එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් සහභාගී වූ බවත් ඒ අතර අසූචි පොහොර ව්‍යාපෘතියේ පීතෘවරයා ලෙස හැඳින්විය හැකි මන්ත්‍රීවරයා ද සිටි බවත් ජනාධිපතිවරයා සමඟ මෙම සමුළුවට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් පමණක් නොයා මන්ත්‍රීවරුන් අනවශ්‍ය ආකාරයට යාමෙන් රටේ ජනතාවගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස වැය වන බවත් එම මුදල් පාසල් පද්ධතියේ සම්පත් හිඟතාවට විසඳුමක් ලෙස යොදා ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
මෙරට පාසල්වල මුද්‍රණ යන්ත්‍ර, ඡායාපිටපත් යන්ත්‍ර, සුහුරු පන්ති කාමර උපකරණ අනන්ත හිඟ බවත් ඊට අමතරව සමහර පාසල්වල විද්‍යාගාර, පුස්ථකාල පවා හරියට නොමැති බවත් මේ බංකොලොත් රටේ මෙවැනි අනවශ්‍ය වියදම් සිදු නොකර එම මුදල් අධ්‍යාපනය සඳහා යොදා ගත්තේ නම් එය ඵලදායී බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරනය කර සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ අපේ රටේ ඇති සීමිත සම්පත් සෑම අවස්ථාවලදීම රටේ දරු පරපුරේ, මව්පරපුරේ හා පුරවැසි පරපුරේ ප්‍රයෝජනය උදෙසා පමණක් යොදා ගන්නා බවත් මෙරට පාසල් 10155ම විශිෂ්ඨත්වයේ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමට අදහස් කරන බවත් පැවසීය.










