ජනතාවට සහන සැලසීමේදී සහ ජනතාව ඉලක්ක කරගෙන සිදුකරන පොදු සුබසාධන වැඩසටහන්වලදී ඒකාබද්ධව කටයුතු කිරීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකඟතාව පළකොට ඇත.Sri Lanka Latest News
පසුගිය සතියේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති පක්ෂ දෙකේ නායකයන්ගේ හමුවේදී මෙම එකඟතාව පළවී ඇති බවක් දැනගන්නට තිබේ.
එම සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටි අතර, එජාපය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක යන මහත්වරු එක්ව සිටියහ.
මෙහිදී පක්ෂ දෙක එක් කළ යුතු ආකාරය පිළිබඳ දීර්ඝව සාකච්ඡා වී ඇති අතර, එහි මුල් පියවර වශයෙන් මෙසේ සුබසාධන කටයුතුවලදී පක්ෂ දෙකේම නියෝජිතයන් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවට යෝජනාවක් විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කොට තිබේ. ඊට එජාප නියෝජිතයන්ගේ එකඟතාව හිමිව ඇති බවක් දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරියේදී සජබය මූලික කොට ගෙන සිදුකරන සියලු ප්‍රජා සුබසාධන කටයුතුවලදී ඒ ඒ දිස්ත්‍රික්කවල එජාප නායකයන්ද සහභාගි වීමට නියමිතව ඇති බවක් වාර්තා වේ.










