ඇමෙරිකාවේ මහාචාර්යවරයෙක් එක්ක කතා කරලා හොයාගත්ත ඇත්ත මෙන්න…
ඇත්තටම කොවිඩ් ඉවරද? එහෙම නැත්නම් තාමත් කොවිඩ් මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවද? එහෙම නැත්නම් කොවිඩ් මේ ලෝකෙන් තුරන් වෙලාම ගිහිල්ලද? අතරින් පතර කොවිඩ් බෝවෙනවද? කොවිඩ් රෝගීන් බිහිවෙනවද? මේ ගැන අපි හොයන්න තීරණය කළා. ඇත්තටම කොවිඩ් තවදුරටත් ඉවර නෑ කියන එක ගැන අපි විශ්වාස කරනවා සහ මං දන්නවා ඔබත් ඒ කියන කතාව විශ්වාස කරන බව. ඇත්ත වශයෙන්ම කියනවා නම් කොවිඩ් ඉවර නෑ.(Sri Lanka Latest News)
තවමත් ලෝකෙ කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තා නොවෙන්නේ කොවිඩ් සම්බන්ධව අපි පරීක්ෂණ නොකරන නිසා. ඒ වගේම අපි කොවිඩ්වලින් ආරක්ෂා වීම සඳහා භාවිත කරපු සරල උපක්‍රමවත් භාවිත නොකරන නිසා දැන් අපිට කොවිඩ්වලින් වැඩක් නෑ. හැබැයි ලංකාවේ මිනිස්සු මියයනවා හදිසියේම ඇතිවෙච්ච හෘදයාබාධවලින්, මොළයේ සංකූලතාවලින්, රුධිර නාළ අවහිරතාවලින්. අංශභාග රෝගී තත්ත්වයන් පවා වැඩි වශයෙන් වාර්තා වෙනවා. මේක නිතර අහන්න දකින්න ලැබෙන කාරණාවක් හින්දම අපි තීරණය කළා මේ ගැන සාකච්ඡා කරන්නට ඔහායෝ ස්ටේට් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය නාමල් ලියනගේ මහතා සමග.
දැන් කොවිඩ්වලින් මිනිස්සු මියයනවද තාමත්?
ඔව්. මියයා හැකියි.
කොවිඩ් නිසා ලබාදුන්නු එන්නතින් මියයනවාද? එම එන්නතට විශාල චෝදනාවක් තියෙන බව අපි හැමෝම දන්නවා. කොවිඩ්වලට ලබාදුන්නු එන්නත වැක්සින් කියන නමින් තමයි හඳුන්වන්නේ. වැක්සින් එකක් කියලා කියන්නේ රෝගය නොහැදෙන්නට අපි විසින් ලබාගන්නා දෙයක්. ලංකාවේ මේ විදියට රෝගය නොවැලඳීම සඳහා ලබාගන්නා වැක්සින් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා ගැන අපි කතා කළොත් උපන් දා සිට අපට මේවා ලබාදෙනවා. අපි දන්නවා සරම්ප, කක්කල් කැස්ස, කම්මුල්ගාය, රුබෙල්ලා, ගලපටලය, වසූරිය, පෝලියෝ වගේ ගොඩක් රෝග සඳහා අපි මූලිකව ආරක්ෂණ වැඩපිළිවෙළවල් දියත් කරලා තියෙනවා.
ඉපදුණු ගමන්ම, මාස 3න්, මාස 6න්, අවුරුදු එකහමාරෙන්, අවුරුදු 3න් වගේ විවිධ කාලවලදී අපි දරුවන්ට වැක්සින් ලබාදෙනවා. ඒවා කොහේ හැදුවද, කවුරු හැදුවද, ඒවායේ අන්තර්ගතය මොකක්ද, කල් ඉකුත් වෙන දිනයවත් අපි දන්නේ නෑ. නමුත් ඒ වැක්සින් අපි ලබාදෙනවා සහ මේ ලියන මමත්, කියවන ඔබත් අපි දෙන්නම උපන් දා සිට වැක්සින් ලබාගත්තු අය. ඇත්තටම අපි ගොඩක් වැක්සින්වලින් ආරක්ෂා වෙලා තියෙනවා. ලෝකෙ මේ වෙනකොට වසූරිය පෝලියෝ වගේ රෝග තුරන් කරලා තියෙනවා.
සමහර රෝගවලින් රෝගීන් කිහිප දෙනෙක් විතරක් වාර්තා වුණත්, ඇතැම් රෝග ලෝකයේ දියුණු රටවල ඇත්තෙම නෑ. ඒ වගේම හෙපටයිටීස්, කැන්සර්, හියුමන් පැපලෝමා රෝගයට පවා මේ වෙනකොට වැක්සින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඩෙංගු සඳහාද වූ වැක්සින් එකක් මේ වෙනකොට ලෝකයේ පිළි අරගෙන ගෞරවාන්විතව පවත්වාගෙන එනවා. මේක අප්‍රිකානු රටවල් ආශ්‍රිතව මේ වෙද්දී පරීක්ෂණ පවත්වාගෙන යනවා. මේ සියල්ලම අපි වෛද්‍ය නාමල් ලියනගේ මහතා සමග කතාබහ කරද්දී දැනගත්ත කාරණා.
එච්.අයි.වී. සඳහා අවුරුදු ගානක් තිස්සේ මේ වෙනකොට පරීක්ෂණ කරගෙන යනවා. අවුරුදු 40ක් විතර තිස්සේ එච්.අයි.වී. සඳහා නිවැරැදි වැක්සීන් එකක් හදාගන්න බැරිවෙලා තියෙනවා. ලෝකයේ එක වැක්සින් එකක් හඳුන්වා දීලා තියෙනවා, නමුත් ඒක 30%ක් විතරයි සාර්ථක වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේ ඒක භාවිත කරන්න බෑ. දැන් වැක්සින් එකක් හරහා රෝගීන් මියයනවාද? ඔව්, වැක්සින් නිසා රෝගීන් මියයනවා. වැක්සින් නිසා රෝගීන් මියයෑමේ ප්‍රතිශතයකුත් ලෝකයේ තියෙනවා. ඒ සම්බන්ධව අපට ඔබව දැනුවත් කරන්න පුළුවන්. මොකද වැක්සින් නිසා රෝගීන් මියයා හැකි බව අපි පැහැදිලිව දන්නවා. නමුත් මේ තරම්ම මියයනවද? එතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
එම්.ආර්.එන්.ඒ. වැක්සින් එක ඇමෙරිකාවේ නිෂ්පාදනයක්. සයිනොෆාම් චීන නිෂ්පාදනයක්. ෆයිසර් වැක්සින් එක, මොඩර්නා වැක්සින් එක, ස්පුට්නික් වැක්සින් එක වගේ විවිධ වැක්සීන් ලංකාවට ලැබුණා. ලෝකෙ සමහර රටවල භාවිත කරපු ඇතැම් වැක්සින් ලංකාවට ආවේ නැහැ. අපිට මුලින්ම ලබාදුන්නේ ෆයිසර් වැක්සින් එක නෙවෙයි, සයිනොෆාම් කියන චීනයේ නිෂ්පාදනය කරපු වැක්සින් එක. පස්සේ තමයි අපට මොඩර්නා, ෆයිසර් වගේ වැක්සින් ලැබුණේ. වෙන රටවල නම් තමන් කැමැති වැක්සින් එක තෝරාගන්න පුළුවන්කම තිබුණා. නමුත් ලංකාවේ අපට එහෙම ක්‍රමයක් තිබුණෙ නෑ.
අපට සිද්ධ වුණේ අපට දෙන වැක්සින් එක ගහගන්න. දැන් අපි කොවිඩ් සඳහා හඳුන්වා දීපු වැක්සින් ක්‍රමවේදයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලා ඉන්නේ. නමුත් ලෝකයේ බොහෝ රටවල ජනතාව තවමත් වැක්සින් ලබාගන්නා බව මහාචාර්යවරයා සමග සාකච්ඡා කරද්දී අපට තේරුණා. ඔහු කිව්වා ඔහු ජීවත් වෙන රටේ ජනතාව මේ වෙන විටත් වැක්සින් ලබාගනිමින් ඉන්නවා කියලා.
මේ වැක්සින් නිසා රෝගීන් මියයනවාද කියන ප්‍රශ්නයට ආයෙත් මට දෙන්න තියෙන උත්තරේ ඔව් කියන එක. ඉතාම අඩු ප්‍රතිශතයක් වැක්සින් එක නිසා රෝගීන් මියගිය බව වාර්තා වෙනවා. එතකොට මෙතැන තියෙන ප්‍රශ්නෙ තමයි මේ වැක්සින් එකක් අවුරුදු ගානක් තිස්සේ පරීක්ෂාවට ලක් කළ යුතුයි. නමුත් එහෙම පරීක්ෂණයට ලක් නොකර කොහොමද මේ වැක්සින් එක මේ තරම් ඉක්මනට ජනතාවට ලබාදෙන්න තීරණය කළේ? ඒකට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ කොවිඩ් කියන රෝගය ලෝකයට අලුත් වුණාට සාස් කියන්නේ ලෝකයට අලුත් රෝගයක් නෙවෙයි. ලෝකයේ බොහෝ වෙලාවට සාස් රෝගීන් වාර්තා වෙලා තිබුණා.
ඒ නිසා ඊට අදාළ මූලික පරීක්ෂණ සිදුකරලයි තිබුණේ. මූලික අදියර විදියට. ඒ නිසා මේ වෛරසයේ ක්‍රියාත්මක වීම ගැන විශාල ප්‍රශ්න තිබුණේ නෑ. සාමාන්‍යයෙන් වෛරසයක පළමු අදියර හඳුනාගන්න ඕනේ. ඉන් පස්සේ සත්තුන්ට මේ වෛරසය ලබාදෙනවා ෆේස් වන් කියන අදියර යටතේ. පුද්ගලයන් කිහිප දෙනකුට ලබාදෙනවා. 600ක 700ක පිරිසකට ඊළඟට ලබාදෙනවා. ෆේස් ත්‍රී කියන තුන්වැනි අදියරේදී දහස් ගණනකට ලබාදෙන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හැබැයි සාස් කියලා කියන්නේ පරණ රෝගයක්. සාස් සොයාගත්තේ 2013දී. මර්ස් 2012 වාර්තා වෙනවා. සාස් සහ මර්ස් සම්බන්ධව පරීක්ෂණ කරපු වෛද්‍යවරුන්ට සහ විද්‍යාඥයන්ට මේ රෝගය තවදුරටත් අරුමයක් නොවෙයි, නොදන්නා කාරණයක් වුණේ නෑ. ඒ නිසාම මේ රෝගය සඳහා කරපු පරීක්ෂණ පටන් ගන්න සිද්ධ වුණේ එතැන ඉඳන්.
ඒ වගේම මහාචාර්යවරයා කියන විදියට ලෝකයේ සාමාන්‍යයෙන් මොනවා හරි වැක්සින් එකක් නිර්මාණය කරද්දී ඒ ඒ ආයතන විසින් තමන්ගේ පුද්ගලික කටයුත්තක් විදියට එය කරගෙන යනවා, වෙනත් අයට ඒ ගැන තොරතුරු ලබාදීමක් සිදු නොකර. නමුත් කොවිඩ් සම්බන්ධව වැඩ කරද්දී ඔහු කියනවා ලෝකයේ හැම පර්යේෂකයෙක්ම එක තැනකට ඇවිල්ලා තමන් කරපු පරීක්ෂණවලින් තමන්ගේ ප්‍රතිඵල ටික අනෙක් කෙනාට ලබාදීලා මේ පරීක්ෂණ ප්‍රතිඵල බෙදාහදා ගත්තා. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ කොහොම හරි මේ රෝගයට එන්නතක් නිර්මාණය කරන්න. ඒ නිසා මේ වැඩේ තවත් පහසු වුණා කියලා.
ඒ වගේම රජයෙන් අවසර ගැනීම් වගේ ක්‍රියාපටිපාටීන් අතිශය පහසු වුණු නිසා තවත් කාලය අඩුවුණා. ඒ නිසා ලෝකයේ මේ වෙනකොට රේබීස්, ඉබෝලා වගේ රෝග වෙනුවෙන් වැඩ කරලා තිබුණු නිසා පහසු වුණා මේ වැඩේ කරගෙන යන්න. බර්ටා කියන වෙබ් අඩවිය හරහා මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු තමන්ගේ අදහස් ඉතා ඉක්මනින් බෙදාගත්තා. මාස දෙකක් තුළ ෆේස් වන් අදියරට එන්න පුළුවන් වුණා සහ ෆේස් ත්‍රී සහ ෆේස් ටූ අදියරවල් එකටම ක්‍රියාත්මක කරන්නත් මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මේ එන්නත ඉතා ඉක්මනට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. අපි මේ කතා කරන්නේ මොඩර්නා සහ ෆයිසර් කියන ඇමෙරිකාව ආශ්‍රිතව නිර්මාණය වුණු වැක්සින් ගැන. ඒ නිසා වැක්සින් එකේ ලොකු ප්‍රශ්න තියෙන්න බෑ.
යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ලෝකෙ ඕනෑම වැක්සින් එකක ප්‍රශ්න තියෙන්න පුළුවන් බව තමයි ඔහු කියන්නේ. ඒ නිසා මේ වැක්සින් එකෙන් රෝගීන් සියලු දෙනා මියයනවා කියන එක පැහැදිලි සත්‍යයක් නෙවෙයි. ඒක අඳුරේ අතපත ගෑමක් බව තමයි අපට මේ මහාචාර්යවරයා සමග කරන සාකච්ඡාවේදී දැනෙන්නේ. නමුත් වැක්සින් එක නිසා රෝගීන් මියගිහිල්ලා තියෙනවා කියන එක බොරුවක් නෙවෙයි. ඒ සම්බන්ධව අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරු කිහිපයක් සහ මහාචාර්යවරයා අපට පැහැදිලි කරපු කාරණා එක්ක අදාළ සංඛ්‍යාලේඛනත් අපි මේ සමග පැහැදිලි කරනවා. නමුත් අපි නොදන්නා සහ අපි දැනගත යුතු වැදගත්ම කාරණාව වෙන්නේ මහාචාර්යවරයා විසින් මේ වෙනකොට පරීක්ෂණ සිදුකරගෙන යන බව කියන පශ්චාත් කොවිඩ් කියන තත්ත්වය. කොවිඩ් වෛරසය නිසා දෙආකාරයකින් අපේ ශරීරයට යම් ආකාරයකින් හානි වෙලා තියෙන්න පුළුවන්.
පළමු එක තමයි කොවිඩ් හැදුණු අවස්ථාවේදී කොවිඩ් වෛරසය විසින් අපේ ශරීරයේ අංගෝපාංගවලට සිදුකරලා තියෙන හානිය මත පසුකාලීනව රෝග මතුවෙන්න ඉඩ තිබීම. ඒ වගේම කොවිඩ් වෛරසය ශරීරගත වුණාට පස්සේ එම වෛරසය සමග සටන් කරන්න අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් යොදපු සමහර උපක්‍රම නිසා අපේ ශරීරයේ ගැටලු ඇතිවෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙනකොටත් පපුවේ අමාරු, හුස්ම ගැනීමේ ප්‍රශ්න, සිහි කල්පනාව පිළිබඳ ප්‍රශ්න, නින්ද නොයාම, වකුගඩු ආශ්‍රිත රෝග, ස්නායු සම්බන්ධ ප්‍රශ්න වගේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්න පුළුවන්. ඒ ඇතිවීම මේ වෙනකොට ලෝකෙන් වාර්තා වෙලා තියෙනවා වගේම ඒ සම්බන්ධව මේ වෙනකොටත් සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා.
විශේෂයෙන්ම රුධිර නාළ අවහිර වීම් වගේ දේවල් කොවිඩ්වලින් පස්සේ ඇතිවෙන තත්ත්වයක් විදියට තමයි ඇත්තටම නම්කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ගැන කතා කරද්දී අපි මහාචාර්යවරයාගෙන් ඇහුවා මේ වගේ තත්ත්වයක් නම් ඔබට දකින්න ලැබෙන්නේ, ඔබට මේ ගැන මොකක්ද ගන්න තියෙන පළමු පියවර කියලා. ඔහු කිව්වේ හුස්ම ගැනීමේ අපහසුතාවක්, අතපය වලංගු නැති බවක්, සිහි කල්පනාව පිළිබඳ ප්‍රශ්නයක්, නිතර නිදිමතක් වගේ ගැටලු ඔබට තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වගකීම්සහගත වෛද්‍යවරයෙක් මුණගැහිලා, ඔබට කොවිඩ් වැලඳීමෙන් පස්සේ මෙවැනි රෝග තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන බව ඒ වෛද්‍යවරයාට කියන්න කියලා. එතකොට බොහෝ විට ඔහුගෙන් ඔබට නිවැරැදි ප්‍රතිකාරයක් ලැබේවි.
මොකද මේ සඳහා ප්‍රතිකාර නැත්තේ නෑ. මේවා සාමාන්‍යයෙන් ශරීරවල ඇතිවෙන සංකූලතා. ඒවාට සාමාන්‍ය ප්‍රතිකාර කිරීමක් තමයි අපට මේ ගැන හොයලා බලද්දී පැහැදිලි වෙන දේ. නමුත් මේ කාරණාවේ තියෙන වැදගත්ම ගැටලුව වෙන්නේ අපි හුඟක් වෙලාවට හිතාගෙන ඉන්නවා නෑ අපිට කොවිඩ් හැදුණේ නෑ කියලා. කොවිඩ් හැදුණේ නෑ කියන එකෙන් ඔබ තහවුරු කරගන්නවා නම්, නෑ මට කොවිඩ් හැදුණේ නෑ, ඒ නිසා කොවිඩ් සම්බන්ධව ඇතිවෙන පශ්චාත් කොවිඩ් සංකූලතා ඇතිවිය නොහැකි බව, ඒක අසාර්ථක කාරණාවක් බව ඔබ දැනගත යුතුයි.
මොකද, පශ්චාත් කොවිඩ් කියන දේ ඔබේ ශරීරයට වැලඳිලාද කියන එක හොයාගන්න බැරි වෙන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි ඔබ ඔබට කොවිඩ් වැලඳුණේ නෑ කියන පූර්ව නිගමනයේ ඉන්න එක. මම හිතනවා අපි බොහෝ දෙනකුට කොවිඩ් රෝගය වැලඳිලා අවසානයි. ඇත්තටම කොවිඩ් වැලඳුණාට අපට සංකූලතා මතුවීමේ ප්‍රවණතාව අඩුයි සහ අපි පරීක්ෂණවලට යොමු වෙච්ච ප්‍රමාණය ඉතා අඩුයි. ඒ නිසා මේ වෙනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ වැක්සින් නොගෙන ඉන්න එක ගැන නෙවෙයි. අපි සැලකිලිමත් වෙන්න ඕනේ පශ්චාත් කොවිඩ් සංකූලතා අපේ ශරීරයේ තියෙනවද කියන එක හොයලා බලන්න.
ලෝකයේ මේ වන විට පශ්චාත් කොවිඩ් සම්බන්ධව පරීක්ෂණ කරගෙන යනවා. ඔහායෝ ස්ටේට් විශ්වවිද්‍යාලය ආශ්‍රිතව බෝවන රෝග සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ මහාචාර්ය නාමල් ලියනගේ මහතා ඇතුළු පිරිසක් මේ සම්බන්ධව විශේෂ පර්යේෂණවල යෙදෙන අය නිසා තමයි මේ ලිපිය ලියන්න මේ තරම්ම අපට ශක්තියක් ලැබෙන්නේ සහ මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. මේ සියලු කාරණා අපි ඔවුන් සමග කරන සාකච්ඡාවල ප්‍රතිඵල.
ලංකාවේ බොහෝ රෝගීන් මියයනකොට අංශභාග රෝගීන් වැඩිවෙනකොට මේවා සිදුවෙන්නේ කොහොමද කියලා අපි හොයලා, ඒ සම්බන්ධව ලෝකෙ ඉන්න ප්‍රවීණයෙක් වෙච්ච මහාචාර්ය නාමල් ලියනගේව අපි ඇමතුවා. ඔහු තමයි මේ කාරණා අපට පැහැදිලි කළේ. ඇත්තටම ඔහු අමතන්න හේතුව වුණේ අපට අහන්න දකින්න ලැබෙන මේ කාරණාව තමයි. කොහොම නමුත් කවුරු හරි කෙනෙක් මේ හරහා නිර්මාණය කරන්න හදනවා නම් වැක්සින් නොගත යුතු බවට මතයක්, ඒ තමයි ඔබ විසින්ම ඔබේ ජීවිතය හානි කරගන්නා ප්‍රථම අවස්ථාව.
මොකද අපි මේ නිදහසේ පාරේ ඇවිදලා ඉන්නේ, රටේ තොටේ යන්නේ එන්නේ සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ඔබ නොදන්නාම කාලෙකත් ඔබට ලබාදුන්නු වැක්සින් නිසා බව අමතක කරන්න එපා. සරම්ප, කක්කල් කැස්ස, කම්මුල්ගාය, රුබෙල්ලා, ගලපටලය, වසූරිය ඇතුළු බොහෝ රෝග ඔබට නොවැලඳෙන්නේ සහ ඔබට නොවැලඳෙන බව ඔබ විශ්වාස කරන්නේ මේ වෙනකොට ඔබට ලබාදීලා තියෙන වැක්සින් නිසා. කම්මුල්ගාය, පැපොල වගේ රෝග සඳහාත් මේ වෙනකොට වැක්සින් නිර්මාණය වෙලා තියෙනවා. අනාගතයේ ඒවත් අපේ සෞඛ්‍ය පද්ධතියට එකතු වුණොත් අපි තව තවත් ආර්ක්ෂිතයි. අපිට තව තවත් තැන් තැන්වලට වෙලා ඉන්න වෙන්නේ. රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මතක තබාගන්න වැක්සින් කියන්නේ ඔබ මවන තරම් බිල්ලෙක් නොවන බව.
ජීවන පහන් තිළිණ