• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිරිසන්නු මග තොටේ මුණ ගැහුණ කරුමෙට තනිවෙන්න සිදු වෙලා තව නොපිපි මලකට…

February 21, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
තිරිසන්නු මග තොටේ මුණ ගැහුණ කරුමෙට තනිවෙන්න සිදු වෙලා තව නොපිපි මලකට…
Share on WhatsAppShare on Facebook

මනුස්සයෙක් මරන්න හිතක් තියෙනවා කියන්නෙ ඒක මහ භයානක දෙයක්. සාමාන්‍යයෙන් රටක එහෙම මිනිහෙක් මරන්න හිතක් තියෙන එවුන් ඉන්නෙ කීපදෙනයි. උන් නමගිය අපරාධකාරයො. මිනිස්සු මරන එක උන්ගෙ රස්සාව. ඒත් උන්ටත් යම් විනයක් තියෙනවා. රස්සාවට මිනී මරනවා මිසක් උන් නිකං පාරෙ යන මිනිහෙක්ව මරන්නෙ නෑ. එහෙම පාරෙ යන මිනිහෙක්ව නෙමෙයි නිකං ළඟින් යන සතෙක්වවත් අපි මරන්නෙ නෑ. සත්තු පවා එහෙමයි. මේ ලෝකෙ හැදිලා තියෙන්නෙ ඒ වගේ මනුස්සකම්වලින්.

ලෝකෙ පවතින්නෙ එහෙම. එහෙම ලෝකෙක මෙහෙම කතාවක් ලියන්න වෙන එක පුදුමයි. ඒත් ඒ පුදුමය තවදුරටත් ඔබට හෝ මට පුදුමයක් නොවෙන නිසාම මම මේ ගැන ලියන්න පටන් ගන්නවා.

එකමත් එක දවසක එකමත් එක රටක පුංචි කෙලි පැංචියෙක්ගෙ තාත්තා කඩේ යන්නෙ කෙලි පැංචි වෙනුවෙන් බිත්තරයක් හොයාගෙන එන්න. ඒක හරිම සාමාන්‍ය ගමනක්. හරිම සාමාන්‍ය දවසක හැම දේම වෙන්නෙ සාමාන්‍ය විදියට. ඔහු කඩේට යන පාරෙ කවුදෝ කොල්ලො වගයක් බයික් එකෙන් යමින් ඉන්නවා. සමහර අය කියන විදියට උන් ඉන්නෙ වීල් එහෙම ගගහා. ඒ කියන්නෙ පිටිපස්සෙ රෝදෙයි ඉස්සරහ රෝදෙයි උස්සමින් විනෝද වෙමින්. ඒක කොලුකම. ඒත් සෙල්ලම ලෙල්ලම වෙන්න යන්නෙ ටික වෙලාවයි. පොඩි එවුන් කරන දඩබ්බර වැඩවලදී කට පියාගෙන ඉන්න එක ඇත්තටම හරි දෙයක් නෙවෙයි.

ඒක වැරැදියි. මොකද ඒකෙන් එයාලට වගේ සමාජයෙ ඕනෑම කෙනෙක්ට වරදක් වෙන්න පුළුවන්. ඒක නිසා වෙන්න ඇති ඔහු මේ කොල්ලො ටික දැක්කම හෙල්මට් දාගන්න කියලා කිව්වෙ. ඒක හරිද වැරැදිද කියන එක ගැන බොරුවට ප්‍රශ්න විචාරාත්මක තරග තියන්න එපා. මොකද, වෙන්න පුළුවන් නරකම දේ වුණාට පස්සෙ ඒ හොඳ නරක අස්සෙ වෙන වෙන ලබ්බවල් හොයන්නෙ බොරු දාර්ශනිකයො. නිකං දාර්ශනික අදහස් දක්වන්නෙ නැතිව මේක මිනිස්සු විදියට ජීවිතේ අවබෝධ කරගන්න ඕනෙ කාලයක්.

උන්ට කරදරයක් වෙයි කියලා හිතලා, උන්ගෙ ඔළු බේරගන්න කියාපු මනුස්සයගෙ ඔළුවට ගහලා ඒ මනුස්සයව මරලා දාන කාලකණ්ණි සමාජයක් එක්ක මනුස්සකම ගැන කතා කරලා වැඩක් නෑ.
මේ මිනීමරුවො නිවැරැදිව ඔප්පු වුණු දවසක ඔබ ඔවුන්ට කියන්න ඕනෙ නම ‘තිරිසන්නු’ කියන එක නෙවෙයි. මොකද මේ වගේ වැඩ කරන තිරිසන්නු නෑ.

මේ වගේ ඒවා කවුරුවත්ම කරන්නෙ නෑ. මේ මනුෂ්‍ය ඝාතනයට සැකපිට අත්අඩංගුවට පත්වෙන්නෙ මියගිය පුද්ගලයාගේ බිරිය උගන්වන ඉස්කෝලෙම සාමාන්‍ය පෙළ පන්තියෙ ළමයි ටිකක්. අඩුම තරමෙ පාරක බයිසිකලයක් පදින්න තරම් අවශ්‍ය කරන මූලිකම සුදුසුකම වෙන බලපත්‍රයවත් නැති මේ ළමයින්ට බයිසිකලය දුන්න කෙනාගෙ ඉඳලම මේ වරදට වගකියන්න ඕනේ. ඒවා සියල්ලම නීතිමය කාරණා විදියට ඉදිරියට මතුවෙයි.

කොහොම වුණත් මේ වෙනකොට පිපෙන්නත් කලින් මල් කැකුළකට එයාගෙ තාත්තා අහිමි වෙලා. ලෝකෙ රටවල මහා උත්සාහයන් දරමින් සුන්බුන් අස්සෙ පණ තියෙන මිනිස්සුන්ව හොයන අතරෙ මිනිස්සුන්ගෙ ජීවිත සුන්බුන් කරන මේ අධමයො ගැන අහන්න දකින්න ලැබුණු එකත් පාපයක්. මේ වෙලාවෙ මාධ්‍ය සදාචාරය පැත්තකින් තියලා ඒ තක්කඩින්ගෙ පින්තූර නම ගම එක්කම පළකරන්න වෙන්නෙ ඒ වගේ දෙයක් ආයෙත් කවදාවත් මේ රටේ නොවෙන්න. ඒත් මේ කාලකණ්ණින්ට දඬුවම් කළාම, ඒ තාත්තා ආයෙත් පුංචි දෝණිව බලන්න එයිද? බහ තෝරන දවසෙ කෙලි පැටික්කි ‘තාත්තෙ’ කියන්නෙ කාටද? මේවට උත්තර පොලීසියෙ හරි උසාවියෙ හරි තියෙනවද?

කෙල්ලෙක් වැඩිපුරම ආදරේ තාත්තෙක්ට. මේ පුංචි පැංචි ලස්සනට ඇඳලා සද්ද නැතිව නිදාගෙන ඉන්න තාත්තා ගාවට ගිහිල්ලා මොනවා හිතන්න ඇද්ද? ආයෙ කවදාවත්ම තාත්තා එයාව වඩාගෙන හුරතල් කරන්නෙ නෑ කියලා නොදැන තාත්තා දිහා බලා ඉන්න ඇති. වාඩගෙන හුරතල් කරලා උම්මා එකක් නොදී තාත්තා පිටත් වෙලා ගියාම ඒ පුංචි හිතට දැනුණු තනිකම මේ ලෝකෙ කාටහරි කියන්න පුළුවන් වෙයිද? ආයෙත් කවදාවත්ම එදා වගේ තාත්තා තුරුල්ලෙ හුරතල් වෙන්න ලැබෙන්නෙ නෑ කියලා ඒ පැංචිට කියලා දෙන්න කාටහරි පුළුවන්ද?

මේ ප්‍රශ්න ඔක්කොටම වැරැදිකාරයා ඔබේ දරුවා, ඔබේ අයියා, ඔබේ මල්ලි, ඔබේ නෑදෑයා, ඔබේ යාළුවා,

ඔබේ අසල්වැසියා කියලා ඔබට කිව්වොත් ඔබ ඔබේ හදවතින් අහන්න, ඔබට මොකක්ද ඇත්තටම හිතෙන්නෙ? මට අහන්න තියෙන්නෙ එකම එක ප්‍රශ්නයකි. ඒ කිරි දරුවාට මේ වගේ ගින්දරක් දුන්නේ ඒ දරුවා උඹලට මොනවා කළාටද? ඒ දරුවා උඹලගෙන් මොනවද ගත්තෙ….?

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෙවල් ඉස්සරහා උදේට බල්ලො ජරා කරනවද? මෙන්න මරු විසඳුමක්! තංගල්ලේ තරුණයෙක් බල්ලො එළවන අලුත් බල්බ් එකක් හදයි! VIDEO

Next Post

‘ඡන්දෙ දියව්…!’ සජිත් ගල්ගමුවෙන් නොච්චියාගමට! සජීවීව බලන්න පිවිසෙන්න! LIVE VIDEO

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.