• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිස් ශ්‍රී ලංකා කරළිය තුන් වැනි වතාවටත් නෙයියාඩගමක…

November 1, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
මිස් ශ්‍රී ලංකා කරළිය තුන් වැනි වතාවටත් නෙයියාඩගමක…
Share on WhatsAppShare on Facebook

‘රූ රැජින තරගයකදී ශ්‍රී ලංකාව නැවතත් අපකීර්තියට පත්වේ…’
පසුගිය දවස්වල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දිගට හරහට මුදාහැරුණු ඕපාදූපයක ශීර්ෂ පාඨයයි ඒ. හිතලා බලනකොට ඉහත ශීර්ෂ පාඨය එතරම් නරකම නැත. එහෙම කියන්නේ විවිධ පිරිස් තරමක් නරක අශෝභන වචන හරහා ද මේ කියන ඕපාදූපය ඉහතින් නානාප්‍රකාර සිරස්තල සටහන් කර තිබිණි.
ඉන් එකක සටහන් වූයේ මෙහෙමය.
‘තරගකාරියකගේ පෙම් හුටපටය නිසා රූ රැජින තරගය විලි ලැජ්ජාවක් වේ…’
තවත් සිරස්තලයක වචන ගොනුකොට තිබුණේ,
‘රූ රැජින තරගයේ රෙදි ගැළවුණාද? ගලවා ගත්තාද?’
‘හැමදාමත් හුටපටයකින් නිමවන මිස් ශ්‍රී ලංකා තරග කලාව’
ඒ තවත් එකකි. ඔය සියල්ල අතර තව හොඳ හොඳ කතාද නොතිබුණා නොවේය. ඇත්තටම ලංකාවේ රූප රාජිනියන්ගේ තරග කලාවට මොකක්ද මේ වුණේ? සිංහලයන් ලෙස අපේම ජාතියට අප නිග්‍රහ කිරීම නොහොබිනා දෙයක් වුවද සිද්ධ වූ දේවල් අනුව මේ විදියට ඒ ගැන විවේචනය කිරීම, කතාබහ කිරීම වරදකැයි කිසිවකු විසින් කිසිවකුට ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නැත.

2021 අවුරුද්දේ ප්‍රසිද්ධ වේදිකාව මත කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර, පුෂ්පිකාගේ කිරුළ ගලවා දැමුවේ සදාචාරාත්මක වූ න්‍යායන් පොඩිපට්ටම් කර දමමිනි. එතැනදී කිරුළ පුෂ්පිකාට අයිති නැති බව වැටහුණා නම් එය ගලවන වෙනමම ආට් එකක් තිබුණු බව එදා කවුරුත් කීහ. විශේෂයෙන්ම කැරොලයින්ලා වැනි ප්‍රභූ සමාජ තලය නියෝජනය කරන කාන්තාවන් ඒ වාගේ ගමේ ගොඩේ අඩව් අල්ලන්න යෑමෙන් කතන්දරය මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ වූයේ රෙදි ගැලවී ගිය තාලයටය.

එයට පසුව පුෂ්පිකා 2022දී තවත් විකාරයක් නැටුවාය. තමාට නොලැබුණු වරප්‍රසාදයක් ගැන මුහුණු පොතේ පළ කරන්නට ගිහින් ඈ විසින්ම ඇය ඇගේ ගෞරවය නැතිකර ගත්තාය. ඒ විතරක් නොව ජාත්‍යන්තර රාමුව තුළ යම් නමක් සහ තත්ත්වයක් ගොඩනඟාගෙන හිටපු රෝසි සේනානායකගේ නමටද එම සිදුවීම හරහා කළු පැල්ලමක් එක්කර තිබිණි.

මේ දවස්වල පැතිර යන 2022 මිස් ශ්‍රී ලංකා තරගය මිස් ශ්‍රී ලංකා තරගය නිරුවත් කොට දැමූ අලුත්ම සිදුවීම ඉහත දැක්වූ සියලු අලකලංචිවලට වඩා හපන්ය. කිව්වත් වාගෙම එය වචනයේ පරිසමාප්තියෙන්ම ‘හුටපටයකි’. තවත් විදියකට කියනවා නම් ප්‍රසිද්ධියේම රෙදි ගැලවී ගියා වැනිය. හොඳම එක වන්නේ එය නිව්යෝර්ක් නුවර ඉතා විශාල වශයෙන් ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් වෙසෙන ප්‍රදේශයක සිදුවීමය.

විදේශ මාධ්‍යවේදිනියක වූ මිෂෙල් ද පැසිනා නිව්යෝර්ක්හි පැවැති අවසානයේ විශාල අලකලංචියකින් නිමාවට පත්වූ මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජින තරගය සහ එහි පසුබිම ගැන වාර්තා කොට තිබුණේ ‘ගුටිබැට හුවමාරුවකින් නිමවූ ශ්‍රී ලාංකේය රූප සුන්දරියන්ගේ තරගය’ යන සිරස්තලය මුල්කොට ගෙනය.

‘2021 පුෂ්පිකාගේ කිරුල ප්‍රසිද්ධියේ ඩැහැගත්තා. ඉන් පස්සේ පුෂ්පිකා තමා මිසිස් යුනිවර්ස් තරගයේ හතරවැනියා බව කියමින් ජෝගි නැටුවා. එහි උණුසුම පහව ගියා පමණයි. මෙන්න දැන් තවත් නාඩගමක්. ශ්‍රී ලංකාවේ රූ රැජින තරගවලට මෙහෙම වෙන්නේ ඇයි?’

සමාජ ජාල මාධ්‍ය පරිශීලකයකු මෙම සිදුවීම ගැන සිය අදහස් එලෙස ප්‍රකාශ කොට තිබුණේය.

‘ස්වැටන් අයිලන්ඩ්වල පැවැත්වුණු සමාරම්භක මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජින තරගය මෙයයි. අපි හිතුවේ ශ්‍රී ලාංකේය වශයෙන් නිව්යෝර්ක්වල ඉන්න ලංකාවේ තරුණියන්ගේ දක්ෂතා සහ සැඟවුණු හැකියාවන් කලඑළි දක්වන්නට අවශ්‍ය සහාය දෙන්නයි. ඉතා උතකර්ෂවත් ලෙස උත්සවය පැවැත්වුණා. තරුණියන් තිස් ගණනක් එයට සහභාගි වුණා. අවසානය දක්වා ඉතා හොඳින් සියල්ල සිදුවුණා. ඇත්තටම මෙම ව්‍යසනය මොකක්ද? ඇයි මෙහෙම දෙයක් වුණේ කියන්න අපට තවමත් හිතාගන්න බැරුවයි මේ ඉන්නේ. කොහොම නමුත් අපි සැලසුම්සහගතව කළේ හොඳ මෙහෙවරක්. එය සද්කාර්යයක්. මෙවැන්නක් මෙලෙස වීම ගැන අතිශයින්ම කනගාටු වෙනවා…’

මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් 2022 තරගයෙහි සමාරම්භක උත්සවයේ කමිටු සාමාජිකා සුජානි ප්‍රනාන්දු එවැනි ප්‍රකාශයක් සිදුකොට තිබූ බව වාර්තා වේ.
ඳා
ඇත්තටම මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් තරගය ඈ පැවැසූ ලෙස සද්කාර්යයක් මුල් කරගෙන සැලසුම් කළ මෙහෙවරක්ද?

ඔව්. ඔවුන් කියන්නේ පසුගිය වසංගත සමයෙන් පසුව ශ්‍රී ලංකාව විශාල වශයෙන් මුහුණ දී ඇති රෝහල් උපකරණ සහ ඖෂධ හිඟයට ආධාර සැපයීම සහ සුවිශේෂව ජාතික පිළිකා රෝහලට අත්‍යාවශ්‍යව තිබෙන ආධාර පිණිස මිස් ශ්‍රී ලංකා තරග කමිටුව විසින් මෙය සංවිධාන කළ බවයි.

‘තුන්සියයකට අධික අමුත්තන් පිරිසක් සහභාගි වී සිටි මේ අලංකාර උත්සවයෙහි වැඩපිළිවෙළ හරිම විනයානුකූලව සිදුවුණා. අවසාන වටයේ තරගකාරියන් 13ක් පරදවමින් කිරුළ හිමි කරගත් ඇන්ජලියා ගුණසේකරට එය පැලඳවීමෙන් අනතුරුව තමයි බලාපොරොත්තු නොවූ ලෙස මෙම ආරවුල ආරම්භ වුණේ.

කමිටු සාමාජික සුජානි ප්‍රනාන්දු තවදුරටත් සිදුවීම ගැන සිය අදහස් එලෙස ප්‍රකාශ කොට තිබිණි.
තරගයට එක්ව සිටි සුන්දරියකගේ පෙම් හුටපටයක් නිසා ආරවුල හටගත් බව වෙබ් අඩවි කිහිපයකම සටහන්ව තිබුණා. තරග සංවිධායකයන් කියන්නේ එය අමූලික බොරුවක් කියලයි.

‘අහේතුකව ඇතිවූ මෙම ගැටුම මොකක්ද, කුමන ආකාරයේ හේතුවකට මෙය ඒ ඒ අය අතර ඇතිවුණාද කියන්න අපි දන්නේ නැහැ. දන්නේ එකම දෙයයි. ඒ, මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් තරගය සඳහා සහභාගි වූ කිසිම රූමතියක් මෙම ආරවුලට මැදිහත්ව නැහැ. එය පිටස්තර ගැටුමක් බව වගකීමෙන් කියනවා…’

‘තවත් එක කාරණයක් කියන්නට ඕනෑ. ගැටුම ආරම්භයේ ඉඳලම කොතැනක හෝ ඉහළ ස්ථානයක ඉඳන් කිහිප දෙනකු විසින් එය විවිධ කෝන හරහා ෆෝන්වලින් කැමරාගත කොට තිබෙනවා. ඒ මදිවාට එම ගැටුමට නොයෙක් රස කතා ගොතමින් සමාජ ජාල ඔස්සේ එය මුදාහැර තිබෙනවා. ඉතා කැත කතන්දරද එයට අමුණා තිබෙනවා. ඒ සියල්ල ඔවුන් විසින්ම නිර්මාණය කරගත් ඕපාදූපයි. මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජින තරගයෙහි සංවිධායක කමිටුවේ හෝ තරගයට සහභාගිව හිටපු තරුණියකගේ නාමයන් මෙයට ගෑවී නැහැ. ඒ තරුණියන් තරගයට එක්වුණේ එය වෙනුවෙන් කැපවී සිටියේ ලොකු උනන්දුවකින් සහ සතුටකින්. අහක යන ගැටුමක් අල්ලාගෙන ශ්‍රී ලාංකිකයන් විසින්ම ශ්‍රී ලාංකික වූ අපගේ මේ මෙහෙවර මෙලෙස නින්දාවට පත්කරලීම ගැන හිතට දැනෙන්නේ විශාල කලකිරීමක්…’

සංවිධායක කමිටු සාමාජික චන්ද්‍රා මුණවීරගේ ප්‍රකාශයයි ඒ.

ඔවුන්ගේ ප්‍රකාශයන්හි ඇත්ත නැත්ත අප නොදන්නෙමු. ඔවුන් පවසන්නේ සමහර දෙනා ගැටුමෙහි වීඩියෝ පටවලට කෘත්‍රිමව ඝෝෂාකාරී හඬවල් එක්කොට ඇති බවය.

දැන් එතකොට ශ්‍රී ලාංකේය සුරූපිනියන්ගේ තරග කලාව තෙවැනි වරටත් විකාරයක් කළ එම සිදුවීමෙහි ඇත්ත කතාව මොකක්ද?

එයද දන්නේ නැත. කවුරුන් හෝ වේවා ඒ ඒ දෙපාර්ශ්වයන් කතිකා කොට සමථයකට පත්ව ඇති හෙයින් පොලිසියේ මැදිහත් වීම නමට පමණක් සිදුවිය. අත්අඩංගුවට ගැනීම් හෝ සිරගත කිරීම් නැත. ඒ නිසා නඩුද නැත. එය නම් ඉතින් බොහෝ විට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තියරි එකට සමානකම් කියන නූලෙන් ගහල ගිය කේස් එකකි.

පොඩ්ඩක් ඉන්න… එහෙනම් ඉතින් මේ සමාජ ජාල ඔස්සේ ඔහොයියාවට ඇවිළ යන පලහිලව්වේ ඇත්ත කතාව මොකක් විය හැකිද?

‘අනේ මන්දා…’ කියන වචන දෙක තරම් ඒ ප්‍රශ්නයට ගැළපෙන උත්තරයක් තවත් නැත. ආරංචි මාර්ගවලට අනුව කියැවෙන්නේ රූ රැජින තරගයට සහභාගි වූ කෙල්ලකගේ හිටපු කොල්ලා සහ අලුත් කොල්ලා තරගය බලන්නට පැමිණ පසුව එය අවසානයේ ඇවිළෙන්නට ගත් බවකි.

තරග තීරකයන් සහ සංවිධායක කමිටුව කියන්නේ පිටස්තර ගෝරියක් සවුත් බීච් හෝටල් පරිශ්‍රයේදී රූ රැජින තරගය පැවැත්වූ තැනට අහම්බෙන් කඩාපාත්වූ බවකි.

කතාන්දරයේ කොයික ඇත්ත දැයි නොදන්නා නිසා කිසිවක් කිව නොහැකි අතර ගැටුමට අයත් පාර්ශ්වයන් පොලිසිය සහ නීතිමය කටයුතු රිජෙක්ට් කළ නිසා සත්‍යය බොහෝ විට යටපත්ව ගිහින් ඇති බව පෙනේ.

කෙහොම නමුත් ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා රූ රැජිනනන්ගේ තරග කලාවට විශාල අපකීර්තියක් ගෙනා එකිනෙකා එක පොරයට පොරබදමින් එහා මෙහා පනිමින් ඇඳිවත පවා ඉරාගනිමින් සිදුකළ මේ පහත් ගැටුම හේතුවෙන් උත්සව ශාලාවට දැඩි අලාභයක් සිදුව ඇත. ඒ අතර දිග ගවුම් මඳක් උඩට උස්සාගෙන කෑකෝ ගසමින් එසේ හිස් ලූ ලූ අත දුවන රූප රාජිනියන්ගේ දසුන් මුළු ලොවටම විහිළුවක් වී ඇත. ගැටුම හේතුකොටගෙන ඇතිවූ තවත් නරකම ව්‍යසනයක් වන්නේ ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජින 2022’ උත්සවය පැවැත්වූ නිව්යෝර්ක්හි ‘ස්ටේටන් අයිලන්ඩ්’හි පිහිටි සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයෙහි උත්සව ශාලා 5ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධාන කරන කිසිම උත්සවයක් වෙනුවෙන් ඔවුන් විසින් කිසිදු පහසුකමක් සලසා නොදෙන බවය.

ගැටුමෙන් 50 දෙනකුට වැඩි පිරිසක් තුවාල වී ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇති අතර උත්සවයෙහි ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් සහ මෙම අවස්ථාවට අනුග්‍රහය දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකුද මෙම ගැටුම නිසාවෙන් සිත් තැවුලට පත්ව ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

‘ශ්‍රී ලාංකිකයන් යනු නරක ජාතියක් නෙවෙයි. මෙය යම් ආරවුලක් පමණයි. ඕනෑම රටක ඕනෑම ජාතියක් අතර යම් උත්සව අවස්ථාවකදී මෙහෙම දේවල් සිදුවෙන්නට බැරි නැහැ. ගැටුම විවිධ ආකාරයට වීඩියෝකර සමාජ ජාල මත නරක විදියට මුදාහැරීමටත්, ලංකාවේ මිනිස්සු මෙහෙමය, අරෙහෙමය කියා කියමින් අපේම අය විසින් පහත් ලෙස හංවඩු ගැසීමත් ඉතා වේදනාවෙන් හෙළාදකිනවා…’

සුජානි ප්‍රනාන්දු පසුගිය දවසක සමාජ මාධ්‍යයක ඒ ආකාරයට තම කලකිරීම මුදාහැර තිබුණා.
මිස් ශ්‍රී ලංකා තරගයෙහි ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මෙම ගැටුම ගැන මොනවද කියන්නේ? චන්දිමාල් ජයසිංහ තවම මේ ගැන කිසිවක්ම ප්‍රකාශ කර නැත.

‘ධනුට කියන්න’ විශේෂාංගයෙහි යාවජීව සාමාජිකයකු වන චන්දිමාල්ගෙන් දවසක් ධනු මෙහෙම අසා තිබුණා මතකය.

‘අයියෝ චන්දිමාල් ඔටුන්නක් කරේ තියාගෙන මොකක්ද ඔයා මේ කැරකෙන කරකැවිල්ල?’

ඔහු එහෙම ඇහුවේ පුෂ්පිකා මිස් යුනිවර්ස් තරගයට ගිහින් හත්පොළේ ගාගත් සිදුවීමෙන් අනතුරුවය. එය ධනු ඇසුවේද සිනාසෙමින් මුඛරිකමට මිස තරහකට නම් නොවේය. චන්දිමාල්ද එයට හඬනගා සිනාසුණේය. සත්තකින්ම කියතොත් මිස් ශ්‍රී ලංකා තරගයෙහි ජාතික සංවිධායක ලෙස විශාල වගකීමක් හොබවන චන්දිමාල් ඇතුළු කමිටුව හැමදාමත් වාගේ රූ රැජින තරගයකදී මෙහෙම අඩව් අල්ලන්නේ ඇයි?

වසර කිහිපයක සිට ගැහැනු කෙහෙවලු පටලවා ගත්හ. 2022දී ගැහැනුන් සමග පිරිමින්ද එක්ව එක පොරේට හොඳ අඩව්වක් ඇල්ලුවෝය. ගැටුම නතර වූයේ හතර වරිගයේම රෙදි ගැලවී ගිය පසුවය.
‘ඇයි චන්දිමාල් මෙහෙම වෙන්නේ?’ කියා ඔහුගෙන් අහන්නට තිබුණා නම් හොඳය. මොකද ඔහු මිස් ශ්‍රී ලංකා තරගයෙහි ජාතික සංවිධායකවරයා නිසාය.

2021 ඔටුනු ගැලවීම හෝ 2022 පුෂ්පිකා සහ රෝසිගේ කෙහෙවලු පටලවා ගැනීම සේම ඊයේ පෙරේදා ඇතිවූ මේ කියන හුටපටය චන්දිමාල් ජයසිංහගේ වැරැද්දක්ය කියා කියන්නට බැරි වුණත් සිදුවූ හැම සංගදියකටම මැදිහත්ව එය නිරාකරණය කිරීමේ වගකීමක් ඔහුට වේ. නමුත් ඒ කිසිවක් හමුවේ නිල වශයෙන් දැරිය යුතු වගකීම ඔහු හරිහැටි දරා නැත.

ඒ හින්දාම ඔහු අහපු විදිය ටිකක් වෙනස් කරලා කිසිවකු ඔහුගෙන්, ‘මොකක්ද චන්දිමාල් මේ අලකලංචිවල තේරුම. හැමදාමත් රූප රාජිනියෝ ඔටුනු දැම්මට පස්සේ මොකක් හරි අඩව්වක් අල්ලනවා. ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ…? කියා අහනවා නම් එය පුදුමයක් නොවේය.

සමහර විටෙක ඔහුට වාගේ ඒ ප්‍රශ්නයටද චන්දිමාල් උස් හඬින් සිනාසී නිහඬ වනු ඇත. හැබැයි ඒ හිනාව එතැනට නම් හරියන්නේ නැත. හේතුව, ශ්‍රී ලාංකේය රූ රැජිනන් තෝරන තරග කලාව අද ඒ තරමටම විපර්යාසයක් වී ඇත.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පොහොට්ටුවට අවුරුදු 6යි! මේ පාර සම්මේලන නෑ! උත්සව නෑ! සංදර්ශන නෑ! පක්ෂ කාර්යාලයේ පිරිතක් විතරයි! කැමැති අයට එන්නලු!

Next Post

විජේවීරගේ පුතා උවිඳුත් පොඩි පොඩි රැස්වීම් තියාගෙන ගමින් ගමට යයි! (PHOTOS)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.