දූෂණ චෝදනා කිහිපයක් මුල්කරගෙන ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රබල දේශපාලන පවුලක කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සකස් කොට අවසන් බව අනාවරණ වේ.Sri Lanka Latest News
පසුගිය ආණ්ඩු කිහිපයකදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනු කිහිපයක් මුල්කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
මෙම ප්‍රබල කාන්තාවට එරෙහිව පසුගිය කාලයේදී චෝදනා කිහිපයක්ම එල්ලවී තිබූ අතර, වත්මන් ආණ්ඩුව ඉකුත් මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දුවක් දී තිබුණේ තමන් බලයට පත් වූ වහාම මෙම කාන්තාවට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගන්නා බවකි.










