• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලකයන්ට චීනෙන් රීචාජබල් පුරුෂලිංග කන්ටේනර් I Sri Lanka Latest News

August 21, 2023
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දවසක් හමුදාවේ බි්‍රගේඩියර් කෙනෙක් නිතරම බීමතින් සිටි සෙබළකු තම කාමරයට කැඳෙව්වේය.(Sri Lanka Latest News)

“උඹ බීලා නේද ඉන්නෙ?”සෙබළා ඒ කියමන අනුමත කරන නියාවෙන් හිස වැනුවේය
“ඉඳගනිං” නිලධාරියා තමා ඉදිරියේ පුටුව අතින් පෙන්නා කීවේය. සෙබළා කීවාක්ම කෙළේය.

“මම කියන දේ තේරෙනවද?” ඔව් කියන නියාවෙන් සෙබළා හිස වැනුවේය.

“උඹ නං මොකෙක්ද මං දන්නෙ නෑ යකෝ” කී බි්‍රගේඩියර්,“ උඹේ අම්මයි තාත්තයි, අපේ අම්මගෙයි තාත්තගෙයි යාළුවො, අපි එක ගමේ, එකට සෙල්ලං කෙළේ. උඹයි මමයි එකට ඉස්කෝලෙ ගියෙ. එක පන්තියෙ හිටියෙ. හමුදාවට බැඳුණෙත් එක දවසෙ. එක තනතුරට. උඹ මගෙ යාළුව හින්දා මම උඹට බනින්නෙ, උඹ ගැන තියෙන හිතේ අමාරුවට. මම දැන් බි්‍රගේඩියර් කෙනෙක්. උඹේ ඔය බීම නැත්තං උඹත් අද බි්‍රගේඩියර් කෙනෙක්නෙ” කී හමුදා නිලධාරියා තම මිතුරා දෙස බලාගෙන අකම්පහළ (කනගාටු) වූවේය.

“සර්..ර්..ර්.ර්” යැයි බොහෝ..ඕ..ඕ..ම අමාරුවෙන් කියාගත් සෙබළා “සර් දැන් බි්‍රගේඩියර් කෙනෙක්, මම බීපුවාම මට හිතෙන්නෙ මම හමුදාපති කියලයි” ඔහු අර අන්දමින්ම වදෙන් පොරෙන් කියාගත්තේය.

මට ඔය කතාව මතක් වූයේ මටත් අර ජාතියේම අපේ වචනයෙන් කියනව නම් පොඩි ජොලියක් හෙවත් කොල්ලංගෙ වචනෙන් කියනවානං පොඩි ආතල් එකක් ගන්නම නොවේ. ටිකක් හොඳට නිදාගන්නට ඕනෑ වූ නිසාය.

ඉස්සර තරුණ කාලෙ නම් ඇඳට වැටෙන පමාවය. නින්ද යන්නේ පෙරේතයා පොළොවේ ගැහුවා වගේය. දැන් ඉතින් එහෙම නැත. හන්දිපත් රුදාවය. එහෙන් කැක්කුංය. මෙහෙන් කැක්කුංය. දකුණු කකුලේ මස් පෙරළෙනවාය (Cramp). වම් කකුලේ මස් පෙරළෙනවාය. ඉළ ඇවිළෙනවාය. එක යමරයකි.

ඉතින් නින්ද නොයන නිසා, එක එක දේවලුත් ඔළුවට එනවාය. අවුරුදු විසිපහක් තිහක් රාජකාරිය වෙනුවෙන් ලැබෙන රුපියල් තිස්පන් දහසක පැන්ෂන් පඩියෙන් දෙන්නකු ජීවත් වෙන්නේ කොහොමද?කියන එක මතක් වෙනවිට හීන්දාඩිය නැගේ. විදුලි බිල, ටැලිපෝන් බිල, ජල බිල දොළොස් දාහ පනී. ගමේ ඉන්න අපට කොස් ගෙඩිය, දෙල් ගෙඩිය, මඤ්ඤොක්කා අලය වත්තේ පිටියෙන් පහසුවෙන් සොයාගත හැකි බව සැබැවි.

“තාත්තෙ දැන් අරකෙයි මේකෙයි වැඩකරන්න හදන්නෙ අපට ලැජ්ජා කරන්නද? අපි හතර දෙනා මාසෙකට දහදාහ ගානෙ එවනව මදිද? මදිනං කියන්න…”ඒ වුණත් දරුවන්ගෙන් යැපීම ආත්මගෞරවය ගැන ප්‍රශ්නයකි. එම්පරේරු රජ කෙනෙක් බලුවුණා සේය.

“සීයෙ අපි බලන්න එන්නෙ කවද්ද?” යැයි මුණුබුරන් අහන විට මයිනලාගෙ, කාක්කලාගෙ, දිමි ගොට්ටලාගෙ, නාන්නෙ නැති මලයලාගෙ අම්මලා පමණක් නොව ඒ අම්මණ්ඩිලාගෙ අම්මලාත් මතක් වෙනවාය.

ඒ නිසා පොඩියට ටිකක් දාගත්තාම පාන්දර එක දෙක වෙනකං ෂේප්ය.

අවුරුද්දකට දෙතුන් වතාවක් රට යන දරු හතර දෙනා ඇතුළු නංගිලාගෙ මල්ලිලාගෙ දරුවන්, ලොකු මාමට, ලොකු තාත්තාට කියමින් ගෙනැත් දෙන බඩු බෝතල් හතර පහක් කොයිවේලෙත් Stock එකේ Haveය.

ඒ Chance එක මට ඇත්තේ මම උපතේ සිටම ලොක්කකු නිසාය. ඉපදුණු දා පටන් මම ලොකු පුතාය. ඊට පසු ලොකු අයියාය. ඊළඟට ලොකු තාත්තාය. ලොකු මාමාය. දැන්නම් ලොකු සීයාය. ඔය ලොකුකම් මටය.

සමහරක් දෙනාට (උන්ගෙ සම විතරක් නෙමේ සම්පූර්ණයෙන්ම හරක්ය) තවත් කං කීපයක් තිබේ. නම්බුකාරකං, අහංකාරකං, ගණංකාරකංය.

‘නම්බුකාරකං නිලේ (තනතුර) තියන කං
අහංකාරකං බලේ තියෙනකං
ගණංකාරකං හයිය තියෙනකං
හැබැයි මේ ඔක්කොම කං පණටික යනකං’

ඉතින් අපේ ජීවන පහන් තිළිණ පුතාගේ (මා ඔහු දුටු පළමු දවසේම කීවේ දරුවෝ උඹ හිතහොඳ එකෙක් යනුවෙනි. එය තවමත් මුසාවක් කර නැත) ශෛලියෙන් මේ ටික කීවාට සමාව ඉල්ලමින් මා නින්දට යන්නට පෙර අර බෝතල්වලින් වීදුරු දෙකක් තුනක්ම ගැහුවේ Army man මෙන් මට හමුදාපති වන්නට නොව හුඟාක් කාලෙකින් කොළඹ ගොස් ආ නිසා ඇඟේ පතේ රිදිල්ල නැතිව නිදාගන්ටය.

හදිසියකට නගර සභාවට යාමට සිදුවූ හෙයින් රඹුක්කන සිට කොළඹට පහයි හතළිස්පහේ ශීඝ්‍රගාමී දුම්රියේ හිටගෙනම ගොස් හැන්දෑවේද එසේම හිටගෙන පැමිණි නිසා දැනුණු තෙහෙට්ටුව අකාමකා යන්නටය. එහෙත් මගේ වැඩේට අදාළ නිලධාරි මහත්තයා අධිකරණයට ගොස් ආපසු එන විට දෙක හමාර වන බව දැනගන්නට ලැබුණු හෙයින් මම දවල්ට සෛවර් සාප්පාටුවක් දමා විහාරමහා දේවි පාක් එකේ ගහක් යට බංකුවක නිසංසලේ බලා සිටියෙමි. එවිට ධර්මපාල මාවත දිගේ පෙළපාළියක් එමින් තිබුණේය.

“රට බිත්තර අපට එපා, රට බිත්තර අපට එපා, අපේ වීවලට සාධාරණ මිලක් දියව්…” පෙළපාළිකාරයෝ කෑගැසූහ.

සිංහල රජවරුන්ගේ කාලේ සිට අපේ රටේ ආර්ථිකය රඳාපැවතුණේ කෘෂිකර්මය මතය. තනිකරම වී ගොවිතැනය. හරිහමං අම්මෙකුට අප්පෙකුට ජාතකව බත් බුලත් කා හැදුණු වැඩුණු එකෙකුට නම් කන්තලේ වැව ඉදිකළ අග්බෝ, පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් අමුණු දහස් ගණනක් ඉදිකළ මහා පරාක්‍රම බාහු රජවරුන් කිසිසේත්ම අමතක කළ නොහැක්කෝය.

පරාක්‍රමබාහු ලොක්කාත් හොඳ බුද්ධාගම්කාරයකු බව ඇත්තය. එහෙත් බලයට එන්න මැරූ මිනිසුන් ගණන නම් ගණංපදං නැත. එහෙත් ඔහුගේ නම ඇසූ කෙනෙහිම සිහිපත් වන්නේ “අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතු” බවය.

ඔය වගේ බඩු ඉතිහාසයේ එමටය. ඉංගිරිසි රාජාවලියේ සොලමන් රජු ප්‍රඥාවන්තයන් අතර ප්‍රාඥයාය. එහෙත් පෞද්ගලික පරිභෝජනය සඳහා පවත්වාගෙන ගිය අන්තඃපුරයේ කාන්තාවෝ හත්සියයක් උන්හ.

දේව ශාපයෙන් ලෝකය විනාශ වෙන මහා ජල ගැල්මෙන් මහ ජනයා මුදාගන්නට “නෝවා” නැවක් ඉදිකළ බව කිතුනුවන් පමණක් නොව වෙනත් ලබ්ධිකයන් පවා දන්නේමය. එහෙත් ඒ ලෝකයා තනි බෙබේ කෙනකු බව අප්‍රසිද්ධය.

කන්න අටුකොස් නැට්ටක් පවා නැති මෙකල ඔය අටුවාවෙන් ඇති පළේ කිම.

“පිටරට හාලේ බත්ටික නැත්නං බඩගින්නේ සිංහලයාආ..ආ..ආ..” මුස්ලිම්ද මැලේද යැයි කියන්න බැරි උනත් අපට නැති කැක්කුමක් ඇති ලක්‍ෂ්මී බායිට තිබුණාද? නැත්තං ඇය එහෙම කීවේ ඔලොක්කුවට දැයි මට නම් නොතේරේ. ඇය එහෙම කීවේ ඉංගිරිසින්ගෙන් රට නිදහස් කරගත් සංක්‍රාන්ති කාලයේය. ඒ, නවසිය හතළිස්අටේ නිදහස කියන එක ලැබුණා යැයි කියන වර්ෂයට දෙපැත්තේ තිබූ වර්ෂ හතරක් පහක් තුළ අපේ රටේ උදවියගේ රුදාව ඉස් පොල්ලේ ගිය කාලයේය. (ඉස් පොල්ලේ යනවා යැයි කියන්නේ නාහෙ දිගේ යාමය. ජලයේ ගිලී ස්නානය කරන විට වතුර නාහෙ දිගේ යාම) ඒ කාලේ අපේ කටේ තිබුණු වාක්‍ය සිරිලකදේ-සිරිසැප දේ යන්නය.

කසාදයක් බැඳ අවුරුද්දක් දෙකක් ගිය විට කැක්කුම රුදාව අඩු වෙන්නා සේ දැන් ඒ දේ අහන්නවත් නැත. මොනවා වුවත් දැන් වී ටික විකුණාගන්න නොහැකි ගොවියා පාරට බැස පෙළපාළි යද්දී අපේ පොත්තලා අවුරුද්දට කෝටි ගණනක් මහජන මුදල් කොමිස් ගහමින් පිටරටින් හාල් ආනයනය කරති.

පරාක්‍රමබාහුගෙන් පසුව හාල් පිටරට පටවනවා යැයි කියමින් බොරුවට වුවත් නවසිය හැටපහ හැත්තෑව කාලේ කෘෂිකර්ම ඇමැති ඊ.ඇල්. සේනානායක උන්නැහේ හාල් පිටරට පැටෙව්වේය. ඇත්ත වශයෙන්ම ඒ අවධියේ අගමැති ඩඩ්ලි සේනානායක මහත්තයා ජවය තිබුණු කොල්ලන් එකතු කර ගොවි හමුදාව නමින් හැදූ යුනිට් එකෙන් රටේ වැව් අමුණු ඉදි කෙළේය. ගොවිතැන දියුණු කෙළේය.

මට අපේ රට ගැන හිතුණේය.

අම්පාර, මඩකළපුව, මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල, පොළොන්නරුව, නුවරඑළිය පමණක් නොව සමස්ත ලංකාවේ හැම ගමකින්ම පිටරට යවන්නත් එක්ක කිරි නිෂ්පාදනය කරගත හැකි වුවත් ඈත අතීතයේ පටන් අද දක්වාම පිටරටින් කිරි ගෙනේ. ඇයි වටේම මූදය. ඒත් කරවල පිටරටින්ය.

“අඟලක් ගානේ හෙළ ඇටකටු පොහොරව ඇති මෙම පොළොවේ
වියැළුණු දණ්ඩක් මල් කොළ දලු ලා එක රැයකදි පැළවේ”

හාල්, කිරි, කරවල, කරවල නම් මදෑ, අපේ හිටපු ජනාධිපති සිරිසේනයියා (අයියාද, නයියාද? එයාගෙම වචනේ ඕනෑෑෑෑ..ඈෑෑ. බම්බුවක්) කීවා සේ මේ හැත්ත කංකුං මිටියත් ගොටුකොළ මිටියත් පිටරටිං ගොනාවෝය. රටට කෙළවුණේය.

මොනවා කීවත් 1970 මැතිනිගෙ ආණ්ඩුවේ මුදල් ඇමැති ඇන්.ඇම්.ට රට ගැන කැක්කුමක් තිබුණේය. ඒ මේ අවුරුදු 75ටම (මට හිතෙන හැටියට) රට ගැන අවංක කැක්කුමක් තිබුණු දේශපාලකයාය.

ඔහු පිටරටින් ගේන දේ සීමාකර නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කෙළේය. මහජන බැංකුව වැනි මූල්‍ය ආයතන ඇති කෙළේය. මැණික් හා ස්වර්ණාභරණ සංස්ථාව ස්ථාපනය කර විදේශිකයන් හොර රහසේ කළ ජාවාරම් අපේ අතට ගත්තේය. විදේශ ණය සෑහෙන ප්‍රමාණයක් ගෙවා අඩු කෙළේය. (ඕං පුතේ මහත්තුරු)

දැන් “විකුනොමික්” සහ “බෙගිං නොමික්”ය. දැක්ක දැක්ක මහජන දේපොළ විකුණා කමින් හිඟමනේ යාමය. දැන්නම් හිඟමනේ, හිරමණේ වගේම භගමනේත් නැත.

ඒ නිසා දැන් ඇත්තේ උස්මුරුත්තේට ගිය “ඉම්පෝටිං”ය. විලිලැජ්ජා නැති ගමයාටත් වඩා විලිලැජ්ජාවක් නැති මුං ඇත්ත වශයෙන්ම විලිලැජ්ජාවක් නැතිව “බිජ්ජත්” රටින් ගේන එකනෙ පුදුමෙ. මහජනතාවනි නොබව් (මහජනයිනි බිය නොවව්) “බිජ්ජ” කීවාට අහවල් එක ගේනවා යැයි නොසිතනු මැනවි.

මුං කියන කරන දේ හැටියට ඒකත් ආනයනය කරනවා යැයි සිතිය හැකිය. මා අදහස් කෙළේ කුකුළු බිජු හෙවත් කුකුළු බිත්තර ගැන මිස අහවල් එක ගැන නොවේ.

ඇත්ත වශයෙන්ම අපට පුදුම හිතෙන්නේ මේ රටේ මිනිසුන් ගැනය. මෙච්චර දේ වෙද්දීත් වැටේ එඬරු පොල්ලක්වත් කඩාගෙන වරෙව් යකෝ කියමින් පාරට බහින්න එකකු නැති එක ගැනය.
දැන් රෝහල්වල හරි හමං බෙහෙතක් නැති නිසාත් ඒ වගේ තවත් දාහක් හේතු නිසාත් මිනිස්සු මියයති.

කිසිදා නොවූ විරූ අන්දමට ආණ්ඩුවේ උන්ගේ වැරැද්ද නිසා අපේ උන් මියයති. එහෙත් රඹු(ටු) ව(ැ)ල්ලාට වගේවගක් නැත.

ඊයෙ පෙරේදා ඊශ්වරයා ප්‍රසිද්ධ මාධ්‍යවලට කී කතාව මතකද? ඊශ්වරයා කියන්නේ ඇස් තුනක් විතරක් තියෙන කෙනකු පමණක් නොවේ.

බෙල්ලේ නයෙක් ද ඉන්න කෙනෙකි. ඒ නිසා ඊශ්වරයාට බෙල්ලේ නයා යන නමද පරියාය වේ.
එහෙත් මේකාගේ නයා බෙල්ලේද? නැත්නම් තල්ලේද? කොහේද යන්න නම් මට කිව නොහැකිය. බෙල්ලෙ හරි, තල්ලේ හරි, ගොල්ලේ හරි ඕනෑ මඟුලක. අපට මොකෝ. එහෙත් අපේ ඇඟේ මාළු නටන්නේ මූ කියපු කතාවටය.

ඌ කියන්නේ මේ රටේ වෛද්‍යවරුන් රට ගියාට කමක් නැති බවය. එමගින් ඩොලර් ලැබෙන බවය. වෛද්‍යවරුන් ආනයනය කළ හැකි බවය. ඇත්තටම මුගෙන් අහන්න තියෙන්නේ අපේ ගම්මුන් අහන “නැන්දම්මා සනීපෙන්ද?” කියන එකය.

“අනේ ඩෝ…”

මේ රටේ කන්න නැතිව, බේත් නැතිව මිනිස්සු නහිති. දරුවන්ට මන්ද පෝෂණේය. ඒ තියැද්දී ගොංහැත්තක් (අපේ සිරිසේන අයියාගේ වචනෙ) නුවරඑළියේ පන්දු කෙළින හැටි දැක්කෙමු. ඒ තියෙද්දී බෙල්ලේ ලොකුවටම මොල්ලිය ඇති ඒකා ද පිත්තක් ගෙන වනනවා පෙනිණි.
ඒ පිත්තක් ගත්තේ රට කෑමේද කප්පිත්තෙකි.

ඔය අතරේ දැඩි ආරක්‍ෂාව සහිතව සුද්දියන් (විදේශ කාන්තාවන්) රැගත් සුඛෝපභෝගී සංචාරක බස්රථ දහයක් දොළහක් සමග බහාලුමක් (කන්ටේනරයක්) සයිරන්ස් පිඹගෙන දක්කාගෙන යනු හැටි දුටුවෙමි.

ඒ ළඟින්ම දේශපාලකයන්ගේ වාහන පෙළක්ය. ගෝනෙක් වගේ වත්තල පැත්තේ ජෝනෙක් මුලින්මය. එහෙයියෝ ඇම්බැට්ටයෝ, තලඅතු පොල් අතු අල්ලන්නෝය.

මට මහත් මවිතයක් ඇති වුණේය. මා ඉදිරියේ ඒ පැතතේ සිටි ඉලංදාරියෙක් යමින් සිටියේය. මම වහා ඔහු ළඟට ගියෙමි.

“මහත්තයා අර සුදුනෝනලා වගයක් පටවාගත්ත බස්වාගයක් පස්සෙ අරකට්ටියක් පන්නන්නෙ මොකද”මම ඇසුවෙමි.

“ඇහුවට අංකල්ට දැන් වැඩක් නෑ…” ඔහු හරුපයක් කීවේය. මට නොතේරුණි.

“අනේ දරුවො මම නොදන්න නිසයි ඇහුවෙ.”

“ඒ අපේ දේශපාලනඥයන්ට පරිභෝජනයට පිටරටින් එයාලිෆ්ට් කරපු පළමු ගෑනු ලෝඩ් එක…”

“එතකොට පුතේ අර කනටේනර් එක…?”

“ඒකෙ ඒ ඒ දේශපාලනඥයන්ගේ සයිස්වලට අවශ්‍ය පුරුෂ කාරණාලු.

දැන් මේගොල්ලන්ගේ ඒවා ගෙවිල එක්ස්පයර් (කල් පැනලා) වෙලා නිසා අලුත් රීචාජබල් පුරුෂලිංග චීනෙන් ගෙනැල්ලා…”

“බුදු අම්මේ යැයි මට යටිගිරියෙන් කෑගැසිණි”

“ඔයාට මං හැමදාම කියනව පන්සිල් අරන් නිදාගන්න කියලා. කෝ අහන එකක්යැ” කියමින් අපේ පුතාලගේ අම්මා මට දෙහි කපන්න වූවාය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පොලිස් ඇඳුම ගෙදර තියා රාලහාමි හරක් හොරකමේ ගිහින්! Sri Lanka Latest News

Next Post

රනිල් සිංගප්පූරු ජනපති-ඇමැතිවරුන් හමුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

තරුණියන් දෙදෙනෙකු හප්පා පලාගිය OIC අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත. Sri Lanka Latest News

Read more
ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.