• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනිත් ඉස්පිරිතාලවලත් මෙහෙම වෙනවා නම් හෙළි කරන්න…

March 14, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
අනිත් ඉස්පිරිතාලවලත් මෙහෙම වෙනවා නම් හෙළි කරන්න…
Share on WhatsAppShare on Facebook

මිනිසුන්ගේ අසනීපවලින් හූරාකන බිස්නස්කාරයෝ… ආසිරි රෝහලේ බෙහෙත්වලින් මිනිසුන්ට ගහන හැටි…

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් රෝගී කාන්තාවකට වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිදුවීමක් පිළිබඳ පසුගියදා පුවත්පත් වාර්තා කර තිබුණා. එම රෝහලේ නම කිසිදු පුවත්පතක සඳහන් නොවුණද, එය ආසිරි මෙඩිකල් හොස්පිට්ල් බවයි මෙම සිදුවීම සම්බන්ධයෙන් Sudaa Creation යූටියුබ් නාලිකාව සිදුකළ සාකච්ඡාවකදී හෙළිදරව් කර තිබුණේ. රුපියල් 12,000ක් වටිනාකමින් යුත් ඖෂධය රුපියල් 33,000ක් වැනි අධික මුදලට අලෙවි කළ බව කියන මෙම ගසාකෑමේ සිද්ධියට මුහුණ දී තිබුණේ සනත් අතුකෝරල නමැති පුද්ගලයකු වන අතර, ඔහුගේ මවගේ හෘදයාබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අදාළ රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස වැඩි මිලට ඖෂධ අලෙවි කිරීම සිදුකළ බවද අතුකෝරල මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කර සිටියා. යූටියුබ් මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි මහතා මෙහෙයවූ එම සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

මේක රටේ හොඳ මාතෘකාවක්. හැබැයි ඒ සිදුවීම සිදුවෙන්නේ කොහෙද කියන එක හංගලා තියෙන්නේ. පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය කියවන අයි.ටී.එන්. එකෙත් කියන්නේ නාරාහේන්පිට ප්‍රදේශයේ ඇති පෞද්ගලික රෝහලක්, දෙරණෙත් කියන්නේ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් කියලා. හැබැයි අපි දන්නවා රෝහල මොකක්ද කියලා. ආසිරි හොස්පිට්ල් එක. මේ සිදුවීමට මුහුණ පාලා තියෙන්නේ සනත් අතුකෝරල මහත්තයා, ඔහුගේ අම්මා රෝහල්ගතව සිටිනකොට. ඔබ සතුව ඊට අදාළ සියලු සාක්ෂිත් තියෙනවා, ආසිරි මෙඩිකල් හොස්පිට්ල් කියලා ඒවායේ සඳහන් වෙනවා. ඒක කියලම අපි මේ කතාව ආරම්භ කරමු.

2023 පෙබරවාරි 07 වැනිදා දවල් 2.15ට විතර මගේ අම්මා අසනීප වෙලා ඒ රෝහලේ ගිලන් රථයකින්ම තමයි අම්මාව ඔවුන්ගේ රෝහලට අරගෙන ගිහින් ඇතුළත් කළේ. ඇතුළත් කරලා යන අතරතුරේදී මෑණියන්ට කරපු ප්‍රතිකාරයේ ප්‍රශ්නයක් වෙච්ච හින්දා ඉහළ කළමනාකාරීත්වයට පවා යන්න මට සිදුවුණා.

මොකක්ද ඒ ප්‍රතිකාරයේ සිදුවූ ප්‍රශ්නය?

අම්මාට ඔවුන් ලබාදීපු එන්නතකින් පසුව මුත්‍රා පිටවීම සඳහා බටයක් දැමිය යුතුයි. නමුත් ඔවුන් ඒක නොදා තිබීම නිසා ලීටර් 02යි මිලිලීටර් 450ක්, අවුරුදු 81ක මගේ මෑණියන්ට දරාගෙන ඉන්න බැරි වුණා. ඊට පස්සේ අයි.සී.යූ. එකට දැම්මා.

ඔබ මේ සම්බන්ධයෙන් පිටු තුන හතරක සවිස්තර වාර්තාවක් ලියලා, ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිට පැමිණිලි කරලා තියෙනවා. ‘පෞද්ගලික රෝහලක් අසරණ රෝගීන් හට සිදුකළ වංචාව සම්බන්ධයෙන්’ කියලා. අම්මා රෝහල්ගත කරපු දවසේ සිට සියලු විස්තර සහිතව ඔබ එය ඉදිරිපත් කරලා තියෙනවා. මොකක්ද මේ අධික මිලකට බෙහෙත් අලෙවි කළා කියන සිදුවීම?

අම්මට ලබාදීම සඳහා කලවම් කළාට පස්සේ මම ඒ හිස් බෝතලය ඉල්ලුවා. එතැන හිටපු හෙද නිලධාරිනියක් කිව්වා ඒ බෝතලේ මට ලබාදෙන්න බෑ කියලා. ඊට පස්සේ එතැන හිටපු තවත් නිලධාරිනියකට මම කතා කරලා කිව්වා මට ඒකේ කල් ඉකුත් වීමේ දිනය බලන්න ඕනෙ කියලා. ඒ අනුව ඇය මට ඒක ලබාදුන්නා. පහළ මාලයේ තියෙන ඒ අයගෙම ෆාමසියට මම ගිහින් ඒ බෙහෙත තියෙනවද ඇහුවා. ඒකෙ ඒ බෙහෙත තියෙනවා රුපියල් හයදාස් ගානට. හැබැයි පහුවදා ආසිරි ෆාමසියේ තිබුණු ඒ බෙහෙත් රීකෝල් කරලා තිබුණා.

ඔබ ඒ බෙහෙත ගැන හොයා බලපු හින්දා ඒ අයට සැකයක් ඇතිවෙලාද එහෙම කරලා තියෙන්නේ?

වෙන්න පුළුවන්. මොකද මම ඒ බෙහෙතේ මිල ගැන හොයයි කියන එක නිසා වෙන්න පුළුවන් එහෙම කළේ.

ඔබ ඒ බෙහෙත් බෝතලයක් ඒ අයගේ ආසිරි සර්ජිකල් හොස්පිට්ල් එකේ ෆාමසියෙන් මිලදී ගෙන තිබෙනවා. බෙහෙතේ නම Meronash 1000mg. ඊට අදාළ රිසිට්පතත් ඔබ සතුව තිබෙනවා. ඒකේ මිල කීයක් කියලද සඳහන් වෙන්නේ?

රුපියල් 6,796යි ශත 50යි.

ඔබේ බිලේ දාලා තියෙන්නේ කීයක් කියලද?

රුපියල් 17,730ක් කියලා. මම මේ ප්‍රශ්නේ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරිවරයාටත් පැමිණිලි කළා. එයා මට කිව්වා වෙච්ච වැරැද්දට අපි ඔයාට ඩිස්කවුන්ට් එකක් දෙන්නම්, ලෙඩාව ඩිස්චාර්ජ් කරගෙන යද්දී රූම් නම්බර් එක එවන්න කියලා. මම ඩිස්කවුන්ට් බලාපොරොත්තුවෙන් නෙවෙයි අම්මව රෝහල්ගත කළේ. මොකද අම්මගේ ජීවිතේට හානියක් වුණොත් මට ඩිස්කවුන්ට් එක විතරයි ඉතුරු වෙන්නේ.

මම අම්මා හිටපු රෝහල් කාමරේ ඉන්න අතරේ මාව මුණගැහෙන්න ආවා වෛද්‍ය හසන්ති ඉද්දමල්ගොඩ මහත්මිය. එයා මෙඩිකල් ඩිරෙක්ටර්. මගෙන් ඇය ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මම ඇහුවා ඔබතුමියගේ කාර්යාලය කොතැනද තියෙන්නේ කියලා. එතුමිය කිව්වා පස්වැනි මහලේ තියෙන්නේ කියලා. පස්සේ මම ඒ කාර්යාලයට ගියා. ගිහින් මම මගේ ප්‍රශ්නය කිව්වා. එතකොට ඇය කිව්වා හොඳ සුදුසුකම් ලත් අය ඉන්නේ කියලා. මම කිව්වා මට මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙච්ච නිසයි මම පැමිණිලි කළේ කියලා. ඒ වෙලාවෙත් මම බෙහෙත් සම්බන්ධයෙන් කතා කළේ නෑ. එතුමිය මට කිව්වා අයි.සී.යූ. එකේ තියෙන චාජර්ස් අයින් කරන්නම් කියලා. මම කිව්වා මට එහෙම එපා, අම්මට හරියට ප්‍රතිකාර කරලා සුවපත් කරලා දෙන්න කියලා මම එතැනින් පිටවෙලා ආවා.

ඔබ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යවපු පැමිණිල්ලේ මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා.

‘මම බිල් අංශයේ කළමනාකරු තිසරු යන අයට කතා කරලා බෙහෙත්වලට මිලට වඩා වැඩි මිලක් දමා ඇති බව කිව්වාම එයා මට කිව්වා බෙහෙත් බිලට වැඩිය දමලා තියෙන්නේ වතුර බිල්, ලයිට් බිල් සහ සේවක පඩිනඩි කියලා. අමාරුවෙන් කරගෙන යන නිසා ඉහළ කළමනාකාරීත්වයෙන් බිල වැඩියෙන් දමනවා කිව්වා. එම පටිගතකිරීම් ඇතුළත් මාගේ ජංගම දුරකතනයෙන් ලබාගත් සී.ඩී. තැටියක්ද ඉදිරිපත් කර ඇත.’

සාමාන්‍යයෙන් ඖෂධ නියාමන අධිකාරයෙන් හරි ඊට අදාළ වෙනත් ආයතනයකින් හරි ඖෂධයකට මිලක් නියම කරනවනේ. හැබැයි රෝහල්වල ඒ අයට හිතූ හිතූ මිල අය කරනවා. පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණාම රෝහල් ගාස්තු වෙනම අය කරනවා, නර්සිං ගාස්තු වෙනම අය කරනවා, වෛද්‍යවරයා වෙනුවෙන් දවසට ගානක් අය කරනවා, ඇඳ ඇතිරිවලට වෙනම ගානක් අය කරනවා. ඒවා ඔක්කොම තියෙද්දී 12,000ක බෙහෙත 33,000කට අලෙවි කරන්නේ ඇයි කියන එකයි අපේ ප්‍රශ්නෙ. මේක මහ ගසාකෑමක්නේ.

ඔබ මේ ගැන කියන්න මාධ්‍ය ආයතනවලටත් ගියානේ? එතකොට මාධ්‍යයෙන් මොකක්ද කිව්වේ?

මාධ්‍යයෙන් කිව්වා ආයතනයේ නමක් සඳහන් කරන්න බෑ කියලා. ඒකට හේතුව විදියට ඔවුන් කිව්වේ ඒ සඳහා ඔවුන්ගේ කළමනාකාරීත්වයෙන් අනුමැතිය දෙන්නේ නැති නිසා කිව්වා.

ඇයි ඒ? වෙළෙඳ දැන්වීම් නොලැබෙයි කියලද?

එහෙම වෙන්න ඇති. ව්‍යංගයෙන් ඒක තමයි තේරුණේ.

මේ පෞද්ගලික රෝහල පැහැදිලිවම අසාධාරණයක් කරලා තියෙනවා රෝගියාට. මොකක්ද ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ?

රජය මැදිහත් වෙලා හරි නියාමනයක් කරලා අනෙකුත් රෝගීන්ටත් මෙවැනි අසාධාරණ සිදු නොවෙන්න කටයුතු කළ යුතුයි. පෞද්ගලික රෝහල් නියාමන අංශයට අපි පැමිණිල්ලක් භාරදුන්නා. එතුමන්ලා ඊට අදාළ කටයුතු කරගෙන යනවා.

අපි 10 දෙනකුට කතා කළොත් 9 දෙනකුටම මෙවැනි අසාධාරණයන් වෙලා තියෙනවා. නමුත් ගොඩක් අය නීතිමය පැත්තට යන්නේ නෑ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන්, සුදත්ත තිලක්සිරි සිදුකළ විමසීම පහත දැක්වේ.

ෆාමසියේ රුපියල් 12,000ට තියෙන බෙහෙත, රෝහලේ නැවතිලා ඉන්නකොට ඊට වඩා වැඩි මුදලකට අලෙවි කරන්න පුළුවන්ද?

කිසිසේත්ම බැහැ. නමුත් රෝහල් ගාස්තු කියලා වක්‍ර විදියට විවිධ දේවල් ඇතුළත් කරන්න පුළුවන්. නමුත් ඖෂධයේ මිල සම්බන්ධයෙන් එහෙම කරන්න බෑ. අනිවාර්යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේකේ වගකීමක් තියෙනවා මෙවැනි දෙයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ආවොත් සොයා බලන්න.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

දුම්රිය ඉංජිනේරුවන් අද රෑ ඉඳන් වැඩවර්ජනයට එක්වෙද්දී දෙපාර්තමේන්තුව දුම්රිය සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි!

Next Post

කොම්පියුටර් ගේම්වලට ඇබ්බැහි වූ 11 වසර සිසුවෙක් ගේම් එකක තිබූ චැලෙන්ජ් එකක් බාර අරන් ඉස්කෝලේ තට්ටු තුනක බිල්ඩිමකින් පහළට පැනලා! සිසුවාගේ තත්ත්වය බරපතළයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.