• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බමුණු කුලයේ බිඳවැටීම හෙවත් පොඩි එවුන්ට අයිති සිංහ ලෙන…

August 18, 2022
in Exclusive, News
Reading Time: 8 mins read
A A
බමුණු කුලයේ බිඳවැටීම හෙවත් පොඩි එවුන්ට අයිති සිංහ ලෙන…
Share on WhatsAppShare on Facebook

දේශපාලන නිල් පාට නහර වැල් දිගේ දුවන අමාත්‍යාංශ ලේකම්වරයකුට මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට ඉදිරිපත්වීමේ ආශාවක් ඇති වූවේය. ඒ නවසිය හැත්තෑව දශකයේය. වලව් පැලැන්තියකින් විවාහය කරගෙන තිබූ මෙතුමාට අනන්ත බල සේම අනන්ත දළද තිබුණේය. කෙසේ වෙතත් තම අදහස ගැන අනුමැතිය ගැනීම සඳහා හෙතෙම එවක දේශපාලන බලඅධිකාරියේ ඉහළම තලය හමුවීමට කොළඹ හතේ “රෝසමල් දෙණිය” පැත්තේ බලගතු මන්දිරයකට ගොස් ආලින්දයේ බලා සිටියේය.

ඒ වන විටත් ඒ මන්දිරාධිපතියන්ගේ ඉතා සමීපතම ජ්‍යෙෂ්ඨ ඥාතියකුද යථෝක්ත දියවඩන නිලමේ ධුරයට ඉදිපත් වීමේ නොතිත් අපේක්‍ෂාවෙන් මෙහෙයුමක යෙදී සිටි බව ලේකම්වරයා නොදැන සිටියාද නොවේ. කෙසේ වෙතත් ඔහු පැමිණ සිටින පුවත මන්දිර අභ්‍යන්තරයට ගියෙන් ටික වෙලාවකට පසු ඊට ප්‍රතිචාරය දක්වමින් ගෘහ මූලික මට්ටමේ මූලිකයාද කරුණු විමසීම වස් පැමිණ ඔහුට පෙනෙන පරිදි හිටගත්තාය. අනතුරුව ලේකම්වරයා සිය අදහස ඉදිරිපත් කෙළේය.

ගෘහමූලික මට්ටමේ මූලිකයාට ඒ පුවත, පුවතක් නොවූයේ ඒ වන විටත් ඒ ගැන සබ්බ සකල තොරතුරුම වාර්තාවී තිබූ බැවිනි. එහෙත් ඒ බව නොඅඟවා විස්තරය අසා සිටියෝ “අපට ඕනැන්නෙ දියවඩන නිලමේ කෙනකු මිසක් දියවඩන අප්පුහාමි කෙනකු නෙමේ” යැයි කියමින් සැරසී සිටි ඔසරි පොට ගස්සා දමා මන්දිර අභ්‍යන්තරයට වැද ගියාය.

බුදු වීමට දස පෙරුමන් පූරණය කළ සිදුහත් බෝසතාණෝ ද “කාලෝ අයංතේ මහාවීර, උප්පජ්ජ මාතු කුච්චියං” (මහාවීරයාණෙනි, මේ මවු කුසක ඉපැදීමට කාලයයි) යැයි තව්තිසාවේදී දේවාරාධනා ලද කල්හි “පස්මහ බැලුම්” බැලූහ. ඒ, කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පසය.

සාරාසංක්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේ ඇස්, ඉස්, මස්, ලේ සාගර ජලය සේද, අහසේ තරු කැට සේද දන්දුන් ඒ උත්තමයාණන්ද බුද්ධත්වය ලැබීම සඳහා ඉපදිය යුත්තේ කවර “කුලයක” දැයි යන්නද විමසා බැලූහයි පොතපතේ සඳහන් බැවින් මේ රටේ දියවඩන නිලමේ තනතුර වෙනුවෙන් එවැන්නකට අනුගත වීම වෑත්තෑවේ හිමියන් ඇසූ පරිදි “බැහැර නොකළැයි පවසනු කවර වරදද?” යන්න කියමින් ඕනෑම කෙනකුටද තර්ක ඉදිරිපත් කළ හැකිය.

මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍යංශයකදී සිය ඇමැතිවරයා බැහැදැකීමට පැමිණෙන ජන්දදායකයන් පිරිසට නිරන්තරයෙන් සිදුවූයේ පෞද්ගලික ලේකම්වරිය (ඇමැති බිරිය) හමුවීමටය. ඇතැම් අවස්ථාවල ඇය “ළඟට එන්නැතුව ඈතින් ඉන්නවල, දාඩිය ගඳ ඉන්න බෑ” කියමින් “හැන්කර්චීෆ්” එකෙන් නාසය වසාගෙන මහජනයා වෙත බුරා පනින පුවතක් ඒ සමයේ දී මාධ්‍ය දෙවනත් කළ බවද සඳහන් කරනු කැමැත්තෙමි.

පොල්ගහවෙල පැත්තේ සිටි “නාහෙට නාහන” මහජන නියෝජිතයකුට ඒ පළාතේ සිටි අමාත්‍ය මට්ටමේ කෙනකුන් අරබයා “ලෙල්ලටම තදවූ” දවසක ඔහු හමුවීමට (නිවෙසට, බංගලාවට, මන්දිරයට, වලව්වට යන කවර නාම පදයක් හෝ යොදාගැනීම කියවන ඔබට බාරය) ගියේය.
වාහනයක් පැමිණි හඬ අසා ඒ අවස්ථාවේ එහි සිටි ගෘහ පාලිකාව ආලින්දයට පැමිණියාය. රතු කට්ට පැන තිබූ තැනැත්තා වාහනයෙන් බිමට පිනූ ගමන් “කෝ ඇමැතිතුමා?”යැයි බෙරිහන් තැළුවේය.

අමුත්තා රටම දන්නා නහරකාරයා බව දුටු හැටියේම හඳුනාගත් ඕ “වලව්වෙ හාමුදුරුවො රට ගිහිල්ලා” යැයි වෙව්ලන හඬින් ගොත ගැසුවාය.

“එතකොට නෝනා?” ඒ නහරයාගේ දෙවැනි ප්‍රශ්නය විය.

“ඩිංගිරි හාමුදුරුවො නෑදෑ ගෙදරක ගිහිල්ලා” සේවිකාව කීවාය.

“පුතා (පෞද්ගලික ලේකම්) කෝ?”

“බණ්ඩාර හාමුදුරුවො කොළඹ ගිහිල්ලා” ඇය කෙඳිරි ගෑවාය.

“එතකොට, වලව්වෙ හාමුදුරුවො රට ගිහිල්ල, ඩිංගිරි හාමුදුරුවො නෑ ගෙදරක ගිහිල්ලා, බණ්ඩාර හාමුදුරුවො කොළඹ ගිහිල්ලා, තෝ කියාපිය පොල්ගහවෙල බුදුහාමුදුරුවො වැඩල ගියා කියල” යැයි කී හෙතෙම ආ උන් සමගම වාහනයට නැංගේය.

නම් ගොත් රහිතව මේ අතීත සිදුවීම් මාලාව යළිදු සඳහන් කෙළේ චිරාත් කාලයක් තිස්සේ මෙරට පවත්නා සමාජ සංස්කෘතික සන්දර්භයක පැතිකඩක් අනාවරණ කිරීම උදෙසා බව පාඨක භවතුන්ගේ ලාම්පු (පහන් මේ දිනවල භූමිතෙල් නැති නිසා ඉටිපන්දම්) සංවේගය පිණිස බව දන්වනු කැමැත්තෙම්හ.

මානය (මාන්නය) අභිමානය, උපමානය වශයෙන් පද යෙදුණත් හීනමානය සහ අධිමානය නම් ක්ලේශයන්මය. ඒ අත්තුක්කංශනය (කෙනකු ඔසවා තැබීමට) සේම පරවම්භනයට (පලිච්චිකිරීමට) ද යොදාගැනීම නිසාය. මාන්නයට අහංකාරය, උඩඟුව යන පදද පර්යාය වේ. රහත් නොවූ ඕනෑම කෙනකුගේ හිතේ මාන්නය අඩු වැඩි තරමින් පැවැතිය හැකිය. එහෙත් කාන්තාවන් තුළ නම් බෙහෙව. නැති බැරි අයට වඩා ඇති හැකි බොහෝ දෙනා ළඟ මාන්නය වැඩිපුර ඇතැයි මතයකි.
නිලය, බලය, කුලය, ධනය සහ රුව (රූපය) යන සියල්ලම මානය ඇතිවීමට පාදක වේ. එවැනි මාන්නක්කාරයන් සාමාන්‍ය ජනයන් දෙස බලන්නේ අඩු තක්සේරුවෙන් බව ප්‍රසිද්ධය.

එවැනි පිරිස් “බමුණු කුලයට” අයත් යැයි මහජන කියමනකි. “බමුණු කුලය බිඳවැටීම” යනුවෙන් මා(ර්)ටින් වික්‍රමසිංහ සූරීන් 1957 දී තරමේ “රසවාහිනී” මාසික සඟරාවට ලියන ලද ලිපියක් මේ ලියුම්කරු කියෙව්වේය. එතුමා බමුණු කුලය යන වචනයෙන් ඉලක්ක කළේ “ධනපති” පන්තියය. සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් (ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී) බණ්ඩාරනායක මහතා ධනපති බමුණු කුලය බිඳදමන ලදැයි කියන මතය වර්තමානයේ “ආදරේ අරගලය” හෙවත් “ගෝල්ෆේස් අරගලය” තරම්ම ඒ සමයේ සමාජගතව තිබුණේය.

චිරාත් කාලයක් තිස්සේ බමුණු කුලයට හෙවත් ඉංගිරිසි කතාකරන “ටයිකෝට් සහ කළු කෝට්කාර (නීතිඥ)” ධනපති පන්තියට පමණක් උරුමක්කාර, පොල්මහ්කාර, අද්මිනිස්ත්‍රක්කාර බලය හිමිව තිබූ පාර්ලිමේන්තුවේ ද්වාරය සිංහල පමණක් කතා කිරීමට දන්නා සාමාන්‍ය (කම්කරු) මිනිහාටත් විවර වීම නිසා මා(ර්)ටින් වික්‍රමසිංහ සූරීන් එසේ ලියා තිබුණේය. (ඒ සමයේ පාර්ලිමේන්තුවේ කතා කළේත්, රජයේ සෑම කාර්යාලයකම රාජකාරි කෙරුණේත් තනිකරම ඉංගිරිසියෙන් පමණි)
තැපැල් දෙපාර්තම්න්තුවේ සුළු සේවකයකු වූ තේමිස් සහ (මට මතක හැටියට) සමුපකාර දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ ටී.බී. ඉලංගරත්න යන මහත්වරු පාර්ලිමේන්තු ගියෝ ඒ අන්දමින් දොරටු විවර වූ හෙයිනි. ඒ මහජන නියෝජිත නඩය සඟ, වෙද, ගොවි, ගුරු, සහ කම්කරු යන “පංච මහා බලවේගයේ පතාක යෝධයෝය.

සිංහල රාජ්‍ය භාෂාව කිරීමටත් සිංහල සංස්කෘතිය සහ සභ්‍යත්වය ස්ථාවර කිරීමටත් සපථ කර ජාතික ඇඳුමෙන් සැරසී පැමිණෙමින් සෙස්සන්ට ද ආදර්ශයක් පෑ අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ ප්‍රථම තේ පැන් සංග්‍රහයේදී හැන්දෙන් ගෑරොප්පුවෙන් කැවුම් කිරිබත් කෑ බවට පුවත්පත්වල ඡායාරූප පළ වුණත් “මහ වාසල” (පාර්ලිමේන්තුව) මින් මතු මහ වාසලක් නොව පොදු මිනිසාගේ පොදු දේපළක් බව “යථාවාදී තථාකාරී, තථාවාදී යථාකාරී” (කරන දේ කියන, කියන දේ කරන) ගුණයෙන්ම පෙන්නා දුන්නේය.

ඒ, මේ රටේ සියලු දෙනාට පාර්ලිමේන්තුව දැක බලාගැනීමට පැමිණෙන ලෙසට ආරාධනා කිරීමෙනි. ඒ ගෞරවනීය ආරාධනයෙන් මුසුප්පු වූ (කිසි දිනෙක නොලද වරමක් ලැබීමෙන් පිස්සු වැටුණු) මහජනයා දින ගණනාවක් තිස්සේ අවුත් සභා ගැබේ සිරි නරඹා අමන්දානන්දනයට පත්වූහ. ඔවුහු සභා ගැබේ අසුන් ගත්හ. ඇතැමෙක් කතානායකවරයාගේ අසුනේ අසුන්ගෙන සිටි අන්දම විදහා දැක්වුණු ඡායාරූපද පුවත්පත්වල පළවිය.

1956 මැතිවරණයේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිවාදියා වූයේ සිරිමත් (සර්) ජෝන් කොතලාවල මහතාය. ඔහු කුකුල් කේන්තිකාරයෙකි. එසේම දක්‍ෂ බොක්සිං “ගස්යන (නගින) එවුන් ගෙන්නලා බණ්ඩා පාර්ලිමේන්තුව කෙළෙසනවා, අවමානයට පත්කරනවා යැයි ඒ අවස්ථාවේදී සර් ජෝන් කොතලාවල කියන්නට වූවේය. (තේමිස් මහතා තැපැල් දෙපාර්තමේන්තුවේ එවක සිටි වෘත්තීය සමිති නායකයෙකි. පාර්ලිමේන්තුවට පත් එතුමා දිනක් පාර්ලිමේන්තුවේ සිට ආපසු යන්නට අවුත් පිටවීමේ පඩිපෙළ බමින් සිටියේය. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පැමිණෙමින් සිටි සර් ජෝන් කොතලාවල ඔහු විසින් දක්නා ලද්දේය. ජයග්‍රහණයෙන් ඔද්දල්ව සිටි තේමිස් මන්ත්‍රීවරයා එවිට “හලෝ ජෝන්” යැයි හිටපු අගමැතිවරයාට පවසා තිබේ. හොස්ස ළඟින් මැස්සකුටවත් යන්න බැරි ඌරුකේන්ති එන සර් ජෝන්, තේමිස් මන්ත්‍රීවරයාට පයින් ඇන්න “කෙළපුවාම” ඔහු පඩිපෙළ දිගේ පහළට “කොණ්ඩෑරුමක්” ගසා තිබේ. අනතුරුව පහරකෑ මන්ත්‍රීවරයා වහා නැගිට අගමැති බණ්ඩාරනායක මහතාගේ කාමරයට දුවගොස් “සර් මට කොතලාවල ගැහුවා” යැයි පත් අතවරය කියා තිබේ.

“තමුසෙ මොකක්ද එයාට කීවෙ?” ඒ අවස්ථාවේදී අගමැතිවරයා අසා ඇත.

“මම හලෝ ජෝන් කීවා” යැයි ඔහු පවසා තිබේ.

“හා හා උඹ තියා යකෝ මමවත් එයාට එහෙම කින්නෙ නෑ. මම කතා කරන්නෙත් සර් ජෝන් කියලා” යැයි බණ්ඩාරනායක මහතා කීවේලු.)

පාර්ලිමේන්තුව මහජනතාවගේ දේපොළක් බවට ජනතා සන්තක හෙවත් ජනතාකරණය වී 2022 ජූලි 09 වැනිදා පමණ වන විට වසර හැට හයක් තරම් වේ.

එමතුද නොවේ. බත් දුන් පියා ලෙසට ගෞරව බහුමානයෙන් පිදෙන ඩඩ්ලි සේනානායක මහතා “අව්වට වැස්සට හුරු මිනසුන්ට” පමණක් නොව, “ඒ මිනිසුන්ගේ දරුවන් වෙනුවෙන්” ද අරලියගහ මන්දිරියේ ඉදිරි දොරෙන් ඇතුළුව පෑලදොරෙන් පිටවී යාමට ඉඩ දුන්නේය.

ඇයි ප්‍රේමදාස මහත්තයා.

ආර්. ප්‍රේමදාස මහත්තයා වෙසක් දවසේදී මහජනතාව අරලියගහ මන්දිරයට කැඳවා දන්වැට (බත් දන්සල්) දුන්නේය.

ඔය පාර්ලිමේන්තුව මහජනතාවගේ දාඩිය මහන්සියෙන් ඉදිකළ එකක් බව පිළිගත් පූර්ව (පෙරසිටි) ජනනායකයන් පසුව එන්නවුන්ට දුන් පූර්වාදර්ශ වේ. එපමණක් නොව රට්ටුන්ටද තේරුම් කරදුන් පාඩමය.

“ස්ත්‍රී කාරණාවක්” කිසිම දිනෙක දැක නැති කුමාරයකු රජ පැමිණ (රජවී) කුමාරියක් සරණ කරගත් දිනයේ “මේ සැප” මින්මතු මත්තේ තම තමා හැර රටේ වෙනත් කිසිම පුරුෂ ප්‍රාණියකු විසින් අත්නොවිඳිනු ලැබිය යුත්තේ යැයි අණකරවා “අහවල් කාරණා” අගින් නොව මුලින්ම “සුන්නත්ති කරවීමට රාජපුරුෂයන් නිල කළ අන්දමින්ම දැන් රට කරවන අපේ ගොයියා ජනපති මැඳුරට ඇතුළත් වූවන් පවා අත්අඩංගුවට ගෙන හිරේ විලංගුවේ ලෑමට වගපල කියයි.

අලි ඇතුන් මියුවන් යන මං තබා සාවුන් මීයන් හෝහපුටුවන් යන මං අවුරන්නා සේ යැයි පැරණි ගත්හි දක්නා උපහැරණ සිහිගන්වමින් පාර්ලිමේන්තුවේ පුටු කඩාබිඳ දැමූවන්, මිරිස් කුඩු ගැසූවන් කතානායක පුටුවේ අසුන්ගත්තන් පමණක් නොව වරක් මාරවින් උන්නැහේ කෙනකු කහරෙදිධාරියකුට ඌයි කියවෙන පරිදි ඔහුගේ සක්‍රීය හෝ අක්‍රීය එක මිරිකූ දා සිද්ධියේ විනාශයේ අලාභකරුවන් පසෙකලා ඉස්තිරික්කයක් හොරාගත් බවටද, රෙදිකඩක් (කොඩියක්)ද තව මොකක්දෝ “බොත්තමක්” ද සොරාගත් බවටද චෝදනා කරමින් සාමාන්‍යයෝ දඟගෙට යවත්. ඒ පොදු දේපළ අලාභ හානි චෝදනා යටතේය.

පොදු දේපළ සොරාගත් උන් නීතිය යටතට ගැනෙන්නේ නම් සීනි හොරු සුදුලූනු හොරු පොල් තෙල් හොරු බැංකු හොරු සහ සුනාමි සල්ලි හොරු පමණක් නොව ගුවනින් විදේශගත කළ ටොන් 102ක් වූ මබනබදඅබ කඩදාසි තොගය ආදිය ගැනත් සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගත යුත්තේමය.

“හොයනවා නං ඇට්ටි හැලෙන්නම ලැයිස්තුවක් දෙඤ්ඤංකො”.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අශ්ව රථ-දෙවියන්ගේ භාර්යාවන්-වල්ලි අම්මා-රිදී මොනරෙක්-රිදී නාගයෙක්-කෛලාස වාහනයක්! යාපනයේ මහා මංගල්ලය ඇරැඹේ…!

Next Post

ලංකාවට හදිසියේම ආපු UN එකේ ලොක්කා ඉස්සෙල්ලාම ගිහින් සජිත්ව මුණගැසෙයි!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.