතා සඳහන් කළේ.

එලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණේ පේරාදෙණිය සරසවියේ 2014 කණ්ඩායමේ සාමාජිකාවක් සේම, පේරාදෙණිය සරසවියේ පශ්චාත් උපාධි ආයතනයේ තාවකාලික සේවයේ යෙදී සිටි 27 හැවිරිදි කථිකාචාර්යවරියක්. ඇල්පිටිය මගුරුකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය නමින් විරශ්මි කොඩිතුවක්කුය. විරශ්මි පාසල් අධ්‍යාපන ලබා තිබුණේ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන්. ‘මැක්ස්’ යන ආදරණීය නමින් ඇයව සරසවියේ මිතුරන් හඳුන්වා තිබුණා.

අධ්‍යයන කටයුත්තක් සඳහා උතුවන්කන්ද තරණය කිරීමට විරශ්මි ගොස් තිබුණේ පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ ‘එක්ස් ෆ්ලෝරා ක්ලබ්’ නමැති සංගමයේ සිසුන් 59 දෙනකුද සමගයි. එදින උදෑසන 10ට පමණ සරදියෙල් කන්ද පාමුලට ළඟා වී ඇති පිරිස ඉන් පසු උතුවන්කන්ද තරණය කිරීම ආරම්භ කරන්නට වුණා. විරශ්මිගේ අතේ පටලවල ආබාධයක් නිසා මඳ දුරක් කන්ද තරණය කරද්දී ඇය විවේක ගැනීමට නතර වී තිබෙනවා. ඒ අතර සෙසු පිරිස කන්ද තරණය කර තිබුණේ කඹයක් ආධාරයෙන්. මේ අතර තම මිතුරන් උතුවන්කන්ද තරණය කරද්ද විරශ්මිද කඳු මුදුනට යෑමට සිතා වෙනත් මාර්ගයක් ඔස්සේ ඉහළට නඟින්නට වුණා. ඒත් ඇයට කඳු මුදුනට නැග ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඇය පා තැබූ තැන දිරාගිය කොළ රොඩු ගොඩක් තිබී ඇති අතර, ඒ සමගම සමබරතාව බිඳී ගිය විරශ්ම එක් වරම අඩි 300ක් පමණ ගැඹුරු ප්‍රපාතයට ඇදවැටුණේ අනපේක්ෂිත අයුරින්. මේ සිදුවීම දුටු ඇයගේ කණ්ඩායමේ සාමාජිකයන් විරශ්මිව වහාම මාවනැල්ල රෝහලට ඇතුළත් කරන්නට කටයුතු කළා. එහෙත් ඇගේ සියලු බලාපොරොත්තු බොඳකරමින් දෛවය ඇගේ ජීවිතයම වෙනස් කළේ විනාඩි ගණනක් ගතවන්නටත් මත්තෙන්. ඇයව මාවනැල්ල රෝහලට ගෙන ගියත් ඒ වන විටත් ඇය ජීවිතයෙන් සමුගෙන තිබුණා.

මේ කනගාටුදායක සිදුවීමෙන් පසුව පේරාදෙණිය සරසවියේ ඇගේ මිතුරකු වූ නිමේෂ් නිරංජන් ඇය ගැන සිය ෆේස්බුක් පිටුවේ මෙවන් දුක්මුසු සටහනක් තබා තිබුණා.

‘මට විරශ්මි කොඩිතුවක්කු කියන නම මතකයට එන්නේම නැති තරම්. ඒ ඇයට අපි ආදරේට කියන්නේ ‘මැක්කි’ කියලා නිසා. එහෙම නැත්නම් ‘මැක්ස්’ කියලා. ඇය මට හමුවුණ් රොබරෝසියා මතකයෙන්. අපේ සරසවියේ අක්කා කෙනෙක් නුවර ස්ටේෂන් එකේදී නායයාම නිසා මියගියා. මේ පුවත අපේ සරසවියේ හැමෝගේම හදවත් සසල කළා. ඒ නායයෑම්වලට විසඳුම් සොයන්න අපේ සරසවියේ සංගමයක් පිහිටුවා ගත්තා. පීඨ 09ක ශිෂ්‍යයන් එක තැනකට එකතුවෙලයි එම සංගමය පිහිටුවා ගත්තේ. රොබරෝසියා society නමින් ඒ සංගමය නම් කළා. ඇය ඒ සංගමයට අප්‍රමාණ සේවයක් කළා. ඇය ඒ සංගමයේ උප සභාපති ධුරයටත් පත්වුණා. ඇය කඳු නගින්නන්ගේ සංගමයේ විවිධ නිලතල දැරුවා. ඇය ඒ සියලු කටයුතුවලින් ජීවිතය වින්දා. නිදහසේ සතුටින් වින්දා. ඇය අනෙකුත් තරුණ තරුණියන්ට ආදර්ශයක් දී හන්තානෙන් පායලා උතුවන්කන්දෙන් බැස ගියා….’

මේ තරුණියට ජීවිතයේ මහමෙරක් තරම් බලාපොරොත්තු තිබෙන්නට ඇති. ඇය මේ කඳු තරණය කළ පළමු වතාවද නොවේ. ඇය දිය ඇලි කඳුවලට සේම පරිසරයට මහත් සේ ආදරය කළ තරුණියක්. විරශ්මි මේ වසරේ විවාහ වීමේ අපේක්ෂාවෙනුයි සිට ඇත්තේ. ජීවිතයේ තව බොහෝ දුරක් ඇයට යන්නට තිබුණා. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල සුනු විසුනු වී ගියා. ඇය පේරාදෙණි සරසවිය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගන්නට ඇත්තේ ඇගේ පරිසරහිතකාමී බව නිසාම වන්නටත් ඇති. නමුත් ඇගේ දෛවය මේ සියල්ලම වෙනස් කළා.

ආදරණීය විරශ්මි,
යාළු මිත්‍රාදීන් ඥාතීන් මවුපියන් පමණක් නොව උතුවන්කන්දත් ඔයාගේ නික්ම යාම වෙනුවෙන් සදා කම්පාවනු ඇත. ඔයා සොබාදහමට ඇති තරම් ආදරය කළා. ඒ නිසාම වන්නට ඇති ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කළේ. හන්තානෙන් පැයූ සඳ උතුවන්කන්දෙන් බැස ගියා. මැක්කි, අපි ඔයාට හැමදාමත් ආදරෙයි. සුබ ගමන්… පරිස්සමට ගිහින් එන්න…



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පාතාලයේ කනත්ත ගාල්ල බවට පත් වෙයි! මාස 3ට මිනීමැරුම් 15යි!

Next Post

මුදල් විශුද්ධිකරණ නඩුවේදී ජැකලීන්ට දුන් වැලිගම සුපිරි ගෙයක් ‌ගැනත් ඉන්දීය අධිකරණයේදී එළියට එයි!

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.