• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුර්වර්ණ පොලීසිය පොලිස් කරපු පොලිස් වැඩ්ඩා…

October 4, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
දුර්වර්ණ පොලීසිය පොලිස් කරපු පොලිස් වැඩ්ඩා…
Share on WhatsAppShare on Facebook

පොලිසිය. පොලිසිය කිව්වට පස්සේ මේ කාලෙ බොහෝ දෙනෙක්ගෙ මතය වෙනස්. හුඟක් දෙනෙක් පොලිසියෙ හොඳ කියනවට වඩා නරක කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඇත්තටම පොලිසිය නරකයි. ඒක ඇත්ත. සමහර නිලධාරීන් අතින් ගොඩක් නරක දේවල් සිද්ධ වෙනවා. ඒක අත්දැකපු අය, විඳපු අය ඕනෙ තරම් ඉන්නවා. පහුගිය තෙල් පෝලිම් සමයේදී ඒක ඉතා දරුණු විදියට බොහෝ දෙනකුට දැනුණා. හැබැයි පොලිසිය කියන්නේ 100%ක් නරක ආයතනයක්ද? නැත්නම් පොලිසියෙ ඉන්න හැම නිලධාරියම නරකද? කොරෝනා කාලෙ මිනිස්සුන්ගෙ ජීවිත පරිස්සම් කරන්න තමන්ගෙ ජීවිත පැත්තක තියලා වැඩ කළේ පොලිසිය. යුද්ධෙ කාලෙ උතුරේ දකුණේ දෙකේම සාමය රකින්න මහන්සි වුණේ පොලිසිය. ඒ වගේම පහුගිය කාලෙ අපි දැක්කා මනුස්සයෙකුට කරදරයක් වුණාම කවුරු නැතත් පොලිසිය ඒකට මැදිහත් වෙන හැටි. වැහැර දරුවගේ ප්‍රශ්නයේදී ඒ දරුවා බෝක්කු කට ඇතුළට ගහගෙන ගියාම පොලිසිය නිල ඇඳුම් තෙත් වෙනකන් ඒ මිනිස්සු එක්ක දරුවා හොයපු හැටි අපි දැක්කා. ඒ වගේම තවත් තැනක රිය අනතුරක් වෙච්ච වෙලාවෙ මළ සිරුර අරගෙන ගියේ පොලිසියෙ ජීප් එකේ දාගෙන. ‘ජීප් එක නම් හෝදගන්න පුළුවන්නෙ..’ එතැන හිටපු නිලධාරියෙක් එහෙම කියනවා මේ ලියුම්කරුටම ඇහුණා.

දැන් එතකොට මොකාටද මේ එන්න හදන්නේ? දකුණේ මනිස්සුන්ට ගහලා, පහුගිය දවස්වල අරගලයට සම්බන්ධ වෙච්ච තරුණ තරුණියන් කුදලාගෙන ගිහින්, ඔළු පළලා, අරගලය අතරතුරේ ඒකට මැදිහත් වෙලා කඳුළු ගෑස් ගහලා, මිනිස්සුන්ට ගහන්න ඕනෙ සීමාව ඉක්මවා ගිහිල්ලා අසීමිතව ගහලා, චණ්ඩි පාට් පෙන්නපු පොලිසිය ගැනද අපි මේ කතා කරන්න යන්නේ? ඇත්තටම එහෙම චණ්ඩි පාට් පෙන්නුවෙ පොලිසියෙ පොඩි එවුන් නෙවෙයි, පොලිසියෙ මහ එවුන්. ගොඩක් වෙලාවට වරදාන වරප්‍රසාද පස්සේ පන්නමින් තමන්ට ගොඩ යන්න හිතාගෙන, තනතුරුවලින් ඉහළ යන්න හිතාගෙන ඉන්න පොලිස් කබ්බො තමයි ඒ පොලිස් ලොක්කො බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පොලිස් කබ්බන්ගෙ ප්‍රශ්න හින්දා පොලිසියෙ ඉන්න අහිංසක කොල්ලො නිකන් බැට කන්න ඕනෙ නෑ කියන එකට සාක්ෂියක් තමයි මේ පහුගිය දවසක සිද්ධිය.

ඔහු තමයි තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරපු පොලිස් සැරයන් බුද්ධික කුමාර මහත්තයා. ඔහු තම ජීවිතය පරදුවට තියලා මහ දවාලෙ තඹුත්තේගම සිද්ධ වෙච්ච බැංකු කොල්ලය ව්‍යර්ථ කළා. ඒ ව්‍යර්ථ කිරීමත් එක්ක දැන් ඔහුට පොලිස් සැරයන් තනුරෙන් උසස් වීමක් සහ ත්‍යාග මුදලක් ලබාදීමට පොලිසිය තීරණය කරලා තියෙනවා. ඒ වගේම තවත් බොහෝ කතන්දර කියවෙනවා. මෙතෙක් වැඩ අවසන් නොකළ ඔහුගේ නිවෙසේ ඉදිකිරීම් අවසන් කර දෙන බවත් උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහත්තයා කියලා තිබුණා. ඒකට හේතුව තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා ව්‍යාපාරිකයකු රැගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් සමග ඔහු මහ දවාලෙ තනියම සටන් කරලා, තමන්ට වෙඩි තියන්න හදද්දී ජීවිතය ආරක්ෂා කරගෙන ඒ මුදල් කොල්ලයත් ව්‍යර්ථ කරපු නිසා.

ඇත්තටම පොලිසිය කියපු ගමන් ගොඩ දෙනෙක්ට දැන් දැනෙන්නේ හොරුන්ගෙ හතුරෙක් විදියට නෙවෙයි හොරුන්ගෙ මිතුරෙක් විදියට. මොකද බොහෝ හොරුන් සමග පොලිසිය පුදුම විදියට මිතුරුයි. හොරු කන්නෙ බොන්නෙ එකට. ඒගොල්ලො හොරුත් එක්ක එකට ජීවිතේ බෙදාගන්න කට්ටිය කියලා තමයි අපට හිතෙන්නේ. එහෙම වෙනකොට දකුණේ මිනිස්සුන්ට දකුණේ පොලිසිය චණ්ඩි පාට් දානකොට මේ ඈත පොලිසිවල ඉන්න කොල්ලො රට වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් සටන් කරන හැටි පොලිසියට විතරක් නෙවෙයි හැමෝටම ආදර්ශයක්. ඒ නිසා මේ වෙලාවේ පොලිසියට බණින, පොලිසියට චෝදනා කරන අපට ආයෙත් වතාවක් පොලිසියට අපේ උත්තමාචාරය පුදකරන්න සිද්ධ වෙනවා. මේ පොලිස් වීරයා නිසා ඇත්තටම කාලයක් තිස්සේ පොලිසියට ගෑවිලා තිබුණු මඩ හෝදගන්න පුළුවන් වුණා කියලත් අපට හිතෙනවා. මේ මුදල් කොල්ලයට සම්බන්ධව රාජාංගනය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකුත් අත්අඩංගුවට පත්වෙනකොට කොල්ලය නවත්තන්න තඹුත්තේගම පොලිසියේ මේ නිලධාරියා දරපු උත්සාහය අති විශිෂ්ටයි. ඒ නිසා අපි අනුරාධපුර එප්පාවල පදිංචිකරුවෙක් වෙච්ච දරු තිදෙනකුගේ පියෙකු වෙච්ච තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන්වරයකු ලෙස සේවය කරපු බුද්ධික කුමාර මහත්තයට ‘මව්රට’ අපේ උත්තමාචාරය මෙසේ පුද කරනවා. ඒ වගේම මේ වගේ උසස් නිලධාරීන් සිසා පොලිසියට ලැබෙන්නෙත් ලොකු ආශීර්වාදයක් කියලා අපි කියනවා. දැන් ඔබට හිතෙයි ඇයි මේ උසස් නිලධාරියෙක් කිව්වේ කියලා. ඇත්තටම පොලිසිය හිතාගෙන ඉන්නේ නිලධාරීන් උසස් වෙන්නේ තනතුරුවලින් කියලා. හැබැයි අපි නම් උසස් පහත් බව මනින්නේ තනතුරුවලින් නෙවෙයි, දක්ෂතාවලින් සහ ඒ මිනිස්සුන්ගෙ මනුස්සකමින්. පොලිසියට නෙවෙයි කාට වුණත් ඒක එහෙමම තමයි. මනුස්සකම කියලා කියන්නේ කොච්චර වටිනා දෙයක්ද කියලා හුඟ දෙනෙක් දන්නෙ නැති වුණාට ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනෙ කාරණයක් කියලා අපි කියන්නේ ඒක අතිශය වැදගත් කාරණාවක් හින්දා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අදත් කොටස් වෙළෙඳපොළ හාන්සියි! දවස් 2ට බිලියන 323ක් නැතිවෙයි!

Next Post

දෙයියන්ගෙම පිහිටයි! ‌චොකා මල්ලිට ගැසට් එකකින් බලය පවරයි!

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.