• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මිරිහානේ ගෝඨා බය නැති කළ-අනුරාධපුරේදි ඥානක්කට බය නැතිව චැලෙන්ජ් කළ-යාපනයේදි අරුන්ට කනට ගහපු කරළියට පෑයූ යකඩ ගැහැනිය!

April 16, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
හිරුණිකාගෙන් යාපනයේදීත් විරෝධතාවක්! මැද්දට පැන්න අරුන් සිද්ධාර්ථන්ට ගෑනු වටකරගෙන ගහයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජේ.ආර්. ජයවර්ධනගෙ ආණ්ඩු කාලෙ මැයි දිනය තහනම් දිනයක් බවට ප්‍රකාශයට පත් කළ විට එයට අභියෝග කරන්න එවක ලංකාවෙ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බය විය. නමුත් ඒ වෙලාවෙ එම තහනමට අභියෝග කරන්න ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ජනකාන්ත නළු විජය කුමාරතුංග ඉදිරිපත් විය. විජය කුමාරතුංගගේ මේ රැඩිකල් නායකත්වයට හයියක් වූ සගයන් බොහෝ දෙනකු විය. ඔවුහු විජයව දෙවියකු සේ ඇදහූ අය වෙති. එදා ජේ.ආර්.ගේ ආණ්ඩුව මැරෙන්න වෙඩි තිබ්බත් ජීවිතේ පූජා කරන්න ලෑස්ති වී මැයි දින තහනම කඩන්න ගිය විජයගේ පසුපස ගිය එක් ප්‍රධාන සටන් සගයකු වූයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට මේ සටන්කාමීත්වය ආවේ වාමාංශික පක්ෂවලින් ලද පන්නරයෙනි. එදා විජයගේ සටන කොතැනද භාරත ලක්ෂ්මන් එතැන සිටියේය.

1987 ඉන්දු ලංකා ගිවිසුමට සහාය දක්වන්න විජය තීරණය කළ විට ජනතා විමුක්ති පෙරමුණ ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වන හැමෝටම එරෙහිව මරණ වරෙන්තුව ලිව්වේය. විජයටත්, විජයගේ පක්ෂයටත් ඒ මරණ වරෙන්තුව ලැබිණි. නමුත් විජය ඊට බිය නොවීය. එයට හේතුව එම මරණ වරෙන්තුවට බිය නැති සගයන් පිරිසක් විජය සමග සිටි නිසාය. ඒ මොහොතේ තම ජීවිතයත් නොතකා විජයගේ ජීවිත ආරක්ෂා කළ ප්‍රධාන සටන් සගයකු වූයේ භාරත ලක්ෂ්මන්ය. විජය ඝාතනයෙන් පසු භාරත ලක්ෂ්මන්ලා සටන අතහැරියේ නැත. විජය ධජය රැගෙන භාරත ලක්ෂ්මන්, විජයගේ බිරිය වූ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ශ්‍රීලනිපයට එක්විය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රලා මහින්ද රාජපක්ෂට සමීප වූයේ ඒ වෙනකොට ශ්‍රීලනිපයේ සිටි සටන්කාමී නායකයා මහින්ද රාජපක්ෂ වූ නිසාය.

චන්ද්‍රිකාගේ ආණ්ඩුව භාරත ලක්ෂ්මන්ලාට ඇල්ලුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ විප්ලවකාරී ආණ්ඩුවකි. මේ නිසා භාරත ලක්ෂ්මන්ලා ආණ්ඩුව තුළ විප්ලවවාදී චරිතයක් රඟපෑ මහින්දට සෙට් විය. 2005 ජනාධිපතිවරණය දිනන්න මහින්දට කොටන් ඇද්දේ භාරත ලක්ෂ්මන්ය. එදා මහින්දට පෝස්ටරයක ගහන්න ශ්‍රීලනිපයේ කිසිවකු ඉදිරිපත් නොවූ වෙලාවක භාරත ලක්ෂ්මන් මුළු කොළඹම මහින්දගේ පෝස්ටර්වලින් වැහුවේය. මහින්ද ජනාධිපති විය. වැඩි කල් ගියේ නැත. යූ.ඇන්.පී.යෙන් ආ දුමින්ද සිල්වා මහින්දට ලොකු විය. භාරත ලක්ෂ්මන් පුංචි විය. 2011 කොලොන්නාවේ පැවැති පුංචි ඡන්දය යුද බිමක් වූයේ ඒ නිසාය. ඒ යුද බිමේදී භාරත ලක්ෂ්මන් ඝාතනය විය. රාජපක්ෂලාට එරෙහි පළමු කැරැල්ල පැළවෙන්නේ භාරතගේ සොහොන මතින්ය. ඒ වෙලාවේ රාජපක්ෂවරු දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටිද්දී ශ්‍රීලනිපයේ මහ ලේකම් මෛත්‍රිපාල ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පෙනී සිටියේ භාරත ලක්ෂ්මන් වෙනුවෙනි. ඔවුන් එලෙස භාරත වෙනුවෙන් පෙනී සිටියේ විජයගෙන් භාරත ගත් ධජය, භාරතගේ දුව හිරුණිකා සියතට ගෙන සිටි නිසාය. ඇය කරළියට ආවේ ඇගේ පියාගේ මිනීමරුවන්ට දඬුවම් දෙන්න ලේවලින් දිවුරලාය.

ඒ වෙලාවේ විදේශ රටක අධ්‍යාපනය ලබා පැමිණි දේශපාලනඥයකුගේ දුවෙකු ලෙස හැමෝම ඇය දෙස බලන විට ඇයත් පෙන්නුවේ ඒ චරිතයය. ඒත් තමා පියාගේ මිනීමරුවන්ට දඬුවම් දෙන්න වෙලාව එන තෙක් බලා සිටින දිරිය දියණියක් බව ඇය පෙන්නුවේ නැත. භාරත ලක්ෂ්මන්ගේ ඝාතනයෙන් මතුවූ තේ කෝප්පයේ කුණාටුව සුළි කනාටුවක් වූයේ 2015ය. ඒ, මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමත් සමගය. ඒ වෙලාවෙ මෛත්‍රිපාල සමග එක්වීමට මැති ඇමැතිවරු කණ්ඩායමක් සිටින බව විපක්ෂයේ මන්ත්‍රීවරු උද්දාමයෙන් කීහ. ඒත් ඔවුන් කී තරමට මැති ඇමැතිවරු ආණ්ඩුවෙන් එළියට ආවේ නැත. ඒ වෙනුවට එජාප මහලේකම්වරයා ආණ්ඩුවට එක්විය. ඒ වෙලාවෙ මෛත්‍රිපාල සිරිසේනත්, මෛත්‍රිපාලගේ කැම්පේන් එකත්, පොදු විපක්ෂයත් හිටියේ හතරගාතෙන් වැටිලාය. ආණ්ඩුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වත් එළියට ගත නොහැකි තැනකට විපක්ෂය වැටී තිබිණි. තමා දිරිය දියණියක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ලංකාවටම පෙන්නුවේ ඒ වෙලාවේය. ඇය මෛත්‍රිපාල දිනවන්න ආණ්ඩුවෙන් එළියට ආවේය. එජාප මහලේකම්ගේ පක්ෂ මාරුවෙන් ආපස්සට ගිය ආණ්ඩු විරෝධී රැල්ල රාජපක්ෂවරුන්ට එරෙහි මහා කුනාටුවක් බවට පත්වුණේ හිරුණිකාගේ තීරණයෙනි. මෛත්‍රිපාල දින්නත් මෛත්‍රි රනිල් ආණ්ඩුව හිරුණිකාට ඇය කළ පරිත්‍යාගයට සාධාරණයක් ඉටු කළේ නැත. ඇයට වැඩ කරන්න රාජ්‍ය ඇමැති ධුරයක්වත් දුන්නේ නැත. නමුත් ඇය ඇමැතිකම් ඉල්ලුවේ නැත. ඇය තම පියාගේ මිනීමරුවන්ට දඬුවම් දීම ජනාධිපතිකමටත් වඩා උතුම් යැයි සිතුවාය. දුමින්ද සිල්වා හිරේට නියම විය. ඇය සැනසුම් සුසුම් හෙලුවාය. ඇගේ සටන ඇය ජය ගත්තාය. නමුත් ආණ්ඩුවේ වැරැදි නිසා මෛත්‍රි රනිල් ආණ්ඩුවට එරෙහි මහජන සුනාමියට ඇයත් හසුවූවාය.

2020 මහ මැතිවරණයෙන් ඇය පරාජයට පත්වූවාය. නමුත් ඇය ඒ වෙලාවේ ඇගේ පියා ගිය මඟ යමින් නිවැරැදි දේශපාලන තීන්දුවක් ගෙන තිබිණි. ඒ, සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට එකතු වන්නටය. සමගි ජන බලවේගයේ ඇයට පක්ෂයේ කාන්තා බළකායේ නායකත්වය ලබාදෙනු ලැබීය. ලංකාව ලොව ප්‍රථම අගමැතිනියත්, ජනාධිපතිවරියකුත් බිහි කළ රටක් වුවත් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දේශපාලන පක්ෂවල කාන්තා පෙරමුණුවලට නිසි තැනක් හිමිවී නැත. ඒ, කාන්තා පෙරමුණුවලින් කාන්තා නායකත්වයක් මතුවීද නැත. ලංකාවේ දේශපාලන පක්ෂවල කාන්තා පෙරමුණු ඉතිහාසයේ කාන්තා පෙරමුණක් විප්ලවීය තැනකට ගෙන ඒමේ භාරදූර වගකීම භාර ගත්තේ භාරතගේ දියණිය වූ හිරුණිකාය. ඇය ඒ සටනට නායකත්වය දෙන විට භාරත ලක්ෂ්මන්ගේ ඝාතනයට වරදකරු වූ දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලැබ නිදහස ලබා එළියට ආවේය. ඇය එයින් සැලුණේ නැත. ඇය සමගි ජන බලවේගයෙන් තමන්ට ලැබුණු කාන්තා නායකත්වය යළිත් රාජපක්ෂවරුන්ට එරෙහි සුනාමියක් බවට පත්කරන්න වැඩේ කළාය 2019 ජනාධිපති වූ පසු ගෝඨාභය රාජපක්ෂගේ නිවෙසට බල්ලෙක්වත් යන්න බය විය. ඒ, මිරිහානෙ ගේ වටලන්න පළමු තීන්දුව ගත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. ඇය එම තීන්දුව ගන්නා විට හැමෝගෙම ඇස් උඩ ගියේය. නමුත් ඇය එහි වගකීම සමගි ජනබලවේගයේ කාන්තා බළකාය වෙනුවෙන් භාරගත්තාය. ඇය මිරිහානට ගොස් ඒ ගේ ඉදිරිපිට මහා විරෝධතාවක් දියත් කළාය. හිරුණිකා ගෝඨාගේ මිරිහාන නිවෙස වටලන බව ගෝඨා දැන සිටියේත් නැත. ඒත් ඇය ගෝඨාගේ මිරිහානේ නිවෙස වටලා ලංකාවටම පණිවුඩයක් දුන්නේය. ඒ බය වෙන්න එපා කියන පණිවුඩයය. මිරිහානේ නිවෙස වට කළ පාපයට ඇයට කුණු බිත්තර ප්‍රහාරයකට ලක්වෙන්න සිදුවිය. ඇයගේ නිවෙස වටකොට රාජපක්ෂවාදීන් කුණු බිත්තර, ගල් ප්‍රහාර එල්ල කළහ. එදා මිරිහානේ ගෝඨාභයගේ ගෙට විතරක් නොව හිරුණිකා අනුරාධපුරය හොල්ලාගෙන සිටින ඥානා අක්කාගේ දේවාලය ඉදිරියටද බය නැතිව ගියාය. එපමණක් නොව යාපනයට ගිහින් තමන්ට අභියෝග කරන්න ආ අරුන් සිද්ධාර්ථන්ගේ කනට ගැසීමටද හිරුණිකා කටයුතු කළාය. එදා රාජපක්ෂවාදීන් එල්ල කළ ගල් වෙනුවට අද ඇයට ලැබෙන්නේ මල්ය. හේතුව මේ සටනේ පෙරගමන්කාරිය ඇයය.

සුරනිමල

SendShareShare
Previous Post

බෙහෙත් නැතිව උපකරණ නැතිව අහිංසක මිනිස්සු දුක් විඳින අම්පාරේ දුෂ්කර රෝහලකට උපකරණත් අරන් සජිත් යයි! මට මේවා කරනකොට බනිනවා! ඒත් මම නවත්වන්නේ නෑ! (VIDEO & PHOTOS)

Next Post

සාමකාමී විරෝධතාව මර්දනයට ලෑස්ති වුණොත් ආණ්ඩුවට බරපතළ ප්‍රශ්න ඇතිවෙයි! නීතීඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.