• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදු දහමේ බලපෑමෙන් ලංකාවෙන් බිහිවන මහා යුගපුරුෂයෙක් ගැන ප්‍රබල අනාවැකියක් I Sri Lanka Latest News

September 28, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙසක් පොහොය දිනය කියන්නේ ලංකාවේ බෞද්ධයන්ට වගේම ලෝකවාසී බෞද්ධයන් සියලු දෙනාටම ඉතා විශේෂ දවසක්. වෙසක් දිනය, වෙසක් සතිය පුරාම දන්සල්, තොරණ, ශීල භාවනා වැඩසටහන් සංවිධාන වෙද්දී අපේ ඇතැමුන් මේ වෙසක් පොහොයේ ඇති සැබෑම වටිනාකම දැනගෙන ඒ දිනය සමරනවා. තවත් සමහරු වැදගත්කමක් නොදැන මේ දිනයේ දන්සල් තොරණ ආදියට සහභාගි වෙනවා.(Sri Lanka Latest News)

හැබැයි ඔබ දන්නවද ඉතිහාසයේ සඳහන් වෙන විදියට වෙසක් දිනයේ අපි නොදැන සිටි බොහෝ වැදගත්කම් තියෙනවා. වසර දහස් ගණනකට පෙර බුදුරජාණන්වහන්සේ කළ අධිෂ්ඨානයෙන් අපේ පුංචි රට තවමත් ලෝකය තුළ ආරක්ෂා වෙලා තියෙන්නේ ඇයි? පසුගිය වෙසක් පොහොයෙන් පසු අපේ රටට පහළවෙන ලෝකයම ජයගන්න යුගපුරුෂයා කවුද? ලෝකයේම ආශීර්වාදය ලබාගන්න ඔහු සිදුකළ යුතු මහා ඖෂධීය පහන් පූජාව මොකක්ද? ඉතිහාස කරුණු බොහොමයක් සාරාංශ කරමින් මේ ලිපියෙන් අපි ඔබට ඒ ගැන කියනවා.

සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණය කියන අසිරිමත් මංගල කරුණු තුන තමයි වෙසක් දිනයේදී බෞද්ධ ජනතාව සමරන්නේ. අපි දන්න කියන සාමාන්‍ය කාරණා අතරේ ඒ සියලු වැදගත්කම් එක්ක ශ්‍රී ලංකාවම ආන්දෝලනයට ලක්වෙන පුවතක් පිළිබඳ එතෙක් මෙතෙක් අප රට තුළ බිහිවුණු මහා බුද්ධිමතකුගෙන් අපට දැනගන්න ලැබුණා.

ඔහු නමින් මහින්ද පාතේගම. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ හසළ දැනුමක් සහිත ඔහු ඉංජිනේරු උපාධිය සහ දර්ශනවේදී ආචාර්ය උපාධිය හිමි, ඔස්ටේ්‍රලියානු චාන්සර් සම්මානයට හිමිකම් කියන විශිෂ්ට බුද්ධිමතෙක්. ඔහු සඳහන් කරන ආකාරයට පෘථිවියේ ජීවත් වන මිනිසුන්ට එල්ල වන ස්වභාවික විපත් බොහොමයක් ඇතිවන සුවිශේෂ දිනයක් වන්නේ පොහෝ දිනයයි. ඔහු සඳහන් කරන විදියට මේ දිනවලට පොහොය කියන දිනයන් යොදාගෙන මිනිසුන් ආගමට දහමට නැඹුරු කරවලා, ස්වභාවික ධර්මයේ ව්‍යසනවල බලපෑම බුද්ධ අධිෂ්ඨානයෙන් අවම කරවීම බුදු දහමේ අරමුණ බවට පත්වෙලා තියෙනවා. එසේත් නැතිනම් චන්ද්‍රයාගේ බලපෑමෙන් ඇතිවන පොහෝ දිනයන් විශේෂ වන්නට හේතුව මෙයයි.

පරිනිර්වාණ මංචකයේ වැඩසිටි බුදුජාණන්වහන්සේ ශ්‍රී ලංකාවත්, සිංහල ජාතියත් ආරක්ෂා කරදෙන ලෙස ශක්‍ර දෙවියන්ගෙන් ඉල්ලා සිටි නිසා, ඒ බුද්ධි අධිෂ්ඨානය තවමත් මහපොළොව මත ක්‍රියාත්මක වන බවයි පාතේගම මහතා තම ලිපිවලින් හෙළිකරලා තියෙනවා. ඔහු සඳහන් කරන්නේ මේ මහපොළොව හතරකට පැළී යා හැකි තරම් රේඛා පොළොව අභ්‍යන්තරයේ කිලෝ මීටර් දහස් ගණනක් ඈතින් නිර්මාණය වෙලා තිබුණත් වසර දෙදහස් පන්සීයක් පුරා සිදුකළ බුද්ධ අධිෂ්ඨානය නිසා තවමත් මේ හෙළ දීපය ආරක්ෂා වෙලා තිබෙන බවත් ඔහු ප්‍රකාශ කරනවා.

ඒ වගේම ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට සහ ලෝකයට ඇතිවෙලා තියෙන මේ බලපෑම් සියල්ලම අහවර කරන්න මහා යුගපුරුෂයෙක් රට භාරගැනීමට සූදානමින් පසුවන බවයි. එසේම මේ මහා යුගපුරුෂයාගේ පහළවීම පිළිබඳ අදහස් දැක්වූ ඔහු සඳහන් කරන්නේ ඉදිරි වර්ෂ කිහිපය තුළ පවතින භෞතික විද්‍යා නියමයන් පවා ඉක්මවූ විද්‍යාවක් ඉදිරියේදී අප රට තුළින් පහළ වන බවයි.

ලෝකයේ ජීවත් වන 80%කට ආසන්න ආගමක් නොපිළිගන්නා, විද්‍යාව ආගම කරගත් බොහෝ දෙනකුට නුදුරු අනාගතයේදීම පහළ වන මේ යුගපුරුෂයාගේ දහම පිළිගැනීමට සිදුවන බවත්, එය සම්පූර්ණයෙන්ම බුදුදහමේ හරය මත ගොඩනැගෙන ආශ්චර්යවත් දහමක් බවත් ඔහු සඳහන් කරනවා. මුළු ලෝකයම මේ අනාගත දහම පිළිබඳ ගවේෂණය කරමින් කාලය ගතකරන අතරේ මෙතෙක් තමන් සෙවූ සත්‍යය අවබෝධ කරගන්නා මිලියන ගණනක් වූ මිනිසුන් මේ දහම වෙත ඇදී ඒම නොවැළැක්විය හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

මේ යුගපුරුෂයාගේ පහළවීමත් එක්ක පෘථිවිය මත යහපත් සහ අයහපත් පුද්ගලයන් සොබාදහමේ නොපෙනෙන රේඛාවකින් වෙන්වන බවත්, මුළු ලෝකයම පාලනය කරන ඒ මහා නායකයා නුදුරේදීම ශ්‍රී ලංකාවෙන් බිහිවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. ඔහු කියන විදියට මේ සියලු තොරතුරු සනාථ කරගැනීම සඳහා ගවේෂණය කරන්නේ පෘථිවියේ සංඛ්‍යාත අධ්‍යයනයන්. මේ නිසාම මේවා හුදු කරුණු පමණක්, අදහස් පමණක් නොවෙයි. විද්‍යාත්මක පදනමක් සහිත ඒවා බවයි ඔහු තහවුරු කරන්නේ.

මේ සුබ ආරංචියත් සමග නුදුරේදීම මහපොළොවට එළඹීමට නියමිත ස්වභාවික ව්‍යසනවලින් ආරක්ෂා වීම සඳහා මහින්ද පාතේගම මහතා ශ්‍රී ලංකාවේ ජනතාව අනුගමනය කළ යුතු පූජා විධි ක්‍රමයක් ගැන හෙළිදරව්වක් සිද්ධ කරනවා. සූර්යා කියලා කියන්නේ අපේ ලෝකයේ පැවැත්මට හේතුවන ප්‍රධානතම සාධකයක්. හිරු කිරණ නොමැතිව ජීවයක් පවත්වාගෙන යන්න මිනිසුන් වන අපට හැකියාවක් නෑ.

හිරු කිරණ තරමට මිනිසුන්ගේ සිතට කයට බලපෑමක් එල්ල කළ හැකි තවත් ආලෝක ධාරාවක් තමයි පහන් කිරණ බවට පත්වෙන්නේ. අපි නිතර දල්වන පහනට ඖෂධ තෙල් මුසු කිරීමෙන් අප අවට පරිසරයේ තිබෙන කරදර, බාධක, විපත් අවම වන බවත්, අයහපත් ශක්තීන් මඟහැරෙන බවත් පැරැණි ආයුර්වේද පොතපතේ සඳහන් වෙනවා.

පහන් කිරණකට මිනිසුන්ගේ යහපත් චිත්ත ශක්තිය මුසු වූ විට නිවෙසට ලැබෙන ශක්තිය වැඩිවෙන නිසා සෑම පොහෝ දිනයකම ඖෂධීය තෙල් පහන් නිවෙස පුරාම දැල්වීම ඉතා සුදුසු බවයි පාතේගම මහත්මයා තවදුරටත් සඳහන් කරන්නේ. මේ පිළිවෙත අනුගමනය කිරීමෙන් විශ්වයේ සියලු ජීවීන්ගේ ප්‍රඥාව වර්ධනය වෙලා, හොඳ නරක තෝරා බේරාගැනීම සඳහා ඇති බුද්ධිය, අදහන ආගමට අනුව සුබ පල පහළ වෙන බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා.

Naifm යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

නග්ගනවා.. නග්ගනවා… නග්ගනවා…! ආයෙත් විදුලි බිල නග්ගන්නයි යන්නේ! රටේ ජනතාව වැටෙනවා.. වැටෙනවා.. ‌වැටෙනවා..! රටේ නායකයෝ පිටරට යනවා… යනවා.. යනවා..! ඒගොල්ලන්ට කිරි…! ඔයගොල්ලන්ට කැකිරි..! VIDEO I Sri Lanka Latest News

Next Post

නෂ්ට කාමයට බේත් බොන ධාතුසේනලා I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.