• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසර 30කට කලින් රජිව්ට එල්ල කළ බෝම්බ ප්‍රහාරය මතකද? හිරේට ගිය නලිනිව මතකද? අන්න ඒ නලිනි එළියට ඇවිත් අවුරුදු 30ක් හිරේ ඇතුළේ කතාව කියයි…

November 29, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
වසර 30කට කලින් රජිව්ට එල්ල කළ බෝම්බ ප්‍රහාරය මතකද? හිරේට ගිය නලිනිව මතකද? අන්න ඒ නලිනි එළියට ඇවිත් අවුරුදු 30ක් හිරේ ඇතුළේ කතාව කියයි…
Share on WhatsAppShare on Facebook

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ චූදිතයන් ලෙස වසර 30කට අධික කාලයක් සිරගතව සිටි හය දෙනකු මේ වන විට නිදහස් කොට තිබේ. මොවුන්ගෙන් ශාන්තන්, මුරුගන්, ජෙයකුමාර්, රොබට්, පයස් යන අය ලාංකිකයන් වීම හේතුවෙන් ඔවුන් විශේෂ කඳවුරකට රඳවා තැබීමට පියවර ගෙන තිබේ. හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඇතුළු 17 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එලෙස චෝදනා ලැබ වසර 32ක සිරගත කිරීමකින් පසුව නිදහස ලද නලිනි සිරිහරන් බී.බී.සී. මාධ්‍යවේදී මුරලිදරන් කාසි විශ්වනාදන් සමග කළ සංවාදයකි මේ.

වසර 30කට අධික කාලයක් ඔබ සිරගතව සිටියා. ඔබට එම අත්දැකීම විස්තර කරන්න හැකිද?

ඊට කලින් මම බන්ධනාගාරය දැකලා තිබුණේ නැහැ. බන්ධනාගාරය කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. පළමු වරට රිමාන්ඩ් කරලා හිර කූඩුවට දැම්මාම ගොඩාක් බය වුණා. හයියෙන් කෑගහලා එළියට දුවගෙන ආවා. මට දීලා තිබුණු සිර කුටියට එහා පැත්තෙන් ආදිරෛ, එතැනින් එහා පැත්තේ හිටිය මගේ අම්මත් කෑගහගෙන ආවා. නමුත් ඔයා ඇතුළට යන්න ඕනේ කියලා කිව්වා. ඊට පිළිතුරු විදිහට සී.ආර්.පී.එෆ්. නිලධාරියාගේ රයිෆල් එක අරගෙන මට වෙඩිතියන්න කියලා කිව්වා.

උගුර ලේ රහ වෙනකම් මම කෑගැහුවා. ඒ තරමට ඒක නරක කාලයක්. අත්අඩංගුවට අරන් දවස් පහකට පස්සේ නැගිටගන්න බැරි තරමට උණ ගත්තා. දවස් දෙක තුනක් එයාලා මට නින්ද නැති කළා. ඒ වෙද්දී ඒ එක්ක ඔට්ටු වෙන්න පුළුවන්කමක් මට තිබුණේ නැහැ. ඔළුව පීරන්නේ නැතිව, දත් මදින්නේ නැතිව හිටියා. ඒකෙන් සුවවෙන්න කලින් පපුව කැක්කුමක් ඇතිවුණා. ගොඩාක් අය හිතුවේ මම රඟපානවා කියලා. ඒ වෙලාවේ එහෙ හිටිය වෛද්‍යවරයා මාව පරීක්ෂා කරලා මට පපුවේ කැක්කුමක් තියෙනවා කියලා ස්ථිර කළා.

ඊට පස්සේ තත්ත්වය පොඩ්ඩක් යහපත් අතට හැරුණා. ඊට පස්සේ කොඩියකරෛ ශන්මුගම් මැරුණාම, අතට මාංචු දාන්න පටන් ගත්තා. මට වළලු‍ පැලඳවීමේ උත්සවයක් ගන්නවා කියලත් මම විහිළුවෙන් වගේ අහලා තියෙනවා.

ඊට පස්සේ කටඋත්තර ප්‍රශ්නය ඇති වුණා. මම එහෙම වරද පිළිගෙන කටඋත්තරයක් දුන්නේ නැහැ. නමුත් මට ඒක ඔප්පු කරන්න බැරි වුණා. නමුත් දෙවියන් සහ මම ඇත්ත දන්නවා. ඊට පස්සේ වෙනත් බන්ධනාගාරයකට මාරුකළා. එහෙ මරණ දඬුවම නියම වූ සිරකරුවන් වගේ පැය 24ම වහලා තිබ්බා. ඊට පස්සේ දරුවා ඉපදුණා. තත්ත්වය තවත් ටිකක් යහපත් වුණා. ප්‍රශ්න කරද්දී එළිවෙනකම් සිගරට් බොනවා. ඊට පස්සේ අමාරු කාලයක් තමා.

ඔබගේ පවුල සාමාන්‍ය හෙද පවුලක්. මේ ප්‍රශ්නයට ඔබ මැදිවෙලා ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න ඇතිනේ, කොහොමද ඒකට මුහුණ දුන්නේ?

ගොඩාක් දුක් වින්දා. පවුල සීසීකඩ වුණා. අම්මාගේ ජීවිතය නැති වුණා. නංගි වැඩ කරමින් හිටියා. ඇයගේ ජීවිතය විනාශ වුණා. මම, මගේ සැමියා, අම්මා, මල්ලි යන හැම කෙනෙක්වම අත්අඩංගුවට ගත්තාම එක පවුලක් වෙනවා. ආර්ථික මට්ටමක් තිබුණෙත් නැහැ. කිසිම පිහිටක් නැහැ. පවුල සීසීකඩ වුණා. අද වෙනකම් එකතු වෙන්න බැරි වුණා.

ඔබ මේ කාරණයට සම්බන්ධයි කියලා දැනගත්තාම ඔබගේ මව කොහොමද මේකට මුහුණ දුන්නේ?

හැම කෙනෙක් තුළම ලොකු බියක් තිබුණා. අම්මා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එයා තමන්ගේ වැඩේ කරමින් පාඩුවේ හිටියා. මේ වගේ ලොකු අකරතැබ්බයක් සිදුවෙන්න යනවා කියලා එයා දැනගෙන හිටියේ නැහැ. අපි හැමෝම වයසින් පොඩි අය. ලොකු අත්දැකීම් නැහැ. මේවාට මුහුණ දෙන්න බැරිව දුක්වින්දා.

කොයි කාලයේදී නීතිය මගින් සටන් කරන්න ඕනේ කියන තීරණය ගත්තේ?

බන්ධනාගාරයේ ඉද්දී නීතිඥ දුරෛසාමි ඇවිත් හමුවුණා. නමුත් මගේ නඩුව ගන්න එයා ගොඩාක් බය වුණා. ඔහුට ගොඩාක් අය විරුද්ධ වුණා. මරණ තර්ජන එල්ල වුණා. ගෙදරට පහර දීලා තිබ්බා. වීදුරු බෝතල්වලින් ගහලා තිබ්බා. කිසිම හේතුවක් මත මේ නඩුව ගන්න හොඳ නැහැ කියලා කට්ටිය තර්ජනය කරලා තිබුණා. මේ නඩුව ඒ තරම් උණුසුම් එකක් වුණා. නමුත් නඩුව විමර්ශනය කරද්දී අපිට ඒ නඩුව වෙනුවෙන් පෙනී සිටින්න වෙනවා. එහෙම වුණත් දුරෛසාමි අමර්තාවෝට සල්ලි දෙන්න පුළුවන්කමක් අපිට තිබුණේ නැහැ. දරුවත් හිටියා. රක්ෂා කරන්න පුළුවන් වයසේ හිටිය, ඉගෙනගත්ත අපි හතර දෙනාම හිරේ. නංගි විවාහ වෙලා විස්තෘත පවුලක ජීවත් වුණා. නීතිඥවරයෙක් පෙනී සිටින්න බැරි මට්ටමක අපි හිටියේ. නොමිලේ නීති උපදෙස් ලබාදෙන මධ්‍යස්ථානවලට කතා කළා. ප්‍රසිද්ධ නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් කළා. පසුව දුරෛසාමිව නොමිලේ නීති උපදෙස් දෙන මධ්‍යස්ථානය හරහා අපේ නීතිඥවරයා විදිහට තෝරගත්තා. විමර්ශන කටයුතු අවුරුදු 6ක් ගියා. සාක්ෂි 300ක්.

අධිකරණයේදී ඔබ 26 දෙනාව මරණීය දඬුවම නියම කළාම මොනවාද හිතුණේ, ඊට පස්සේ කළ යුතු දෙය ගැන ඔබ හිතුවද?

හැම කෙනෙකුම පුදුම වුණා. මගේ සැමියා ඇඬුවා. පළමු වරදකරු (නලිනි) යනුවෙන් කියලා, නීති වගන්ති ටික කියවලා මරණ දඬුවම යනුවෙන් කිව්වා. ඊට පස්සේ දෙවන වරදකරුට මරණ දඬුවම කියලා කිව්වා. තෙවන වරදකරුටත් මරණ දඬුවම කියලා කිව්වාම, ඔහු හිනා වුණා. දෙන්නාම එකට මැරෙමු කියලා කිව්වා. එහෙත් ඒ තීන්දුවට හැමෝම පුදුම වුණා. නීතිඥ දුරෛසාමිත් එපා වෙලා වගෙයි හිටියේ. නමුත් අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වා. තීන්දුව එන්න කලින් අපි හැමෝම විශ්වාසයෙන් හිටියා. දඩයක් විතරක් ගෙවන්න කියයි කියලා හිතලා සල්ලිත් ලෑස්ති කළා.

මේ තරම් ලොකු වරදක් කරලා කොහොමද හිතුවේ, දඩයක් විතරක් ගෙවන්න කියයි කියලා?

හරියට බැලු‍වොත් අපි අවුරුදු 7ක් හිරේ හිටියා. ඒක දඬුවම් කාලයක් විදිහට සලකයි කියලා හිතුවා. ඒ විතරක් නෙවෙයි, හිරේ ඉද්දී දඬුවම් අඩුකිරීම් ගැන නිලධාරීන් ඇවිත් කතා කළා. අවුරුදු 7ක සිර දඬුවමක් දුන්නොත්, ඒක දැනටමත් විඳවලා තියෙන නිසා නියම කරන දඩය විතරක් ගෙවන්න පුළුවන් කියලා අපි හිතුවා. කවුරුන්දෝ නීතිඥවරයෙක් කිව්වා, නලිනිට අවුරුදු 7කට සිර දඬුවමක්වත් දෙන එකක් නැති වෙයි කියලා. පළමු වන වැරැදිකරු වුණ මට එහෙම අවස්ථාවක් නැත්නම් අනිත් අයට කොහොමත් දඬුවම් ලැබෙන්නේ නැති වෙයි කියලා එයාලා හිතලා තිබුණා. එහෙත් හැම කෙනකුටම මරණ දඬුවම කියලා කිව්වාම පුදුම වුණා. ඒ දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණය කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ.

මේ නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය කවද්ද ඇති වුණේ?

දඬුවම් නියම වෙලා දවස් පහක් යනකම් අඬාගෙනම හිටියා. දඬුවම් නියම වුණාම අපි හැමෝම වෙන් වුණා. නඩු විභාගය කරද්දී අපි එකිනෙකාට හමුවෙන්න හරි අවස්ථාවක් තිබුණා. දඬුවම් නියම වුණාම අපිට ඒ අවස්ථාවත් අහිමි වුණා. ඒ වෙද්දී අපිට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ වෙද්දී නෙඩුමාරන් කට්ටියව එකතු කරගෙන, මුදල් රැස්කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ නඩුව අරන් ගියා. එළියේ මේවා සිදුවෙනවා කියලාවත් අපි දැනගෙන හිටියේ නැහැ. චන්ද්‍රශේකර්, ඉලංගෝ වගේ අය නිතරම අපිව හමුවෙලා සැනසිලි බස් කිව්වා. අපිට අවශ්‍ය දේවල් අරන් දුන්නෙත් එයාලා තමා.

ඔබේ මරණ දඬුවම ඉවත් කළායින් පස්සේ, කොහොමද ඔබගේ සැමියා සඳහා වන සටන් ආරම්භ කළේ?

මගේ මරණ දඬුවම අහෝසි කළාම, අනිත් අයටත් ඒ අවස්ථාව තියෙනවා කියන විශ්වාසය මට ඇති වුණා. මොකද කිව්වොත් මමයි පළමුවැනි වැරදිකාරයා. මට හත් සැරයක් මරණ නිවේදනය ආවා. තුන් හතර සැරයක් දින පවා නියම කළා. පියතුමා ඇවිත් ආශීර්වාද කරලා, අවසන් කැමැත්ත මොකක්ද කියලත් ඇහුවා. එල්ලා මරන්න අවශ්‍ය වැඩකටයුතුත් කෙරුණා. ලණු ගත්තා, මරණ දඬුවම ලබන්න යන කෙනාට හිමි කුටියත් ලෑස්ති කළා. මගේ බරට හරියන වැලි මිටියක් එල්ලලා බැලුවා. මේ හැම දෙයක්ම මගේ ඇස් ඉදිරිපිටයි සිදුවුණේ. තව දවස් දෙකක් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ කියන තත්ත්වයට ආවා. නමුත් මට විශ්වාසයක් තිබුණා. මම කිසිම වරදක් කරලා තිබුණේ නැහැ. කිසිම අවස්ථාවක අයහපත් තීරණය එන්නේ නැති වෙයි කියලා හිතුවා.

2011 වසරේදී මරණ දඬුවම නියම වූ සිරකරුවන් සමාව ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප වුණා. ඔබගේ සැමියාට මරණ දඬුවම ස්ථිර කෙරුණා. කොහොමද ඔබ ඒක භාරගත්තේ?

බොහෝම අසීරු අවස්ථාවක් වුණා. ඔවුන් තුන්දෙනාටම මරණ නිවේදනය යවලා තිබුණා. ඒ දවස්වල ඔවුන් හිටිය බන්ධනාගාරයෙන්, ඔයාගේ සැමියාව මෙදින එල්ලා මරනවා කියලා මෙමෝ ඇවිත් තිබුණා. මම ගොඩාක්ම වියවුල් වෙලයි හිටියේ. ඔහුව දකින්න වෙන්නේ නැහැ. ඔහුත් එක්ක කතා කරන්න වෙන්නේ නැහැ කියන එක මට දරාගන්න බැරි වුණා. නිතරම අඬමින් හිටියා. නිදි පෙති බීලා නිදාගන්න තත්ත්වය උදාවුණා.

එතකොට වෛකෝ ගොඩාක් උත්සාහ කරලා, රාම් ජෙත්මානිව එක්කගෙන ඇවිත් චෙන්නායි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් ගත්තා. එතකොට තමා අපිට ආයෙත් පණ ආවේ. සෙංගොඩිගේ ජීවිත පරිත්‍යාගය, ජනතා නැගිටීමත් සිදුවුණා. චෙන්නායි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නාගප්පන් තමා මේ තීන්දුව දුන්නේ. ඒක අපූරු දවසක්. මේකේ පෙරගමන්කරු වෛකෝ. බොහෝ දේශපාලන පක්ෂ මේ වෙනුවනේ සම්බන්ධ වුණා.

ඔබ මේ ගැන දුක්වෙනවාද, නැත්නම් වරදකාරී හැඟීමක්ද තියෙන්නේ?

මම මේ ගැන දුක්වෙනවා. 17 දෙනකු මරන්න මට තිබුණ අරමුණ මොකක්ද? මරන්න තිබුණ අවශ්‍යතාව මොකක්ද? මම නූගත් කෙනෙක්ද? වැඩකට ගිහින් හම්බකරන්න බැරිද? ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ව ඝාතනය කරලාද ජීවත් වෙන්න ඕනේ? එහෙම කිසිම දෙයක් නැහැ. ඔවුන්ගේ නම්වත් මම දන්නේ නැහැ. නමුත් ඔවුන්ව ඝාතනය කළ වරද මගේ පිටට වැටුණා. මේකට දෛවය කියලයි කියන්න ඕනේ. මම ඔවුන්ව දැකලත් නැහැ. ඔවුන්ට වධහිංසා කරන්න ඕනේ කියන අදහස මං තුළ තිබුණේ නැහැ. ඒක ඔවුන් තේරුම්ගත යුතුයි කියලා හිතනවා.

දැන් ඔබ කුමක් කරන්නද හිතාගෙන ඉන්නේ?

මගේ සැමියාවයි, දුවවයි එකතු කරන්න ඕනේ. ඔහුගේ පවුලේ අයත් එක්ක එකතු කළ යුතුයි. ඒක තමා මගේ ආසාව.

BBC සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

HNB ඇෂුවරන්ස්, SupremeHealth Unlimited සුවිශේෂ සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි…

Next Post

A 9ක් ගත් මහනුවර සිසුවාට පියා ඉදිරිපිටදීම භූමිතෙල් දමා ගිනි තියා ඇත්තේ එදා අම්පිටියේදී දෙදෙනෙක්ව කුරුසියට තියා ඇණ ගැසූ පිරිසේම අයෙක්! තවමත් සැකකරු නිදැල්ලේ! අඩුම තරමේ දරුවාගේ තාත්තාවත් සැකකරුගේ නම කියන්න බයවෙලා!

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.