• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස්වර්ණා නුඹ ශ්‍රේෂ්ඨයි ඒත් කනගාටුයි I Sri Lanka Latest News

August 28, 2023
in Exclusive, Heart, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණත්වයට පත් සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ගැන ලියැවෙන කෙටි සටහනක් වෙනුවෙනුයි මේ සූදානම. ඒ සඳහා ආරම්භය ගැනීමට ස්වර්ණා ගැන අලුතෙන් වර්ණනා කරන්නට අවැසි නැත. ඈ කවුදැයි මොනවද කරන්නේ කියා විස්තර ලියන්නට මෙහි පැරා ගණන් වෙන් කරන්නට වුවමනා නැත.(Sri Lanka Latest News)

කොටින්ම කියනවා නම් සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටය හරහා පැමිණි ඇගේ දිගුකාලීන සිනමාගමනය ගැන අටුවා ටීකා අලුතෙන් ලියන්නට කොහොමවත් අවැසි නොවන්නේය. සරලව කියනවා නම්, ස්වර්ණා මල්ලවාරච්චිට සම කළ හැකි කිසිවකු නැත. ස්වර්ණා මල්ලවාරච්චිගේ අසමසම රංගන ප්‍රතිභාව වෙනුවෙන් සොයාගත හැකි විකල්පද නැත. ඒ තරමටම ස්වර්ණා මල්ලවාරච්චි නම් මේ අපූර්වතම කලාකාරිය අද්විතීයය. අග්‍රගණ්‍යය.

සිනමා නිර්මාණයක්වත් ළඟපාතක නැතිව තිබියදී ස්වර්ණා ගැන ඇගේ රංග කුසලතාව ගැන අලුතෙන් සටහනක් තබන්නට හේතු වූයේ පසුගිය විසිවැනිදාවේ ඔස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවරදී ඈ වෙනුවෙන් පැවැති උපහාර උළෙල නිසාය. කිසිදු ආයතනයක හෝ සංගමයක අනුග්‍රහයක් නැතිව විදේශීය රටක පළමුවරට පැවැත්වුණු මෙම උපහාර උළෙල සංවිධාන කළේ චන්ද්‍රකාන්ති වික්‍රමසිංහ සහ රම්‍යා තෙන්නකෝන් සමග ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් විසින්ය.

ප්‍රධාන දේශනය කවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසිරි වීරවර්ධන විසින් මෙහෙයවූ අතර, ස්වර්ණා මල්ලවාරච්චිගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූ ‘දඩයම’ චිත්‍රපටයද අවසානයේ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. සුවිශේෂවම ඈ වෙනුවෙන් මෙවැනි උපහාර උළෙලක් පැවැත්වීමට හේතු වූයේ අඩසියවසක් ගෙවුණු ඇගේ සිනමා දිවි ගමනට ශුභාශිංසන ප්‍රාර්ථනා කිරීම සඳහාය. ඒ පිළිබඳ මුහුණු පොතේ පළවූ පෝස්ටුව වෙනුවෙන් මේ කීර්තිධර සිනමා තාරකාවට උණුසුම්ව සුබ පැතුම් එක්කරමින් කමෙන්ට් බොහොමයක් සටහන්ව තිබුණු අතර, ඇතැමුන් එහිදී තම තමන්ගේ නිදහස් අදහස්ද ප්‍රකාශ කොට තිබිණි.

‘අඩසියවසක් ප්‍රවීණ නිළි ස්වර්ණා මල්ලවාරච්චි සිනමාවට කළ මෙහෙවර වෙනුවෙන් අපේ රටේ මෙවැනි උපහාර උළෙලක් සංවිධාන නොකිරීම කනගාටුවකි.’

‘ශ්‍රී ලංකා නළු නිළි සංගමය කොහිද? මෙවැනි උපහාර උළෙලක් පැවැත්විය යුත්තේ ඔවුන් නොවේද?’

‘අඩසියවසක සිනමාගමනය වෙනුවෙන් ප්‍රවීණ නිළි ස්වර්ණාට උපහාර පැවැත්විය යුත්තේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රහයෙන් නොවේද?’

චෝදනාත්මක ස්වරූපයේ එවැනි කමෙන්ටුද ඒ අතර විය. කියන්නත් වාගේ ඒ කතා සහ චෝදනා බොරු යැයි කියා කියන්නට බැරිය. වැරැදිය කියා කියන්නටද බැරිය. ඒ කමෙන්ටු සටහන් කළ අය විමසා සිටියා සේම ප්‍රවීණ සම්මානනීය නිළි ස්වර්ණා මල්ලවාරච්චි තම සිනමාගමනයෙහි අවුරුදු පනහ ස්වර්ණමය මොහොත වෙනුවෙන් උපහාර උත්සවයක් පැවැත්විය යුතු බව සිංහල සිනමාවට නෑකම් කියන අපේ කලාකරුවන්ට අමතක වූයේ ඇයි? ශ්‍රී ලංකා නළු නිළි සංගමය කියා එකක් ලංකාවේ තියෙනවා නම් මෙතරම් අමරණීය සිදුවීමක් ඔවුනට අමතකව ගියේ ඇයි?

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින කලාකාරයකුටවත් ස්වර්ණා මල්ලවාරච්චිගේ අභිමානනීය සිනමා ගමන වෙනුවෙන් යමක් කරන්නට තිබුණා නොවේද? සිනමාවට සම්බන්ධ හැමෝටම වාගේ එවැන්නක් අමතකව යෑම ලොකු අඩුපාඩුවකි. අත්වැරැද්දකි. අපේ රටේ අපේම කලාකරුවන් වෙතින් ස්වර්ණා මල්ලවාරච්චි වැනි ප්‍රවීණ නිළියකට එහෙම අත්වැරැද්දක් සිදුවීම අතිශයින්ම කනගාටුදායකය.

ඒ වාගේම ඒ අත්වැරැද්ද හරිගස්සන්නට ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් අත්වැල් බැඳගැනීම ඔවුන් ලද අභිමානයක් නොවේද? තවත් පැත්තකින් බලනවා නම් ඉතා ඵලදායී මෙහෙවරක් කොට ඔවුන් හිමිකරගත් ඒ අභිමානය ශ්‍රී ලාංකේය නළු නිළි සංගමයට, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට මෙන්ම සිනමාව සමග සම්බන්ධකම් පවත්වන කලාකරුවන්ටද එක්තරා ආකාරයක අතුල්පහරක් නොවේද?

ශ්‍රී ලංකා ආණ්ඩුව ගැන හෝ දේශපාලකයන් ගැන මෙතැනදී කතා කිරීමෙන් පලක් නැත. දේශපාලකයා සහ කලාකරුවන් අතර හොඳ මිත්‍රත්වයක් ගොඩනැගුණා නම් රාජපක්ෂලාට සහ අනෙකුත් පක්ෂවලට ගැතිකම් කොට පාර්ලිමේන්තුවට ගිය කලාකරුවන්ට තම සහෝදර කලාකරුවන් මෙන්ම තමාද කලාකරුවකු බව කවදාවත් අමතක වන්නේ නැත.

මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතුය. ඒ මේ රටේ සිටින කලා සංවිධාන, නළු නිළි සංගම් පවා මේ කටයුත්ත මඟහැර සිටීමය. කොටින්ම කියනවා නම් නළු නිළියන් අගය කළ යුතු චිත්‍රපට සංස්ථාවට පවා ස්වර්ණා අමතකව ගොස් තිබිණි. අද ඔවුන් සියලු දෙනා එක්ව කරන්නේ එම විශිෂ්ට නළු නිළියන් අගය කිරීම පසෙක තබා ඊයේ පෙරේදා එළියට ආ තරුණ නළු නිළියන් කරේ තබාගෙන වසරකට වරක් වේදිකාවට නංවා ‘රිදී රැයක්’ වැනි වැනි ප්‍රසංග පවත්වමින් බාල් නැටීමය. ඒ ප්‍රසංගවලින් වවාගෙන කෑමය. පැරැණි නළු නිළියන්ගේ ගීතවලට අලුත් නළු නිළියන්ගේ මුහුණු දමා නැටවීමය.

අනෙක් අතට ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ට සලකන ආකාරය නොදන්නේ නම් ඒ ගැන යම් තරමකින් හෝ පාඩමක් ඉගෙන ගැනීමට ඉන්දියාව දෙස බැළිම හොඳටම ප්‍රමාණවත්ය. මන්ද ඉන්දියාව සිය ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ට සලකන්නේ දෙවියන්ට සලකනවා හා සමාන ආකාරයටය. ඔවුන් සිය ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ව ආරක්ෂා කරන්නේ මැණික් කැට ආරක්ෂා කරන ආකාරයටය. රජයේ ඉහළම සම්මාන මේ ජ්‍යෙෂ්ඨ නළු නිළියන් වෙත ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ලබයි. ඒ අතින් අපේ බලධාරීන් සිටින්නේ ගවු ගණනක දුරින්ය.

කොහොමත් සිදුවූ වැරැද්ද දැන් පාස්සන්නට නොහැකිය. එහෙමය කියා සිතට දැනෙන ලැජ්ජාව හෝ හීනමානය අමතක කරන්නටද බැරිය. ස්වර්ණා වැනි අසහාය කලාකාරියකගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් සිය සහෝදර කලාකරුවන් අතින් මඟහැරී ගියා නම් අපේ අනෙකුත් කලාකරුවන් ගැන කවර කතාද? ස්වර්ණා මල්ලවාරච්චි යනු සිංහල සිනමාවට ස්වර්ණමය යුගයක් තිළිණ කළ ප්‍රතිභාපූර්ණ නිළියකි. ඇය කිසි විටෙක ප්‍රසිද්ධිය පසුපස නොගිය, මාධ්‍ය පසුපස නොගිය සරල කලාකාරියකි. ශ්‍රී ලංකා නළු නිළි සංගමය හෝ චිත්‍රපට සංස්ථාව වෙතින් ඇයගේ කලා ජීවිතයෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් මෙලෙස මඟහැර දැමීම අශෝභන සිදුවීමකි.

සියල්ල සිදුවී හමාරය. ස්වර්ණා අඩසියවස සැමරූ ඔබේ ස්වර්ණමය සිනමා ජීවිතයට ‘මව්රට’ අප ඉතසිතින් සුබ පතන්නෙමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වෙඩින් එකේ නට නටා සිටි අවුරුදු 25ක අලෙවි විධායකවරිය හදිසියේම අසනීප වී මියගිහින්! I Sri Lanka Latest News

Next Post

ජාතික රෝහලේ මරණයකට තුඩුදුන් බවට සැක ප්‍රතිජීවක කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.