• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් අස්සේ එළියට එන ලියුං කියුං !

July 26, 2021
in Exclusive, News
Reading Time: 6 mins read
A A
ක්‍රිකට් අස්සේ එළියට එන ලියුං කියුං !
Share on WhatsAppShare on Facebook

ජයග්‍රහණයට පියවරු දහස් ගණනක් සිටියද, පරාජය අවජාතකය යන්න ප්‍රසිද්ධ කියමනකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේදී එම කියමන බෙහෙවින් අදාළ බව ඕනෑම කෙනකුට පෙනී යන කාරණයකි.

කලක් ලෝකයේ අංක එකේ ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් විවිධාකාරයේ කතාබහ දැකගත හැක. ඒ පිළිබඳ විවිධ පුද්ගලයන් විවිධ අදහස් දක්වන ආකාරයද පෙනෙන්නට ඇත. මේ අතර පසුගිය දින කිහිපය පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිදුවූ ලියුම් හුවමාරුව පිළිබඳවද මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ලියන ලද එවැනි ආකාරයේ ලියුම් කිහිපයක්ම පසුගිය දින කිහිපයේදී ප්‍රසිද්ධියට පත් විය. කලක් මෙරට නාමය ජාත්‍යන්තරයේ බැබළවූ ක්‍රීඩකයන් කිහිප දෙනකුම ලියූ ලිපි ඒ අතර තිබීම විශේෂත්වයක් විය.

මුලින්ම ඒ ආකාරයෙන් ලිපියක් යොමු කර තිබුණේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් විසිනි. ඉන්දීය තරග සංචාරයට පෙර ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් මැතිව්ස් ඉල්ලා තිබුණේ නැවත දැනුම් දෙන තුරු තමන්ව ජාතික කණ්ඩායම සඳහා තෝරා නොගන්නා ලෙසිනි. මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ සූදානමක් ඇති බවට කසුකුසුවක්ද එම ලිපිය සමඟ නිර්මාණය විය.

අනතුරුව දැඩි ආන්දෝලනයට ලක් වූ ලිපිය යොමු කළේ දිනේෂ් චන්දිමාල් විසිනි. චන්දිමාල් එම ලිපිය යොමු කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්දද සිල්වා වෙතටය. එමඟින් චන්දිමාල් ඉල්ලා තිබුණේ තමන්ගේ ක්‍රිකට් අනාගත පිළිබඳ තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් ලබා දෙන ලෙසිනි.

තමන් තවමත් 31 හැවිරිදි වියේ පසුවන බව ලිපිය මඟින් පෙන්වා දී තිබූ චන්දිමාල් එබැවින් තමන්ට තවත් වසර කිහිපයක් ටෙස්ට් සහ සීමිත පන්දුවාර තරග සඳහා ක්‍රීඩා කළ හැකි බවද සඳහන් කර තිබිණි. විස්තරාත්මකව සකස් කර තිබූ එම ලිපිය මඟින් චන්දිමාල් තමා මෙතෙක් දක්වා ඇති දක්ෂතා සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ටයන් තම වයස වනවිට දක්වා තිබූ දක්ෂතා සන්සන්දනය කිරීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

එහිදී සනත් ජයසූරිය, අරවින්දද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ටී. එම්. දිල්ශාන් සහ අර්ජුන රණතුංග වැනි ක්‍රීඩකයන් වයස අවුරුදු 30 ඉක්මවන විට දක්වා තිබූ දක්ෂතාවයන් සංසන්දනය කිරීමට දිනේෂ් චන්දිමාල් කටයුතු කර තිබිණි.

ඉන් අනතුරුව මෙම ලිපි හුවමාරුවට නැවත වරක් සම්බන්ධ වී තිබුණේ ඇන්ජලෝ මැතිව්ස්ය. ඒ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමඟ එකතු වෙමිනි. එහිදී ඔවුන් දෙදෙනා එක්ව ලිපියක් යොමු කර තිබුණේ ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් වෙතටය. වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන මුරලිදරන් පසුගියදා පැවැති රූපවාහිනී සාකච්ඡාවක් අතරතුරු දැක්වූ අදහස්වලට පිළිතුරු සැපයීමට මැතිව්ස් සහ දිමුත් තම ලිපිය හරහා කටයුතු කර තිබිණි.

“ආදරණීය මුරලි අයියා වෙත” යනුවෙන් ආරම්භ කර තිබූ එම ලිපිය හරහා ඔවුන් දෙදෙනා අවධාරණය කර තිබුණේ රූපවාහිනී නාළිකාවකදී ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටලුව සම්බන්ධයෙන් මුරලි ඉදිරිපත් කළ කරුණු අසත්‍ය ඒවා වන බවය.

“රූපවාහිනී නාළිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටළුව සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බව සඳහන් කරන්න කැමැතියි. කොන්ත්‍රාත්තුවල ප්‍රශ්නය තනිකරම මුදල් මත පදනම් වී ඇති බව ඔබ ප්‍රකාශ කිරීම අසාධාරණ වන අතර එය අසත්‍යයක් බවත්, එම චෝදනාව නිහතමානීව ප්‍රතික්ෂේප කරන බවත් පැවසිය යුතුයි. එමෙන්ම සිදුවීම්වල නිවැරැදි අනුපිළිවෙළ පිළිබඳව ඔබට නිසි ලෙස දැනුම් දී නොමැති බව හෝ වැරැදි තොරතුරු ලබා දී ඇති බව පෙනී යන බවද සඳහන් කළ යුතුයි.”

ඉහත සඳහන් වන්නේ එම ලිපියෙන් උපුටා ගත් කොටසකි.

රූපවාහිනී සාකච්ඡාව අතරතුර මුරලි පැවසූ කරුණු එකින් එක ගනිමින් ඒවාට ලිපිය හරහා පිළිතුරු සැපයීමට දිමුත් සහ මැතිව්ස් කටයුතු කර තිබීමද විශේෂත්වයකි. එමෙන්ම එම සාකච්ඡාවේදී මුරලි සඳහන් කළ ඇතැම් කරුණු සත්‍යවන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්න කිරීමටද ඔවුන් දෙදෙනා එම ලිපිය හරහා කටයුතු කර ඇත.

ක්‍රිකට් කමිටු සාමාජිකයෙකු ලෙස සහ අනෙක් සියල්ලන්ගෙන්ම මෙම දුෂ්කර කාලයේදී කණ්ඩායමට සහ ක්‍රීඩකයන්ට දිරිගැන්වීමක් සහ උපකාරයක් වන ලෙස එම ලිපිය හරහා ඉල්ලා සිටින ඔවුන් දෙදෙනා අදාළ ලිපිය අවසන් කර ඇත්තේ “ඔබ අපේ මාතෘ භූමියේ නොමියෙන තාරකාවක්වන අතර ඔබගේ ජයග්‍රහණ කිසිවිටෙකත් අභිබවා යනු නොලැබේ. මුරලි අයියා අපගේ ශ්‍රී ලංකා ධජය දිගටම ඉහළින් ඔසවා තබන්න. ඔබේම විශ්වාසී. දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස්” යනුවෙනි.

අනතුරුව මෙම ලිපි හුවමාරුවට සම්බන්ධ වූයේ කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේගපන්දු යවන්නෙකු වූ ධම්මික ප්‍රසාද්ය. විශේෂත්වය වන්නේ ප්‍රසාද් විසින් ලිපිය යොමු කර තිබුණේද මුත්තයියා මුරලිදරන් වෙත වීමය. එයද මුරලි සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවේදී පළ කළ අදහස් සම්බන්ධයෙන් පිළිතුරු සැපයූ ලිපියකි.

“ඔබ වචනයේ පරිසමාප්තයෙන්ම වීරයෙකි. අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකි. තනිව ජයග්‍රහණ රැසක් ලංකාවට ගෙන එනු ලැබූ අද්විතීය කිසිවකුට සම කළ නොහැකි එදා මෙදා තුර බිහිවූ වැඩිම කඩුලු ලාභී විශිෂ්ටතම පන්දු යවන්නා බව අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍යයකි. එම ගෞරවය සැමදා අප කෙරෙහි සහ සමස්ත ක්‍රිකට් ලෝකයාගේම පවතින බව නොරහසකි.

නමුත් දින කිහිපයකට පෙර යම්කිසි නාලිකාවකට පැමිණ කරන ලද වැඩසටහනේ ඔබ කියූ මිනිසුන් නොදන්න පැති කිහිපයක් ගැන සැලකිල්ල යොමු කිරීමට සහ දයාබර ක්‍රීඩාලෝලීන් දැනුවත් කළ යුතුව ඇත. එලෙසෙම ඔබ හා මා සසඳන විට අහස හා පොළොව තරම් ලොකු පරාසයක් ඇත. ඔබ එතරම් මේ රට වෙනුවෙන් යුතුකම් කර ඇති රටට ණය නැති පුතෙකි.

නමුත් එම වැඩසටහනේ ඔබ කෙතරම් දුරට තම සහෝදර ක්‍රීඩකයන්ට ගෞරවය කලාද, තම සහෝදර ක්‍රීඩකයන් වෙනුවෙන් කොතරම් දුරකට සිට ගත්තාද යන්න මට පෞද්ගලිකවම ඇතිවූ ගැටලුවකි. අපට එදා සිට මේ ක්‍රිකට් පරිපාලනය තුළ සහ කණ්ඩයමේ ප්‍රශ්න තිබිණි. නමුත් ගෙදර ප්‍රශ්න පිටට නොදෙන්නාක් මෙන් ඒවා අප ඇතුළේම තියා ගෙන විසඳගෙන කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන ලදී, ඔබ මේ හරහා සමාජය තුළ වැරදි කතිකාවතක් නිර්මාණය වන ලදී, අපට ක්‍රීඩකයන්ගේ පුද්ගලික කාරණා අවශ්‍ය නැත. නැතහොත් අනික් අයගේ රෙදි සේදිය යුතු නැත.

එලෙසෙම විනය යනු ඕනෙම කෙනෙකුගේ පළමු තැන විය යුතුය. මම එයට ඔබ හා එකඟ වෙමි. විනයානුකූලභාවය පොඩි කාලේ සිටම ඔබ ඔබගේ දෙමාපියන්ගෙන්, පාසලෙන්, මේ ක්‍රීඩාවෙන් ප්‍රගුණ කළ දෙයකි. එමනිසා විනය ක්‍රීඩාවේ මෙන්ම සාමාන්‍ය ජීවිතයේද අත්‍යාවශ්‍යම සාධකයකි.

එලෙසෙම රට වෙනුවෙන් අප ක්‍රීඩා කළේ එයට සරිලන වැටුපක් අපට ලැබෙන නිසාය. අප කැමතිම දෙය අපගේ රැකියාව කර ගැනීමට තරම් අප වාසනාවන්ත විය. එලෙසම අප සැම විටම ක්‍රීඩා කළේ රට වෙනුවෙනි. ඒ සඳහා ක්‍රීඩකයන් ගෙන එනු ලබන මුදලින් ක්‍රිකට් ආයතනය විසින් අප හට වැටුපක් ලබා දෙන ලදී. එමනිසා කිසිම කෙනෙකු මුදල් නොමැතිව ක්‍රීඩා කර නැත. එසේනම් එය බොරුවකි. අපගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අපට මුදල් අවශ්‍ය වේ. එමනිසා රට වෙනුවෙන් පමණක් ක්‍රීඩා කිරීම පට්ට පල් බොරුවකි. ඔබ එසේ නොවීනම් එය පිළිගත හැකිය.

ක්‍රීඩකයන්ගේ අයිතීන් වෙනුවන් කතා කිරීමට ඔවුනට අයිතියක් ඇත. එමනිසා ඔවුන්ගේ රැකියාව සහ ඔවුන්ගේ දක්ෂතා අනුව ඔවුන්ට ඒ ගැන විමසීමට සදාචාරාත්මක අයිතියක් ඇත. ඔබ සමහර ක්‍රීඩකයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි වන අයුරින් කටයුතු කිරීම කොතරම් සදාචාරාත්මකද?”

ඒ ධම්මික ප්‍රසාද්ගේ ලිපියෙන් උපුටා ගත් කොටසකි.

ඒ ආකාරයෙන් මුරලි පැවසූ කරුණු ගණනාවක් පිළිබඳව තම ලිපිය හරහා අදහස් දැක්වීමට ධම්මික ප්‍රසාද් කටයුතු කර ඇත.

වාර්තාවන ආකාරයට මේ ලිපි අතරින් මේ දක්වා පිළිතුරු ලැබී ඇත්තේ දිනේෂ් චන්දිමාල් විසින් ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියට පමණි. එහිදී චන්දිමාල් ඉල්ලූ සාකච්ඡාව නුදුරේදීම ලබා දීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන බව දැනුම් දී තිබිණි.

ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පාලකයන් මේ ආකාරයෙන් ලිපි සමඟ ගනුදෙනු කරද්දී, ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් වළපල්ලට ගමන් කිරීම පිළිබඳ ප්‍රේක්ෂකයන් තුළ ඇත්තේ දැඩි කනගාටුවකි. එක් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේ එම කනගාටුව තවත් වැඩි කරවමිනි.

ඕනෑම ගැටලුවකට විසඳුම් ලබා ගැනීමට හොඳම ක්‍රමය සාකච්ඡා මාර්ගයය. එබැවින් අභ්‍යන්තර ප්‍රශ්න මේ ආකාරයෙන් සාකච්ඡා කිරීම හොඳ දෙයක් බව අපේ අදහසය. නමුත් සාකච්ඡා කිරීමෙන් එහාට ගොස් මේවාට පිළියම් ලබා දීමද බලධාරීන්ගේ වගකීමය. ක්‍රීඩකයන් 11 දෙනකු යොදවා ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරවීමට ඕනෑම කෙනකුට හැකියාව ඇත. නමුත් අපහසුවන්නේ එම කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන යෑමය.

ඒ සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකය වන්නේ අත්දැකීම්ය. පසුගියදා ඉන්දියාව සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී ඉතාම හොඳින් පෙන්නුම් කළේ එයය. අත්දැකීම් බහුල ක්‍රීඩකයන් නොමැතිව මේ ගමන යා නොහැකි බවය. එබැවින් එම ක්‍රීඩකයන් ලිපි ලියන තැනට සීමා නොකොට ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජන ගැනීම බලධාරීන්ගේ වගකීමය.
–චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රන්ජන් හිටපු තැන මනූෂ රන්ජන්ටම ලියා දෙයි! (VIDEO)

Next Post

ශ්‍රීලනිපය ජනපති එක්ක සාකච්ජා කරද්දී පොහොට්ටු මහලේකම්ගෙන් ශ්‍රීලනිපයට ප්‍රහාරයක්! (VIDEO)

MORE NEWS

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

රීබිල්ඩින් ශ්‍රී ලංකා ගිණුම පිළිබද වැඩිදුරට කතා නොකරන ලෙසට ආණ්ඩුවේ ඇතැමුන් ප්‍රකාශ කරන බව හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. Sri Lanka...

Read more
නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.