කන්ද උඩරට ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතු කොටගෙන ජල විදුලි උත්පාදනයට ඉවහල් වන මස්කෙළිය, මාඋස්සාකැලේ සහ දික්ඔය කාසල්රී ජලාශවල ජලය සිඳීයන තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ලක්ෂපාන බලාගාරයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවසීය.
මධ්‍යම කඳුකර ප්‍රදේශවලට මේ දිනවල ඉඳහිට යම් මඳ වැසි තත්ත්වයක් ඇති වුවද, එය විදුලිබල ජලාශ පිරීයාමට තරම් මට්ටමක නොපවතින බවද විදුලිබල මණ්ඩල ප්‍රකාශකයා කීවේය.
පවතින තත්ත්වය හේතුකොට ගෙන උඩරට ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය පහත වැටීමේ අවදානමක් මතුව ඇතැයිද හෙතෙම කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර










