• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිල්ල සහ තැටමිල්ල I Sri Lanka Latest News

March 4, 2024
in Exclusive, News
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

පංච තන්ත්‍රය ලියන ලද්දේ විෂ්ණු ශර්මන් නමැති පඬිවරයා විසිනි. එසේ ලිවීමට හේතුකාරක වූ පුරාවෘත්තය මෙසේය. ඔහු විසූ අමරාරෝප්‍ය රටේ රජතුමා අමරශක්ති නම් වූවේය. එතුමා අනන්තශක්ති, මිත්‍රවේදස යන නම්වලින්ද හඳුන්වනු ලැබූහ. ඔහුට පුතුන් තිදෙනෙක් උන්හ. ඔවුහු බහු ශක්ති, උග්‍ර ශක්ති සහ පරමදාරමේධස යන නාමධාරීහුය.(Sri Lanka Latest News)

එහෙත් ඔවුහු අපේ රටේ වර්තමාන ඇතැම් පාලකයන්ට මෙන්ම රටක් පාලනය කරන්නට (දේශපාලනය) තබා අකුරු සාස්තරේ ගැන හෝ නොදත් උගත්කමක් නැත්තෝම වූහ. මහරජාණන්ගේ ඇවෑමෙන් මේ තුන්දෙනාගෙන් කවුරුන් හෝ පාලනය භාරගත්තද ප්‍රබල පාලකයකු රට ආක්‍රමණය කර තමන් යටත් කරගත් කල්හි අනුන්ගේ බැලමෙහෙ කිරීමට තමන්ටත් තමන්ගේ දරුවන්ටත් (මතුමත්තේ පැවතෙන්නන්ට) සිදුවන බව අවබෝධ කරගත් රටවැස්සෝ මාලිගය වටලා තමන් පත්විය හැකි විපත ගැන රජතුමාට මුරගා කීහ. (මෙපුර නසිතී කීය මුරගා)

කතාවේ සැබෑව (සත්‍යතාව) අවබෝධ කරගත් රජතුමා මෝඩ පුත්‍රයන් තුන්දෙනාට රට පාලනය කිරීමට තරම් අධ්‍යාපනයක් දියහැකි (ඉගැන්විය හැකි) සමත් පඬිවරයකු සොයා අඬබෙර ලැවූ. ඔන්න ඔය අඬබෙරය නැවැත්වූ විශ්ණු ශර්මන් පඬිවරයාණෝ කාර්යභාරය කරට ගෙන කුමාරවරුනට පතපොත ඉගැන්වීම පසෙක තබා කතාන්තර කීමට පටන් ගත්හ. ඒ කතාවල ඉලක්කය රටක් පාලනය කරන අන්දම ඉගැන්වීමය. ඒ සඳහා තන්ත්‍ර (පාලන ක්‍රම) පහක් ඉගැන්වූ නිසා ඒ පිළිබඳ රචිත ග්‍රන්ථය පංචතන්ත්‍රය වීය. පාලන ක්‍රම පහ (5) වාදයෙන්, භේදයෙන්, සාමයෙන්, දානයෙන් (පිරිනැමීම) සහ දණ්ඩයෙන් (දඬුවම් දීම)යන පරිදි ය.

මේ ග්‍රන්ථය පූර්වාදර්ශ කොටගෙන මකියාවෙලී නම් දේශපාලන දාර්ශනිකයා කුමාරයා (Prince) නමැති කෘතිය ලීවේ දැයි නොදනිමු. මකියාවෙලීට බොහෝ කලකට පෙර විශ්ණු ශර්මන් පඬිවරයා විසූවේ වුවත් මේ ග්‍රන්ථ දෙකම එකම අරමුණක් සාක්ෂාත් කරගැනීම උදෙසා කරන ලද්දක් බැවින් එවන් මතයක් පළය. එතකුදු වුව පංචතන්ත්‍රය අනුව වැඩි (වැඩිය-මගෙහි ගිය) අපේ යක්කඩුවේ ප්‍රඥාසාර නාහිමියෝ වනකතා නමින් පොතක් ලියූහ. එය මට මතක හැටියට මිතුරන් කෙටවීම සහ මිතුරන්ගෙ අගේ නමින් කොටස් දෙකකි. පාත්‍රවර්ගයා වන සතුන්ය. ප්‍රධාන චරිතය වනයේ රජා සිංහයාය. ඌ මහල්ලෙකි. බෙලසුන්ය. දත් හැලිලාය. දඩයම් බැරිය. ගුහාවෙන් එළියට යනවා තබා යෝධ ශරීරය නිසා නැගිටගන්නත් බැරිය. නැගිටින්නේ කවුරුන්ගේ හෝ වත්තං (ආධාර) කිරීමෙනි.

ඒ කාර්යභාර්යටත් (ආවතේව කිරීමට) සමග රජුට පුරෝහිතයන් දෙදෙනෙකි. දෙදෙනාම සිඟාල ගෝත්‍රයේ හෙවත් කැනහිල් (නරි) වංශිකයෝය. උන් දෙන්නාම කරට කරය. එකෙකුට එකෙක් පාස් නැත. දිය යටින් ගින්දර ගෙනියන්ඩ දෙයියලාය. දිය රෙද්දෙන් බෙල්ල කපන්ඩ ඊට වඩා දක්‍ෂයන් මිහිපිට නැති තරම්ය. එකකුගේ නම කරටකය. අනිකා දමනකය.

උන් දෙදෙනා සැකන්ඩ් (Second) වන්නෝ නම් “අනේ කීවාට බය බෝයි” (තරහ අවසර) අපේ ජනාධිපතිතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ හැත්ත වරිගේට (කස්ටියට) පමණි. ඉදින් පුරෝහිත කුට්ටම (ජෝඩුව) වනසේ සිටින හොඳ මහත දෙහෙත මොකෙකුට හරි උට්ටලමක් ඇද (ගොනාට අන්දවාගෙන) අපේ සිංහ රාජයාණන්ට ඕංමේං ගානට (ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට) ගෙනැත් දුන් කල්හි සිංහයා ඌ මරන්නේය. එවිට පුරෝහිත උන්නැහේලාට දින ගණනක් යනතුරු “කල්ලමරේ”ය. හරියට අපේ ලොකු උන්නැහේලා අධිවේගී මාර්ග හෝ ගුවන් තොටුපොළක් හෝ ක්‍රීඩාභූමියක් හෝ වරායක් හෝ පොහොර නැවක් හෝ (ලැයිස්තුව දිග වැඩි නිසා ඔය ඇති-දන්නෝ දනිති) මහජන හිතසුව පිණිස සපයා දෙන අන්දමටය.

(හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේ කොන්ත්‍රාත්තුව පැවරූ අන්තේවාසිකයාට ඒ සඳහා ගෙවූ මුදල රුපියල් කෝටි අසූ දෙකක් බව විගණනය කියයි)

කරටක දමනක බාන (ජෝඩුව) මොකෙකු හෝ මරාගන්න මෝඩයාට අන්දවන ඇන්දවිල්ලත් අපේ ලොකු තැන 2048 සංවර්ධන රාජ්‍යයක් පහළ කරන බව කියමින් අපව අන්දවන ඇන්දවිල්ලට බොහෝ දුරට සමානය.

කරටකයා සහ දමනකයා මොකෙක් හෝ සතෙතු අන්දවන්නේ සිංහයා තමන්ගේ සිංහාසනය හෙවත් වන රජදහනේ සියලු සතුන්ගේ රජකම දෙන බව කියමිනි. “දැන් අපේ රජතුමා හොඳටම මහලුයි. ඒ නිසා රජකම දෙන්න කවුරු හරි හොයාන එන්න කීවා” කියමින් “ආටානාටිය” පටන්ගෙන “මේ වනාන්තරේ රජකමට සිටින එකම සුදුස්සා ඔබවහන්සේ නිසා ඔබතුමා කැටුව යන්න අපට කීවා” යනුවෙන් පිරිතේ හමාරෙ සජ්ඣායනා කර මෝඩයා දැපනෙ දමාගෙන දක්කාගෙන යන්නාහ.

දවසක් ඕං ඔය අන්දමට රජකම දෙන විස්තරේ හොඳ තරබාරු බූරුවකුට වැඩිපුර අයිසිං දමා ඇම ගිල්ලවූ පුරෝහිතයන් විසින් ඒ ගද්‍රභයා (බූරුවා, දීර්ඝ කර්ණ) රජකම දීමට දක්කාගෙන යන ලද්දේය. අනතුරුව සිංහ රාජයා සමග හරිහරියට ඉන්දවා ආවුසෝවාදයෙන් (සම සමයන් වශයෙන්) සතුටු සාමීචියේ යෙදෙද්දී සිංහ තෙමේ ගොදුර අල්ලා ගන්න පැන්නේය.

අඩ්ඩඩ්ඩා..ආ..ආ..ආ. වැඩේ කුරුවල් විය.

රාජාභිශේකාපේක්‍ෂිත මනදොළ පූරිත, බූරුවාණෝ “අනූනමයයි දශම නවයයි තුන්කාලෙන් බේරුණා යකෝ”කියමින් ඊගහේ (ඊතලයේ) වේගෙන් වල්ගාධිය (වලිගෙ) සහ කන්දෙක කෙළින් කරගනිමින් කකුල් හතරට පණ භාරකර, පැත්ත පළාතේ නොසිට පැන දිව්වෝය.

අපේ පුරෝහිත කුට්ටම ද වැඩේ අතඇරියේ නැත. “නාකියාගෙ තකේට (හදිස්සියට) වැඩේ කෙළවගත්ත යකෝ” යැයි කියමින් අනාගත රජතුමා පසුපස්සේම අඹාගෙන ගියෝය. බූරු වහන්සේ දුවලා දුවලා හොඳටෝම හෙම්බත්ව ගහක් මුලටවී හති අරින තැනට කිට්ටු වූ උන් දෙන්නා “අනේ බූරුතුමාණෙනි, ඔබවහන්සේ නං නියම බූරුවහන්සේ කෙනෙක්මය. මගේ රජකම දෙන්ඩ නියම සුදුස්සා හම්බවුණා කියන සංතෝසෙං රජවරුන්ගේ පුරාණ චාලිත්තරේට (රජකම දීමට පෙර ආචාර ක්‍රමයට) අනුව වචනයක් හෝ නොfදාඩා (ඒ චාරිත්‍රය කරන විට කට හඬ වදින්නට හොඳ නැති නිසා) ඔබව බදාගන්න හදනකොට ඔබවහන්සේ බයේ කැලේ කඩාගෙන දුවගෙන ආවා. එතුමා අප දෙදෙනාට මරණ තර්ජනය කළා රජකමට නිසි උරුමක්කාරයා, වන ඔබවහන්සේ කොහොම හරි එක්කරගෙන එන්නෙ නැත්තං අපි දෙන්න උල තියා මරනවා කීවා” යැයි අඬන්නට වන.

ඉතින් එබස් ඇසූ බූරුවාණෝද රජකම ලබාගැනීමේ නොසංසිඳෙන චේතනාවෙන් ප්‍රමුදිතව කිසිදු බියක් සැකක් නැතිවම ගොස් සිංහයා ළඟම අසුන්ගත්තේය.

ඒ උන්නාන්සේගේ අවසාන අසුන් ගැනීම වූයේය.

මේ කිස (ආහාර ගැනීම) නිමා කොටගත් අමන්දානන්දනයට පත් සිංහරාජයා “ඈ ඕයි මර බයේ පැනගිය ඒකා තමුසෙලා ආයෙ කොහොමද එක්කගෙන ආවෙ?” සිය පුරෝහිතයන් බණවා ඇසුවේල.

“දේවයන් වහන්ස ඒකා බූරුවෙක්නෙ” කරටකයා පිළිතුරු දුන්නේය.

“ඈ යකුනේ ඔය බූරුවා හැර තවත් බූරුවන් රටේ ඉන්නවාද?” සිංහයා දේවානම්පියතිස්ස චරිතය සිහියට නගාගෙන විමසා වදාළේය.

එවර දමනකයා හිස කසා කට කොනකට හිනාවක් නගාගෙන මෙසේ කීවේල.

“පස්වාන් දහසකට බුදුවෙන්ඩ දේවයන් වහන්ස තරහ අවසර, මීට ඉස්සර හැටනව ලක්‍ෂයක්ද කොහෙද හිටියලු. උන්ගෙන් ටිකකට දැන් මොළේ පෑදිලාලු. අනිත් බූරුවන්ඩ මේ කපේදි නං මොළේ පෑදෙන්නෙත් නැතිලු. පාදන්ඩත් බැරිලු” යැයි කීයේය.

“ඔව් ඔව්, වෑල්ඩිං කෙරුවත් බලු වලිගෙ ඇද අරින්ඩ බෑ නොවැ”

පංචතන්ත්‍රයේ මේ කතාව අපභ්‍රංසයක් නොවන අන්දමට පූර්වාපර සන්ධි ගළපා කියා දියයුත්තේ බත් කන බූරුවන්ගේ හැටි සොබා දැනගන්නටය. ජාත්‍යාන්ධ ගද්‍රභයන්ට (උපතින්ම ඇස් නොපෙනෙන බූරුවන්ඩ) යමක් කියාදීම “අම්මේ මුත්තේ කීව ද කළ නොහැකි බැවිනි.

අපේ ප්‍රජාපතින් වහන්සේ වෙල්ලෑවට ගොඩවූ හැටියේම අහවල් අහවල් රටවලින් හිතේ හැටියට ආධාර දෙන බව ඉරහඳ මෙන් පැහැදිලි බවත් එකෑවර ඩොලර් බිලියන හතරක් හෙවත් ඩොලර් කෝටි හාරසියයක් ලෝස් නැතුවම දෙන බවත් කරටක, දමනක, පරම්පරානුගත කුලෝත්භූත කේවට්ටාචරීහු හොක්කියෝ හොක්කියෝ කියන්නට වන.

ඒක කෙප්පයක් බැව් දැන උගත් බොහෝ දෙනෙක් පහදා දුන්හ. එහෙත් ඒවා තේරුම් ගැනීමට තරම් ඔවුනට අක්මාවක් නැත.

එහෙත් එලිච්චි දුවන විට “උංගලකු ඔන්නු එනකු ඔන්නු, උංගලකු ඔන්නු එනකු ඔන්නු (උඹට එකායි මට එකායි, උඹට එකායි මට එකායි” යන අන්දමට ඔන්චිල්ලාව සේ දෙපසට පැද්දෙන අහවල් එක දිහා අපේ බූරුවොත් කට ඇර පශ්චාත්භාගය බිම උලාගෙන බලා උන්හ. කටේ කෙළ පෙරමින් බලා උන්හ. ලැබුණේ “පුස්නාප්පයකි” (පුස්නාප්පවලට ගමේ වචනය බිබික්කංය. බිබික්කම යන්නට පරියාය තවත් වචනයක් තිබේ. මෙහෙම කියන්ඩ බැරිය. හිතාගනිත්වා.)

ඊළඟට කිසිම අඩුවක් පාඩුවක් නැතුව අත දිගහැර වැලමිට ළඟ සිටම ලෝණ්ඩ (ගැමි වචනයකි – ලෙවකන්නට) I.M.F. දෙනවා කීවේය. හුප්පේ (මොකවත් නෑ) තමයි.

කෙලී දීග තලක දෙන්න තියා පීදෙන්ඩත් (දැනමුතු වෙන්න) ඉස්සර සිටම (බොහෝ කලක සිට) පුරසාරං දෙඩූ කතාවකි අපේ රටේ පවත්නා විධායක ජනාධිපතිකම අහෝසි කරන බව. දැන් දැන් යළි යළිත් ඒ කූරම උරච්චිකරන්ඩ (උල් කරගැනීමට-(නියන)-පෙරං ගාගැනීමට (වදකහ හෝ කහ) පටන් ගෙන තිබේ.

කැනහිලුන් මෙන් ඔය කියන දේ හරි කියන්නට හොක්කියෝ (නරින්ට සහ නරි හඬට කියන සමාන වචනයකි) රෑනක් රට කළම්බමින් සිටිති. ඒ රෑන අතරේ කළු කබා (කෝට්) පොරවාගත්ත උන්ද සිටිති. හෝද හෝදා මඩේ ඔබන්නා සේ මුන් කට හැරුණු හැරුණු පැත්තට, දිව නැමෙන නැමෙන පැත්තට මේවා කියන්නේ මේ රටේ සිටින්නේ ඇත්තටම බත් කන හරක්ද? බත් කන බූරුවන් දැයි යන්න හංවඩු ගැසූවන් සේ හිතාගෙනය.

අපට දුක මේ නහින්නං දෙහින්නන් කාලේ “කරුත්” මේ ඉලව්වට කරගහන එකය. කරු ආවොත් පායයි තරු කී ඉස්සර කතාව පරිදි කරුගේ මේ කතාව අපට තරු පෙන්වන්න තතනනවා වගේය.

මොනවා කීවද ලොක්කාගේ මේ වනවිට චරියා ධර්මය මැතිවරණයක් තියන්නය.

‘මිල්ල’ යන ඉතාලි වචනයේ තේරුම මුදල්ය. එහෙත් අපේ රටේ ඒ නමින් හොඳ ශක්ති සම්පන්න පළමු පන්තියේ දැව වර්ගයක් ද තිබේ.

කර්මජ වාතය චලිත කරමින් මැතිවරණ දරුවා ප්‍රසූත කිරීමට ලොක්කා විළි රුදාවෙන් නගන මිල්ල නිකං එසේ මෙසේ මිල්ලක් නොව, දැන් රටටම ඇසෙන්නට නගන නොම්මර ඒකේ තැටමිල්ලකි. පසුගියදා පටන් ඒ තැටමිල්ල ඇසෙන්නට පටන් ගත්තේය.

ලක්‍ෂ විසිහතර දක්වා “තොප්පි” (හිස්වැසුම) වැඩිකර දෙන බව කීවේය. රජයේ සේවකයන්ට රුපියල් දහ දාහක් වැඩිකරන බවද කීවේය.

පොඩ්ඩක් හෝව්…

සිංහල අවුරුදු සමය කිට්ටු වෙන විට භාණ්ඩ මිල අඩුකරන බව කීමට අමුතුවෙන් පේන බලන්නට වුවමනා නැත.

ගලි බවුසර්ලා ගෙනා යෝජනාව පරිදි ගණිකා වෘත්තිය නීතිගත කර හෝ නොකර හෝ සුද්දන් (සංචාරකයන්) දක්කාගෙන විත් Tourism ප්‍රමෝට් කරන බව කියන්නට ද බැරි නැත. චීනාගේ සහ මෝදිගේ හැලුප් (Help) එකෙං රස්සා ප්‍රශ්නය විසඳන බවද කියන්නට පිළිවන.

මේ කියුං කෙරුං වනාහි මී කූඩුව ඇතුළට දමන අවට සුවඳ හමන්නට භාගෙට පුච්චාගත් පොල් කෑලිය. දහං ගැටය. මේවාට රැවටෙන හරක් නැතුවාම නොවේ. ඒ ගොංපස් අල්ලන්නෝමය.

ලොක්කාගේ හදවත පමණක් නොව කෘමිසදර්සානු බද්ධය, උණ්ඩුක පුච්චය, අග්න්‍යාශය, ප්ලීහාව සේම අණ්ඩ කෝෂයද ගින්දරට ළංකළ ඉටිපන්දං කෑල්ලක් සේ කරුණාවෙන් උණුවෙන්නට පටන් ගෙන ඇති බවද නොකියාම බැරිය. මන්ද ගාසා තීරයේ දරුවන්ට ආධාර යවන්නට සූජානං වෙන සූජානමේ හදිස්සිය දුටුවිට එසේ හිතෙන බැවිනි.

රටේ ලෝකෙ දරුවන්ටත් සැලකීම වරදක් නොවේ. එහෙත් අපේ දරුවන් මන්දපෝෂණයෙන් මියැදෙති. සියයට හැට ගණන් මන්දපෝෂණෙන් පෙළෙන දරුවන් සිටින බව සංඛ්‍යාලේඛන කියයි. වැඩි හරියක් හම්බන්තොටලු.

ඒ වගේම පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව නැවක් පිටරට යැව්වේ මේ කාලයේ බව එතුමා කියයි. හැබැයි ඊට ලංකාවේ ඇමෙරිකානු තානාපති චං නෝනා චිහ් නොකියන්නට කතාවක් පසුගියදා කියා තිබුණාය. ඒ, ඇමෙරිකාවෙන් අපට දුන්න නැවක් බවය.

ඒ ගැන අපේ මුස්ලිම් සහෝදරයෙක් මේ ලියුම්කරු සමග කීවේ ‘මහත්තයා, මේ පාර පත්තරේට ලියන කොට සජිත් මහත්තයට වැඩිය දඟලන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න කියල ලියන්න. මොකද ඒ වැඩේ අපි කරල දෙන නිසා…” යැයි කීවේය.

අපේ රන්ජා නොහොත් සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ අඹ කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ රාමනායක කියන්නේ ඔවුන් ඔක්කොම හොරු මල්ලී යන්නය. එහෙත් අපේ මිනිසුන් කියන්නේ ඡන්දෙ ළංවෙන විට ලොක්කා අපේ රටේ උදවිය පමණක් නොව ජාත්‍යන්තරයත් අන්දවන්නට සෝබන වැඩකිඩ දාන බවය.

බොහෝ දෙනකු ටික කාලයක් රැවැට්ටිය හැකිය. ටික දෙනකු බොහෝ කාලයක් රැවැට්ටිය හැකිය. එහෙත් බොහෝ දෙනකු බොහෝ කාලයක් රැවැට්ටිය නොහැකිය.

පන්දුව විලස විසිවුණු පහරක් නොහැර
බින්දුව තෙක්ම හින්දුව ජනයා පැහැර
සින්දුව දමදමා ඇන ඇන මරු පහර
ඇන්දුව ගොනුට කාලය ඉවරයි සොයුර

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගෝඨාට පැනලා යන්න වුණා! මෙයාට පිනුම් ගගහා යන්න වෙන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

තවත් අවුලක්! ආණ්ඩුවේ අලුත් සංහිඳියා කොමිසමට සහාය දක්වන්න ස්විට්සර්ලන්ත රජය බෑ කියයි! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.