• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි පාළු නැති පාළුකඩවල…!

September 14, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අලි පාළු නැති පාළුකඩවල…!
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න යන්නේ දශක ගණනාවක් තිස්සේ නිලධාරීන් බලධාරීන් විසින් නිසි පිළියම් නොයෙදූ තවත් පාරිසරික හා වනජීවී ඛේදවාචකයක් ගැනයි. මෙය මෙරට ඉතිහාසයේ දීර්ඝතම අලි – මිනිස් ගැටුමේ ශෝචනීය කතාව විය හැකියි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, පොල්පිතිගම, ගිරිබාව, ගල්ගමුව, ඇහැටුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්මාන රැසකට මේ වන විට වන අලි චර්ජනය එල්ලවී තිබෙනවා. මේ අතර ගල්ගමුව සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විශේෂයි. එම කොට්ඨාස දෙකට අයත් ගම්මාන පුරා නිරන්තරයෙන් වන අලි විසින් ජීවිත හානි, දේපළ හානි වගා හානි කිරීම් මෙන්ම අනෙකුත් නිශ්චල චංචල දේපළ හානි කිරීම් අනෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට වඩා ඉහළ මට්ටමක පවතියි. වසරේ වැඩිම කාලයක් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා වනගත බිම් තීරුවල වන අලින් තම ජීවිත ගතකිරීම ඊට හේතුවයි. වසරේ මාස 12න් මාස 08ක් පමණ කාලයක් වන අලි සිය වාසභූමි ලෙස මේ වන විට භාවිත කරනු ලබන්නේ ඉහත සඳහන් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයයි. වැව් ඉහත්තාවේ පිහිටි වන රොදවල් වන අතර කහල්ල පල්ලෙකැලේ හැර කිසිදු රක්ෂිතයක් හෝ වන තීරුවක් වන අලින් සඳහා වෙන් කර නොමැති වීම, අක්‍රමවත් ජනාවාස ඉදිකිරීම මෙම අලි මිනිස් ගැටුමට උග්‍ර හේතුවක් වී තිබෙනවා.

වියළි කාලගුණය පවතින මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල වන අලි රංචු විශාල වශයෙන් ගම්මාන ආශ්‍රිතව පිහිටි වැව් වෙත පැමිණීමත්, එම වන අලි ආහාර සොයා රාත්‍රී කාලයේ ගම්වැදීමත් නිසා ජීවිත හානි ඇතුළු බරපතළ සිදුවීම් නිරන්තරව වාර්තා වනවා. වෙඩිතැබීම්, වගා ළිංවලට වන අලින් ඇද වැටීම් මෙන්ම වන අලි පහරදීම්ද දැකගත හැකියි.

උස්සගල, සියඹලන්ගමුව, මහගල්ගමුව, අතරගල්ල, අඹකොලවැව, පාළුකඩවල, මැඩියාව වැනි වැව්වල පමණක් වියළි කාලයේ ජලය රැඳී තිබීම නිසා එම වැව් ආශ්‍රිතව වන අලි 150 – 200 වැනි විශාල රංචු දැකගත හැකියි. මෙම ප්‍රදේශවලින් වන අලි 550ක පමණ පිරිසක් රංචු වශයෙන් සිටින බව වාර්තා වනවා.
වසර ගණනාවක් වන අලි තම වාසභූමි ලෙස භාවිත කළ පාළුකඩවල වැව් ඉස්මත්තේ පිහිටි වනාන්තර කොටස අතීතයේ සන්නසක් මගින් නාකොලගනේ රජමහා විහාරයට පූජා කර ඇතැයි පවසමින් එහි විහාරාධිපති හිමියන් විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපාරිකයන් වෙත මෙම වන කොටස බදුදී තිබෙනවා. මේ හේතුවෙන් අලි මිනිස් ගැටුමේ වර්ධනයක් මෙන්ම වන අලින්ගේ හැසිරීම් රටාවේ ආවේගකාරී ප්‍රවේශයක්ද දැකගත හැකියි. රජවරු වෙහෙර විහාර සඳහා ඉඩම් පූජා කිරීමේ නිසි අරමුණ නොදත් භික්ෂුන්වහන්සේලා පරිසර සමතුලිතතාවට බරපතළ විනාශයක් නිර්මාණය කරමින් ඇත.

වසරේ වැඩි කාලයක් වන අලින් රැඳෙන වැවක් ලෙසද පාළුකඩවල වැව සඳහන් කළ හැකිය. දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් වන අලින් සොයා පාළුකඩවල වැවට පැමිණෙන අතර, මේ වන විට පාළුකඩවල වැව් ඉස්මත්ත වන අලින්ට අහිමි වෙමින් පවතී.

තම නිසංසල නිහඬ ජීවිත රටාව වෙනුවට මරණ වරෙන්තුව අතේ තබාගෙන ජීවත් වන්නට උත්සාහ දරන වන අලින්ට මෙන්ම ගැමියන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව අප අවධාරණය කර සිටිමු.

දැනට ලංකාවේ සිටින ඇතුන් අතරින් විශාලම ඇතා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා ඇතුළු වන අලි රංචුව මෙම පාළුකඩවල වැව් ඉස්මත්තේ පිහිටි කැලෑ රොදේ සිටින අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ. මේ ඇතාටද එල්ලවී ඇති ජීවිත තර්ජන විශාල බව වාර්තා වනවා. මෙම ඡායාරූපය මීට සති දෙකකට පමණ පෙර මා විසින් ගන්නා ලද්දකි.

හක්කපටස් ආහාරයට ගැනීම නිසා තුවාල ලැබූ කුඩා අලි පැටවකුත් මෙම අලි රංචුව තුළ සිටින අතර, එම සත්වයාට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් පැමිණියද අලි රංචුවේ විශාලත්වය හේතුවෙන් ප්‍රතිකාර කිරීමට නොහැකි වී තිබෙනවා. එසේම බඳින තුවක්කුවල වෙඩි වැදීම නිසා තුවාල ලැබුණු අලි පැටවුන් කිහිප දෙනකුද මේ අලි රංචුවේදී අපට දැකගන්නට ලැබුණු අතර මෙවැනි වටිනා වනජීවී සම්පත් ආරක්ෂා කිරීමට බලධාරීන් ක්‍රියා නොකිරීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

අටපිරිකරක් බෙදාගන්න බැරිව පන්සලේ නායක හාමුදුරුවෝ පන්සලේම හිමිනමකට පිහියෙන් ඇනලා! පොලිසියට පැමිණිල්ලක් ඇවිත්! තුවාල ලැබූ හිමිනම රෝහලේ!

Next Post

චොකා මල්ලිට ඇමැතිකම දෙද්දී රනිල්ට මියගිය දොඩම්ගොඩ සහෝදරයාගේ මුහුණ- එතුමාගේ දරුවො මතක් වුණේ නැද්ද? හිරුණිකාගෙන් ජනාධිපතිට ප්‍රශ්නයක්! (VIDEO)

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper