• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුට්ටු දෙකට වෙට්ටු දාන කට්ට කපටි අම්මණ්ඩිලා I Sri Lanka Latest News

October 6, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන මොහොත වෙනකොට ඉතා විශාල කීර්තිනාමයක් එක්ක අකුරැස්සේ සමෘද්ධි බැංකුව ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉවරයි. අකුරැස්සේ සමෘද්ධි බැංකුවේ ඉන්න නිලධාරීනුත් ජාත්‍යන්තරේට ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ කොච්චර කාර්යක්ෂම විදියට, කොච්චර දක්ෂ විදියට මහජන සේවයේ යෙදෙනවාද කියන එක වීඩියෝ මගින්ම අපට දැකගන්න ලැබුණා. ඇත්තටම ඒ නෝනාවරුන්ට අපි මේ මොහොතේ අපේ ගෞරවය පුද කරනවා.(Sri Lanka Latest News)

ඒ වගේ නෝනලා තමයි රාජ්‍ය සේවයට අවශ්‍ය කරන්නේ. එහෙම අය රටේ ඉන්නකොට මේ රට මේ තත්ත්වෙටවත් ගොඩදාගන්න පුළුවන් වෙච්ච එක ගැන පුදුමයි. ඇත්තටම මේක අතිශයෝක්තියෙන් කතා කරන්න, උපහාසයට ලක්කරන්න කාරණයක් නෙවෙයි. අකුරැස්ස සමෘද්ධි බැංකුව කියලා කියන්නේ මේ නෝනලා කාගෙවත් අම්මා තාත්තගේ බූදලයක් නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක හදන්න ඉඩම දුන්න කවුරුවත් එතැන නැතුව ඇති කියලත් අපි විශ්වාස කරනවා. ඒ වගේම අකුරැස්සේ මිනිස්සුන්ට සමෘද්ධිය දෙන්නේ මේ නෝනා කෙනෙක්ගේ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් නෙවෙයි කියලත් අපි හිතනවා.

යම් විදියකින් කාගෙ හරි නෝනා කෙනෙක්ගේ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් මේ අකුරැස්ස සමෘද්ධි බැංකුව හදලා නම්, ඒ ගඩොලින් ගඩොල ගොඩනගන්න මහන්සි වෙච්ච කට්ටිය එතැන ඉන්නවා නම්, ඒ අයගේ පවුලේ අයගේ ඉඩමක අකුරැස්ස සමෘද්ධි බැංකුව හදලා නම්, මේ සමෘද්ධිය දෙන්නේ සමෘද්ධි බැංකුවේ නෝනලාගේ මහත්තයලගේ ගෙදරින් ගෙනාපු සල්ලි නම් ඇත්තටම ඔයාලා එහෙම හැසිරෙන එකේ වරදක් නෑ. මොකද තමන්ගේ සල්ලි බෙදලා දෙන්න ගියාම මිනිස්සු ඇවිත් කලබල කරනවා නම්, ඒ අයට ගහලා බැණලා පන්නගන්න එක සාමාන්‍යයෙන් සල්ලිකාරයෙක්ගේ විදිය. හැබැයි අවාසනාවකට අපි දන්න තරමට නම් මේ බැංකුවවත්, මේ ආයතනයවත්, ආයතනයේ ගොඩනැගිල්ලවත්, ඒකෙ ඉඩමවත් මේ කාගෙවත් බූදලයක් නෙවෙයි. ගෙදරින් ගෙනාපුවා නෙවෙයි. එහෙනම් ඇයි මේගොල්ලේ මෙහෙම හැසිරෙන්නේ?

මිනිස්සුන්ට කුණුහරුපෙන් බැණගෙන, කෑගහගෙන, හූ කියාගෙන, ඇතුළේ ඇතුළේ අයත් රණ්ඩු වෙලා. මොකක්ද මේ වැඩේ තේරුම? කළමනාකරු ඉන්න දවසට එන්න කියනවා, කළමනාකරු ඉන්නේ 10 වැනිදායින් පස්සේ කියනවා. ඒගොල්ලන්ගේ ප්‍රධානම තර්කය මේ සල්ලි ඔයාගේ නෙවෙයි කියන එක. ඔයා දාපු රුපියල් 4000යි මෙතැන තියෙන්නේ, අනිත් ඒවා පොලිය කියලා කියනවා. මේ ගොං හරක් මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද පොලිය කියන එක නිර්මාණය වෙන්නේ තැන්පත් කරන ලද මුදලට කියන එක? ඒ මුදලට ලබාදෙන දෙයක් තමයි පොලිය කියලා කියන්නේ. එතකොට ඒ පොලිය පැළවෙලා තියෙන්නේ මේ මුලෙන්. එහෙනම් ඒකෙ අයිතිකාරයා සල්ලි දාපු මිනිහා මිසක් වෙන කවුරුවත් නෙවෙයි. ඒ වගේම සල්ලි දෙන්න බැරිනම් ඒක කියන ක්‍රමයක් තියෙනවා.

අපේ රටේ බොහෝ ආයතනවල අයගේ ලොකුම ප්‍රශ්නෙ තමයි කතාකරන්න දන්නෙ නැති එක. අපි දැකලා තියෙනවා රජයේ ආයතනවල විතරක් නෙවෙයි පෞද්ගලික ආයතනවල පවා කතා කරන්න දන්නෙ නැති ප්‍රශ්නෙ තියෙනවා. මිනිස්සුන්ට සුහදව කතා කරලා, ප්‍රශ්නය සාකච්ඡා කරලා, ඒ ප්‍රශ්නය ගැන වැටහීමක් ඇතිකරලා නිරාකරණය කරන්න පුළුවන්කම තියෙද්දී ඒ මිනිස්සු හදන්නේ ඒක හත්පොළේ ගාගන්න. මහා අවුලක් ඇතිකරන්න.

මේ ගැන හොයලා බලපුවාම අපට තේරෙන කාරණය තමයි මේ මුදල දෙන්න බැරිවෙන්නේ එකවර විශාල පිරිසක් ඇවිල්ලා මුදල් ඉල්ලන්න ගියාම ඒගොල්ලෝ සතුව විශාල මුදල් සංචිතයක් නැතිවීම. ඒ මුදල් සංචිතයක් නැතිවුණාම ඒක දෙන්න විදියක් නෑ. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒත් සල්ලි දෙන්නෙ නෑ කියලා දැනගත්තාම තවත් කට්ටිය එනවා සල්ලි ඉල්ලන්න.

එතකොට ප්‍රශ්නය තවත් දරුණු වෙනවා. එතකොට සල්ලි දෙන්න කොහොමටත් බෑ. යම් හෙයකින් යම් බැංකුවක් කඩාවැටෙනවා කියලා ආරංචි වෙලා සියලු ගනුදෙනුකරුවන් ඇවිල්ලා සල්ලි ඉල්ලුවොත් රාජ්‍ය බැංකුවකටවත් ඒ විදියට සල්ලි දෙන්න බැරිවෙනවා. ඒක සාධාරණ කාරණයක්. හැබැයි ඒක සාධාරණ කාරණයක් බව අසාධාරණයකින් තොරව මහජනතාව දැනුවත් කරන්න මේ අකුරැස්සේ නෝනලාට කවුරු හරි කෙනෙක් කියලා දෙන්න ඕනේ. ඒ තැඹිලි පාට සාරියක් ඇඳගත්තු නෝනා ඉතා අප්‍රසන්නයි හැසරෙන විදිය.

මේ ලිපිය කියවනවා නම් එතුමියගේ දරුවෙක් හෝ පවුලේ කෙනෙක්, ඒ මනුස්සයට ඒක තේරුම් කරලා දෙන්න. සතෙක් වගේ හැසිරෙන්නෙ නැතුව මනුස්සයෙක් වගේ හැසිරෙන්නේ කොහොමද කියන එක ඉගෙනගන්න ඇත්තටම හරි ලේසියි.

මොකද සතෙක්ගේ සහ මනුස්සයෙක්ගේ හැසිරීමේ යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් අපට උපාධි පොත්වලින් ඉගෙනගන්න ඕනේ පාඩම් නෙවෙයි. ඒවා හරි සරලව තමන්ටම තේරුම් ගන්න පුළුවන් දේවල්. ඒත් මේ මිනිස්සු අවාසනාවකට ඒවා තේරුම් අරගෙන නෑ.

අනිත් වැදගත්ම දේ තමයි සමෘද්ධි බැංකුවට එන්නේ නෑ කෝටිපතියෝ. සමහරු කියන්නේ හදවත කම්පාකරවන කතා. ‘මට මේ බේත ගන්න විදියක් නෑ නෝනා. ඒක ගන්නයි මම සල්ලි ඉල්ලන්න ආවේ’ කියද්දිත් බැංකුවෙන් කියනවා සල්ලි දෙන්න බෑ කියලා.

විවිධ ලෙඩ රෝග තියෙන අයට බෙහෙත් ටික ගන්න, වෙනත් අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න ඔවුන් ඒ මුදල දෙන්න ඕනේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් වෙන්නේ මුදල් ගැනුම්කරුවා මුදල් ගන්න ගිහිල්ලා බැංකුවට හේතු කියන්න අවශ්‍ය නෑ. ඇයි තමන් මුදල් ගන්නේ කියලා. තමන්ගේ නම් මුදල, ඒ මුදලේ පරම හිමිකරුවා තමන් නම්, එතැනින් එහාට යම් යම් පැහැදිලි කිරීම්වලින් හිත් හදන්න අවශ්‍ය නෑ.

ඉතා සරලව සල්ලි ටික අරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි එහෙම තියෙද්දීත් මිනිස්සුන්ට සල්ලි නොදී මේ කරන ක්‍රියාකලාපය නම් නෝනාවරුනි මහත්වරුනි කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒ වගේම සමෘද්ධිය වගේම සමෘද්ධියට අන්තිමට වෙන මේ වගේ කටයුතු ගැනත් රාජ්‍ය නිලධාරීන් වහාම සොයා බලන්න ඕනේ. එතකොට ‘අකුරැස්සේ නම් එහෙමයි, අපේ නම් එහෙම නෑ’ කියලා කියන්න පුළුවන් මට්ටමට අපේ සමෘද්ධි ව්‍යාපාරයේ ඔබේ කොටස හදාගන්න කියලා අපි සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තවත් විනාශයක්ද? ඇම්බර් වර්ණයේ තද වැසි එනවා! කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

නිල්වලා ගඟ අවට පදිංචිකරුවන් අවධානයෙන් ඉන්න! මහ වැස්සට ගඟේ බැමි උතුරා යෑමේ අවදානමක් මතුවෙලා! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.