සුවහසක් ප්‍රේමණීය හදවත් වසඟයට පත්කරමින් සදා නොමියෙන ගී නිර්මාණ රැසක් ශ්‍රාවක සවනට තිළිණ කළ, පෙම් ගී ලොව කෝකිලයා වූ මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවන ගමන් මග විදහා දක්වමින් තැනෙන ‘එදා රෑ’ සංගීතමය සිනමා නිර්මාණයේ සමාරම්භක මුහුරත් උත්සවය පසුගියදා ඔහුගේ සමකාලීන හා ප්‍රවීණ කලාකරුවන් මෙන්ම ආරාධිතයන් රැසක් මධ්‍යයේදී පැවැත්විණි.Sri Lanka Latest News
දැවැන්ත සිනමා නිර්මාණයක් වන මෙයට ප්‍රධාන නළු නිළියන් 50 දෙනකුට අධික පිරිසක් සහ අමතර රංගන ශිල්පීන් 1,200ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.
‘එදා රෑ’ සිනමා නිර්මාණයේ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ 850කට අධික ගී අතරින් ආදරණීයම ගීත 26ක් මෙම නිර්මාණය සඳහා ඇතුළත් කර ඇත.
ධම්මික සල්වතුර ලියූ කතාවට අනුව, සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ප්‍රියනාත් විදානපතිරණ එක්ව ලියූ තිර පිටපත ඇසුරෙන් නිර්මාණය වන ‘එදා රෑ’ ප්‍රවීණ නිර්මාණවේදී අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණ කර ඇත.
රොෂාන් රවින්ද්‍ර ,ශේෂාද්‍රි ප්‍රියසාද්, දුලංජන දිල්ෂාන්, නෙත්මි රොෂෙල්, විශ්ව කොඩිකාර, උදිත් අබේරත්න, අමිත්ත වීරසිංහ, දිනෙත් ද සිල්වා, දිලීප අබේසේකර, ඉශාන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, දිනිති වල්ගම, චින්තක කුලතුංග, අනුරුද්ධිකා පාදුක්කගේ, ෆර්ණි රෝෂනී, සප්නා පාදුක්ක, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, නිහාරි පෙරේරා, පියුමාලි එදිරිසිංහ, සෙනාලි පොන්සේකා, ප්‍රසන්න දැකුම්පිටිය, සුරන් දිසානායක, ජනිත් වික්‍රමගේ, හිමාලි සිරිවර්ධන, කලණ ගුණසේකර, ජෙහාන් අප්පුහාමි ඇතුළු ජනප්‍රිය නළු නිළියන් විශාල පිරිසක් රංගනයෙන් දායකත්වය දක්වා ඇත.
ගීත ගායනයෙන් රනිල් මල්ලවාරච්චි, පවන් මල්ලවාරච්චි, සමිතා මුදුන්කොටුව සමගින් උරේෂා රවිහාරි ‘එදා රෑ’ සඳහා දායක වී තිබේ.










