• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජේ.ආර්.-ප්‍රේමදාස-චන්ද්‍රිකා-ඩී.බී.-මහින්ද-මෛත්‍රී-ගෝඨා මේ කවුරුත් දුන්නෙ නැති, රනිල් දෙන්න හදන, 13 තියෙන පොලිස් බලය මොකක්ද?

February 1, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
ජේ.ආර්.-ප්‍රේමදාස-චන්ද්‍රිකා-ඩී.බී.-මහින්ද-මෛත්‍රී-ගෝඨා මේ කවුරුත් දුන්නෙ නැති, රනිල් දෙන්න හදන, 13 තියෙන පොලිස් බලය මොකක්ද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිරීති බොහෝ ප්‍රමාණයක අතීත කතාව දිවයන්නේ අවුරුදු 300කටත් වඩා ඈත ඉතිහාසයක් වෙතය. එනම් යටත් විජිත පාලන යුගයන් දක්වාය. ලන්දේසින්, පෘතුගීසින් සහ ඉංග්‍රීසින් එකල ආදි ලංකාවේ පාලනය කලින් කලට අතට ගනිමින් ඒ විවිධ නීතිරීති පනවන්නට කටයුතු කළේය. ආදි ලංකාවේ ඉඩම් පරිපාලනය පිළිබඳ නීති සංග්‍රහයක් මුලින්ම 1706දී මෙරට පාලනය කළ ලන්දේසින් ස්ථාපිත කළ බව ඉතිහාසය කියා සිටියි. ඉන් පසු කාලයකදී මෙරට පාලනය කළ බි්‍රතාන්‍ය පාලකයන් ඉහත නීති සංග්‍රහයන් තවත් සංශෝධනය කරමින් අලුත් නීතිරීති මාලාවක්ද ස්ථාපිත කරන්නට ගත්තේය. එනම් තිබුණු නීති සංග්‍රහයන්ට වැඩි බලයක් ලබාදෙමින් තමන්ගේ පරිපාලනයට පහසු වන ආකාරයට ඉංග්‍රීසින නීතිරීති සකස් කරගත්තේය. විවිධ බදු අයකර ගැනීම් උදෙසා සහ තමන්ගේ කර්මාන්ත සඳහා ඉඩම් අයිතිය ලබාගැනීම උදෙසාද ඉංග්‍රීසින් එම නීතිරීති සංග්‍රහයන් සංශෝධනය කරගත්තේය. 1806 අංක 18 දරන ‘තේසවලාමේ’ නීතිරීති පනත ගෙන ආවේ ඒ ලෙසිනි. කෙසේ හෝ ඉන් වසර 63කට පසුව 1869දී තේසවලාමේ නීති සංග්‍රහය සංශෝධනය කර උතුරු පළාතේ දෙමළ ප්‍රජාවටද බලපාන අයුරින් බලාත්මක කරන ලදී. එතැනින්ද නොනැවතී එම නීති සංග්‍රහය තවත් වසර 78කට පසුව 1947දී නැවතත් 1947 අංක 58 දරන ආඥා පනත ලෙස සංශෝධනය කෙරිණි. ඉන් පසුවද ශ්‍රී ලංකාව තුළ පැවැති විවිධ රජයන් තමන්ට පහසු සහ වාසිවන ආකාරයෙන් මෙම නීතිරීති සංශෝධනය කරන්නට ගත්තේය. ඒ අනුව අද දක්වා මෙම අණපනත් අලුතෙන් ඇතිකරමින් සහ සංශෝධනය කරමින් රජයන් තම පරිපාලනයන් සිදුකරගෙන යයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 2019දී ජනාධිපති ධුරයට පත්වූ විටදී අනුරාධපුරයේ රුවන්මැලි මහසෑය ඉදිරිපිටදී සිය ධුරයේ දිවුරුම් දෙමින් කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේ ජනාධිපතිවරයා බවය. එසේ නම් මෙරට තුළ ඇති අනෙක් සියලු කටයුතුද ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට පොදු වන එක් ක්‍රමවේදයක් යටතේම සිදුකළ යුතුය. සිංහල ජනතාවට වෙනම නීති සංග්‍රහයක්, දෙමළ ජනතාවට වෙනම නීති සංග්‍රහයක් මෙන්ම මුස්ලිම් ජනතාවට වෙනම නීති සංග්‍රහයක්ද තිබිය යුතුද? නැත. සමස්ත රට තුළම තිබිය යුත්තේ එකම නීති සංග්‍රහයක් විය යුතුය. සියල්ලන්ටම සහෝදර ජාතීන් ලෙස පෙනී සිටිය හැකි වන්නේ එවිටය. එහෙත් අද ශ්‍රී ලංකාව තුළ විවිධ පාර්ශ්ව මේ තත්ත්වය පිළිබඳ විවිධ තර්ක, විතර්ක ගෙන එති. ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලකයන් විසින් අභියෝගයට ලක්කර ඇති ඉඩම් බලතල සහ පොලිස් බලතල කතන්දරයද වේදිකාවට එන්නේ මෙවැනි වටපිටාවකදීය. මෙයට දින කිහිපයකට ඉහතදී මෙම වගතුග ඇසෙන්නට ගත්තේය. ඒ ගැන සොයා බලමු.

මේ දිනවල අප රට තුළින් බොහෝ විට කියැවෙන කතාවක් වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාවය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කතාව අපේ රටේ බොහෝ දෙනාට අණ්ඩරදෙමළයක් සේ පෙනෙයි. එසේම එම වගතුග කුමක්දැයි ඔවුන්ට අවබෝධයක්ද නැත. තත්ත්වය එසේ වුවද මෙවැනි වගතුගක් බොහෝ විට අතිශය බැරෑරුම් කතාන්දරයක් පෙන්නුම් කරයි. මෙලෙස පසුගියදා අපට අසන්නට ලැබුණු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතාවද එවැනි එකක්ය. මෙම කතාවටද දිගු ඉතිහාසයක් ඇති අතර එනම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යන අණ පනත හඳුන්වා දෙන්නේ මෙයට හරියටම වසර 35කට ඉහතදීය. එනම් 1987 වසරේ නොවැම්බර් 14 වැනි දින එම පනත් කෙටුම්පත ස්ථාපනය කරන ලදී. එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී මෙය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද රාජ්‍ය ලේඛනයකි. ශ්‍රී ලංකාවේ පළාත් පාලනයට අදාළව බොහෝ නීතිරීති ස්ථාපිත කෙරෙන මෙම ව්‍යවස්ථා සංශෝධන පනත පිටු 45කින් සමන්විත දීර්ඝ ලේඛනයකි.

මෙම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කලින් කලට කතාබහට ලක්වූ සුවිශේෂ විෂයක්ද විය. එලෙස මෙයට දින කිහිපයකට පෙරදී කියැවුණු අලුත්ම වගතුගකින් විස්තර කෙරුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පනතට අදාළව තිබෙන එහෙත් මෙතෙක් ක්‍රියාත්මකව නැති පොලිස් සහ ඉඩම් බලතල උතුරු නැගෙනහිර සහ අනෙකුත් ප්‍රදේශවලට ලබාදීමට තීරණය කර තිබීමේ පුවතකි. එනම් වත්මන් රජය එම බලතල ලබාදීමට එකඟ වී ඇති බවක් එයින් හෙළිව තිබිණි. මෙහිදී පනතට අදාළව පළාත් සභා සතු එහෙත් දැනට ක්‍රියාත්මකව නැති සියලු බලතල ක්‍රියාත්මක කළ යුතුය යන්න එම කතාව විය. රජයේ මෙම අලුත්ම තීරණය ජනාධිපතිවරයා ගෙන ඇත්තේ දෙමළ පක්ෂ නායකයන් සමග සිදුකළ සාකච්ඡාවකින් පසුව බවටද කරුණු හෙළිවිය. මෙයට පෙර වතාවන් කිහිපයකදීම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සන්ධානය විසින් මෙම ඉඩම් සහ පොලිස් බලතල සහිත 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොහොත් පළාත් සභා පනත මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. රජයේ සහජීවන වැඩපිළිවෙළ සාර්ථක වීමට නම් එම පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව එම දෙමළ පක්ෂය තවදුරටත් අවධාරණය කර තිබිණි. 2023 ජනවාරි මස මුලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ සිදුකළ සංචාරයේදීද දෙමළ පක්ෂ නායකයෝ මෙම යෝජනාවන් ගෙන ආහ. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම ක්‍රියාවලියට අදාළ විශේෂ කාර්යාංශයක් ජනාධිපති කාර්යායල තුළ විවෘත කරන බවත්, එසේම උතුරේ ජනතාවගේ අදහස් දැනගැනීම සඳහා තවත් විශේෂ කාර්යාංශයක් වවුනියාවේද විවෘත කරන බවත්ය. පසුගියදා යාපනයේ පැවැති ජාතික තෛපොංගල් උත්සවයේදී ඔහු එලෙස ප්‍රකාශ කර ඇත.

මෙවැනි පටපිටාවකදී පසුගියදා සිදුවූයේ තවත් අපූරු සිදුවීමකි. එනම් ඉන්දීය විදේශ අමැති ආචාර්ය සුබ්‍රමානියම් ජෙයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහුගේ මෙම ගමනද ශ්‍රී ලංකාව තුළ පුළුල් දේශපාලන වේදිකාවක් ඇති කරන්නට සමත් විය. ආචාර්ය ජෙයිශංකර් තම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වීමද සිදුකළේය. එහිදී ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අදාළව බොහෝ තීරණාත්මක කරුණු කිහිපයක්ම අවධාරණයට ගැනිණි. ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ වදනින්ම ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.

‘ජනාධිපතිවරයා මට පැහැදිලි කළා දේශපාලනික බලය බෙදීම සහ ඒ ගැන ඔහු තුළ ඇති චින්තනය කුමක්ද කියලා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ගැනත් අප අතරේ අදහස් ප්‍රකාශ කෙරුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඉතා අවශ්‍ය, තීරණාත්මක කරුණක් බව මම ජනාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියා. එසේම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අමතරව මෙරට සිටින ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ අවශ්‍යතා කෙරෙහිද විශේෂ අවධානයක් යොමුකරන මෙන් මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ප්‍රතිසන්ධානය සඳහා වන කල්පවත්නා උත්සාහයන් ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස්වල අවශ්‍යතා බවත් මම ඔහුට පැහැදිලි කර සිටියා…’ යැයි ආචාර්ය ජෙයිශංකර් අවධාරණය කර ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිම වනවාත් සමගම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද්‍රවිඩ සන්ධානයේ නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. ඒ සඳහා ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනකු සහභාගි වූහ. එම්.ඒ. සුමන්තිරන්ද ඒ අතර විය. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දෙමළ නායකයන්ට ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිරට සහ රටේ අනෙකුත් පළාත්වලට පොලිස් සහ ඉඩම් බලතල ලබාදීමට රජය එකඟ වී ඇති බවයි. මේ අනුව එම කටයුතු ක්‍රියාත්මක කිරීම උදෙසා දිවයිනේ සෑම පළාත් සභාවක් සඳහාම එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු බැගින් පළාත් 09 සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනකු පත්කෙරෙනු ඇත. එසේම ඉඩම් කටයුතු සඳහා ඉඩම් කොමිසමක්ද ස්ථාපනය කෙරෙනු ඇත. ඉක්මනින්ම මෙම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපතිවරයා දෙමළ නායකයන් වෙත ප්‍රකාශ කර ඇත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස් සහ ඉඩම් බලතලවලට අදාළව එම ක්‍රියාවලිය මෙසේ ගෙනහැර දක්වා ඇත. එහිදී මුලින්ම පොලිස් බලතලවලට නියමිත අර්ථකථනයන් මොනවාදැයි බලමු. එම වගන්ති මෙසේය.

පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිස් හමුදාවේ ප්‍රධානියා විය යුතුය. ශ්‍රී ලංකා පොලිස් හමුදාව පහත දැක්වෙන අංශවලට බෙදිය යුතුය.

★ ජාතික අංශය සහ එක් එක් පළාත් සඳහා වෙන්වූ පළාත්බද අංශයන් ස්ථාපිත කළ යුතුය. ජාතික අංශයට පොලිස්පතිවරයා ප්‍රධාන අනෙකුත් නිලධාරීන්ගෙන් සමන්විත විය යුතුය. පළාත්බද අංශය වෙනම අංශයකි.
★ එක් එක් පළාත් සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙන වෙනම පත්කළ යුතුය. පළාත් මට්ටමින් බදවාගන්නා ලද පළාත්බද සහකාර පොලිස් අධිකාරිවරුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, උපපොලිස් පරීක්ෂකවරුන්, සැරයන්වරුන් සහ කොස්තාපල්වරුන් යන තැනැත්තන්ගෙන්ද පළාත්බද අංශය සමන්විත විය යුතුය.
★ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පත්කිරීම ජනාධිපතිවරයා විමසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නම්කරන ලද තැනැත්තෙක් හෝ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නාමිකයෙක් විය යුතුය.
★ පළාත්බද පොලිස් කොමිෂන් සභා පිහිටුවීම පළාත්බද පොලිස් කොමිෂන් සභාවන් විසින් පළාත්බද නියෝජ්‍ය පොලිස්පතිවරයා හැර අනෙකුත් පළාත්බද අංශයේ සියලු පොලිස් නිලධාරීන්ගේ උසස් කිරීම්, මාරුකිරීම් හා විනය පාලන කටයුතු සම්බන්ධයෙන්ද වගකිව යුතු වෙයි. එමෙන්ම අදාළ බලතලද පළාත්බද අංශයට හිමිවෙයි.

එසේම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් බලතල ගැන මෙවැනි කරුණු දක්වා ඇත.

★ සෑම පළාත් සභාවකටම පළාත් සභා විෂයන්ට අදාළව අවශ්‍යවී ඇති එම පළාත ඇතුළත ඇති රජයේ ඉඩම් ආණ්ඩුව විසින් ලබාදිය යුතුය. පළාත් සභාව විසින් එම රජයේ ඉඩම්, එම කාරණය පාලනය කෙරෙන නීති හා ප්‍රඥප්තිවලට අනුකූලව පරිපාලනය කිරීම සහ ප්‍රයෝජනයට ගැනීම කළ යුතුය.
★ සංවෘත හෝ සමගාමී විෂයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කාර්යය සඳහා අවශ්‍ය රජයේ ඉඩම් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ රජය විසින් අදාළ පළාත් සභාව විමසිය යුතුය. එම කාරණය පාලනය කෙරෙන නීතිරීතිවලට අනුව ප්‍රයෝජනයට ගත හැකිය.
★ පළාතක් ඇතුළත ඇති රජයේ ඉඩම් යම් පුරවැසියකුට හෝ සංවිධානයකට පවරා දීම හෝ නියාමනය කිරීම හෝ අදාළ පළාත් සභාවේ උපදේශය මත එම කාරණය පාලනය කෙරෙන නීතිරීතිවලට අනුකූලව සිදුකළ යුතුය.
★ ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු අතර, එම කොමිෂන් සභාවට දිවයිනේ සියලු පළාත් සභාවල නියෝජිතයන් ඇතුළත් විය යුතුය.

ඔබට මෙම පොලිස් සහ ඉඩම් බලතල ගැන ලියා තැබුවේ යම් සාරාංශගත ස්වරූපයකිනි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්තේ මෙම විෂයන් දෙක පමණක් නොවේ. එහි ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට අදාළ වන තවත් විවිධ විෂයන් රාශියක්ද ගැබ්ව ඇත. එහෙත් මෙහිදී පොලිස් සහ ඉඩම් බතලත යනු යම් සංකීර්ණ විෂයන් දෙකක් හෙයින් ඒ ගැන සමාජය තුළ විශේෂයෙන් කතාබස් කෙරෙයි.

මෙලෙස පොලිස් හා ඉඩම් බලතල උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් පළාත් සභා බලප්‍රදේශවලට ලබාදීමට රජය මේ වන විට ගෙන ඇති තීරණයට එරෙහිව පාර්ශ්ව ගණනාවක් තම විරෝධය ඉදිරිපත් කර ඇත. එහිදී විවිධ දේශපාලනික සහ නීති පාර්ශ්ව විශ්ලේෂකයන් ඉදිරිපත් කර ඇති මතිමතාන්තර හරහා මෙවැනි අර්ථයන් ගෙනහැර දක්වා ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

★ පොලිස් හා ඉඩම් බලතල පළාත් මට්ටමින් ලබාදුනහොත් ශ්‍රී ලංකාව මහත් අර්බුදයකට මුහුණ දිය හැකිය. එය කෙටියෙන් කිවහොත් රට මහා අවුල් ජාලයකට පත්කරන ක්‍රමවේදයක් වනවා නිසැකය.
★ එම පොලිස් බලතලවලට අදාළව ශ්‍රී ලංකා පොලිසිය කොටස් 09කට කැඩෙන බව ස්ථිරය. ප්‍රධාන පොලිස් මූලස්ථානයේ පරිපාලනයෙන් ඔබ්බට ගිය ස්වයං පරිපාලනයක් පළාත් යටතේ බිහිවනු ඇත.
★ ජාතික පොලිසිය අනිවාර්යයෙන්ම තව තවත් පළාත් වශයෙන්ද දේශපාලනීකරණය වීම වළක්වන්නට නොහැකිය.
★ ජාතිවාදී හැඟීම්වලින් යුත් පොලිසි උතුරුනැගෙනහිරින් බිහිවීම වැළැක්විය නොහැකිය.
★ ප්‍රධාන මධ්‍යම රාජ්‍ය පාලනයට විසඳීමට නොහැකි උග්‍ර පරිපාලන ගැටලු රැසක් උද්ගත වනු ඇත.
★ ඉඩම් පරිපාලනය තුළ නොයෙකුත් ආකාරයේ දූෂණ වංචා රාශියක් සිදුවිය හැකිය. ජාතිවාදී ආකාරයෙන් ඉඩම්වල බලතල ලබාගැනීම වැළැක්වීමට නොහැකිය.
★ මහ ඇමැතිවරයාගේ අධීක්ෂණයෙන් තොරව කිසිදු ඉඩම් ප්‍රශ්නයක් හෝ නීතිමය ප්‍රශ්නයක් විසඳිය නොහැකිය. ඔහු අතිශය බලගතු චරිතයක් වනු ඇත.

පසුගියදා රජය මෙම තීරණයන් ගැනීම උදෙසා ද්‍රවිඩ සන්ධානයේ නායකයන් සමග පැවැත්වූ සාකච්ඡාවට රජයේ ප්‍රධාන පෙළේ කැබිනට් ඇමැතිවරු කිහිප දෙනකුම සහභාගි වූහ. එහිදී විදේශ අමාත්‍ය අලි සබි්‍ර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ද සහභාගි විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට රාජසන්තක කර ඇති පෞද්ගලික ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට අමාත්‍යවරයාගේ අවසරය ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට නියෝග කළේය. මේ අතර එළැඹෙන පෙබරවාරි 04 වැනිදා චෝදනා රහිතව සහ චෝදනා ගොනුකර නොමැති සිරකරුවන් 15 දෙනකු නිදහස් කිරීමටද රජය කටයුතු යොදා ඇත. පසුගිය ජනවාරි 10 වැනිදා දෙමළ දේශපාලන පක්ෂ නායකයන් අවසාන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් සිදුකර ඇති ඉල්ලීම්වලට රජය අවනත විය යුතු බවත්, එසේ නොමැති නම් දෙමළ පක්ෂ මගින් වර්ජනයක නිරත වන බවත්ය. ජනාධිපතිවරයාට බලය ලැබී ඇති මෙවන් මොහොතකදී වෙනත් ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග අවශ්‍ය නොවන බවත් මෙම දෙමළ පක්ෂ නායකයන් අවධාරණය කර ඇත. එහිදී ජනාධිපතිවරයා දෙමළ නායකයන්ට ප්‍රකාශ කර ඇත්තේ මුලින් 13 වැනි සංශෝධනයට අනුව පොලිස් සහ ඉඩම් බලතල ක්‍රියාත්මක කරන බවත්, ඉන් පසුව ඉදිරි වසර 02 තුළදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන බවත්ය.

අද කවුරු මොනවා කිව්වද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දැනට වසර 35ක සිට උදාවී ඇත්තේ බාලගිරි දෝෂයය. එහි නොයෙකුත් බලතල අද නැත්නම් හෙට ක්‍රියාත්මක කරනවා යැයි කියමින් මෙරට රාජ්‍ය පාලකයෝ පුරාජේරු කතා කියති. මෙවර සිදුවන්නේත් එම බණ දේශනාවමද?



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මැයි 09 බැසිල් ගියා! ජුනි 09 මහින්ද ගියා! ජූලි 09 ගෝඨා ගියා! ඡන්දය මාර්තු 09! රාජපක්ෂලාට නපුරු වූ 09 මෙදා සැරේ මොනවා කරයිද?

Next Post

විරෝධතා යළි ඇරඹේ! විශ්වවිද්‍යාල ඊයේ රෑම වසන්ත වෙනුවෙන් පාරට බසී! VIDEO

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.