• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි ණයගැති වෙමු සුකොමල දෑතට තේ දළු නෙළන ලඳේ…

February 7, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
අපි ණයගැති වෙමු සුකොමල දෑතට තේ දළු නෙළන ලඳේ…
Share on WhatsAppShare on Facebook

උඩරට කඳුකර සිරියා පරදන
රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගුකර මඳහස නංවන
තේ දලු නෙළන ළඳේ
රට පණගන්වන ජාතිය සුරකින
ජාතික ධනය අපේ
අපි ණයගැති වෙමු සුකොමල දෑතට
තේ දලු නෙළන ළඳේ

සිලෝන් නම් අමුතු ජීවීන් කොට්ඨාසයක් ඉන්න ඉන්දියන් සාගරයේ පුංචි ඇටයයි. 1300 සියවසේ විසූ මාකෝ පෝලෝට අනුව නම් සිලෝන් ලෝකේ හොඳම දිවයිනයි. ‘තැස්මේනියාවේ භූමි ප්‍රමාණයට සිරි ලංකාව සමාන වුණත් මාකෝ පෝලෝට අනුව නම් බවභෝග පිරි ලෝකේ හොඳම දිවයින සිරි ලංකාවයි.

මාංශ ඇනුභවයට ප්‍රියකළ 1660 වර්ෂයේ යාපනය අර්ධද්වීපය අත්පත් කරගත් ලන්දේසීන්ට අනුව නම් සිලෝන් ගිල දැමීමට මත්තෙන් ඔවුන්ගේ තොල කට කෙළ උණන රස නහර පිනන ‘හැම්’ (Ham) ගෙඩියක්ය. මේ හැම් ගෙඩියේ Heel of the Ham නොහොත් හැම් ගෙඩියේ හීල් එක වූයේ යාපනයයි. දැන්නම් මේ හැම් ගෙඩිය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත්විජිත පාලන සමයට මත්තෙන් ‍රටේම පාලක උදවිය ගිලදමා හමාර කරමින් සිටින ලෝකයේම අපූරු දිවයිනයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කශේරුව නම් ඇඟලුම් ක්ෂේත්‍රය හා තේ, රබර් ආදී අපනයන නිෂ්පාදන මුල් කරගත් අපනයන ආර්ථිකයි. ධනවාදී ආර්ථිකයක් ලුහුබඳින රටේ සමස්තය වෙනුවෙන් තම උර හොවා එදිනෙදා ජීවනාලිය වෙනුවෙන් රුපියල් හත්සියයක් හෝ රුපියල් දාහක් වෙනුවන් කය වෙහෙසන, පාන් පිටි රොටියකින් ආමාශයේ රැලි මකාගැනීමට අසීමිත කැපකිරීමක් කරන කතාබහට ලක්නොවුණු රටේම තවත් එක් ප්‍රජාවක කතාවකි ‘තේ කහට’.

ලංකාවේ තේ පරිණාමය අසාමාන්‍ය කතාවකි. එය හුදෙක්ම කේක් ගෙඩියක් මත තැවරූ අයිසිං තට්ටුවකට සමානය. මන්ද 1796න් පසු බි්‍රතාන්‍ය යටත්විජිත පාලනය යටතේ ආරම්භ වූ කැපීපෙනෙන වැවිලි ව්‍යාපාරයක් විය. මෙම ව්‍යවසාය එහි ප්‍රධාන අස්වැන්න ලෙස කෝපි වගාකිරීම ආරම්භ කළ අතර, ඇත්ත වශයෙන්ම පළමු කෝපි වගාව තේවලට පෙර අඩ සියවසකට පමණ පෙර විය. 1870 ගණන් වන විට ‘කෝපි මලකඩ රෝගය’ නිසා කෝපි වගාව විනාශ වූවද, ලංකා කෝපි ලොව හොඳම ඒවා අතරට ගමන් කළේය.

මෙය ලංකාවේ තේ කර්මාන්තයට හේතු වූ අතර, එය සමෘද්ධිමත් වූවා පමණක් නොව, ලෝකයේ හොඳම තේ ලෙස කීර්තියක් අත්කර ගත්තේය. ජේම්ස් ටේලර්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ කර්මාන්තයේ සාර්ථකත්වය විවිධ ක්ෂේත්‍රවලට ප්‍රතිලාභ එක් කළේය. ඒ අතර මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම් සහ උමං මාර්ග ඉදිවිය.

දශක ගණනාවක්ම ගෙවී අවසන්‍ය. ඉදිවූ පාලම්වලින්, මහා මාර්ගවලින් හෝ දියුණු වූ ආර්ථිකයෙන් නම් පලක් නැත. ඔවුන් තාමත් එදා ඉදිවූ තේ වත්තේ ලයින් (ලැයිම්) කාමරවලය. කෑවේ පාන් පිටි රොටියය. බීවේ කහට උගුරුය. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූයේද වත්තේ රස්සාවය.

නිතරම ඇදහැලෙන වැස්සට ටකරන් වැසූ වහලවලින් දිය රැල් වැටෙනවා විය හැකිය. හමා එන සුළඟට ගසා යන්නට තැත් කරන ටකරන් වහලයට ගල් තැබූවා විය හැකිය. කරන්ට් නැති දාට පෙට්‍රල් ලාම්පුවේ එළියෙන් පිලිස්සුණු රොටිය කනවා විය හැකිය. කාමරය තුළට ටකරන්වලින් කාන්දූ වූ වැහිපොද නිසා පොඩි එවුන්ගේ සුදු ගවුම් කලිසම්, පොත් පැන්සල් තෙත්වූවා විය හැකිය. නමුත් ඔවුන් දවසේ වියපැහැදම් වෙනුවෙන් හෙට තේ දලු නෙළීමට යායුතුමය.

කෙදිනක මොවුන් වෙනුවෙන් හඬක් නැගේවිද ශේෂ වන පැනයයි.

ලියලන දලුවල කරටිය හැම විට
ඔබේ නෙත් දෙසට නැමේ
දන මන පින වන ඉමිහිරි පානෙකි
පිටරට යවන අපේ
සේවය යහපත ලොවටම සලසන
කම්කරු ළඳකි ගමේ
ලංකා පොළොවේ පැළවෙන තේ ගස
ඔබේ දිවි රකිනු ලැබේ….

විදුනි බස්නායක

SendShareShare
Previous Post

ෆොන්සේකා අනුර ගාවට යනවා! ෆොන්සේකා අරයා එක්ක එකතු වෙනවා! ෆොන්සේකා සජිතුයි ගහගන්නවා! මාධ්‍යවල පළකරන බොරු ප්‍රවෘත්තිවලට ජනතා අත්පොළසන් මැද ෆීල්ඩ් මාෂල් දුන්නු උත්තරේ! VIDEO

Next Post

එළියට ආපු වසන්ත මුදලිගේ අද ආයෙත් පොලිසියට! VIDEO

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.