• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෂ්ට කාමයට බේත් බොන ධාතුසේනලා I Sri Lanka Latest News

September 28, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔකාවස් රාජධානියේ ඔකාවස් ගොයියාගේ (රජු) බිසව වූ ශීලවතී අක්කාට දරු සම්පත් නැති නිසා කොහේ හරි ගිහින් එකක් හොයාගෙන එන ලෙසට රජ අණින් මාලිගයෙන් පිටමං කෙරුණු අවස්ථාවේදී පාණ්ඩුකම්බල ශෛලාසනය උණුවීමෙන් සිද්ධිය දැනගත් අපේ වැඩකාරයා “සක්කර” මුත්තා ඒ අම්මණ්ඩිට දරුවන් හදන්නට දෙව් ලොවට දක්කාගෙන යාමට ඒ රාජ සභාවට පැමිණි විලාශය අලගියවැන්න මුකවැටි උන්නැහේ “කුස ජාතකයේ” සඳහන්කර ඇත්තේ ඔන්න ඔය අන්දමටය.(Sri Lanka Latest News)

(අපේ සැක්කර මුත්තා ඔය වැඩේට ඉතාම දක්‍ෂයකු බව උන්නැහේගේ චරිතාපදානේ සඳහන්ය. දහසක් දිවැස් ඇති දෙදෙව් ලොවටම අධිපති යැයි කියන ඔය බඩුවට දහසක් දිවැස් (දිව්‍ය ඇස්) ලැබුණේත් හොර රහසේ ඔය වැඩේට ගොස් නියම අයිතිකාරයාගේ අතටම අසුවීමෙනි.

මට මතක හැටියට දුර්වාසස් තවුසාගේ (ඉසිවරයා) ගෙදරට කොටු පනින්න පුරුදුවී සිටි මේකා දවසක් එසේ රිංගා සිටියදී “දුරාට” (දුර්වාසස්ට) අතටම අහුඋනෙන් “ඇඟ පුරා ස්ත්‍රීකාරණා” දහසක් ලැබෙන ලෙසට ශාප කෙළේලු.

සිල්ලර කාසි දාන කැට මහගොඩක් ඇඟ පුරා තියාගෙන මේකාට එළියට පහළියටවත් යන්න එන්න බැරුව ගෙයි මුල්ලට වී සිටින සඳ (වෙලාවෙ) උගේ යාළුවා (මහාබ්‍රහ්මයා) අවුත් අර කාරණා කාරණා දහසම ඇස් (අක්‍ෂ) බවට හරවා ශාපය ලිහිල් කර දුන්නේලු. සකාට ඇස් දහස ලැබුණේ ඔන්න ඔය අන්දමටලු.

ඉතිං සකෝ බල ලෝ

වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජතුමාගේ (අප කුඩා කාලයේ ගමේ තිබූ එකම සිල්ලර කඩේ අධිපති කැඩිච්චි සිංහලෙන් කතාකළ බඩතඩි තට්ට මුදලාලි කීවේ වෙස්සන්තර අප්පුහාමි බවය) දරුවන් (ජාලිය සහ ක්‍රිෂ්ණජිනා) දං ගෙන යාමට පැමිණි ජූතකයා (ජූතක බමුණා) ආවේත් කුස ජාතකයේ සකා (ශක්‍රයා) ආ හැටියටමලු.

ඒ දරුවන් දෙදෙනාද කැටුව ජූතකයා “සඳ” මහ රජාණන්ගේ (මන්ත්‍රි දේවියගේ පිය රජතුමා) පුරය හරහා යමින් සිටියදී එපවත් දැනගත් සඳ මහ රජ්ජුරුවන් ජූතකයාට වන්දි දී දරුවන් මුදාගෙන “තට තව වුවමනා කුමක් දැයි” ඇසූ කල්හි කෑමට රාජ භෝජන යැයි කිීයෙන් ඒවාද දුන්නේලු.

එසේ රාජ භෝජන ගිලිද්දී “මට මේවා කන්න තවත් කටක් ඇත්නම්” යන ලෙස කී හෙයින් ජූතකයට තවත් කටක් මැවුනේලු. එපරිද්දෙන් කටවල් දෙකෙන්ම කකා සිටියදී Load එක දරාගත නොහැකිව ඒකා බඩ පැළී මියගියේ යැයි බෞද්ධ සාහිත්‍යයේ ඉගැන්වේ.

කවරදාකවත් ඇස නොදුටු මේ රාජ භෝජන වැළඳීමට හදිසියේ ලද පිනකින් ගිලගෙන ගිලගෙන යද්දී බඩ පුපුරා මියගිය “පට්ටංදරය (කතාව – පට්ට අන්දරය) කියන්නට යෙදුණේ බඩවල් නොපැළුණත් අපේ දේශපාලක ජූතකයන් රාජ භෝජනවලටත් නොදෙවැනි අන්දමේ රාජ භෝජන නොහොත් දිව්‍ය භෝජන (පාර්ලිමේන්තුවෙන්) පෑල අල්ලන මල්ලට දෙපෑලක් කොටන්නා සේ ඉවක් බවක්, ලවක් දෙවක් නැතිව කොටාබාන කොටාබෑවිල්ල අසන දකින විටය.

ඒ භෝජන ඇතුළු සියලු ඛාජ්‍ය භෝජ්‍ය ලෙයිය (අයිස්ක්‍රීම් වැනි ලෙවීම) පෙයිය (බීම) සහිත සැප සම්පත් හෙණයක් කඩාපාත්වූවා සේ හදිසියේ අත්හරින්නට සිදුවීමෙන් කොපමණ සිහි විකල්වුවාදැයි සිතාගත හැක්කේ මැදමුලනේ ජනෙල් පලුවක එල්ලී මයිනප්පු දඬුවැල්බෑවක එල්ලුණු වඳුරු මොටෙකු බෙරිහන් දුන් ආකාරය සිහිපත් වනවිට පමණක් නොව, තව ඉදිරියටත් බලය අල්ලා ගන්න දඟලන දැඟලිල්ල, අල්ලන අඩව් දකින විටය. (නොදකිං තියෙන පෙරෙත්කමක මහත. අනේ මෙහෙම තණ්හාවක්.)

මයිනප්පු පමණක් නම් මදෑ, හත්මුතු පරම්පරාවත්, උන්නේ ඇට්ටිම්බෝ ටිකත්, කෝච්චිවල මාල කඩපු එකාලත්, කසිප්පු පෙරපු, ගංජා විකුණපු එවුනුත් අපේ ගමේ කිරිමැණිකි නැන්දා (මට නැන්දා වුවත් වැඩිදෙනාට ආච්චිය) කියන අන්දමට මේ මළපෙරේත හැත්ත මහජන මුදල් ගසාකන හැටි ගැන හිතෙන කල අපේ හිත්වලට නම් ඉහිලුම් නැත.

අනෙක් අතට මේ ජූතකයන් පමණක් නොව උහුගේ සහපිරිවර (හැතිකරේ) කැටුව මහජන මුදල් විනාශ කරමින් රථ පෙළපාළි යන අන්දම ද සුළුපටු නැත. නීත්‍යනුකූල එකටත් ස්පෙයාවීල්වලටත් සමග දරුවන් වැඩකාරයන් මෙන්ම දුක්ගන්නා රාළලාත් වාහන පදින පැදිල්ල සිතාගනිත්වා. (අරූගෙ පුතා යාල අභයභූමියේ රේස් පැද්ද හැටි නරක නෑ නේද?)

මුං කරන දේවල් එකක් මතක් වනවිට වැලගිය මුලගිය තව තවත් දේවල් එකක් නෑර මතක්වන්නේ ලෝකයේ අනිත් නායකයන්ගේ හැසිරීම් රටාව අහන්න දකින්න ලැබෙන විටය.

ජාත්‍යන්තර නායකයන්ගේ බහුජනහිතකාමී හැසිරීම් රටාව (බහුජන හිතාය, බහුජන සුඛාය) ගැන අසන්නට ලැබුණු ආසන්නම කතාව බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේය. එතුමා බඩුමලු එහෙන් මෙහෙන් එල්ලාගෙන යන ආකාරයත් දුම්රියක හිටගෙන පුවත්පතක් කියවමින් යන ආකාරයත් සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි.

මීට ටික කලකට පෙර ඉන්දියාවේ ජානාධිපතිව සිටි එමෙන් රොකට්ටුවකට මිසයිල සවිකරන සිද්ධාන්තය ලොවටම සොයා දුන් මහාචාර්ය අබ්දුල් කලාම්තුමා තනතුරෙන් විශ්‍රාමයන විට තම අඩුමකුඩුම ටික පොඩි ඇඳුම් පෙට්ටියක අහුරාගෙන ඔරුවකින් දියපාරක් තරණය කර පරණ ගෙදරට ගියේය. ඒවා මාධ්‍යවල බොහොම ඉහළින් විස්තර විය.

ඉන්දියාවේ මහා දාර්ශනිකයකු වූ ස්වාමි විවේකානන්දතුමාගේ දේශනයක් පැවැති දෙනෝදාහක් රැස්ව සිටි ශාලාවකට ඇතුළු වීමට ගිය එක්තරා සාමන්‍ය මිනිහකුට දොරටුවේ සිටි පොලිස් රාළහාමි ඊට ඉඩදී නැත. මිනිහා ඇඳ සිටියේ සාමාන්‍ය වේට්ටියක් හා කමිසයකි. අතේ පන් මල්ලකි. මේ නෝන්ජලයා රාළහාමි විසින් පන්නා දමනු ලැබුවේය. කෙසේ හෝ මේ මනුස්සයා වෙනත් දොරටුවකින් ඇතුළු වී තිබේ. දේශනය අවසානයේදී අර පොලිස් රාළහාමි ගොස් දේශකයාගේ පාද නමස්කාර කර නොදැන සිදුවූ වරදට සමාව ඉල්ලා තිබේ. ඔයත් මාධ්‍යවල පළවූ කතාවකි.

පසුගිය ඊළාම් යුද්ධය උග්‍ර සමයේ දිනෙක දවල් එකට දෙකට පමණ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා යමින් තිබූ වාහනයක් (මොටෝ රථයක්) හතරැස් කොටුව හරියේ පොලිස් මුරපොළකදී නවත්වනු ලැබුවේය. රථයේ සිටියේ පරණ සුදු කමිසයක් හා සුදු සරමක් ඇඳ සිටි රියැදුරා පමණි.

මුරපොළ භාර සැරයන්වරයා සහ තවත් නිලධාරියකු කෑම කමින් සිටි ඒ මොහොතේ ග්‍රාමාරක්‍ෂක නිලධාරියකු අවුත් රථය පරීක්‍ෂාකර උස් හඬින් මොන මොනවදෝ දීර්ඝ ලෙස ප්‍රශ්න කරන අයුරු අසා බලා සිටි සැරයන්වරයා ග්‍රාමාරක්‍ෂක නිලධාරියාගෙන් “ඇයි” යැයි ඇසුවේය.

“සර් මේකා ජී.ඒ. ජී.ඒ. කියනවා යැයි කෑගසා උත්තර දුන්නේය.”

සැරයන්වරයා වහා දුව අවුත් දිසාපති අමර හේවාමද්දුම මහතාට ආචාර කර සමාව ඉල්ලුවේය. මේ කතාව කීවේ ජාත්‍යන්තරයේ පමණක් නොව අපේ රටේත් ඒ අන්දමේ උත්තමයෝ සිටින බව කීමටය.

“වියත් දස දෙස පිදෙත් හැමකල්” (ලොවේ කවර දෙසක කවර කලෙක වුවත් උත්තම නායකයන්, උගතුන් වන්දනයට, පූජනයට ගෞරවයට පාත්‍රවන බව රාහුල හාමුදුරුවන් කීයේ එහෙයිනි.

අපේ මහ වාසලට (පාර්ලිමේන්තුවට) මහජනයාගේ කරුමයට රිංගන (රැල්ලට ගසාගෙන එන) ඇතැම් පොල් කෝම්බ, පොල් ලෙලිවල හැසිරීම් රටාව ටීෂර්ට් එකක් ඇන්දවූ රිළා මොටෙකුට සමාන අන්දමටය. ටී කමිසය වටී. එහෙත් රිළාමොටා නම් රිළාමොටාමය. අරුන්නැහේලාත් එසේමය. උහු තනතුර නිසා මිස තනතුර උන් නිසා නොබැබළේ.

තනතුරට කඩාපාත්වූ දා පටන් ඒකායන මාර්ගය මුඛ්‍ය පරමාර්ථය ගසාකෑමය.

දැනට ටික දවසකට පෙර රටින් රත්තරං පන්නාගෙන ආ පුත්තලමේ අලි සබි්‍ර රහීම් ලොක්කා අක්කර දෙසීයකට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇතැයි කියන සිද්ධියක් මේ දිනවල මාධ්‍යවල දිගහැරේ.

අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ තම තමන්ට ඕනෑ හැටියට නමාගත හැකි නීති පද්ධතියකි. හිටපු අගවිනිසුරුවරයකු ප්‍රසිද්ධියේ මහජනතාවගෙන් සමාව ඉල්ලුවේ “මං අහවලා හිරේට නොයැව්වාට සමාවෙයල්ලා” කියමිනි

මේ අපේ රටයි. ඕවා ගැන ලියන්නට ගියොත් මේ කල්පය ඉවරවෙනතුරුවත් ලියා නිම කළ නොහැකිය. ලිපිය දිග වැඩි වුවත් තව ටිකක් කිය යුතුමය.

බදුල්ල රෝහලේ මියගොස් ඇති 1887 දෙනාගෙන් 770ක්ම බෙහෙත් නැතුව, යන්ත්‍ර නැතුව ආදී විවිධ හේතූන් නිසා මියගොස් ඇත. එහෙත් දේශපාලකයන්ගේ පිලිස්සුණු නිවාස වෙනුවෙන් මේ වනවිට ගෙවන්නට යන මුදල රුපියල් එකසිය හතළිස් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයකි. ඒ මුදලින් රුපියල් කෝටි හැත්තෑවක් මේ වනවිට ගෙවා තිබේ.

මේ වන විට රනිල් උන්නැහේ සමුළුවලට අරයාට මෙයාට ටටා කියමින් ලෝකය වටා කරක් ගසයි. ඒත් එක්කම නඩයක්ද ගොස් ඇත්තාහ. ඒ පැත්තෙන් මේ පැත්තට පැන්න අය, ප්‍රතිරූපය පුම්බන්ට කහින අය, කියලා වැඩක් නැත. රටේ මිනිස්සු නොමැරී මැරෙති. දරුවන්ට මන්දපෝෂණේය. බලාන යනවිට නිරෝ මීට වඩා හොඳය. ඌ වීණා ගැහුවා පමණකි.

අනිත් කරුණ ගරු සේ කළ විට

රජයේ සේවකයකු නොදන්වා (සේවයට වාර්තා නොකර) පැය විසි හතරක් සිටිය හොත් සැලකෙන්නේ සේවය අතහැර ගිය කෙනකු සේය. Vacation of post විට කිසිම ප්‍රතිලාභයක් හිමිවන්නේ ද නැත. දිමි ගෝඨා තනතුර දමා පලාගියේය. ඒ උන්නැහේටත් හිමි ඒ ආනිසංසයමය. එහෙත් මිනිහාට බෙදන්නේ වෙනත් හැන්දකිනි. මහජන මුදලින් ගෙවල් දොරවල් සමග යාන වාහනය.

මිනිහා ඉල්ලන ඉල්ලන අන්දමට බඩු හෑවුය.

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයකු වශයෙන් සිටියදී ඔහුගේ මාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා වශයෙන් මේ ලියුම්කරු රාජකාරි කෙළේය. ඒ සමයේදී රාජ්‍ය අමාත්‍යවරයාගේ අධිකරණ කටයුතු සහ නඩුකටයුතු ද කෙළේය.

යම් යම් සිද්ධීන් පිළිබඳ පැමිණිලි කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවටත් ගියේය.

අපට ලැබුණු තොරතුරු වාර්තා රැගෙන අපි දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවට ගොස් වරක් පැමිණිල්ලක් කෙළේ ගෝඨා ඇමෙරිකාවේ වොෂිංටන්වල කෝටි පහළොවක ඔහුගේ හෝ ඔහුගේ පුතාගේ හෝ නමට නිවෙසක් මිලට ගත් බව කියන සිද්ධිය පිළිබඳවය.

ඒ කතාව සඳහන් කළේ ඒ පිළිබඳ ඒ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් නොකළ බව කියන්නට නොව ඒ අන්දමේ නිවෙසක් සන්තකයට ගත් මේ අසරණයා නැතිබැරිකම නිසා මෙහේ මහජන මුදලින් නිවෙසක් ඉල්ලාගනු දුටුවිට හිතේ උපන් සංවේගය ගැන කීමටය.

කපුටලා, මයිනලා, දිමි ගෝඨලා ඔක්කොම ධාතු සේනලාය. එහෙත් නෂ්ට කාමයට බේත් බොන්නෝය.

බුදුහාමුදුරුවෝත්, ජේසුස් ස්වාමි දරුවාණෝත්, මහම්මත් නබිතුමාත් අපට හොරකම් කරන්නට එපා යැයි ඉගැන්වූහ. අපි ඒ බණ පිළිපැද ශිල්පද රකිමින් අද කන්න බොන්න අඳින්න බේත් ටික පවා නැතිව මැරෙන්න වැටී සිටින්නෙමු. හොරු සැපසේ සිටිති. අපේ නායක හාමුදුරුවරුන් පවසන්නේ ඒවාට ඊළඟ ආත්මයේ ඇරියස් එක්ක ලැබේ යන්නය.

මට නම් හිතෙන්නෙ ඒක හරියට රනිල් උන්නැහේ 2048 වන විට අපේ රට කිරියෙන් පැණියෙන් උතුරවනවා යැයි කියන කතාවට සමාන එකක් බවය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

බුදු දහමේ බලපෑමෙන් ලංකාවෙන් බිහිවන මහා යුගපුරුෂයෙක් ගැන ප්‍රබල අනාවැකියක් I Sri Lanka Latest News

Next Post

මත්පැන්-දුම්කොළ භාවිතයෙන් රට බේරගන්න හැටි සජිත් මත්ද්‍රව්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළිකරයි! මන්ත්‍රීවරු 225ම සජිත්ගේ යෝජනාවට එකඟ වෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.