• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා පෙර මග බලාගෙන ඇති රෝහලේ ලී බංකුවේ මොනව වෙන්න ද ඔහොම හිටහං බස් එකක් එයි නංගියේ…

August 19, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අම්මා පෙර මග බලාගෙන ඇති රෝහලේ ලී බංකුවේ මොනව වෙන්න ද ඔහොම හිටහං බස් එකක් එයි නංගියේ…
Share on WhatsAppShare on Facebook

පින්තූරයක් දැක්කම ඒක ෂෙයාර් කරලා හෙන ආතල් එකක් ගන්න ගොබ්බ හැත්‍ත එක්ක මේක බේරගන්න ඕනෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ. ඒ නිසා මේක ලියලා හිත නිදහස් කරගන්න එක හැර වෙන ක්‍රමයක් නෑ. ඇත්තටම මේ පින්තූරයෙ ඇත්ත කතාව මම දන්නෙ නෑ. අපිට ඒක දැනගන්න ඕනෙත් නෑ.

මේ පින්තූරය ගැන විවිධ කතා කියවෙමින් තිබ්බා. ඒත් බැලූ බැල්මට මේ ඉන්නෙ භික්ෂුවක්. ඒක අපි අනුමාන කරගන්නෙ මේ පින්තූරයෙ එක් අයෙක් ඇඳගෙන ඉන්න ඇඳුමෙන්. ඒක බැලූ බැල්මට පේන්නෙ චීවරයක් වගේ. සමහර විට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ඇයි අපි මිනිස්සු මනින්න කලබල වෙන්නෙ?මේ කවුද කින්ද මන්ද කියන එක වැඩක් නෑ. මේ කවුරු වුණත් නීති විරෝධී දෙයක් කරනවද? අපි දන්න තරමින් නම් බස් නැවතුමක ඉන්න තහනමක් නෑ. එහෙම වරදක් කරනවා නම් කවුද කියලා බලන්න එපා, කටු ඉඹුලෙ එල්ලන්න.

ඒත් නිකන් මිනිස්සු අල්ලගෙන ඇරියස් කවර් කරන්න ගන්න එපා. අල්ලනවා නම් අල්ලගන්න ඕනෑ තරම් වැරැදිකාරයො ඉන්නවා. ගෑනියෙක්ට සහ පිරිමියෙක්ට මේ රටේ එකට හිටගෙන ඉන්න තහනමක් නෑ. ඒක තහනම් වෙන තැන් තියෙනවා. තහනම් වෙන විධි තියෙනවා. ඒ තහනම් විදියක් නොවෙන විදියකට මිනිස්සු පාරෙ යන්න ඕනෙ. ඒ සීමාව වාරණය කරන්න කලබල වෙන්න එපා.

හරි දැන් අපි කෙළින්ම කතා කරමු. මේ ඉන්නෙ හාමුදුරු කෙනෙක්ම බව අපිට විශ්වාසයි කියන තැන ඉඳලා තේරුම් ගනිමු. මේ හාමුදුරුවන්ට මොකක්ද කෙල්ලෙක් එක්ක මේ අඩ අඳුරෙ ඉන්න තියෙන වුවමනාව? ඒ වුවමනාව මොකක් වුණත් ඒකෙ සරලව පේන්නෙ නෑ. අපිට අවුලක්. ඔය අවුල හදාගන්නෙ අපි. අපේ ඔළුව ඇතුළෙන් වෙන වෙනම රෙදි ගලවනවා. ඒ රෙදි ගලවන අවුල තියෙන්නෙ අපේ ඇතුළෙ. මේ පින්තූරෙ එහෙම මොනවත් පේන්න නෑ. මේක සෙල්ලමක් කරගත්තෙ පේජ්කාරයො. එයාලා මේක මාකට් කරගන්නෙ එයාලට සල්ලි හොයාගන්න.

ඒක ආගම රකින්න කරන යුද්ධයක් නෙවෙයි. ඒ නිසා ආගමට ආදරේ කරන අය මේ වෙලාවෙ වෙන කොනකට එන්න. ඕක වෙනමම ආතල් එකක්.

මේ ගැන කියැවුණු සරල කතාව මොකක් වුණත්, ගල් ගහන්න කලින් නිවැරැදි එකෙක් මුලින්ම එන්න කියන එක. ලංකාවේ සමාජ ජාල භාවිත කරන බොහෝ දෙනෙක් නිවැරැදියිලු. ඒ නිසා ගල් ගහන්න පෝලිමේ ආවා. ඒ අස්සෙ මේක නිරවුල් කරන්න ආපු පිරිසක් හිටියා. එයාලට ස්තුතියි. ඒත් මේක අස්සෙ සටනට ආපු එවුන් හාමුදුරුවන්ගෙ සිවුර ගලවන්න කලින් ගලවගත්තෙ උන්ගෙ කලිසම් යට කලිසම්. මොකද මේ වෙලාවෙ හුඟ දෙනෙක් ඉන්නෙ හෙලුවෙන්.

මේක ඇත්ත කතාවද නැත්නම් පේජ්කාරයො ටිකක් ගන්න වෙනමම ආතල් එකක්ද කියන්න අපි දන්නෙ නෑ. ඒත් ඒක ඇත්තම නං…
‘මේ ඉන්නෙ අයියයි නංගියි. මේ දෙන්න පාරට එන්නෙ ඉස්පිරිතාලෙ යන්න. ඒ ඉස්පිරිතාලෙ ඉන්න අම්මව බලන්න. ඒ අම්මා ඉන්නෙ ලෙඩ වෙලා. ඇත්තටම කියනවා නම් ඒ අම්මට පිළිකාවක් හැදිලා. චීවරේ දාගත්තත් පුතා පුතෙක්මයි. වෙන කතාවක් නෑ. ඒ වගේම චීවරේ දාගත්තත් මේ සහෝදරකම් එහෙමමයි. එහෙම නම් මේ ගමන යන්ඩ මේ කරදර කාලෙ ඒ අම්මගෙ දරුවො දෙන්න පාරට ඇවිත් බස් එකක් එනකල් බලා නොඉඳ වෙන මොනවා කරන්නද?

වේදනාවෙන් රෝහලේ බලා ඉන්න ඒ අම්මගෙ ඇස් දෙක මිසක් මේ දරුවන්ට වෙන මොනවත් මතක් වෙයිද? අකුලකට මුවාවෙලා පින්තූරයක් ගන්නවා වෙනුවට, ‘හාමුදුරුවනේ මොකක්ද මෙතැන වෙන්නෙ?’ කියලා අහන්න කොන්දක් තිබ්බ නම් මේක මීට වඩා ලස්සනට විසඳේවි. ඒත් අවාසනාවකට අපි ඉපදිලා තියෙන්නෙ එහෙම රටක නෙවෙයි, වෙනමම රටක.

දැන් අපි එක එකාගෙ රෙදි හෝදමින්, අනුන්ගෙ මඟුල් හොයමින්, ජරාව එකතු කරමින් පුදුම ලස්සන ජීවිත ගතකරනවා. ඒත් ඔබ කවදාවත් හිතුවද මේ අප්‍රසන්න දුගඳ හමන සමාජයේ හැමදාම එකම චීවරේ ඇඳගෙන ඉන්න මනුස්සයගෙ බර ගැන? පාන්සකූලෙට දානෙට මානෙට එන එක ගැන විතරක් නොහොයා, අපි හොයමු අපිට ජීවිතේ ගැන පාඩමක් උගන්නන කෙනෙක්, එහෙම නැතිව අරූගෙ මූගෙ ඕපාදූප හොයන එක නවත්තමු. මේ ගතවෙමින් යන්නෙ අපේ ජීවිතවල දරුණු ඉඩෝරයක්. කන්න බොන්න නැති රටක් මේක. මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ඔය තරම් අනුන්ගෙ ඕපාදූප හොයනවා නම්, තිබ්බ නම් කොහොම වෙයි ද?

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මාස්ක් නෑ සැනිටයිසර් නෑ මීටරේ නෑ අතහේදිලි නෑ උණ බලන්නෙ නෑ ඒ අස්සෙ ගිය දවස් හතර 20 ක් මියගිහින් කොරෝනා ආයෙත් ඔලුව උස්සයි…

Next Post

රනිල් ඉස්සෙල්ලාම ජපානයට යන්න ලෑස්ති වෙයි!

MORE NEWS

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) දින සිට ප්‍රදේශ රැසකට පැය 19 ක කාලයක්...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper