• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩේ නොයන මිනිස්සු සහ පොළේ ගිය දේශපාලකයො I Sri Lanka Latest News

September 27, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වාහල්කඩෙන් දේශපාලකයන්ට මරු උත්තරයක්…

අනුරාධපුර වාහල්කඩ කියන්නේ අපූරු පැත්තක්. අපි කීප වතාවක්ම මේ ගම් පළාත අස්සේ රවුම් ගහලා තියෙනවා පත්තරකාරයෝ විදියට. හරිම අහිංසක ගැමියෝ තමයි මේ ගම්වල ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන. ඒත් අලි එන ගම්මාන අස්සේ කොයි වෙලාවෙත් කරදරයක් වෙයිද කියලා නොදැන මිනිස්සු ජීවත් වෙනවා. ගමේ වෙදකම් කරපු හාමුදුරුවෝ ඉස්සර හරි ප්‍රසිද්ධයි.(Sri Lanka Latest News)

මේ හාමුදුරුවන්ගේ වෙදහෙදකම් ගැන අපිත් අපේ පත්තර සගයන් ලිපයු කතා කියෙව්වා. සමහර වෙලාවට අපිටත් ඒ පළාත්වල යන්න එන්න සිද්ධ වුණා. මේ ලියන්න යන්නේ ඒ මොකක්වත් නෙවෙයි. වාහල්කඩ අලුතෙන් හදපු සති පොළ ගැන. සාමාන්‍යයෙන් අපි දන්නවා සති පොළක් නෙවෙයි පොදු වැසිකිළියක් හැදුවත් ඒක විවෘත කරන්නේ දේශපාලකයෝ. ඒකට සල්ලි දෙන්නේ මහජනතාව.

ඒකට මහන්සි වෙන්නෙත් මහජනතාව. ඒකෙ වැඩකරන්නේ මහජනතාව. හැබැයි මේ වැඩේ කරමු කියලා යෝජනා කරලා තියෙන කෙනෙකුට අනුමැතිය දීපු පින් බලෙන් ඒකෙ පීත්ත පටිය කපලා විවෘත කරලා තමන්ගේ නමගම ගහගැනීමේ වාසනාව උදාවෙනවා බොහෝ දේශපාලකයන්ට. උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතා සහ හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ පිරිසක් මේ වාහල්කඩ අලුත් සති පොළ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වුණා කියලා සඳහන් වෙලා තියෙනවා.

ඒ සඳහා ලොකු උත්සවයක් තියෙන්න ඇතිනේ. මේ උන්දැලා තමයි අනුරාධපුරය රැකබලාගන්න දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ කටයුතු කළේ කියලයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ. මේ දවස්වල දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ප්‍රශ්න. උද්දික ප්‍රේමරත්නටත් ප්‍රශ්නනේ.

අනුරාධපුර ඡන්ද ප්‍රතිඵලය දිහා බැලුවට පස්සේ අපිට එක එක කයිකතන්දර හිතෙනවා. වැඩිය මුකුත් කියන්න බැරි ලියුම්කරු වෙච්ච මම පදිංචි වෙලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ හින්දා. එහෙම නොවුණා නම් අනුරාධපුර ඡන්ද ප්‍රතිඵලය ගැන තව තව ඒවා කියන්න තිබුණා. ලැජ්ජාවක් බයක් තියෙනවා නම් කලිසමක් ඇඳගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ කෙනකුට ලංකාවේ කොහේ හරි ඡන්ද ප්‍රතිඵලයක් ගැන කතාකරන්න පුළුවන්කමක් අයිතියක් නෑ. ඒ නිසා ඒ ගැන කියන්න යන්නේ නෑ.

කොහොම නමුත් මේකෙ වැඩේ තියෙන්නේ මේ උත්සවය සංවිධාන කරලා තියෙන්නේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවෙන් කියලයි ආරංචි වෙන්නේ. මේ උත්සවයට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුත් ආපු බව කියනවා. ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක් වන තිස්ස කරලියැද්ද මහත්තයත් මේ වැඩේට සහභාගි වෙලා තියෙනවා. මේගොල්ලෝ කිහිප දෙනෙක් ඇවිත් ඒකෙ අසුන්ගෙන ඉඳලා තියෙනවා ප්‍රධාන සභාවේ.

විවෘත කරන්න ආපු මැති ඇමැතිවරුන්ට මහජනතාව කිසිම කෙනෙක් දකින්න ලැබුණේ නෑ කියලා ආරංචියි. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ලේකම් රෝෂිණී මහත්මියගෙන් අපි දුරකතනයෙන් මේ ගැන විමසන්න උත්සාහ කළත් ඇය පිළිතුරු දුන්නේ නෑ. දුරකතනය විසන්ධි වුණා. ඒ නිසා අපිට අහන්න කෙනෙක් නෑ. අපි දන්න කතාව මේ විදියට ලියනවා.

මහජනතාවගෙන් ඇහුවාම ඒගොල්ලෝ කියන්නේ විවෘත කිරීමේ උත්සවයකට ආරාධනා පත්‍ර දීලා තිබුණත් දේශපාලනඥයන් පැමිණෙන නිසා කිසිවෙක් ඊට සහභාගි නොවූ බව. කොහොම නමුත් පොළේ ගිය මැති ඇමැතිවරු, කඩේ යන්න කවුරුවත් තවදුරටත් ඉතිරි වෙලා නැති හින්දා 12 විතර වෙනකල් රැඳිලා ඉඳලා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ නිලධාරීනුත් එක්ක සතුටින් විසිර ගියා කියලා තමයි මේ කතන්දරේ සඳහන් වෙලා තියෙන්නේ.

මේවා ඇත්ත නම් මේවා මරු වැඩ. මොකද ඒකට හේතුව දේශාපලකයෝ හැමදාම හිතාගෙන හිටියේ තමන්ට ඕනෙ ඕනෙ විදියට වැඩ කරන්න අපේ රටේ මිනිස්සු සූදානම් කියලා. ඒක නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕනෙ ඕනෙ විදියට මේ අයගෙන් ප්‍රයෝජන ගන්නවා. මේවා අපිත් දකිනවා.

මේ වෙලාවේ මේ ප්‍රාදේශීය සභාවෙත් බොහෝ දෙනකුට අවශ්‍ය වෙලා තිබුණේ ලකුණු ටිකක් දාගන්න කියලා අපි කවුරුත් දන්නවා. දේශපාලනයට එහෙන් මෙහෙන් කඩේ යන හෙංචලා, ආරච්චි කෝලමේ ඉන්න හෙංචා වගේ කට්ටිය ගම්වල තාම ඉතිරි වෙලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ වැඩවලට ෆුල් සපෝට් එක දෙන්නේ. හැබැයි ඉතින් එකක්. ඔය ෆුල් සපෝට් දෙන්නේ රටට තියෙන ආදරේටවත්, මැති ඇමැතිවරුන්ට තියෙන ආදරේකටවත් නෙවෙයි.

ඔය ෆුල් සපෝට් එක දෙන්නේ තමන්ට ඊළඟ බාර් ලයිසන් එක ගන්න, ඊළඟ ඡන්දෙට ටිකට් එක ගන්න වගේ වැඩක් කරගන්න. මෙච්චර කාලෙකට සිද්ධ වුණේ මේ වගේ ගොං පාට් අස්සේ මහජනතාව දියවෙච්ච එක. අහිංසක මිනිස්සු අව්වේ වැස්සේ කට්ට කමින් මේ තැන්වලට සහභාගි වුණා. ලංකාවේ මෙතෙක් වුණේ එහෙම දේවල්. හැබැයි දැන් නම් මහජනතාව එහෙම නොකරන බව ටිකෙන් ටික තේරෙන්න පටන් අරගෙන.

කොහොම හරි මේවා මේ විදියට වෙනවා නම් නරක නෑ. රටට හොඳයි. දේශපාලකයන්ට නරකයි. දේශපාලකයෝ දැනගන්න ඕනේ තමන්ට තවදුරටත් පරණ කැරට් අලේ දීලා මිනිස්සුන්ව රවට්ටන්න බැරි බව. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ මිනිස්සු, වාහල්කඩ ප්‍රදේශයේ ජනතාව මේ වෙලාවේ කරපු මේ වැඩේට අපි නම් අපේ උත්තමාචාරය පුදකරනවා.

පාට පක්ෂ භේදවලින් වැඩක් නෑ. කවුරු නමුත් දේශපාලකයොනේ. දේශපාලකයෝ දැනගන්න ඕනේ තමන්ගේ නමට ලැබෙන්න ඕනෙ ක්‍රෙඩිට් එක විතරක් අරගෙන නිකන් ඉන්න. එහෙම නැතුව හැම එකේම ක්‍රෙඩිට් එක තමන්ගේ නමට දාගන්න ගියාම, හැම තැනකම ජාතික වීරයා බවට පත්වෙන්න ගියාම අන්තිමට යන එනමං නැතිවෙනවා වගේ දේවල් තමයි මේ පොළේ ගිය උදවියගෙන් අපට දැනගන්න ලැබුණේ.

කොහොම නමුත් කවුරුත් මේ මැති ඇමැතිවරු දැක්කම පොළේ ගියාද කියලා එහෙම අහන්න එපා. මොකද ඒකට හේතුව අපේ රටේ දේශපාලකයෝ පොළේ යන්නේ කලාතුරකින්. කඩේ යන එක විතරයි කරන්නේ. හොඳ නරක මොකක් වුණත් ඕනෙම තක්කඩියෙකුට කඩේ ගිහිල්ලා පක්ෂය රැකගන්න, බලය රැකගන්න, තනතුර රැකගන්න උත්සාහ කරන මිනිස්සු අස්සේ පොළේ ගියපු ඇමැතිලට පාඩමක් උගන්වපු වාහල්කඩ මිනිස්සුන්ට නම් අපි හරි ආදරෙයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අධ්‍යාපනය වළපල්ලට ගිහින්! දරුවන්ට ඉගෙන ගන්න උපකරණ නෑ! එහෙම තියෙද්දිත් ජනාධිපතිතුමා රටේ බදු සල්ලිවලින් අනවශ්‍ය මන්ත්‍රීවරුත් අමෙරිකාවට අරන් ගියා! මෙරට පාසල් 10155කට සජිත් කරන්න යන‌ දේ! VIDEO I Sri Lanka Latest News

Next Post

දෙවියනේ මේ අමු කැලේ කපල් එකක් අවුරුදු 38ක් තනියම හිටියේ කොහොමද I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.