• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාමා රාවණා යුද්ධෙ නැතිවත් සීතා තාමත් අනතුරේ I Sri Lanka Latest News

October 12, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැරැදිලා වෙඩි තියලා, රබර් උණ්ඩ මාරු වෙලා, ඇඟේ වෙඩි පාරවල් හයක්…

ඓතිහාසිකවම සීතාට වුණේ අසාධාරණයක් කියලා මේ ලිපිය ලියන්න කලින් මට හිතුණා. ඒ, රාමා සහ සීතාගේ කතන්දරේ ඇතුළේ, රාවණලගේ රාමලාගේ යුද්ධ ඇතුළේ අසරණ වෙන්නේ සීතා. හැබැයි මේ ඒ සීතා නෙවෙයි. මේ සීතා ඇතින්න.(Sri Lanka Latest News)

සීතා ඇතින්නට වෙඩි තියනවා. ඒක වනජීවී එකට අනුව වෙඩි වැදීමක්. හැබැයි අපට අනුව වෙඩි තැබීමක්. වනජීවී සහ එහි නිලධාරීන්ට අනුව ජීව උණ්ඩ සහ රබර් උණ්ඩ කොයි එකත් එකයි වගේ. හැබැයි අපට අනුව නම් මේ රබර් උණ්ඩ නෙවෙයි ජීව උණ්ඩ. ජීව උණ්ඩවලින් මරණයක් සිදුකරන්න පුළුවන්. රබර් උණ්ඩවලින් බය කිරීමක්, පලවා හැරීමක් සිදුකරන්න පුළුවන්.

ඒවා නිකුත් කරන්නේ සහ ඒවා භාවිත කරන්නේ විවිධ විවිධ කාරණාවලට. රාජ්‍ය සේවකයෙක් නම් නිලධාරියෙක් නම් ඔහු සේවයේ ඉද්දී කිසිසේත්ම බීමතින් සිටිය යුතු නැහැ. මේ නිලධාරියා බීමතින් සිටි බව පසුව ඔප්පු වෙලා තියෙනවා. කොහොම නමුත් දැන් ඇතින්නගේ පපුවටම වෙඩි තියලා. බොහෝ තැන්වල ඇතින්න සම්බන්ධව විවිධ කතන්දර කියැවුණත් හැබෑවටම අද වෙද්දී ඇතින්නගේ තත්ත්වය ඉතාම භයානකයි.

මේ කතන්දරේ හොයද්දී අපට අහන්න දකින්න ලැබුණු තොරතුරු එමටයි. ඒවා ඉතා කනගාටුදායකයි. මේ වනවිට මහනුවර දළදා මාලිගාවේ පශුවෛද්‍ය ඒකකයේ තරිඳු විජේකෝන් මහතා ඇතුළු වෛද්‍යවරු සීතාගේ එක්ස් රේ ලබාගැනීම සඳහා කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ශරීරයේ වෙඩි පහරවල් හයකට වැඩි ප්‍රමාණයක් තිබෙන බව තමයි දැනගන්න තියෙන්නේ.

මේ වෙද්දී සීතා ඉන්නේ යම් තරමකට සුව වේවි යැයි බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක කියලා සමහර තැන්වල දැකපු කතන්දරවලින් හඳුනගන්න ලැබෙනවා. කොහොම නමුත් දැන් සීතා යම් තරමකට කෑම බීම ලබාගන්නා තැනට පත්වෙලා තියෙනවා කියලත් අහන්න ලැබුණා. හැබැයි මේ වනවජීවී නිලධාරියා පැය 15ක් යද්දී නිදහස් වුණු බව සමාජ මාධ්‍යවල සඳහන් වෙලා තිබුණා. මේක වෙන්නේ කොහොමද කියන එක අපි දන්නේ නෑ. කොහොම වුණත් සීතාට වෙඩිතැබීම කියලා කියන්නේ ඉතා බරපතළ සහ නරක තත්ත්වයක්. ඔහු මෙලෙස වෙඩිතබා තිබෙන්නේ සීතාව ඝාතනය කිරීමේ අරමුණෙන්ද කියලා සැකයි. පශුවෛද්‍ය අශෝක දංගල්ල මහතා විසින් අවශ්‍ය ප්‍රතිකාර සිදුකරනවා.

අපට නොතේරෙන කාරණාව තමයි මේ හීලෑ අලියෙක් හඳුනාගන්න බැරි තරමටම මෙච්චර බබාලද වනජීවී එකේ සේවය කරන්නේ කියන එක. මේකෙ තියෙන භයානකම දේ වෙන්නේ මේ අය මීට පෙර කී තැනකදී මේ විදියටම වනාන්තරයේ ඉන්න අලින්ට වෙඩි තියනවා ඇද්ද කියන එක. මේ වෙද්දී වන අලි කී දෙනෙක් මේ අයගේ වෙඩිපහරවල් නිසා මියගිහින් ඇද්ද කියන එක. ඒ අලි සම්බන්ධයෙන් කතා කරන්න, සටන් කරන්න, ඒ වෙනුවෙන් පෙරමුණ ගන්න කවුරුවත් එන්නේ නැති බව අපි දන්නවා. මේ වෙලාවේ සීතා ගැන විතරක් නෙවෙයි කතා කරනවා නම් අලි මරණ, අලින්ට වෙච්ච අසාධාරණකම් ඕනෙ තරම් තියෙනවා.

මේ වෙලාවේ මම අපේ රටේ ප්‍රකට නිළියක්, නිවේදිකාවක් සහ හොඳ සමාජ කියවීමක් සහිත ඒ වගේම දක්ෂ මාධ්‍යවේදිනියක් වෙච්ච උමා අසේනිගේ ෆේස්බුක් පිටුව නිකමට බැලුවා. ඒකෙ දිගින් දිගටම තියෙනවා අලින්ට වෙඩි තියපුවා, අලින්ව ඝාතනය කරපුවා, අලින්ට හිංසා කරපුවා. මේවා කොතැනින් කෙළවර වෙයිද, කොතැනින් පටන් අරන් මේ කතා ලියලා ඉවර කරන්නද කියලා ලියුම්කරු වෙච්ච මට තේරෙන්නෙ නෑ.

මේ සීතාගේ කතන්දරය ඉතා භයානක සහ නරක තත්ත්වයක්. වනජීවී නිලධාරීන් බීමතින් සතුන්ට වෙඩි තියනවා නම්, එහෙම වෙඩි තියන්න වනජීවී නිලධාරීන්ට දීලා තියෙන අයිතිය මොකක්ද? හිමිකරුවෙකු සිටින ඇතින්නකට වෙඩිතියපු නිසා ඈව බේරගන්න අපට සටන් කරන්න පුළුවන්. ඈට වෙඩි තියන්නේ මනුෂ්‍ය වාසය සහ ඇතා දිහා බලාගෙන ඉන්න මිනිස්සු සිටින තැනකදී නිසා මේ සම්බන්ධයෙන් අපට පියවර ගන්න පුළුවන්.

නමුත් කැලේදී වෙඩිවැදුණු අලි ඇත්තු ගොඩක් අපට හමුවෙනවා. ඒ අතරින් සමහර අලි ඇත්තු මියගිහින්. සමහරුන්ගෙ දළ කපාගෙන ගිහින්. සමහර අලි අතුරුදන් වෙලා. එහෙම අලි කිහිප දෙනෙක් ගැන බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඒ අතරින් සමහර අලි බොහොම හීලා සත්තු. අපි ඒ සතුන්ගේ නම් සඳහන් කරන්නේ නැත්තේ අලින් ඝාතනය කරන අයගේ මීළඟ ඉලක්කය ඒ අහිංසක අලියා වෙන්න පුළුවන් නිසා.

මේ විදියට බලද්දී මේ සත්තුන්ට වෙඩි වැදුණේ වනජීවි එක හරහාද කියන එකත් අපට සැකයි. ඒකට හේතුව මේ විදියට බීමතින් ගිහිල්ලා වෙඩිතියලා ඒක සාධාරණීකරණය කරනවා නම්, ඔවුන්ට පැය 15ක් යන්න කලින් නිදහස් වෙලා ගෙදර යන්න පුළුවන් නම්, ඔවුන් බය වෙන එකක් නෑ නැවත වරක් අලියෙක්ට වෙඩි තියන්න. කැලේ මීට වඩා පොඩි සත්තු ඕනෙ තරම් ඉන්නවා.

මහ සතාට මෙහෙම වෙඩි තියනවා නම්, පොඩි සත්තු කී දෙනෙක් මේ වගේ බීමත් නිලධාරීන් අතින් ඝාතනය වෙනවද කියලා අපට සැකයක් තියෙනවා. ඒ සැකය සාධාරණ බව කියවන ඔබටත් හිතෙනවා ඇති. ඒකට හේතුව මේක සෙල්ලම් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. තුවක්කුව දීලා තියෙන්නේ සත්තු මරන්න නෙවෙයි. සත්තු මරණ මිනිස්සුන්ගෙන් සත්තුන්ව ආරක්ෂා කරන්න. තුවක්කු දීලා තියෙන්නේ සතුන්ව පලවා හරින්න. අවශ්‍යම වුණොත් පාවිච්චි කරන්න. අපි දන්නා පරිදි වනජීවී නිලධාරියෙක්ට කිසිම අයිතියක් නෑ සතෙක්ව මරලා දාන්න.

මිනිස්සුන්ගෙන් සත්තු ආරක්ෂා කිරීම තමයි වනජීවී නිලධාරීන්ගේ වගකීම වෙන්නේ. වනජීවීන්ගෙන් මිනිස්සු ආරක්ෂා කිරීම කියන එක දෙවැනි කාරණය. පළමු කාරණය වෙන්නේ සත්තු ආරක්ෂා කරන එක. එහෙම නම් සත්තු ආරක්ෂා කරන්න ඉන්න අය මේ විදියට සත්තුන්ට වෙඩිතිබ්බම ගමේ ගොඩේ කතාවක් තමයි අපට මතක් වෙන්නේ. ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව’. වනජීවීන් සම්බන්ධයෙන් ඉන්න නිලධාරී මහත්වරුනි. මේ මොහොතේ කොන්ද පණ ඇතුව වැඩකරලා පියවරක් ගත්තේ නැත්නම්, මුළු ලෝකෙටම පේන්නේ ඔබේ හෙලුව. අපි ඔබට මතක් කරන්නවා, මේ වරද යළි නොවෙන විදියට වැඩ නොකළොත් මිනිස්සු ඔබ ඉදිරියේ හිටගන්නා දවස වැඩි ඈතක නෙවෙයි කියලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රුපියල් 100ට බනිස් 5ක් බඩ පැලෙන්න කන්න I Sri Lanka Latest News

Next Post

ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් පළිගන්නද හදන්නේ? අපේ ක්‍රිකට් කණ්ඩායමට හයියක් දෙන්න ඉන්දියාවට යන්න අවසර ඉල්ලපු පාලක මණ්ඩල නිලධාරීන්ට අවසර දීලා නෑ! අවසර දීලා තියෙන්නේ ICC රැස්වීමට යන්න විතරයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.