• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කියන්නට අවසරයි… දැවෙන හැටි දෙගුරු සිත් ණැන නොලැබ නුඹලා කොහේ ගියාදැයි කියා මහවැලිය හන්තාන අඩවියම වැලපෙයි අද නුඹලා නැති සොවින් දළදා හාමුදුරුවනේ…. දේශනා කරනු මැන කාගේ දොසා මොවුන් අත වු වරද කුමක්දැයි පෙර භවේ I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ සෑම දරුවකුටම තියෙන අහිංසක සිහිනයක් තමයි ජීවිතයේ කවදා හරි සරසවි වරම් ලබාගන්න එක. ලංකාවේ සරසවි කොපමණ තිබුණත් ඒ සියල්ල අතරින් බොහෝ දෙනා වඩාත් කැමැත්තක් දක්වන්නේ පේරාදෙණිය සරසවියටයි.(Sri Lanka Latest News)

පරිසරයේ ඇති නිස්කලංක බව, මහවැලි ගඟ සහ හන්තාන අඩවිය වැනි සිත් සනහාලන පරිසරයක පිහිටි නිසාම පේරාදෙණිය සරසවියට ඇතුළු වීම අතීතයේ පටන්ම බොහෝ දෙනාගේ සිහිනයක්ව තිබෙනවා. ඒ හේතු සාධක ද දරුවන්ගේ අධ්‍යාපන සිහිනයන් සාර්ථකත්වය කරා ගෙන යෑමට රුකුලක් වුණා.

එදා මෙදා තුර මේ පේරාදෙණිය සරසවියෙන් බිහිවූ විද්‍යාර්ථයන් අද රටේ ඉහළ නිලතල දරමින් රටට කීර්තියක් අත්කර දෙමින් සිටිනවා. එසේම අදත් මේ සරසවියෙන් පිටවන විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමින් පිරි සිසු දරුවන් රටට ලොවට වැඩදායී විශිෂ්ටයන් වනවා.

එහෙත් මේ වන විට මේ සුන්දර සරසවි බිමෙන් අසන්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් දෙයක්. මානසික ආතතිය දරාගත නොහැකි වීම නිසා ජීවිත හානි කරගන්නා පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයන් සංඛ්‍යාව පසුගිය කාලය තුළ ඉහළ අගයක් ගෙන තිබුණා. ඒ වගේම අනෙකුත් සරසවිවලින්ද මෙවැනි කනගාටුදායක සිදුවීම් වාර්තා වුණා.

පසුගිය අගෝස්තු මාසයේදී පමණක් පේරාදෙණිය සරසවියේ සිසුන් 140කට වඩා උපදේශන සේවා ලබාගෙන තිබීම එම කනගාටුදායක තත්ත්වය මනාව පිළිබිඹු කරන බවයි මනෝ උපදේශන නිලධාරිනී චන්දිමා හේරත් මහත්මිය පවසා සිටියේ.

පසුගිය වසරේ මාස 08ක් තුළ පේරාදෙණිය සරසවියේ සිසුන් 04 දෙනකු දිවි නසාගැනීම කනගාටුවට කරුණක්. මානසික ආතතිය හෙවත් විශාදය යනුවෙන් හඳුන්වනු ලබන්නේ හිතේ දිර්ඝ කාලයක් පවතින ශෝකී බවයි. වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථික සමාජ අර්බුදයන්ද මෙම තත්ත්වයන්ට සිසු සිසුවියන් පත්කරන්නට හේතු වනවා වන්නට පුළුවන.

පසුගිය 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තවත් කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණා. ඒ, මානසික ආතතිය දරාගැනීමට නොහැකිව සිසුවෙක් ගෙළ වැලලාගෙන මියයෑමේ සිදුවීමක් පිළිබඳවයි. එලෙස මියගොස් තිබුණේ ඉංජිනේරු පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක්. අලුයම 4.30ට පමණ නේවාසිකාගාරයේ පහත මාලයේ එම සිසුවා ගෙල වැලලාගෙන සිටිනු දක්නට ලැබී තිබුණේ නේවාසිකාගාර මිතුරන්ටයි.

සිසුවා ගෙල වැලලා ගැනීමට භාවිත කර ඇති ලණුවද පිටතින් ගෙනා ලණුවක් වීම සහ ඔහුගේ ජංගම දුරකතනයද අස්ථානගතව තිබීම යන කරුණු මත මරණයට අදාළ පරීක්ෂණ මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වීමට නුගේගොඩ පොලිසිය කටයුතු කර තිබුණා.

මේ නේවාසිකාගාරය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කුලී පදනම මත ලබාගෙන පවත්වාගෙන යනු ලබන එකක්. එය පිහිටා ඇත්තේ මහරගම කටුවාවල ප්‍රදේශයේය. නේවාසිකාගාරය තුළ ශිෂ්‍යයන් 64 දෙනකු සිටින බවයි දැනගන්නට ලැබුණේ. මෙලෙස මරණයට පත්ව තිබුණේ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විග්නේස්වරන් අබිනේජන් නැමැති සිසුවෙක් බවද අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු 29 වැනිදාද ඉංජිනේරු පිඨයේ සිවුවැනි වසරේ ඉගෙනුම ලැබූ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් සේනක බිබිලේ නේවාසිකාගාරයේදී ගෙල වැලලාගෙන මියගොස් තිබුණා. ඔහු සියදිවි හානිකරගන්නා බවට ලියූ ලිපියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබූ අතර, එහි සඳහන්ව තිබුණේ ‘මට සමාවෙන්න, මේ පීඩනය මට දරාගන්න බැහැ’ යනුවෙනි.

එසේම පසුගිය වසරේ මැයි 02 වැනිදා පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුවෙක් අතුරුදන් වී තිබුණා. එලෙස අතුරුදන්ව තිබුණේ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නමැති 25 හැවිරිදි ඉංජිනේරු පිඨයේ සිවුවන වසරේ සිසුවෙකි. ගැටලු රැසකට මුහුණපා සිටින බවත්, එම පීඩනය දරාගත නොහැකි බවත් සඳහන් කරමින් ඔහු ලියූ සටහනක් පසුව සොයාගෙන තිබුණා.

මේ අතර, පසුගිය වසරේ අගෝස්තු 27 වැනි දින පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ තෙවැනි වසරේ සිසුවකු මානසික ආතතිය නිසා මහවැලි ගඟට පැන සියදිවි හානි කරගෙන තිබුණා. මෙසේ සියදිවි හානි කරගෙන තිබුණේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර නමැති කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකි.

ඒ උණුසුම මැකී යන්නට මත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින ශාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ සිසුවකු අතුරුදන්ව තිබුණා. ඔහු පැණිදෙණිය ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්.

ඔහු එම කාමරයෙන් බැහැරව ගොස් තිබුණේ දැඩි පීඩනය දරාගැනීමට නොහැකි බැවින් සියදිවි නසාගන්නා බවට ලිපියක් ලියා තබමිනි. යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ මෙම සිසුවා මනෝවිද්‍යා විශේෂ උපාධිය හදාරමින් සිටි අයෙකි. ඔහු අතුරුදන් වීමෙන් දින පහකට පසුව මෘත ශරීරය සොයාගැනුණේ මහවැලි ගඟ ආශ්‍රිත හක්කිඳ ප්‍රදේශයෙනි. ඔහු මහවැලි ගඟට පැනීමෙන් සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

පසුගිය 18 වැනිදා පේරාදෙණිය සරසවියේ තවත් සිසුවෙක් ජීවිතයෙන් සමුගත්තේ ඉතා අවාසනාවන්ත ලෙසයි. ඔහු බඹරකන්ද දියඇල්ල නැරඹීමට ගොස් තිබුණේ මවුපියන්ට හොර රහසේය. එසේ ගිය ඔහු පය ලිස්සා ගොස් දිය ඇල්ලට ඇදවැටීමෙන් මියගියා. එලෙස මියගොස් තිබුණේ පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලැබූ 25 හැවිරිදි සිසුවෙකි. තරුණ වියට එළඹෙත්ම දරුවන්ට මවුපියන්ගෙන් යම් නිදහසක් ලැබෙනවා.

කුඩා වසසේදී මෙන් දරුවන් යන එන තැන් ගැන ඇතැම් විට මවුපියන් සොයා බලන්නේ නැහැ. දරුවන් වැඩිහිටියන් බවට පත්වීමත් සමග ඔවුන්ට ලැබෙන ඒ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනට ගෙන, මවුපියන්ට නොකියා අනතුරුදායක විනෝද ගමනක් යෑම මේ අනතුරට හේතුව බව පැහැදිලිය.

පස්දෙනකුගෙන් යුත් සිසු පිරිසක් මෙම විනෝද ගමනට එක්ව තිබෙනවා. බඹරකන්ද ඇල්ල අවට ගම්වාසීන් එම සිසුන්ට අවවාද කර තිබුණද ඔවුන්ගේ කීම නොතකා මෙම සිසුවා ඇල්ල අසලට යෑම හේතුවෙන් ඔහු ඇදවැටී මියගොස් ඇති බව හෙළිව තිබුණා.

උසස් පෙළ විභාගයට ලක්ෂ ගණනක් සිසු දරුවන් මුහුණ දෙනවා. නමුත් සරසවි වරම් ලබාගන්නේ ඉන් ඉතා සීමිත පිරිසක් පමණයි.

ඔවුන් හැමගේම අහිංසක බලාපොරොත්තුව වන්නේ උපාධි ලෝගුව පැලඳීමයි. ඉන් පසුව උසස් රැකියාවක් ලබාගැනීමයි. ඒ අරමුණ ජයගැනීම වෙනුවෙන් සරසවිය තුළ වසර කිහිපයක දැඩි දුෂ්කර සමයක් ගතකරන්නට සිසුන්ට සිදුවෙනවා.

බොහෝ මවුපියවරුන් තම දරුවන්ව විශ්වවිද්‍යාලවලට එවන්නේ දහසක් දුක් විඳලා. සරසවි වරම් ලබන දරුවන්ගෙන් වැඩි පිරිසක් පැමිණෙන්නේ ඈත දුෂ්කර ගමමානවලින්. ඒ අතරින් තවත් පිරිසක් නාගරික පරිසරයක් තුළ හැදුණු වැඩුණු දරුවන්. ඔවුන්ගේ අදහස් විවිධයි. මේ නිසාම එම දරුවන් අතර විවිධ ගැටුම්කාරී තත්ත්වයන්ද හටගන්නා බව වාර්තා වනවා. සමහර දරුවන් නිවෙසේ දැඩි නීතිරීති යටතේ හැදී වැඩුණු අය. එවැනි දරුවන්ට විශ්වවිද්‍යාලය තුළදී අසීමිත නිදහසක් ලැබීම හමුවේ ඔවුන් කරන කියන දේ ගැන බරපතළකමක් ඔවුන්ටම දැනෙන්නේ නැහැ.

මේ අතර තවත් පිරිසක් සිතන්නේ තමන්ගේ ජීවිතයේ ඉල්ලීම් දිනාගැනීමට ඇති සුදුසුම තැන සරසවිය කියලයි. නමුත් ඒ බලාපොරොත්තු බොඳවූ පසු ඔවුන් ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. මෙවැනි දරුවන් ගැන නිතරම අවධානය යොමුකිරීමත්, උපදේශන සඳහා යොමුකිරීමත් තුළින් ඔවුන්ගේ මානසික ආතතිය දුරුකිරීමට පියවර ගත යුතුයි. ඔවුන්ගේ මනස ධනාත්මකව සැකසීමට උපදේශන සේවා සැකසිය යුතුයි.

බොහෝ දෙනෙක් සරසවියට පැමිණෙන්නේ ඉල්ලීම් දිනාගැනීමටයි. ඔවුන්ගේ පරමාර්ථය උපාධිය ලබාගැනීම පමණක්ම නොවේ. විවිධ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වීමද ඔවුන්ගේ අපේක්ෂාවකි. එසේ වුවද එම දේශපාලන ව්‍යාපාරවලදී ඇතිවන විවිධ ගැටුම් හේතුවෙන්ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් මානසික පීඩාවන්ට පත්වේ.

සරසවි තුළ පවතින නවක වධයද සිසුන්ගේ මානසික ආතතියට තුඩුදෙන තවත් ප්‍රධානතම ප්‍රශ්නයකි. නවක සිසුන් සරසවියට හුරුකරවන ක්‍රියාවලියක් වුවත්, ඉතා දරුණු ආකාරයෙන් නවක වධයට ලක්වීම හමුවෙ ඇතැම් සිසුන් සියදිවි නසා ගැනීමටත්, සරසවිය හැරයෑමටත් පෙලඹෙන බවට උදාහරණ ඕනෑ තරම් පසුගිය වසර කිහිපය තුළින් සොයාගත හැකිය.

සිසුන්, සරසවි ඇදුරන් සලකන්නේ දේශනවලට පමණක් පැමිණෙන පිරිසක් ලෙසටයි. සිසුන්ගේ හිතේ පවතින ප්‍රශ්න ගුරුවරුන්ට පවසා ඊට සහනයක් ලබාගත හැකි බවට විශ්වාසයක් සිසුන් තුළ ගොඩනැගිය යුතුය. බොහෝ සරසවි ඇදුරන් තමාගේ දේශනය අවසන් කර දේශන ශාලාවලින් පිටව යයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආදරය කරුණාව දක්වන්නට ඔවුන්ට කාලයක් නැත. අද බොහෝ දරුවන් දැනුම ලබාගන්නේ විභාග ජයගැනීමට මිස ජීවිතයට මුහුණ දීමට නොවීමත් මෙම ගැටලුකාරී තත්ත්වයන්ට හේතුවක්ව පවතී. සරසවි සිසුන් අතර පවතින තරගකාරීත්වයද මෙම මානසික ආතතීන්වලට ප්‍රධාන හේතුවකි.

කෙසේ වෙතත් දරුවන් හිතටගත යුත්තේ ජීවිතය හැරයාම මානසික ආතතියට පිළිතුරක් නොවන බවයි. මහවැලි ගඟට පැනීම තුළින්වත්, ගෙල වැලලාගැනීමවත් මානසික ආතතියට විසඳුමක් නොවේ. එවැනි ක්‍රියාවන්ට යොමුවන්නේ ආත්මශක්තිය හීන පරාජිතයන්ය. තමන්ට මානසික ආතතියක් දැනේනම් එයට වෛද්‍ය උපදෙස් (Counselling) ලබාගැනීමයි කළ යුත්තේ.

උසස් පෙළ ඉහළින් සමත්ව ඔබ විශ්වවිද්‍යාලයට පැමිණියේ ජීවිතය හැරයන්න නොව, ජීවිතය දිනන්නට බව මතක තබාගන්න. ඔබ ඒ පසුකළ කඩඉම් වගේම සරසවියෙන් අවසානයේ ලබාගත් ඵලය ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යාමට උපකාරී වනු ඇත. ජීවිතයට ප්‍රශ්නවලට ඉවසීමෙන් මුහුණ දී ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යාමට අදිටන් කරගැනීම වගේම මවුපියන්ගේ ඒ අහිංසක හිත්වලට සතුටු කඳුළක් ගෙනදීම සියලුම සරසවි සිසුන්ගේ එකම අධිෂ්ඨානය වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

යන යන තැන ජරා කරන අපේ එවුන්ට ස්වීඩනයෙන් ආපු යුවලක් හොඳ පාඩමක් උගන්වයි!

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී EPF-ETF අරමුදල් කප්පාදු කිරීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක්! I Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.