රජයේ සහ රජයේ අනුමත පාසල් මෙන්ම පිරිවෙන්වල නව වසරේ පළමු පාසල් වාරය හෙට (05) ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News
පස්වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් පවත්වන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා වෙනස් නොවන බවද, එසේම හය ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණියේ දක්වා දිනකට කාලපරිච්ඡේද 7ක් පැවැත්වෙන බවද, එක් විෂය කාලපරිච්ඡේදයක් වෙනුවෙන් මිනිත්තු 45ක් වෙන් කෙරෙන බවද ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එසේම 1 සහ 6 ශ්‍රේණි සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙම වසරේ සිට ආරම්භ කෙරෙන බවද, හය ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු මෙම මස 21දා සිට විධිමත් ලෙස සිදුකෙරෙන බවද එම නිවේදනය මගින් කියයි.
තවද පළමු ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනෙන ක්‍රියාවලිය 05දා සිට ආරම්භ කරන බවද, අධ්‍යයන කටයුතු 29දා සිට විධිමත්ව ආරම්භ කෙරෙන බවද, 2025 වසරේ කල්තබන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ, ඉතිරි කොටස යළි මෙම මස 12දා සිට 20 දින දක්වා පරවැත්වෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
නන්දන ශ්‍රී දොරකුඹුර










