• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එජාපයයි, ශ්‍රීලනිපයයි, පොහොට්ටුවයි, ගිලගත් පවුල් ගහ…

September 12, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
එජාපයයි, ශ්‍රීලනිපයයි, පොහොට්ටුවයි, ගිලගත් පවුල් ගහ…
Share on WhatsAppShare on Facebook

රැකියාව පියාගෙන් පුතාට උරුම කිරීම වැඩවසම් සමාජයේ ලක්ෂණයක් යැයි කියනු ලැබේ. පාරම්පරික රැකියා, කුල භේදය වැනි සාම්ප්‍රදායික සමාජ ලක්ෂණ සමග දැඩිව බැඳී තිබූ ලංකාවේ වැඩවසම් සමාජය, වර්ෂ 1505 පෘතුගීසින්ගේ ලංකා ගමනයත් සමග වෙනස් වීම ආරම්භ වූ අතර පහතරට සහ මුහුදුබඩ පළාත්වල මේ තත්ත්වය විශේෂයෙන් දැකගත හැකි විය. අප, බි්‍රතාන්‍ය කිරීටයට නතුවීමත් සමග මෙකී වැඩවසම් සමාජයේ බිඳවැටීම වේගවත් විය. කෙසේ වෙතත් සුද්දන් ලංකාවට ඩොමීනියන් නිදහස ලබාදී කෙමෙන් කෙමෙන් මෙරට හැර යද්දී කළු සුද්දෝ එක්තරා රැකියාවක් පියාගෙන් පුතාට උරුම කර දීමට අඛණ්ඩව උත්සාහ ගත්තෝය. ඒ රැකියාව නම් දේශපාලනයයි.

ලංකාවේ දේශපාලනය වූ කලී තවමත් පවුල් පසුබිමෙන් මිදී නැති හවුල් ව්‍යාපාරයක් යැයි පැවැසීම අතිශයෝක්තියක් නොවේ. වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කාරන ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලේම පාහේ ඔටුන්න හිමි කුමාරවරු වන්නේ වත්මන් නායකයනේ දරුවන්, සහෝදරයන් බව ප්‍රකට කරුණකි. දේශපාලනයේ පවුල්වාදය නොහොත් දේශපාලන පවුල්ගස් පිළිබඳ කෙරෙන මේ කතිකාව මේ සතියේ සිය 76 වැනි සංවත්සරය සැමරූ එක්සත් ජාතික පක්ෂයෙන් ආරම්භ කිරීම වඩාත් කාලීන යැයි සිතේ.

ලංකා ජාතික සංගමය, එක්සත් ජාතික පක්ෂය බවට පත්වීමේදී එහි නායකත්වය හිමිවූයේ ඩී.ඇස්. සේනානායකටය. බෝතලේ වලව්ව කේන්ද්‍ර කරගෙන දේශපාලන කටයුතු කළ සේනානායකවරු මිනිරන් කර්මාන්තයෙන් සහ රේන්ද ව්‍යාපාරයෙන් ධනවත් වූවෝ වෙති. නිදහස් ලංකාවේ පළමු අගමැතිවරයා වන්නේ ඩී.ඇස්. සේනානායකයන්ය. අනපේක්ෂිත මොහොතක සිදුවූ ඩී.ඇස්.ගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම රටේ අගමැති ධුරයද හිමිවනුයේ ඔහුගේ පුත් ඩඩ්ලි ෂෙල්ටන් සේනානායකටය. ඒ වන විට ඩඩ්ලි ඉතා තරුණ වියේ සිටි බැවින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ලංකාවේ අගමැති වීමේ සිහිනය දකිමින් සිටි හොරගොල්ල වලව්වේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ එම සිහිනය බොඳ විය. එහෙයින් ඔහු එ.ජා.ප.යේ පවුල්වාදයට එරෙහිව පක්ෂය හැරදමා යන්නේය. එදා එලෙස එ.ජා.ප.ය හැරදමා ගිය බණ්ඩාරනායකත්, ඔහු පසුපස ගිය හම්බන්තොට දොන් ඇල්වින් රාජපක්ෂත් දේශපාලනයේදී වෙනමම පවුල් ගස් දෙකක් පසුකාලීනව නිර්මාණය කළෝය.

ඩඩ්ලි අගමැතිකම භාරගෙන කෙටි කලකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියේය. අනතුරුව 1952 මැයි මස 24 සිට 30 දක්වා මහ මැතිවරණය පවත්වන ලද අතර ඉන් ජයගත් ඩඩ්ලි දෙවැනි වරටද අගමැති විය. එහෙත් සමසමාජ පක්ෂය කැඳවූ 1953 හර්තාලය නිසා ඉල්ලා අස්වූ ඩඩ්ලි, සිය මස්සිනා වුූසර් ජෝන්ට අගමැතිකම භාරදී ගෙදර ගියේය. සර් ජෝන් විවාහ වී සිටියේ ඩී.ඇස්.ගේ නැගණිය, නැතහොත් ඩඩ්ලිගේ පිය පාර්ශ්වයේ නැන්දාගේ දුව එෆී මන්ත්‍රී ඩයස් බණ්ඩාරනායක සමගය. ඩී.ඇස්.ගේ නැගණිය මරියා ෆ්‍රැන්සිස් සේනානායක වන අතර ඇය විවාහ වී සිටියේ ෆෙඩි්‍රක් එච්. ඩයස් බණ්ඩාරනායක සමගය. ඒ අනුව, බණ්ඩාරනායකලා, සේනානායකලා, කොතලාවලලා නැයෝය.

තුන් වරක් ශ්‍රී ලංකාවේ අගමැති ධුරය දරූ ඩඩ්ලි සේනානායක මියගියේ තනිකඩයෙක් ලෙසය. එහෙයින් ඔහුට උරුමය පවරන්නට දරුවෙක් නොසිටි මුත් ඩඩ්ලිගේ අභාවයෙන් පසු දැදිගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්ම්තුවට ආවේ තවත් සේනානායක කෙනෙකි. ඔහු රුක්මන් සේනානායකය. රුක්මන් යනු ඩඩ්ලිගේ සොහොයුරා රොබර්ට් සේනානායකගේ පුත්‍රයා, ඩී.ඇස්.ගේ මුනුබුරාය.

එහෙත් ඩඩ්ලිගේ ඇවෑමෙන් එ.ජා.ප.යේ සුක්කානම අතට ගන්නේ සේනානායක කෙනෙක් නොව ජේ.ආර්. ජයවර්ධනය. ජේ.ආර්.ගේ පුත්‍රයා රවී ජයවර්ධනය. එහෙත් ඔහු දේශපාලනයට ආවේ නැත.

ජේ.ආර්. විශ්‍රාම ගියේ පක්ෂ නායකත්වය ආර්. ප්‍රේමදාසට පවරමිනි. සැබැවින්ම ජේ.ආර්., ප්‍රේමදාසට නායකත්වය දුන්නේ නොදී බැරිම තැනය. කෙසේ හෝ කොටි සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති ප්‍රේමදාස 1993 වසරේ මියයන විට ප්‍රේමදාස පරපුරේ ඊළඟ පුරුක සජිත් ප්‍රේමදාස දේශපාලනයට පිවිස සිටියේ නැත. එහෙයින් සජිත්ගේ දේශපාලන ගමන මඳක් වෙනස් ආකාරයක් ගත්තේය. රනිල්ගේ කෙනෙහිළිකම් මැද හම්බන්තොටින් දේශපාලන ගමන පටන් ගත් සජිත් අද වෙනම පක්ෂයක් මෙහෙයවමින් ලංකවේ විපක්ෂ නායක ධුරය දරයි.

ප්‍රේමදාසගේ අනුප්‍රාප්තික ජනපති ඩී.බී. විජේතුංග කෙටි කලක් එ.ජා.ප.යේ නායකත්වය දරා ඉන් ඉවත් වීමෙන් පසු එය ගාමිණී දිසානායකට හිමි විය. ගාමිණීද දේශපාලන පවුලක සාමාජිකයෙකි. ඔහුගේ පියා ඇන්ඩෲ දිසානායක 1956 බණ්ඩාරනායක රජයේ නාවික කටයුතු අමාත්‍යවරයාය. එහෙත් ගාමිණී දේශපාලනයට ආවේ එ.ජා.ප.යෙනි. ඔහුගේ වැඩිමහල් පුත් නවීන්ද එ.ජා.ප.ය නියෝජනය කරමින් අමාත්‍ය ධුරයක් දැරූ අතර පක්ෂ නායකත්වය අපේක්ෂාවෙන් පසුවිය. දිසානායක පවුල් ගසේ අනෙක් අත්ත මයන්ත දිසානායක වන අතර ඔහු ස.ජ.බ. මන්ත්‍රීවරයෙකි. නවීන් සහ මයන්තගේ මව ශ්‍රීමා දිසානායකය. 1994 වසරේ ජනාධිපතිවරණ සමයේ ගාමිණී දිසානායක ඝාතනය කිරීමෙන් පසු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඇයයි. දිසානායක පවුල් ගසේ කතාව එසේය.

ගාමිණීගේ හදිසි අභාවයෙන් පසු එ.ජා.ප.ය යළිත් පවුල්වාදයට නතුවන්නේය. පක්ෂයේ ඊළඟ නායකයා වනුයේ රනිල් වික්‍රමසිංහය. රනිල් යනු ජේ.ආර්.ගේ බෑණාය. ‍ඒ දෙදෙනාගේ නෑකම තව ටිකක් ලිහිල්ව ලියන්නේ එය දැනගත යුතුම කතාවක් නිසාය. රනිල් මෙන්ම ජේ.ආර්. ද ලංකාවේ විශාලතම දේශපාලන පවුල් ගස වන තුඩුගල පරපුරෙන් පැවැත එන්නෝය. තුඩුගල පරපුරේ ආදිතම සාමාජිකයන් මතුගමට නුදුරු තුඩුගල ප්‍රදේශයට සම්බන්ධ වුවත්, එම පරපුර කන්ද උඩරට රජුට සේවය කළ බවට ඓතිහාසික සාක්ෂි වෙයි. වර්ෂ 1659 දී ඉංග්‍රීසි ජාතික නාවිකයකු වූ රොබර්ට් නොක්ස් අත්අඩංගුවට ගැනීමට ගිය කණ්ඩායමේ ‘තුඩුගල තෙන්නකෝන්’ නම් සෙනවියෙක් වූ බව කියැවේ. ඒසා දිගු ඉතිහාසයක් ඇති තුඩුගල පරපුරේ නූතන කතාව ඇරඹෙනුයේ දොන් පිලිප් විජේවර්ධන මුදලිතුමාගෙන්ය. නූතන කොළඹ ගොඩ නගන්නට ඉදිකිරීම් ද්‍රව්‍ය සපයා මහ ධනවතෙක් වූ ඔහු විවාහ වනුයේ හෙලේනා වීරසිංහ සමගය. විවාහයෙන් පසු හෙලේනා විජේවර්ධන වූ ඇය කැලණි විහාරය ගොඩනැඟීමේදී ප්‍රමුඛ මෙහෙයක් කළාය.

මේ යුවළට දරුවන් නව දෙනෙකු විය. දොන් ඇලෙක්සැන්ඩර්, දෝන හෙලන් ඇග්නස්, දොන් ලුවිස්, දොන් රිචර්ඩ්, දොන් එඩ්මන්ඩ්, දෝන හැරියට්, දොන් චාල්ස්, දොන් ඇල්බට් සහ දොන් වෝල්ටර් එම දරුවෝ වූහ. මේ දරුවන්ගෙන් හෙලන් ඇග්නස් විනිසුරු ඊ.ඩබ්ලිව්. ජයවර්ධන සමග විවාහ වූ අතර ජේ.ආර්. ජයවර්ධන ඔවුන්ගේ ලොකු පුතා විය.

දොන් පිලිප් සහ හෙලේනා යුවලගේ වඩිමහල් පුතා වන දොන් රිචර්ඩ් විජේවර්ධන (ලේක් හවුසියේ නිර්මාතෘ ඩී.අර්. විජේවර්ධන) විවාහ වනුයේ කෑගල්ල මීදෙනිය වලව්වේ රූබී මිදෙණිය සමගය. එම දෙපොළට දරුවන් පස් දෙනෙකි. ඒ අතරින් වැඩිමහල් දියණිය නාලිනි විජේවර්ධන විවාහ වනුයේ එස්මන්ඩ් වික්‍රමසිංහ සමගය. රනිල් ඔවුන්ගේ පුත්‍රයාය. රනිල්ට මවු පාර්ශ්වයෙන් ජේ.ආර්. මාමා වන්නේ එසේය. (රනිල්ගේ මව නාලිනීට පිය පාර්ශ්වයෙන් ජේ.ආර්.ගේ මව නැන්දා වන අතර ජේ.ආර්. අයියා වෙයි)

ඩී.ආර් විජේවර්ධනගේ සිවුවැනි දරුවා රංජිත් විජේවර්ධන විවාහ වනුයේ බෝතලේ වලව්වේ රොබට් සේනානායකගේ දියණිය රංජනී සමගය. එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා වන්නට සූට් මසාගෙන සිටින රුවන් විජේවර්ධන එම දෙපළගේ පුත්‍රයා වන අතර, ඔහු නෑකමින් රනිල්ට ඥාති සහෝදරයා වෙයි. (රුවන් විජේවර්ධන යනු රනිල්ට මවු පාර්ශ්වයෙන් මාමා වන රංජිත්ගේ පුතාය.) ඒ අනුව විජේවර්ධනලා, සේනානායකලා, ජයවර්ධනලා, කොතලාවලලා ඔක්කෝම නෑයෝය. එහෙම බලන කල ‘ඒගොල්ලො ඔක්කොම යළුවෝ’ යැයි රන්ජන් රාමනායක කියූ කතාව හරියටම හරිය. (ඒ කතාව මේ දිගු ලිපියට කෙටි සමීකරණයක් බඳුය)

ලංකාවේ දේශපාලනයේ අනෙක පවුල් ගස හමුවන්නේ බණ්ඩාරනායක පවුලෙනි. අතීතයේ සිටම බණ්ඩාරනායකවරු සියනෑ කෝරළයේ මුදලි ධුර දැරූවෝ වෙති. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පැවැත එන්නේ එකී පෙළපතිනි. එහෙත් සාහසිකයෙක් අතින් බණ්ඩාරනායක වෙඩිකා මැරෙන විට ඔහුගේ දරුවන් පසු වූයේ ළාබාල වයසේය. එහෙයින් ඔහුගේ දේශපාලන සගයෝ මියගිය බණ්ඩාරනායකගේ බිරිය දේශපාලනයට ගෙන එන ලදී. ඇය 1960 ජූලි මැතිවරණයෙන් සෙනට් මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිස පසුව අග්‍රාමාත්‍ය ධුරය දැරුවාය. බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමරා වූයේ අනුර බණ්ඩාරනායකය. දිගුකලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු කතානායක ධුරය සහ විවිධ අමාත්‍ය ධුරයන් දරන ලදී. එහෙත් අවිවාහකයකු වූ ඔහුට පරපුරට ඔවුන්න හිමි කුමාරයෙක් තිළිණ කරන්නට නොහකි විය. එම පවුලේ දියණිය චන්ද්‍රිකාද මෙරට අගමැති ධුරය සහ ජනාධිපති ධුරය දෙවරක් දරනු ලැබුවාය. ඇගේ පුත් විමුක්ති දේශපාලනයට පිවිස නැතිමුත් ඒ සඳහා ඔහු කැඳවීමට පාර්ශ්ව කිහිපයක් උත්සාහ ගනිමින් සිටී.

ලංකාවේ අනිත් දේශපාලන පවුල හම්බන්තොට රාජපක්ෂ පවුලය. ඒ පවුලේ මුලින්ම දේශපාලනයට එන්නේ දොන් මැතිව් රාජපක්ෂය. (ඩී.එම්. රාජපක්ෂය) ඔහු 1937 – 1945 කාලයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. ඔහුගේ දරුවන්ගෙන් දෙදෙනෙක් දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුව නියෝජනය කරනා ලදී. ඒ ලක්ෂ්මන් රාජපක්ෂ සහ ජෝර්ජ් රාජපක්ෂය. මේ දෙදෙනාගෙන් ලක්ෂ්මන් රාජපක්ෂ 1947-52, 1956-60 කාලයේ හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළේය. අනතුරුව 1960 – 65 කාලයේ ඔහු තිස්සමහාරාම මන්ත්‍රීවරයා විය. ඔහුගේ සොහොයුරා ජෝර්ජ් රාජපක්ෂය. ඔහු 1960 – 76 කාලයේ මුල්කිරිගල ආසනයේ මන්ත්‍රීවරයා විය. 1976 ඔහුගේ මරණයෙන් පසු පැවැති අතුරු මැතිවරණයට තරග කළ ලක්ෂ්මන් රාජපක්ෂ 76 – 77 කාලයේ යළිත් පාර්ලිමේන්තුවට පත්විය. ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය නිරූපමා රාජපක්ෂද දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුව නියෝජනය කළාය. පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකාහි මුදල ආයෝජනය කර තිබුණේ ඇයයි.

රාජපක්ෂ පවුල් ගහේ දෙවැනි අත්ත දොන් ඇල්වින් රාජපක්ෂ නැතිනම් ඩී.ඒ. රාජපක්ෂය. ඔහු ඩී.ඇම්.ගේ බාල සොහොයුරාය. 1947 පාර්ලිමේන්තුවට එන ඩී.ඒ. රාජපක්ෂ පසුව බණ්ඩාරනායක සමග ශ්‍රී.ල.නි.ප.ය බිහිකරන්නට මුල්වන්නේය. ඔහුගේ පුත් පර්සි මහේන්ද්‍ර, මහින්ද රාජපක්ෂ ලෙසින් දේශපාලනයට පිවිසෙන්නෙය. දෙවරක් ජනාධිපති ධුරය දැරූ ඔහු තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඔහුගෙ වැඩිමහල් සොයුරු චමල් බාල සොහොයුරන් වන ගෝඨාභය සහ බැසිල්ද දෙශාපාලනයේ නිරත වෙයි. චමල් ‍රාජපක්ෂ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂද පාර්ලිමේන්තුව නියෝජනය කරන මුත් පරපුරේ එම පරපුරේ ඔටුන්න හිමි කුමරා වනුයේ නාමල් රාජපක්ෂයි. සිය පියා නියෝජනය කළ යුතු උත්සව සභා ආදිය නියෝජනය කරමින් ඔහු සිය ස්ථානය තහවුරු කරගනිමින් සිටී.

ලාංකේය පවුල් දේශාපාලනයට අලුතෙන්ම එක්වන්නේ සිරිසේන පවුලය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය පුත් දහම් සිරිසේන තමාගෙන් පසු කිරුළ වෙනුවෙන් සූදානම් කරමින් සිටිනා අතර ඔහු මේ වන විටත් පොළොන්නරුව බටහිර ශ්‍රී.ල.නි.ප. සංවිධායක ලෙස වැඩ අරඹා අවසන්ය. ලංකාවේ සමාජවාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධනගේ ඇවෑමෙන් එම පක්ෂයේ නායකත්වය හිමිවූයේ වැඩිමල් පුත් දිනේෂ්ටය. පිලිප්ගේ අනෙක් පුතුන් වූ ගීතංජන සහ ඉන්දිකද දේශපාලනයට විත් මැති ඇමැතිකම් දැරූ අය වෙති. ඔහුන්ගේ එක් සොහොයුරෙක් වූ ප්‍රසන්න එ.ජා.ප.යෙ.න් තරග කර කොළඹ නගරාධිපති විය. දිනේෂ් තමාගෙන් පසු තම පුත් යදාමිණි කරළියට ගෙනැවිත් ඇත. මේ වන විටත් ඔහු මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මන්ත්‍රී ධුරයක් හොබවයි. හිටපු අගමැතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක මෙන්ම දී.මු. ජයරත්නද තම පුතුන් වන විදුර වික්‍රමනායක සහ අනුරාධ ජයරත්න දේශපාලනයට ගෙන ආවේය.

පවුල් පිටින් දේශපාලනය කරන්නෝ ද්‍රවිඩ දේශපාලන පක්ෂ අතරද නැත්තේ නොවේ. 1947 සිට 1960 දක්වා කාලයේ සමස්ත ලංකා ද්‍රවිඩා සංගමය නියෝජනය කළ ජී.ජී. පොන්නම්බලම් සිය පුත්‍රයා වූ කුමාර් පොන්නම්බලම් දේශපාලනයට රැගෙන ආවේය. 1982 ජනාධිපතිවරණයට පවා තරග කළ ඔහු සාහසිකයෙකුගේ වෙඩිපහරින් ජීවිතයෙන් සමුගත් අතර අද ඔහුගේ පුත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයට නායකත්වය දෙමින් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

වතුකරයේ රජුන් තනන්නා වන සෞම්‍යමූර්ති තොණ්ඩමන් සිය මුණුබුරා වූ ආරුමුගම් සිය අනුප්‍රාප්තිකයා ලෙස දේශපාලනයට ගෙන එන්නේය. අරුමුගම් මිය යෑමෙන් පසු ඒ කිරුළ හිමිව ඇත්තේ ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන්ටය.

එකම පවුලේ සාමාජිකයන් අතර රටේ සහ පක්ෂයේ තනතුරු බෙදී යෑමට ලාංකේය දේශපාලන ශබ්දකෝෂයේ ඇති වචනය ‘පවුල් ගසය’ ඒ වචනය නිර්මාණය වන්නේ 77 මැතිවරණය ඉලක්ක කර නිකුත් වූ පොතක් නිසාය. එහි වූයේ මැතිනියගේ නෑ සනුහරේ ඇත්තෝ එදා තනතුරු බෙදාගත් ආකාරයයි. ඒ පොත මුද්‍රණය කරේ වික්‍රම වීරසූරිය බව කියැවේ. පසු කාලයක සැලසුම් ක්‍රියත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ඔහු, විවාහ වනුයේ ගාමිණී දිසානායකගේ නැගණිය වූ රෝහිණී දිසානායක සමගිනි. ඒ අනුව ඔහු ඇන්ඩෲ දිසානායකගේ බෑණනුවන් මෙන්ම ගාමිණී දිසානායකගේ මස්සිනාද වෙයි. ඒ මදිවාට මයන්ත සහ නවීන් යන මන්ත්‍රීවරුන්ගේ මාමාද වෙයි. ඒ කියන්නේ පවුල් ගස පොත මුද්‍රණය කළ වික්‍රම වීරසූරියත්, දිසානායක පවුල් ගසේ අත්තකි.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජිනීවා මහසමුලුවට ගිය සජබ මන්ත්‍රීවරුත් සමුලුවේදී හඬ නගයි! (VIDEO)

Next Post

IMF එකෙන් ගොඩයන්න රටට පුළුවන්ද? ගොඩහේවා සරල සිංහල භාෂාවෙන් කරපු විග්‍රහය…

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.