• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ප්‍රධාන සජබෙන් ආණ්ඩුවට නඩු 40ක් I Sri Lanka Latest News

June 11, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැන් බඩු එනකල් බලන් ඉන්නවා…

රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගැනීම උදෙසා විපක්ෂයක කාර්යභාරය අතිශයින් වැදගත්ය. විපක්ෂ නිද්‍රාශීලීව සිටින්නේ නම් එවැනි රටක ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන අනතුර පිළිබඳ ඇත්තේ බිහිසුණු චිත්‍රයකි. එනයින් ගත් කල සමගි ජන බලවේගය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සක්‍රීයව මැදිහත් වී සිටීම පැසසිය යුත්තකි.(Sri Lanka Latest News)

නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂ කාරණාවකි. ආණ්ඩුව අතිශය හිතුවක්කාර ලෙස එය කල් දමමින් සිටින විට ඊට එරෙහිව මහපාරේ අරගලයක් අධිකරණමය ක්‍රියා මාර්ගත් යන දෙකම ගන්නට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.

මැතිවරණ කල්දමන ඉතිහාසය හැමදාම පවතින ආණ්ඩුවලට උරුම කළේ පරාජයය. 76 පවත්වන්නට තිබූ මැතිවරණය කල්දැමූ මැතිනියටත්, 83 පැවැත්විය යුතුව තිබූ මැතිවරණය කල්දැමූ ජේ.ආර්.ටත් අත්විඳින්නට වුණේ යහපත් ඉරණමක් නොවෙයි.

මැතිවරණ සිතියමේ හැටියට 1983දී මහ මැතිවරණය පැවැත්විය යුතු විය. මහ මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව පරාජය වන බවත්, දිනුවත් දිනන්නේ 5/6ක බලය අහිමිව බවත් ජේ.ආර්.ට තේරුම් ගියේය. ජේ.ආර්. කළේ මහ මැතිවරණයකට යෑමට පෙර ජනාධිපතිවරණයක් පවත්වා තමාගේ බලය තහවුරු කර ගැනීමය. අනතුරුව ඔහු කළේ මහ මැතිවරණයක් පැවැත්වීම වෙනුවට ඡන්දයක් ඕනෑද, එපාද කියා ජනමත විචාරණයක් පැවැත්විය හැකි වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයකට යෑමය.

වර්තමාන ආණ්ඩුව ද සිදුකරමින් සිටින්නේ ඒ කටයුත්තම බව වටහාගත් සමගි ජන බලවේගය අවස්ථා කීපයකදීම අධිකරණය වෙත ගියේ මැතිවරණයක් ලබාගැනීමටය.

ආණ්ඩුව හැම පැත්තෙන්ම උපාය උපක්‍රම සකස් කරමින් සිටින්නේ මැතිවරණය කල්දැමීමට බව බොහෝ දෙනාට දැන් රහසක් නොවේ. මේ තත්ත්වයට එරෙහිව වහාම මැදිහත් වියයුතු බව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායම් රැසක්ම මුල සිටම තීන්දු කළහ.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු එක් පෙත්සමක් ඉදිරිපත් කළ අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කළේ දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්. ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරු විසිනි.

ජනතා පරමාධිපත්‍යය සමග සෙල්ලම් කරමින් මැතිවරණය කල්දැමීම උදෙසා ආණ්ඩුව ගනු ලැබූ කූට උපාය මාර්ගයට සහාය දක්වමින් සිදුකළ ‘හපුහින්න මගඩිය’ හා භාණ්ඩාගාර ලේකම් හරහා ජනතා පරමාධිපත්‍ය කෙළෙසීමට ගත් උත්සාහයට විරුද්ධව සමගි ජන බලවේගය අධිකරණය හමුවට ගියේය.

ඡන්ද බලය සම්බන්ධව වැදගත් වූ කැපීපෙනෙන නඩු තීන්දු කිහිපයක් පවතී. මැතිවරණ පෙත්සම් මගින්ද මැතිවරණ නීතිය අර්ථ දැක්වීම හා නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව පටිපාටි පිළිබඳ නඩු තීන්දු ලබාදී ඇත.

  1. ඡන්ද ප්‍රකාශ කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇතුළත් බවත්, දේශපාලන වේදිකාවක හෝ වෙනත් ආකාරයක අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම රහසිගතව සිදුකරන ඡන්දය ප්‍රකාශ කිරීමද අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතියට ඇතුළත් වන බව තීරණය කර ඇත. (දේශප්‍රිය – කරුණාතිලක මැතිවරණ කොමසාරිස් හා තවත් 13 දෙනෙක් (1999-1-SLR-157)

    ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම, මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජිකයන්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය නීතිඥ ෆයිසර් මුස්තාපා ඇතුළු තිස්එකක් වගඋත්තරකරුවන් බවට පත් කරමින් ජනාධිපති නීතිඥ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විනිසුරු අනිල් ගුණරත්න, විනිසුරු නලින් පෙරේරා, ඉදිරිපිට මෙම තීන්දුව ප්‍රකාශ කරනු ලැබීය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා පෙනී සිටි අතර 5 වැනි වගඋත්තරකරු ඇමැති ෆයිසර් මුස්තාෆා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ සුගත් කල්දේරා පෙනී සිටියහ.

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව මගින් ඡන්ද බලය මගින් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම සම්බන්ධව පාර්ලිමේන්තු ඡන්දය, ජනමත විචාරණය, ජනාධිපතිවරණය සඳහන් වුවද පළාත් සභා ඡන්දය හෝ පළාත් පාලන ආයතන ඡන්දය ගැන සඳහන් නොවේ.
    (1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන අවස්ථාව වන විට පළාත් සභා ව්‍යුහයක් නොතිබීම හා පළාත් සභා ව්‍යුහය 1988දී ස්ථාපිත වීම එයට හේතු වන්නට ඇත) එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ සෑම ඡන්ද විමසීමකදීම ජනතාව ඡන්ද බලය මගින් තම පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන බවත්, මේ නිසා එය සියලු මහජන නියෝජිතයන් තෝරාගැනීමේ ඡන්දවලදී පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ කොටසක් බවත්ය.

(එගොඩවෙල/මැදිවක දිසානායක – (2001-1-SLR -177)

  1. ඡන්ද පෙත්සමක් නඩුවේ පාර්ශ්වකරුවන් අතර පමණක් නොව කොට්ඨාසයේ පුරවැසියන්ගේ මූලික අයිතියක් බවට පත්වේ. එය රටටම බලපාන පොදු කාරණයකි.

(සරවනමුත්තු ඒ. ද මෙල් නඩුවේදී විශේෂයෙන් හුවාදක්වන ලද, රඹුක්වැල්ල ඒ. සිල්වා – (1924-26 NCR – 253-254) නඩුවේ බර්ට්‍රම් අගවිනිසුරුතුමා දී ඇති තීරණය හා කර ඇති ප්‍රකාශය.)

තත්ත්වය එසේ තිබියදීත් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කටයුතු කළ අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යෑමකි. ජනසම්මතවාදයට සහ ජනතා පරමාධිපත්‍යය පරමාධිපත්‍යයට එරෙහි වීමකි.

මැතිවරණයක් අවශ්‍ය බවට වේදිකාවල කෑමොර දෙන ඇතැම් දේශපාලන පක්ෂ වේදිකාවෙන් ඔබ්බට ඔබට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනිමින් සිටිද්දී පවා සමගි ජනබලවේගය ඊට එරෙහිව සක්‍රීයව මැදිහත් විය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශයෙන් සිදුවූ හානියට වන්දි අයකිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන්නට තීන්දු කරනු ලැබීය.

ඒ අනුව ඩොලර් බිලියන 6.4කට සීමා වී ඇති වන්දි මුදල අය කර ගැනීමටත් එම විනාශයෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් මෙම මුදල මහාභාණ්ඩාගාරයේ වෙනම ගිණුමක තැන්පත් කරන ලෙසත් අදාළ එන්තරවාසියෙන් දැනුම් දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දිගින් දිගටම සමගි ජන බලවේගය පෙනී සිටි බවට ඕනෑ තරම් උදාහරණ ගත හැකිය.

රජය විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේත් උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීන්දු කළේය.

ගෝඨාභය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේ බොහෝ දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් නිදිවරමින් සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දීය.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදාගනිමින් සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට පොලීසිය ගන්නා ක්‍රියාමාර්ගය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවේ 2021දීය.

මෙරට ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වලින් අධිභාර බද්දක් අයකරීමේ වැඩපිළිවෙළකට රජය සැලසුම් කළ අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබීය.

නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ කමිටු අවස්ථාවේ ETF/EPF ඇතුළු භාරකාර අරමුදල් 13ක් බදුවලින් ඉවත්කරගන්නා බවට සංශෝධනයක් ගෙන එන බවයි.

එදා සමගි ජන බලවේගය ආණ්ඩුවේ අන්තනෝමතික ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළා නම් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත සේවක පිරිස්වල අර්ථසාධක අරමුදල ඉවරය.

පොදුවේ ගත්විට සමගි ජනබලවේගය මේ වනවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් නිදහස සුරක්ෂිත කිරීම උදෙසාත් ආණ්ඩුවේ මර්දනය දූෂණය අල්ලසට එරෙහිවත් නඩු 40ට ආසන්න ප්‍රමාණයක් දමා තිබේ. පොල්තෙල් වංචාවට එරෙහිව, සීනි බදු වංචාවට එරෙහිව,ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමට එරෙහිව, සතොස සුදුලූනු වංචාවට එරෙහිව, කාබනික පොහොර පිළිබඳ ගැටලුවට එරෙහිව, ගෑස් ආශ්‍රිත පිපිරීම්වලට එරෙහිව, කිරින්ද – මාගම ඛණිජ වැලි නිධියේ අර්බුදයට එරෙහිව,

පිළිකා ප්‍රතිකාර සඳහා ප්‍රමිතියෙන් තොර විකිරණ චිකිත්සක උපකරණ භාවිතයට එරෙහිව, ජනවාරි 18 වැනිදාට කල් පිරුණු ස්වෛරීත්ව බැඳුම්කරය පිළිබඳව ගැටලුවට එරෙහිව, විශේෂිත කාබනික පොහොර ගෙන්වීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් මහජන අදහස් කැඳවීම පිළිබඳ, ඇණවුම් කිරීමේ ප්‍රමාදයෙන් වැඩි මිලට එන්නත් මිලදී ගැනීම හා ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී වංචාවක් සිදුවීම පිළිබඳව, කොවිඩ් සමයේ විදෙස්ගත ශ්‍රී ලංකිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී නිරෝධායනය සඳහා හෝටල් වෙත යොමුකිරීම පිළිබඳ, බදුල්ල රදීමාලිය‍ද්දේ ඉඩම් සිංගප්පූරු සමාගමකට ලබාදීමේ සූදානමට එරෙහිව, මධ්‍යම අධිවේගයේ මතභේදාත්මක ටෙන්ඩරය (ගලගෙදර – රඹුක්කන දක්වා කොටස) පිළිබඳ යනාදී ලෙස අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එපමණක් නොව, ජාතික ඖෂධ නියාමන අධිකාරි‍යේ දත්ත මැකීයාම, හෝටල් ව්‍යාපෘතියකට බිලිවන අනුරාධපුර නුවර වැව පිළිබඳව,ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග LNG ගනුදෙනුව පිළිබඳ, අතුරුදන් වූ තෙල් නැව පිළිබඳ, මතභේදාත්මක ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට බිලියන 773ක පොල්ලක් තැබීම පිළිබඳ, අර්ථසාධකයේ බිලියන 05ක් වතුරේ යාම පිළිබඳ, මහා පරිමාණ ව්‍යාපෘති 4කට වැය කළ රු. කෝටි 9029ක් වතුරේ යැවීම පිළිබඳ, නඩු පැවරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.

රටේ ආර්ථික අපරාධවලට එරෙහිව ද සමගි ජනබලවේගය පෙරට ආවේය.

එහිදී, ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය පිළිබඳ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඒස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගමෙන් විදුලිය මිලට ගැනීම පිළිබඳ, රුසියාවෙන් ආනයන කළ ප්‍රමිතියෙන් තොර බොරතෙල් ආනයනය පිළිබඳ, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීමට ඇමෙරිකාවේ සුබේරිට මුදල් ගෙවීම පිළිබඳ, මන්දපෝෂණය හා විෂ සහිත සහල් සහ ත්‍රීපෝෂ පිළිබඳ, අලි සබි්‍ර රහීම් වංචාසහගත ලෙස රත්‍රන් රට තුළට රැගෙන ඒම පිළිබඳවද සමගි ජන බලවේගය අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

පුබුදු උදයංග

SendShareShare
Previous Post

රනිල් ජූලි ඉන්දියාවේ! ඔක්තෝබරයේ චීනයේ! සැප්තැම්බරයේ අමෙරිකාවේ! I Sri Lanka Latest News

Next Post

අද තද සුළං වැස්ස අකුණු ඔක්කොම තියෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.