• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස එදුරු නොවෙයි කළකම් පලදෙවා මිස… ගෝඨාට මෙහෙම වෙන්නෙ ඇයි?

August 23, 2022
in Exclusive, News
Reading Time: 8 mins read
A A
නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස එදුරු නොවෙයි කළකම් පලදෙවා මිස… ගෝඨාට මෙහෙම වෙන්නෙ ඇයි?
Share on WhatsAppShare on Facebook

මා කුඩා කල නවසිය පනස් ගණන්වලදී තරමේ (1954) දවසක මහ රාත්‍රියේ මිදුලේ සිටියදී අහසේ ඉතා ඉහළින් එක් පැත්තක සිට අනෙක් පැත්තට (මට පසු කලෙක අවබෝධ කරගත හැකි වූ අන්දමට උතුරේ සිට දකුණට) ඊගහේ (හීසැරය) වේගයෙන් තදබල ආලෝක ධාරාවක් විහිදුවමින් “කෙසෙල් මුවයක්” වැනි යමක් පෙනී ඇසිපිය ගහන්නටත් පෙරම අතුරුදන්ව ගියේය.

මට අදහාගත නුහුණු අන්දමට එසේ පියාඹා ගිය දේ කුමක්දැයි මගේ සීයාගෙන් විමසුවෙමි. ඒ “රාම සැරයක්” බව ඔහු කියා දුන්නේය. සීයා කී විස්තරය අනුව රාම රාවණා යුද්ධයේදී රාමා විසින් රාවණාට එල්ල කරන ලද ඊ (ඊතල) තවමත් අහසේ සැරිසරණ බවද, මා දැක ඇත්තේ එවන් රාම සැරයක් බවද ඔහුගෙන් කියැවිණි.

මගේ වයස අවුරුදු පහළොව දාසය වන විට පොත්පත් කියවා ලද අත්දැකීමෙන් ඒවා “පියාඹන පීරිසි” වැනි ග්‍රහ වස්තූන් බව අවබෝධ කර ගත්තෙමි. මා පියාඹන වස්තූන් ගැන යමක් අවබෝධ කරගත් සමයේම දැනගත් තවත් වචනයකි. “පිරමීඩ්” (Pyramid) ඒවා ඊජිප්තුවේ දැනට වසර තුන් හාර දහසකට (3000-4000) පෙර විසූ “පාරාවෝ” රජ පවුල්වලට අයත් සොහොන් කොත් බව වැඩි විස්තර වශයෙන් පසුව දැනගත්තෙමි.

රාම සැර ගුවනේ සැරීමට සහ පිරමීඩ් ඉදිකිරීමට පමණක් නොව ලොව පවත්නා සෑම සියලු දේකටම හේතුවක් ඇති බවද, ඒ හේතුව නිසා කිසියම් පලයක් ඇතිවන බවද Every action has a reaction විද්වතුන්ගේ ප්‍රකාශය වැඩිදුර අධ්‍යාපනය ලබද්දී අවබෝධ කරගත්තෙමි.

පියාඹන පීරිසි සහ පිරමීඩ් යන දේවල් මුල් කාලයේ වචනවලට පමණක් සීමාව තිබුණද ලෝකය යම් යම් දේ අනාවරණ කරගනිමින් දැනුමෙන් තවතවත් ඉදිරියට ඇදෙද්දී පියාඹන පීරිසි සහ පිරමීඩ්වලට ඈඳුණු විස්තර මහා සාගරයක් බඳු ගුප්ත විද්‍යා බවට විද්‍යාඥයන් ගවේෂකයන් විසින් පසක් (ප්‍රත්‍යක්‍ෂ) කරගනු ලැබ ඇති බවද තේරුම් ගත්තෙමි. එවිට පිරමීඩ් ලෙස හඳුන්වනු ලබන ගොඩනැගිලිවලට සම්බන්ධ විෂය පථයක් ඇති බවද පැහැදිලිව තිබුණේය. ඒ මුල් සමයේය. පසු කලෙක ඒ විෂය ධාරාව 1960 දී තරම පිරමීඩ් විද්‍යාවpyramidlogy ලෙසින් විශ්වවිද්‍යාලවල උපාධි සඳහා විෂයයක් වශයෙන් හදාරන්නක් බවද පතළ වූවේය.

රාමසැර වශයෙන් අපේ අත්තලා මුත්තලා දුටු පියාඹන පීරිස පිළිබඳ කොපමණ පර්යේෂණ පැවැත්වුවත් මේ දක්වා එහි අන්තයක් (කෙළවරක්) තබා නිවැරදි විස්තරයක් දැකගැනීමට පවා සූකර (අමාරු)ය. ඒවා නම්කර ඇත්තේද හඳුනා නොගත් පියාඹන වස්තූන් Unidentified Flying Objects (U.F.O) වශයෙනි. ඒ නිසා ඒ විෂය පිළිබඳ කෝටි ගණන් වියදම් කරමින් තවමත් විස්තර සොයයි.

පියාඹන පීරිසි සේ හඳුන්වාදෙන ලද ඒ වස්තූන් පාදක කරගනිමින් “හඳුනා නොගත් පියාඹන වස්තු විද්‍යාව” Unidentified flying objectslogy නමැති විද්‍යාව UFOlogy නවසිය හැටේ මුල් දශකයේ පමණ ආරම්භ වූවේය. මේ වන විටත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල සහ විවිධ පර්යේෂණායතනවලින් අඛණ්ඩව පරීක්‍ෂණ පැවැත්වෙන්නේත් ඇගැයීම් කෙරෙන්නේ උපාධි පිරිනැමෙන්නේත් ඒ විෂයේ වැඩිමනත් කරුණු අනාවරණ කෙරී නැති හෙයිනි. එහෙත් සෑම සියලු දේකටම හේතුවක් ඇතැයි යන සිද්ධාන්තය Every action has a reaction කෙස් ගහක පවා හෝ වෙනසක් නොවන්නට සනාථ කරනු ලැබ ඇත්තේ දැනට වසර 2566කට පමණ පෙර මහා දාර්ශනිකයෙක් විසිනි. ඔහු විසින් ගවේෂණය කර අනාවරණ කරන ලද සිද්ධාන්තය “හේතුඵලවාදය” නමි.

පරිණාමවාදය වැනි සිද්ධාන්ත අලුතෙන්ම සොයාගත් හෙයින් එසේ සොයාගත්තවුන් එම වාදයේ පියා වශයෙන් සලකනු ලැබේ.

“පරිණාමවාදයේ පියා චාල්ස් ඩාවින්” වන්නේ එහෙයිනි. එහෙත් හේතුඵලවාදය සොයාගත් තැනැත්තා හේතුඵලවාදයේ පියා වශයෙන් හැඳින්වෙන්නේ නැත. මන්ද වසර දහස් ගණනක් තිස්සේ යටපත්ව පැවැති කරුණු යළි ඔහු විසින් අනාවරණ කරගනු ලැබූ බැවිනි. දැනට වසර 2566කට පමණ පෙරදී එම වාදය එසේ අනාවරණ කරගත් මනුස්සයා (මනං උස්සතීතී මනුස්සෝ) වනාහි “සිද්ධාර්ථ” නම් මහත්මයෙකි. ඒ මහතා සිද්ධාර්ථ ගෞතම යන ලෙසින්ද හැඳින්වේ.

ඔබ මා කමා කෙරෙත් වා.

මන්ද තුන් ලෝකය දිනූ සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේට මවිසින් මහතා ලෙසින් අමතනු ලැබීමෙන් එතුමාගේ ගරුත්වයට හානියක් කළේ යැයි ඔබ සිතන්නට ඉඩ ඇති බැවිනි. කැලම (කොහෙත්ම) නැත. උන්වහන්සේ (පළමු විවරණ ලැබූ අවස්ථාවේ) තම සිරුර මතින් වඩින්නැයි දීපංකර බුදුන්ට කී අවස්ථාවේදී උන්වහන්සේ ද මේ තැනැත්තා කවුරුන් දැයි දිවැසින් බැලූ විට ඔහු අනාගතයේ බුදුවන නියාව දැක මේ අනාගතයේදී සිද්ධාර්ථ ගෞතම නමින් බුදුවන “මහතාණ” කෙනෙකුන් යැයි පිරිසට කීයෙන් මම ද ඒ පදයම උන්වහන්සේට ගෞරව පිණිස යෙදූ බව සලකත්වා.

ඉදින් හේතුඵලවාදය පැහැදිලි කරමින් මේ වන විට වසර සිය ගණනාවක් තිස්සේ ලියැවුණු ග්‍රන්ථ එමටය. සංක්‍ෂේපයෙන් කියන පරිදි හේතුඵලවාදය යනු තමන් කළ දේට තමන්ටම ඒ වෙනුවෙන් විපාක ලැබෙන බවය. උපමාවකින් දක්වන්නේ නම් “ගොනු විසින් ඇදගෙන යනු ලබන ගැලෙහි සක් (රෝද) යුවලද ගොනු පසුපසම එන” පරිද්දෙනි.

තමන් කරන නපුරු (අකුසල) ක්‍රියාවලට දුර්විපාක ලැබෙන්නා සේම යහපත් ක්‍රියා සඳහා යහපත් ප්‍රතිඵලද ලැබෙන්නේමය. මේ හොඳ ප්‍රතිඵල සේම නරක ප්‍රතිඵල (විපාක) ලැබෙන්නේද පොලී වශයෙනි. නිකං පොලී වශයෙන්ද නොව වැල් පොලී වශයෙනි. ඒ බැව් “ලෝවැඩ සඟරාව” නමැති ග්‍රන්ථයේ මෙසේ දැක්වේ.

“පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා”

එළු දෙනකගේ හිසක් කපා වෙන් කළ (මැරූ) හේතුවට එසේ කළ කාන්තාවට සිය සිරුරේ රෝම (මයිල්) ගණනටත් වඩා හිස් ගැසුම් කන්නට සිදුවූයේලු.

“කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ
එළි කොට නැවත දුන් මිනිසකුට එතකිනේ
විළි වැස්මක් නොම විය දෙවි වුවත් අනේ
කෙළියට වත් නොකරව් සොරකමක් දැනේ

කළ පිනකින් දෙව් ලොව ඉපදුනු දෙවි කෙනකු සිටියේ “හෙවුලකුටෙං” (නිරුවතින්)ලු. ඒ යහළුවකුගේ ඇඳුමක් විහිළුවට සඟවා පසුව දුන් පාපයේ ප්‍රතිඵලයක් වශයෙනි.

එසේම කිසියම් කෙනකුන්ගේ යහපත් ක්‍රියාවක ප්‍රතිඵලද තමා පසුපස එන සෙවණැල්ල සේම පසුපසම එන්නේය. (ඡායාව අනුපායිනී) යහපතක් වීමට යහපත් දෙයක් කිරීමටම අවශ්‍යතාවක්ද නැත. සිතේ යහපත් සිතුවිල්ලක් ඇතිකර ගැනීමම ප්‍රමාණවත්ය.

මට්ටකුණ්ඩලී යන තරුණයා මියෙන මොහාතේ සිතේ ප්‍රසන්නතාව ඇතිකරගෙන තිබුණේය. එමගින් ඔහුගේ උපත සුගතියක (දෙව්ලොව) සිදුවූවේය.

යුද හමුදාවේ රාජකාරි කළ මා දන්නා අඳුනන අයෙක් යුද සමයේ උතුරේ මෙහෙයුම්වල යෙදී සිටියහ. බෝම්බ අටවමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් අයකුගෙන් ප්‍රශ්න කරද්දී ඔහුගේ (සැකකරුගේ) ගෙල පාගාගෙන සිටි බව හෙතෙම කීයේය. බිම් බෝම්බයක් පුපුරා යාමෙන් ඔහුට දෙපා අහිමි වූ බව පසුව දැනගන්නට ලැබිණි.

චුන්ද සූකරික නමැති ඌරු ඝාතකයා මියයාමට සතියකට පෙර සිටම ඌරකු මෙන් “ගොරෝදේ” ඇද්දේය.

ආසන්නම ඉහත ආත්ම භාවයේ අක්‍ෂි වෛද්‍යවරයෙක් තමාගෙන් ප්‍රතිකාර ගත් කාන්තාවකගේ දෙනෙත් හිතාමතාම අන්ධ කෙළේය. එහි ප්‍රතිඵලය වශයෙන් ඒ තෙමේ අන්ධයකු වශයෙන් උපන්නේය. චක්කුපාල කතාවෙහි ඒ පුවත විස්තර කෙරේ. බුදුන් වහන්සේගේ “මචං” කාරයාවූ “දේවදත්ත” පණ පිටින්ම අපායට ඇදගෙන ගියේය.

මේ හේතුඵලවාදයේ එන කරුණු සනාථ කිරීමට දැක්වෙන සත්‍ය කතා වස්තු වේ. යමකුගේ ක්‍රියාවලට ප්‍රතිඵල මරණින් මතුද මේ ජීවිත කාලයේදීමද අත්විඳින්නට ලැබේ. මේ ජීවිතයේ දීම ප්‍රතිඵල (විපාක) විඳින්නට ලැබෙන්නේ නම් ඒ වා “ඇස්පනාපිට” (සාංදෘෂ්ටික) විපාක වේ. යථෝක්ත කරුණු කීපය දිරිපත් කෙළේ සාංදෘෂ්ටික විපාකවලට උදාහරණ වශයෙනි. මිතුරකුගේ වස්ත්‍රයක් විහිළුවක් වශයෙන් සඟවා පසුව දුන්නත් ඒ පාපකර්මයට විපාකය දෙවියකු වුවත් විඳින්නට සිදුවූවේය.

සොර නායකයකුව සිටියදී කළ (ඇඟ නිල්වනතුරු) පහරදීමක ප්‍රතිඵලය වශයෙන් “මුගලන් හාමුදුරුවෝ ” සිරුර නිල් පැහැයෙන් යුතුව උපන්හ.

ජාලිය සහ ක්‍රිෂ්ණජිනා යන තම දරුවන් දෙදෙනාට පහර දෙමින් ගෙනයනු ලැබූ ජූජක බමුණා කෙරෙහි කෝප සිතුවිල්ලක් ඇතිකරගැනීමේ ප්‍රතිඵලය වශයෙන් සිද්ධාර්ථ බෝධිසත්වයාට බුදුවීමේදී මාර පරාජය කරන්නට සිදු වූවේය.

කළ වරදට (පාපයට) විපාකය සාමාන්‍ය මිනිහකුට, රජෙකුට පමණක් නොව දෙවි බඹුන්ට සේම බුදුන්ට වුවත් පොදු ධර්මතාවකි. බුදුන්වහන්සේට නිරන්තර බඩරුදාවක් තිබුණේද එවන් සිද්ධියක් නිසාවෙනි.

බුදුන්ටත් එසේ ඵල දේ නම් දේශපාලන ක්‍ෂේත්‍රයේ “පවුකාර දණ්ඩන්” ගැන කවර කතාද?

(මහජන දේපොළ ගිලින නිලධාරි, දේශපාලක ඔය කොයි කවුරුන්ගේ හෝ අවසානය එතරම් සුන්දර නැත. මේ වන විට සුජීවත්වැ සිටින ඇතැමුන්ගේ දණහිසේ සිට පහළටම කුණුවී “හොදි” (ඕජස්) බහින්නෝ කී දෙනෙක් වෙත්ද? නම්ගම් ඇතිවම කිව හැකිය. අශූචි (ජරාව) බුදින්නන්ගේ දරුවන් වැඩි දෙනෙක් අංග විකලයෝය. මන්ද බුද්ධිකයෝය.)

කරන කලට පවු මීරිය මී සේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ” ධර්මයේ ඉගැන්වෙන කරුණකි.

ගිරහයා (ග්‍රහයා) හොඳ කාලෙට බමරෙ වැල්ලෙත් කැරකේ” යැයි ගැමියෝ අත්දැකීමෙන් කියත්. වැදෙන්නට හිටපුවාම “හැමදා නියං එකදා වැහිවළාවේ” පරිද්දෙනි. (දීර්ඝ කාලයක් පැවැති නියඟය එක වැහියල්ලකින් නිමවන්නා සේය) එසේ වූ විට සක්විති රජුන්ටත් නොදෙවැනි අගමැති ජනාධිපතිලා සුළඟේ ගසායන “පරඬැල්”ය.

ජනාධිපති කියා අරුමයක් විපාක දීමේදී නැත. නීතිය කාටත් සාධාරණ යැයි නිදසුන් සහිතවම සනාථ කෙරෙන්නේ ස්වභාවධර්මයෙනි.

අපේ ජනාධිපති සිටියේය. දැසි දස්සන් පිරිවරා සිටියේය. ආරක්‍ෂාවට දහස් ගණනකි. එහෙත් ගියේය. පැදුරටත් නොකියාම ගියේය. රේන්ද රාලගේ බල්ලා ගිය විට දහස් ගණනක පිරිසක් හිටියත් රේන්ද රාල මැරුණුදා බල්ලෙක්වත් නැත. ඒ කියමන අපේ ජනාධිපතිටත් පොදු විය. අන්තිම දවස්වලදී ගෝඨා දකින්නට සිටියේ නැත. දුටුවේමද නැත. “ඩුවෙල් සිටිසන්ෂිප්” හෙවත් අමෙරිකාවේ සහ මෙරට යන දෙරටේම “දෙගංබඩ රජා” ලෙස කලක් එක කකුලක් සිරි ලංකාවේද අනිත් කකුල ඇමෙරිකාවේද ඔහුට රඳවාගෙන සිටියත් ඇමෙරිකාව එන්නට ඉඩ දුන්නේ නැත. වැඩේ “කෙළවුණේ”ය. මාලදිවයිනත් නැත. සිංගප්පූරුවත් නැත. තායිලන්තයත් නැත. අරාබියත් නැත. මේවා සාංදෘෂ්ටික විපාකය. කළකම් ඵලදීමය. හේතුඵලවාදය අකුරටය.

මේ රටේ බඩසායින් පෙළෙන සුවාසූදහසක් දරුවන් සහ ගොවියන්ගේ දෙස් දෙවොල් හීල්ලුම්වලින් (සුසුම් රැල්) ඔහු විසින් මිලටගත් බව කියන වොෂිංටනයේ නිවෙසේ කවුළුවල වීදුරු පවා ගැළවෙන්නට හැකි තරම්ය. (මේ නිවෙස ගැන රන්ජා (රන්ජන් රාමනායක) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කෙළේය.)

ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී චෝදනා රැසක් එල්ල විය. නම්ගම් නැති ඝාතන රැසක් සිදුවිය. ත්‍රිකුණාමලයේ සිසුන් 11 දෙනා ගැන කියැවිණි. ලසන්ත වික්‍රමතුංග ගැන කියැවිණි. ලලිත්-කූගන් ගැන කියැවිණි. තාජුඩීන් ගැන කියැවිණි. සුදු වෑන් සංස්කෘතියක් පැවැති බවට චෝදනා එල්ල විය. අතුරුදන් වීම්, පැහැරගැනීම් යමරෙට සිදුවිය. නමුත් ඒ පරීක්ෂණවලට සිදුවූ දෙයක් නැත.

පාස්තු ප්‍රහාරයෙන් මියගිය පිරිසේ ආත්ම ස්වර්ගයේ මොරදෙන බව කී කාදිනල්තුමාගේ ප්‍රකාශය ද ජනාධිපති පලායාමේ සිද්ධියේදී බැහැර කළ හැක්කේ කවරකුටද? මේ හේතුඵලවාදයේ උදාහරණය.

නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස
එදුරු නොවෙයි කළකම් පලදෙවා මිස
තඹුරු වනය මුකුලිත වන බව සවස
කවුරුන් විසින් වැළකිය හැක මෙදිය කුස

අලගියවන්න මුකවැටියන් ‘සුභාෂිතයේ’ මේ කවිය ලීවේ අතේ අමාරුවට නොවේ.

SendShareShare
Previous Post

ත්‍රස්ත පනත විධායකයට ප්‍රතිපාදන සපයන කුරිරු නීතියක්! භාවිතාවට ගැනීමෙන් වළකින්න! රැඳවුම් නියෝග වහා අවලංගු කරන්න! මුදලිගේලා වෙනුවෙන් නීතීඥ සංගමයත් සටනට එයි!

Next Post

කොරෝනා බරපතළයි! ඒත් තත්ත්වය නොසලකා හැරලා! කිසිම පාලනයකින් තොරව බිම්මට්ටමේ ව්‍යාප්ත ‌වෙනවා! ඕනෑම මොහොතක ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්!

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.