• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාභ ලබන කන්තලේ සීනි කම්හල විකුණාදමලා වෙච්ච හදිය මෙන්න… ඉස්සරහටත් වෙන්නේ මේ අපරාධයමද?

May 4, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ලාභ ලබන කන්තලේ සීනි කම්හල විකුණාදමලා වෙච්ච හදිය මෙන්න… ඉස්සරහටත් වෙන්නේ මේ අපරාධයමද?
Share on WhatsAppShare on Facebook

සීනි පැණි රසය. එහෙත් සීනි පසුබිමේ ඇති කතා ඇතැම් විට තිත්ත රසය. නැතහොත් නීරසය. ඒ මොන රස වෙතත් ලංකාවේ සීනි ගැන කතා කරන කොයි කාටත් කන්තලේදී නතර වන්නටම සිදුවේ. ඒ, ලංකාවේ පිහිටි දැවැන්තම කම්හල නැති නම්, කර්මාන්ත නගරය පිහිටියේ කන්තලේ වන බැවිනි. මේ කියන්නට යන කන්තලේ දැවැන්ත කර්මාන්ත පුරයේ හැදුවේ සීනිය. ඊට අමතරව එහි එතනෝල්ද නිෂ්පාදනය විය. එතනෝල් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ මත්පැන් සාදන්නටය. එහෙත් ඉන්ධනයක් ලෙසින්ද එතනෝල් යොදාගන්නට හැක. ලංකාවේ කෝටි දෙකකට වඩා මිනිස්සු දිනකට තුන් හතර විඩක් නොවැරදීම තේ බොති. ඉන් බහුතරයක් තේ බොන්නේ සීනි සමගය. රස කැවිලි සාදන්නටද සීනි යොදාගනී. ඊට අමතරව ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් මත්පැන් බොන්නෝය. මත්පැන් සාදන අංක එකේ අමුද්‍රව්‍යය එතනෝල්ය. තේ බොන්නෝ මත්පැන් බොන අතර, මත්පැන් බොන්නෝ තේද බොති. ඒ කියන්නේ මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් සීන පාවිච්චි කරන්නෝය. කෝටි දෙකකට ආසන්න ගණනක් සීනි බීවද ලංකාවේ ලොකුම සීනි ෆැක්ටරිය දැන් කලක සිට වසාදමලාය. සීනි ඇතැම් විට තිත්ත වන බව ලියුම්කරු මුලින්ම කීවේ ඒකය. මෙතැන් සිට පහළට ඔබ කියවන්නේ කන්තලේ සීනි තිත්ත වීමේ ඇත්ත කතාවය. කතාව ඇත්ත වුවත් ඇත්තටම කතාව තිත්තය.

මේ කියන කන්තලේ සීනි කම්හල ලංකාවට හිමිවන්නේ පරිත්‍යාගයක් ලෙසිනි. ඊට එකම එක සතයක්වත් ලංකාවෙන් වැයකර නැත. 1957 වසරේ මෙම කම්හල ඉදිකිරීම ආරම්භ කරන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති ධුරය දැරූ, මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පැවැති සමයේය. ඒ කාලයේ බණ්ඩාරනායකලා කොහොමටත් සමාජවාදී රටවල් සමග මිතුරුකම් පවත්වාගෙන ගිය බව ප්‍රකටය. ඒ මිතුරුකම් නිසාදෝ කන්තලේට දැවැන්ත සීනි කම්හලක් ලබාදෙන්නට එකඟ වන්නේ චෙකොස්ලෝවැකියා ජනරජයයි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ වේගයෙන් පැතිරුණු කාර්මික විප්ලවය නිසා සමාජවාදී රටවල ලොකු කාර්මික පුබුදුවක් ඇතිව තිබිණි. කන්තලේ සීනි කම්හල අපට හිමිවන්නේද ඒ කාර්මික විප්ලවය සමග බැඳී බටහිර අධිරාජ්‍යයට එරෙහි රටක් ලෙස ලංකාවේ අලුත් ආණ්ඩුව කටයුතු කළ නිසා විය හැක. මේ කියන සමයේ චෙකොස්ලෝවැකියාවේ නිපදවූ වාහන ලංකාවේ වෙළෙඳපොළේ බි්‍රතාන්‍ය වාහන සමග තරග කරමින් තිබිණි. බි්‍රතාන්‍යයේ මැසි ෆර්ගියුසන් ට්‍රැක්ටරය සමග චෙකොස්ලෝවැකියාවේ නිපදවූ අයි.එම්.ටී. ට්‍රැක්ටරය ගොවිබිම්වල තරග කරද්දී, ඔස්‍ටින්, මොරිස්, ෆෝර්ඩ් වැනි වාහන සමග චෙක් රටෙන් ආ ස්කෝඩා කාර් මහ පාරේ හරි හරියට තරග කළේය. බි්‍රතාන්‍යයෙන් ගෙනා බී.ඇස්.ඒ., ට්‍රයම්ප් මොටෝ සයිකල් සමග චෙකොස්ලෝවැකියවේ ජාවා මොටෝ සයිකලය තරගයට සූදානම් වුවද සුද්දෝ එය වතුවලට වද්දා නොගත්හ. එහෙත් පෞද්ගලික හිමිකරුවෝ ඊට ප්‍රිය කළහ. ඩන්ලොප්, ගුඩ්ඉයර් ටයර් සමග චෙක් රටේ බැරම් ටයරය තරගයට සූදානමින් සිටියේය. මේ ආකාරයෙන් ලංකාවට චෙක් කාර්මික උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර හුරුවෙමින් පැවැති යුගයක මේ දැවැන්ත කම්හල ලංකාවට හිමිවූයේය.

කන්තලේ සීනි කම්හල යනු දැවැන්ත ඉදිකිරීමකි. ඒ සඳහා යොදාගත් බිම් ප්‍රමාණය අක්කර 21,223කි. 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ පිහිටුවනු ලැබූ මෙම කම්හල 1960 ඔක්තෝබර් 2 වැනි දින විවෘත කරනු ලැබුවේ එවක සෙනට් සභිකාවක් ලෙස පාර්ලිමේන්තුවට පත්ව ලෝකයේ මුල්ම අගමැතිනිය බවට පත්ව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසිනි. මුළු කර්මාන්ත ශාලා පරිශ්‍රයම චෙක් රජයෙන් පරිත්‍යාගයක් ලෙස ඉදිකර දුන් අතර ප්‍රධාන කර්මාන්ත ශාලාවට අමතරව, එතනෝල් නිස්සාරණය සහ ගබඩා කිරීමට වෙනමම අංශයක්, නිල නිවාස 800ක්, ආරෝග්‍ය ශාලාවක්, ගිලන් රථ, පුස්තකාලයක්, බැංකුවක්, පාසලක්, සුපිරි වෙළෙඳසලක්, පාපන්දු ඇතුළු ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගණයක්, නිලධාරීන් සහ සේවකයන් සඳහා වෙන වෙනම සමාජ ශාලා දෙකක්, පොලිසියක්, පන්සලක්, පල්ලියක්, බේකරියක් ඇතුළු දි‍යුණු නගරයකට අවශ්‍ය සෑම පහසුකමක්ම ඇතුළත් විය. එපමණක්ද නොව වැසි ජලය බැස යාම සඳහා කානු පද්ධතීන් සහ කසළ බැහැර කිරීමේ පද්ධතියක්, වැව් දෙකක් මේ කර්මාන්ත ශාලාවට අයත් විය. බර වාහන සහ සැහැල්ලු වාහන සඳහා වෙන වෙනම නඩත්තු අංගණ කිහිපයක්, වෙනමම බස් රථ සේවාවක්, ඉන්ධන පිරවුම්හල් වැනි සේවා අංගද ඊට අයත් විය. කෙටියෙන් කන්තලේ සීනි කම්හල යනු රටක් ඇතුළේ වෙනම රටකි. වෙනකක් තබා මෙම දැවැන්ත කම්හලට අවැසි විදුලිය නිපදවූයේද සීනි නිපදවා ඉවතලන උක් රොඩු දහනයෙනි. මේ සියලු අංග සපිරුණු කන්තලේ සීනි නගරයේ නොතිබුණේ බයිස්කෝප් හෝල් එකක් පමණක් බව එහි පැරැණි සේවකයෝ පවසති.

අක්කර 21,223ක් වූ කම්හල සතු මුළු ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 11,500ක පමණ උක් වවා තිබිණි. ස්ථිර සේවකයන් 1,300ක් එහි සේවය කළ අතර අනියම් සේවකයන් ඇතුළු සමස්ත සේවක සංඛ්‍යාව 5,000කට ආසන්න විය. කම්හලේ දෛනික උක් ඇඹරීමේ ධාරිතාව මෙටි්‍රක් ටොන් 1,200ක් විය. ඇඹරුම් වාර දින 160ක් තුළ උක් ගස් මෙටි්‍රක් ටොන් 192,000 අඹරා සිනී මෙටි්‍රක් ටොන් 16,320ක් නිපදවීමේ හැකියාව කම්හල සතු විය. ඊට අමතරව දින 300ක් තුළ ස්ප්‍රීතූ (එතනෝල්) ලීටර් මිලියන 3.6ක් නිපදවීමටද ඊට හැකි විය. මේ සියලු තොරතුරු කන්තලේ සීනි සමාගමේ අබිලි යකඩ අලෙවි කිරීම පිළිබඳ පැවැත්වූ විගණනයේ තොරතුරු ඇතුළත් විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙයි.

1960 නිෂ්පදන ඇරඹූ කන්තලේ සීනි සමාගම ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් 8.5%ක් සපයන්නට සමත් වූයේය. මේ මහා කර්මාන්ත නගරය නඩත්තු කරමින් භාණ්ඩාගාරයටත් ප්‍රතිපාදන සැපයූ කන්තලේ සීනි දැවැන්තයාගේ මල්බර සමය 1970 – 80 අතර කාලය බව එහි සේවකයෝ පවසති. ‘ඒ කාලේ රෑට ලයිට් දැම්මාම ෆැක්ටරිය හරියට මුහුදේ පාවෙන නැවක් වගේ. බලන්න ලස්සනයි. ඒත් බලන්නකෝ දැන් හැටි. මලකඩ කාලා දිරා ගිහින්. හරියට අනිත්‍ය මෙනෙහි කරන හොඳයි’ වරක් එහි ගිය ලියුම්කරු සමග ඔවුහු පැවැසූහ.

1977 දී විවෘත ආර්ථිකය යටතේ භාණ්ඩ ආනයනය පුළුල් විය. නව දේශපාලන වෙනස සමග මිනිස්සු වෙනස් වන්නට වූහ. දේශීය සීනි නිෂ්පාදනය රටේ අවශ්‍යතාවන් සපුරන්නට කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැත. මැතිනියගේ කාලයේ ‘සීනී නැතිව තේ බොන්නම්’ යැයි පෙළපාළි ගිය ලාංකිකයෝ පියවි ලෝකයට පා තබා තිබිණි. එහෙයින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සීනි ආනයනය කිරීමට ආණ්ඩුවට සිදුවිය. ඒ වන විටත් ලෝකයේ සීනි කර්මාන්තය බොහෝ සේ දියුණු වී තිබිණි. ලංකාවේ සීනි කර්මාන්තයට යොදාගත් තාක්ෂණයට වඩා කාර්යක්ෂම තාක්ෂණයක් යොදාගන්නා රටවල් සීනි සඳහා තරගකාරී මිල ගණන් ඉදිරිපත් කිරීම නිසා කන්තලේ සීනිවලට වඩා ආනයනික සීනි කෙරෙහි ව්‍යාපාරිකයෝ ආකාර්ෂණය වූහ. මේ අතරතුර දේශපාලන බලපෑම් නිසා කම්හලේ සේවක ප්‍රමාණය ඉහළ යෑම වැනි දේ සිදුවන්නට විය. 1975 පමණ වන විට කම්හල පූර්ණ නවීකරණයකට ලක්කළ යුතුව තිබූමුත් 77දී බලයට පැමිණි ආණ්ඩුව එය හිතාමතාම මඟහැර සිටියේය. එහෙත් මේ සියලු අලකලංචි මැද්දේ කන්තලේ සීනි තිත්ත නොවී තබාගන්නට එහි සෙවකයෝ සමත් වූහ. මේ ආකාරයෙන් අභිමානවත් ආකාරයෙන් පවත්වාගෙන ආ සීනි කම්හලට උඩින් කණකොකා හඬන්නට පටන් ගන්නේ 1990 දශකයේදීය.

ඒ වන විට ඊළාම් යුද්ධයේ කළු සෙවණැලි උතුරෙන් නැගෙනහිර දෙසට ඇදෙමින් තිබිණි. වෘත්තීය සමිති ක්‍රියාකාරම් කම්හල තුළ සක්‍රීය වීම නිසා වර්ජන ආදියද විටෙන් විට මතුවන්නට විය. අවසානයේ කන්තලේ සීනි කාම්හල සම්බන්ධ ආඩම්බරකාරී සිතුවිලි යට කරමින් කම්හලේ බර ආණ්ඩුවට දැනෙන්නට විය. සීනි කම්හල නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර සිනි නිෂ්පාදනයේ ගෝලීය තරගයට මුහුණ දෙනු වෙනුවට කම්හල යකඩවලට විකුණා කොමිස් කුට්ටියක් ඩැහැගැනීම වාසිදායක බව ඇතැමුන්ගේ අදහස විය. ඒ අනුව 1993 දී කන්තලේ සීනි කම්හල පෞද්ගලික සමාගමක් වූ ‘ලංකා ඒජන්සීස්’ වෙත පවරා දීමට කටයුතු කෙරිණි. එහෙත් එම ආයෝජකයා කම්හලේ සම්පත් සූරාකන්නට වීමත්, සෙවකයන් දැඩි නීතිරීති මධ්‍යයේ පාලනය කරන්නටත් පටන්ගත් නිසා නැවත ගැටලු ඇතිවිය. ඒ අනුව එම වසර අග භාගයේ කම්හල නැවත රජයට පවරා ගැනීමට එවක පැවැති ආණ්ඩුවට සිදුවිය. 1994 වන විට කන්තලේ සීනි සමාගම එහි අවසාන අදියරට පැමිණ තිබිණි. තවදුරටත් උක් අඹරන්නට උක් දඬු නොවූ නිසා කම්හලේ දැවැන්ත යන්ත්‍ර සූත්‍ර එක තැන නතර වන්නට විය. අවසානයේ සේවකයන් 234 දෙනකු පමණක් රඳවාගෙන කම්හල වසාදමන්නට ආණ්ඩුව 1994 දී තීරණය කළේය.

කන්තලේ සීනි කම්හල පවරා දුන් ආයෝජකයා වන ලංකා ඒජන්සීස් සමාගම කම්හල නැවත පවරාගැනීම ගැන පවරා තිබූ නඩුව ආණ්ඩුවේ වාසියට 2003 වසරේ නිමාවට පත්වීමත් සමග කන්තලේ කම්හල යළි අරඹන්නට හැකි වෙතැයි එහි සේවකයෝ සුබ සිහින දුටහ. ආණ්ඩුවද විදෙස් ආයෝජකයකු සොයාගන්නට උත්සාහ ගන්න ලදී. අවසානයේ ආයෝජන මණ්ඩලය හරහා ඉන්දීයාවේ ශ්‍රී ප්‍රභූලිංගේෂ්වර නම් සමාගම කන්තලේ කම්හල අරඹන්නට එකඟ විය. එහෙත් නිතර නිතර කොන්දේසි සංශෝධනය වීම සහ වෙනත් කරුණු රැසක් නිසා එම සමාගමද කන්තලේ සීනි පැණි රස කිරීමේ වගකීම අතහැර දැමීය. ඉන් අනතුරුව එම්.ජී. ෂුගර් නම් සමාගමක් කම්කල භාරගැනීමට ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වුවද අබලි යකඩ විකිණීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගැටලුවක් නිසා එම ගනුදෙනුවද ක්‍රියාත්මක වූයේ නැත. අද වන විට කන්තලේ කම්හල පුරා ඇත්තේ දිරායමින් පවතින වාහන සහ යන්ත්‍ර සූත්‍රය. ඒවායෙන් ඇතැම් ඒවා යළි ගොඩගත නොහැකි බව බැලූ බැල්මට පෙනෙණමුත් මෙහි රැඳී සිටනා සේවකයෝ එයින් දුර්මුඛ වන්නේ නැත. ‘මේවා ගොඩගන්න පුළුවන්’ යැයි එහි ඉඳහිට යනෙන කොයි කා සමගත් ඔවුහු පවසති. කන්තලේ කම්හල පැරණි කම්හලේ හැකි සෑම සම්පතක්ම යොදාගෙන නව කම්හලක් අරඹන්නට නව ආයෝජකයෙක් සොයාගත හැකි නම් එය අගේ ඇති ක්‍රියාවකි. එමෙන්ම එය කළ නොහැකි ක්‍රියාවක් නොවන්නේද නොවේ. එහෙත් ඇඟලුම් කම්හලක් වැනි දෙයකට කරන ආයෝජනයකට වඩා දැවැන්ත ආයෝජනයක් ඒ සඳහා කළයුතු වෙයි. එවැනි ගනුදෙනුවලට ආයෝජකයන් දිරිගන්වන ආකාරයේ පරිසරයක් තවමත් ලංකාවේ නැත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන බදු ප්‍රතිපත්ති සහ ගේන ගේන නීතියට එරෙහිව වර්ජන කරන රටකට විත් දේශපාලන මැරයන්ගෙන් ගුටිකා ඉස්පිරිතාල ගානේ ලගින්නට තරම් අමාරුවක් කිසිම ආයෝජකයකුට නැත. ඊට අමතරව ආණ්ඩුවට කරගෙන යන්නට බරි තැනට පත්වූ ව්‍යවසායන් ජාතික සම්පත් ලෙස අර්ථ දක්වන දේශපාලන න්‍යාය සහ ජනතා ආකල්පද වෙනස් වීම මහා පරිමාණ ආයෝජන සඳහා උත්තේජන සපයයි. ඒත් ලංකාවේ ඇත්තෝ මේ කරුණු ගැන දක්වන්නේ ඉතා පසුගාමී ආකල්පයන්ය. එබැවින් කන්තලේ සීනි කම්හලට පණ දීම යනු කළ නොහැක්කක් නොවන අතරම එය හිතන තරම් පහසු වැඩක්ද නොවන බව පැවැසිය යුතුය. සීනිවලට වෙනම ඇමැති කෙනෙක් සිටි කාලයේවත් කම්හල අරඹන්නට බැරිවූයේ ඒකය.

එහෙත් ගෝඨාහය රාජපක්ෂ බලයට පැමිණි කාලය මෙරට තරුණ ප්‍රජාව ඉමහත් උද්‍යෝගයකට පත්ව ක්‍රියා කළ බව ඔබටද මතක ඇත. තරුණ දූ පුතුන් තාප්පවල චිත්‍ර අඳිමින් පෙන්වූයේ එකී උනන්දුවයි. එසමයේ කන්තලේ කම්හල නරඹන්නට ගිය තරුණ කොටස් එහි දිරායමින් තිබෙන යකඩ තොගය දැක ඉන් වශීකෘතවී කම්හල අරඹන්නට උත්සාහ ගත්හ. එහෙත් මේසා දැවැන්ත කාර්යයක් හුදු බාහු බලයෙන් පමණක් කළ නොහැකි බව පසක් කරමින් එකී උත්සාහය ලත් තැනම ලොප් විය. අද වන විට එම තරුණ කොටස් තුළ එකී ආවේගය නැත. මහත් බලාපොරොත්තු තබා සිටි ජනාධිපති ගෝඨාභය ජනතාව විසින් පලවා හැර අවසානය. කම්හල සාදා දුන් චෙකොස්ලෝවැකියාව අද ලෝක සිතියමේත් නැත. ඒ වෙනුවට ඇත්තේ චෙක් සහ ස්ලෝවැකියා නමින් රටවල් දෙකකි.

සේවකයන් පිරිසක් තවමත් එහි රැඳී සිට හැකි විලසින් කම්හල ආරක්ෂා කරයි. කම්හලට දැඩි සේ ආදරය කළ ඔවුහු එය යළි ආරම්භ කරන තෙක් බලා සිටිති. ඒත් මේ වන විට මුළු කම්හල් බිමම වනාන්තරය ගිලගෙන තිබේ. ඔබ විශ්වාස නොකළද අද වන විට අලි ඇතුන් පවා ගැවසෙන දැවැන්ත වනාන්තරයක් කම්හල වටකර ගනිමින් නැගී සිටී. ඊට අමතරව නයි පොළඟුන් සෑම තැනමය. මේ සියලු තර්ජන මැද එහි රැඳී සිටින සේවකයන් අතලොස්සේ බලාපොරොත්තුව මැරෙන්නට පෙර කන්තලේ සීනි ටිකක් අල්ලට දමා කහට උගුරක් බොන්නටය. ඔවුනට ලෝකයේ කොයි කොදෙව්වෙන් සීනි ගෙනාවත් ඒවා තමන් නිපදවූ කන්තලේ සීනි තරම් පැණිරස නැත. ‘මහත්තයෝ මේක ආයි පටන් ගන්නවා නම් අපි පඩියක් නැතිව මේක එළිකරලා දෙන්නම්. ඒකත් පත්තරෙට ලියන්න’ යැයි එහි සිටි සේවකයකු පැවැසීය. ඒ නිර්ව්‍යාජ ප්‍රකාශය කියපාන්නේ කන්තලේ සීනි පැණි රස කරන්නට ඔවුන් තුළ ඇති වුවමනාව නොවේදැයි ලියුම්කරුට සිතිණි.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහින්ද කියන්නේ ගම් කුකුළෙක්! නාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුළෙක්! සාටක වැඩිවෙද්දි නාටක වැඩිවෙනවා! ආයෙ කවදාවත් රාජපක්ෂලාට ජනාධිපතිකම් කරන අනාගතයක් නෑ! පිස්සුද අනේ.. බැසිල්ට බෑ…! රාජපක්ෂලාගේ මොකා ආවත් වැඩක් නෑ! රාජපක්ෂවරුන් ගැන විමල්ගේ අලුත්ම එක! VIDEO

Next Post

අදත් වහිනවා! වැඩිම වැස්ස යාපනයට! මෙන්න මේ පැතිවල නාය යන්නත් පුලුවන්!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.