• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදත් ඇමැති අදත් ඇමැති එයින් තොරව හෙටක් නොමැති…

November 3, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
එදත් ඇමැති අදත් ඇමැති එයින් තොරව හෙටක් නොමැති…
Share on WhatsAppShare on Facebook

‘ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්‌ටස්‌ අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක්‌ විදියට අපට දිස්‌වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක්‌ බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය, දිළින්දන්ගේ උරුමයක්‌ බවට පත්කරපු බවත්, සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවන් වේ නම් ඒ ආත්ම වර්ණනාව ඔගස්‌ටස්‌ අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොතරම් ශ්‍රේෂ්ඨද?’
(1944 ජුනි 02 – හැන්සාඩ් 946 පිටුව)

ඒ කතාව කළේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ය. මේ රටේ රටේ මතු පරම්පරාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ලබාදීම උදෙසා වූ පනත ඉදිරිපත් කරමින් ඔහු එහෙම කීවේය.

වරු ගණනාවක් තිස්සේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගත් ඔහු රටේ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබාදීමේ ඉඩකඩ විවර කළේය.
ඛේදවාචකය වන්නේ ඉන් පසුව පැවැති මැතිවරණයෙන් ඔහු පරාජයට පත් වීමය. අපේ රටේ ස්වභාවය ඒකය. පීස් එකට වඩා කේස් එකට රැවටෙන මිනිස්සු මේ රටේ සුලබය.

මැතිවරණයෙන් පරාජයට පත්ව නිහඬ හුදකලා ජීවිතයක් ගතකළ කන්නන්ගර පසු කලෙක ‘තමන්ට ජීවත් වීම සඳහා හැකිනම් විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස’ ඉල්ලා සිටියේය.

225ම එපා කියන මට්ටමට වර්තමාන පාර්ලිමේන්තුව පත්ව ඇති තත්ත්වයක් තුළ ඉතිහාසයේ කන්නන්ගර වැනි නායකයන්ද මේ රටේ සිටි බව අමතක නොකළ යුතුය. මේ රටේ දේශපාලනය යනු බරපතළ අවස්ථාවාදයකි. ඒ අවස්ථාවාදය තුළින් රටේ අනාගතයේ සහමුලින්ම අන්ධකාර චිත්‍රයක් බවට පත්කොට ඇත.

ඇමැතිකමක් නියෝජ්‍ය ඇමැතිකමක් වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කිරීමට අපේ රටේ බොහෝ දේශපාලනඥයන් දෙපාරක් හිතන්නේ නැත. අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් හැමදාම ඇමැතිවරුය. අනූහතරේ සිට 2022 දක්වා දිගටම ඇමැති ධුර දැරූ දේශපාලනඥයන් අපේ රටේ සිටී. ඔවුන්ට ඇමැතිකමකින් තොර පැවැත්මක් ඇත්තේ නැත. කෙසේ හෝ මහජන මතයට මුවාවී පාර්ලිමේන්තුවට පැමිණෙන මේ දේශපාලනඥයන් හැමදාම ඇමැතිවරයා යන මස් කට්ට රිසි සේ වලඳමින් සිටී.

‘කවුරු කොහොම බලයට ආවත් අපි හැමදාම ඇමැතිවරු’ යැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මෑතකදී කීවේය. ඔහු අපි ඇයි කිව්වෙ නිමල් සිරිපාල ද සිල්වාත් ඊට ඈඳා ගනිමිනි.

ඡන්දය දී පත්කොට එම ජනතාවගේ මතය සහමුලින්ම උපහාසයට ලක්කරමින් මේ කරන ලද කතාව එක අතකට ඇත්තය. ඔහු කියන නිමල් සිරිපාල ද සිල්වා යනු 94 ඇමැතිවරයෙකි. 2005 ඇමැතිවරයෙකි. 2010 ඇමැතිවරයෙකි. 2015 යහපාලන ආණ්ඩුවෙත් ඇමැතිවරයෙකි. 2020 ඇමැතිවරයෙකි. අලුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙත් ඇමැතිවරයෙකි. හෙට තවත් ආණ්ඩුවක් ආවොත් ඒකෙත් ඇමැතිවරයෙක් වන්නට නිමල් සිරිපාල ද සිල්වාට අමාරු නැත. එහෙම දේශපාලනඥයන් රැසක්ම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටී. මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, චම්පික රණවක, රාජිත සේනාරත්න වැනි බොහෝ දෙනා වැඩි කලක් සිටියේ මන්ත්‍රීවරු ලෙස නොව ඇමැතිවරු ලෙසය. එකකට එකක් වෙනස් වූ ආණ්ඩුවල ඔවුන් ඇමැතිකම් දරා තිබේ. 2015 යහපාලන ආණ්ඩුව පැමිණි විගසම එතෙක් මහින්ද සමග සිටි ඇමැතිවරු බුරුතු පිටින් පැමිණ යහපාලන ආණ්ඩුවේ තනතුරු ලබාගත්හ. ටික කලක් යන විට යහපාලන ආණ්ඩුව ජනතාවගෙන් ඈත්වන විට ඔවුන් ආපහු මහින්ද ළඟට ගොස් 2020 නිර්මාණ කළ ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගත්හ. මේ මහා පාවාදීම ඔවුන් විසින්ම සාධාරණීකරණය කිරීමම බරපතළ විහිළුවකි ඛේදවාචකයකි.

ලංකාව වැනි රටක මැති ඇමැති තනතුරු දැරීම එක අතකට ඉල්ලමක් පෑදීමක් වැනි වැඩකි. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් යන මේ සියලු දෙනාට දීමනා සහ වරප්‍රසාද රැසක් හිමි වේ.

2020 වන විට මන්ත්‍රීවරයකුගේ වැටුප රු. 54,285කි. නියෝජ්‍ය ඇමැතිවරයකුගේ මසක වැටුප රු. 63,500කි. රාජ්‍ය ඇමැති හා කැබිනට් ඇමැතිවරයකුගේ වැටුප රු. 65,000කි. කතානායකගේ වැටුප රු. 68,500ක් වන අතර අග්‍රාමාත්‍යවරයාගේ වැටුප රු. 71,500ක් ලෙස සඳහන් වී ඇත. මීට අමතරව කාර්යාල දීමනාව හා ප්‍රවාහන දීමනාව වශයෙන් මසකට රු. ලක්ෂය බැගින් හිමි වේ.

පෞද්ගලික දුරකතන දීමනාව වශයෙන් මසකට රු. 50,000ක් වෙන්කර ඇති අතර, කාර්යාලයීය දුරකතන දීමනාව (ස්ථාවර හා ජංගම) වශයෙන් මසකට රු. 50,000ක් වෙන් කර ඇත. නිදහස් තැපැල් දීමනාව වශයෙන් වසරකට ලබාදෙන මුදල රු. 350,000කි. රියදුරු හා සංග්‍රහ දීමනාව රු. 45,000කි. පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම වෙනුවෙන් දිනකට රු. 2,500ක් හිමිවේ. රැස්වීම් නොපැවැත්වෙන දිනවලට පැවැත්වෙන කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දිනකට රු. 2,500ක් හිමිවේ. මන්ත්‍රීවරයාට අමතරව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාටද දීමනා වෙන් කර තිබේ. ඒ අනුව සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට්‍රල් ලීටර් 218ක් වෙනුවෙන් රු. 17,440ක් හිමි වේ. අමාත්‍ය කාර්ය මණ්ඩලයට හිමි වන වාහන 5කි. නියෝජ්‍ය ඇමැති කාර්ය මණ්ඩලයට හිමිවන වාහන සංඛ්‍යාව 3කි. මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරුවල වැටුප රු. 30,000කි. ඉන්ධන දීමනාව සහ දුරකතන දීමනාවද එම තනතුරුවලට ගෙවනු ඇත.

සැප වාහන මිලදී ගැනීම සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර හිමි වේ. මන්ත්‍රීවරයකු හදිසියේ හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය විට රජයෙන් ගෙවන වන්දි මුදල රු. ලක්ෂ 50කි.

මන්ත්‍රී රක්ෂණ ආවරණය රු. ලක්ෂ 20කි. සුඛෝපභෝගි නිල නිවාසද ඔවුන්ට අයත් තවත් වරප්‍රසාදයකි. පාර්ලි‍මේන්තුුුවේ දහවල් සුපිරි ආහාරය සඳහා අයකර ගැනෙන්නේ රු. 150කි.

දරුවන් අගනුවර ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතු÷ළත් කිරීමේ වරප්‍රසාදයද ඔවුන්ට හිමි වේ. V.I.P. විදේශ සංචාර, ගුවන් ටිකට්පත්, ඉහළ පෙළේ හෝටල්වල ඉඳුම් හිටුම් සහ සංචාර සඳහා ද දීමනා හිමි වේ. අව÷සා÷නයේ වසර 5ක් පාර්ලිමේන්තුවේ සිට ගෙදර යන විට විශ්‍රාම වැටුපක් ද හිමිය.

2016 අප්‍රේල් මාසේ 19 වැනිදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව ඇමැතිවරුන්ට ලබාදී ඇති ප්‍රතිපාදන එලෙසින්ම රාජ්‍ය අමාත්‍යවරුන් සඳහාද වලංගු කර තිබේ. රාජ්‍ය අමාත්‍යවරුන්ට නිල වශයෙන් වාහන 03ක් ලැබෙන අතර බස්නාහිර පළාත තුළ නම් පෙට්‍රල් වාහන එකක් සඳහා ලීටර් 600ක් සහ බස්නාහිර පළාතෙන් පිට ලීටර් 750ක් මසකට ලැබේ. ඩීසල් වාහනයක් නම් බස්නාහිර පළාත තුළ ලීටර් 500ක් සහ ඉන් පිට ලීටර් 600ක් ලැබේ. මෙවැනි වාහන 03ක් සඳහා පෙට්‍රල් ලීටර් 2250ක් ලැබේ.රාජ්‍ය ඇමැතිවරුන්ට පෙට්‍රල් ලීටරයක් රු. 450 බැගින් රුපියල් 1,0125,00ක් මාසයකට තෙල් සඳහා ලැබෙන අතර ඩීසල් වාහනයක් නම් ලීටර් 1800ක් ලැබේ.

ඒ වගේම ඇමැතිවරයකුට දුරකතන කාර්යාලයට දෙකක්, නිවාසයට දෙකක් සහ ජංගම දුරකතනයක් ලැබෙනවා පමණක් නොව, කාර්යාලයේ දුරකතන දෙක වෙනුවෙන් රු. 20,000ක් රාජකාරී නිවාස දුරකතනය වෙනුවෙන් රු. 10,000ක් සහ ජංගම දුරකතතනයට රු. 10,000ක් වශයෙන් රු. 40,000ක් ලබාදේ. මේ මුදල් ලබාදෙන්නේ මාසික ස්ථාවර ගාස්තුවලට සහ බදු මුදලට අමතරවය. ඉන්ධන සඳහාත් මිල ඉහළ යන විට මාසික දීමනාවක් ලෙස ගණනය කරයි. ඊට අමතරව නිවාස සහ අනෙකුත් සියලු පහසුකම් මහජන මුදලින් ලබා දේ. ගෙයක් ලබාගන්න බැරිවෙන ඇමැතිවරුන්ට පැරණි චක්‍රලේඛ අනුව රු. ලක්‍ෂයක දීමනාවක් ලබා දේ.

ඇමැති කාර්යමණ්ඩලයට පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනෙක්, මාධ්‍ය ලේකම්වරයෙක්, මහජන සම්බන්ධතා නිලධාරිවරයෙක්, පෞද්ගලික සහකාර මහජන සම්බන්ධතා නිලධාරීන් පහක්, කාර්යාල සහායක දෙදෙනෙක්, රියැදුරු දෙදෙනෙක් ආදී වශයෙන් 15ක් ලැබේ. ඔවුන්ගෙන් පස්දෙනකුට මහජන මුදලින් බිල් ගෙවන දුරකතන ලැබෙනවා. රු. 5,000 සිට 6,000 දක්වා බිල් ඔවුන් වෙනුවෙන් ගෙවයි. ආරක්ෂාව වෙනුවෙන් ඇමැතිවරයකු හට පොලිස් නිලධාරීන් 08ක් ලබා දෙයි. මන්ත්‍රීවරුන්ට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ලබාදෙයි. ඉන්ධන සමග පසු ගමන් ආරක්‍ෂක රථයක් ඇමැතිවරයකුට ලබා දෙයි.

තවත් මෙවැනි අප්‍රමාණ වරප්‍රසාද රැසක් ඇමතිවරයකුට හිමිවන අතර මේ නිධානයේ පතුලේ තිබෙන ධනස්කන්ධය පිළිබඳ දන්නා බොහෝ දෙනා ඇමැති ධුර ලබාගැනීමේදී ආණ්ඩුව කුමක්ද යන්න ගැන සලකන්නේ නැත.

අපේ රටේ ප්‍රතිපත්ති දේශපාලනය කියා දෙයක් ඇත්තේ නැත. එකම ප්‍රතිපත්තිය ගොඩ යන්නේ කෙසේද යන්න පමණි.

එය ප්‍රතිපත්තිය කරගත් බොහෝ දේශපාලනඥයන් එදා මෙදාතුර හැමදාම ඇමැතිවරුය.

ටි්‍රක්සි ජයවර්ධන

SendShareShare
Previous Post

අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය ආණ්ඩුව පරදී!

Next Post

ඡන්දයක් ඉල්ලා ජනතාව සමග පාරට බැස්ස ඉම්රාන් ඛාන්ට වෙඩි තියයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.