• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුරංගනා වේශයෙන් එන පාපතරයන්ගෙන් දරුවන් බේර ගනිල්ලා… කළුතර දැරියගේ අපරාධයෙන් පාඩමක් ඉගෙන ගනිල්ලා…

May 15, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
සුරංගනා වේශයෙන් එන පාපතරයන්ගෙන් දරුවන් බේර ගනිල්ලා… කළුතර දැරියගේ අපරාධයෙන් පාඩමක් ඉගෙන ගනිල්ලා…
Share on WhatsAppShare on Facebook

කෙල්ලව රූම් එක්කන් ගිය එකාලු….. කසාද දෙකක් බැඳලලු…. කෙල්ලගේ ඇඟ පුරාම දත් පාරවල්ලු…
කෙල්ලත් එක්ක ගිය අනිත් කෙල්ල එකම පාසලේලු… අනිත් කෙල්ල කොල්ලා එක්ක නිතර හෝටල් ගානේ යනවාලු… සැකකාරයා මුළු ඇඟේම පච්ච කොටාගෙන ඉන්න තඩි බේබද්දෙක්ලු…. අම්මාට මීට වැඩිය තමන්ගෙ දරුවා ගැන හොයන්න තිබ්බා….

කැප් එකක් දාගෙන මුළු ඇඟ පුරාම පච්ච කොටාගෙන පච්ච පේන්න බාගෙට ඇඳුම් ඇඳගෙන දම්වැල් වගේ මාල කරේ දාගත්තම සමහරු හිතන්නේ තමන් ‘පොරක්’ කියලා. සමහර තරුණියොත් එවැනි පිරිමින්ට හරි කැමැතියි. එවැනි වංචනිකයන්ට අහුවෙන්න බලාගෙන එන්න හැමෝටම මේ සිදුවීම හොඳ පාඩමක්. ඒත් තව සතියක් ගතවෙද්දී මේ වගේ සිදුවීමක් වුණාද කියලාවත් අපේ රටේ මිනිස්සුන්ට අමතක වේවි.

තමන්ගේ දරුවා වරදක් නොකරයි කියලා ඒ අම්මා විශ්වාස කළා. මෙහෙම දෙයක් වෙනවා කියලා අම්මා දන්නවා නම් කවදාවත් ගෙදරින් එළියට යන්න දෙන එකක් නැහැ. මවුපියන් දරුවන්ගේ හිත් රිද්දන්න කැමැති නැහැ. හැමතිස්සෙම බලන්නේ දරුවන්ගේ සතුට වෙනුවෙන් යමක් කරන්න.

බොහෝ දෙනෙක් උතුම් වෙසක් පොහෝ දවසේ ආමිස පූජාවන් වගේම ප්‍රතිපත්ති පූජාවලද නිරත වෙනවා. පංච ශීලය ආරක්ෂා කරනවා. ඒත් එදා කළුතර නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේ විපත අද වෙද්දී මුළු රටේම ප්‍රධාන පුවත බවට පත්ව තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි ටිහාරා නිර්මාණි නිශ්ශංක සිල්වා සිසුවිය පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගොස් සිටියදී සොයාගැනුණා. එම තරුණිය ගොඩනැගිල්ලෙන් බිමට පැන්නාද, එසේත් නැතිනම් ඇය සමග සිටි පුද්ගලයා ඇයව තල්ලු කළාද යන්න පිළිබඳ මේ වන විට මතුව ඇත්තේ දැඩි සැකයකි.

මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් ටිහාරාව එදින නිවෙසින් පිටතට රැගෙන ගොස් තිබුණේ ඇගේ පාසලේ මිතුරියක විසිනි. පසුගිය 06 වැනිදා පස්වරුවෙ දන්සල් වඳින්නට යන බවට මවට බොරුවක් පවසා ඇයව මෙලෙස නිවෙසින් පිටතට රැගෙන යෑමටයි අදාළ මිතුරිය කටයුතු කර තිබුණේ. ඒ අනුව ඔවුන් කළුතර නාගොඩ ප්‍රදේශයේ සිරිකුරුස හන්දියේ පිහිටි හෝටලයකට ගොස් තිබුණා. ටිහාරා සමග ඇගේ පෙම්වතා බව කියන 29 හැවිරිදි පුද්ගලයාද සිට ඇති අතර, මියගිය සිසුවියගේ පාසලේ මිතුරිය සහ ඇගේ පෙම්වතාද මෙලෙස අදාළ හෝටලයට ගොස් තිබුණා.
මියගිය ටිහාරාගේ පෙම්වතා වුණේ 29 හැවිරිදි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැත්තෙක් වන අතර, ඔහු විවාහ දෙකක් සිදුකරගත් දෙදරු පියකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මියගිය සිසුවියගේ මිතුරිය වුණේ කළුතර නාගොඩ පදිංචි පබාරා මාවින්දි වන අතර, ඇගේ පෙම්වතා වූයේ කළුතර පදිංචි ඉහාන් තිනුර ද සිල්වා යන අයයි. කෙසේ වෙතත් මියගිය ටිහාරාගේ මිතුරිය වූ පබාරාට විනය විරෝධී කටයුත්තක් හේතුවෙන් සිය විදුහලෙන් පන්ති තහනමක් පනවා තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. එසේ වුවද මියගිය 16 හැවිරිදි සිසුවිය හොඳ විනයක් සහිතව කටයුතු කළ අයකු බවද එම පාසලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

මියගිය ටිහාරා සහ පබාරා අතර කලක පටන් හිතවත්කමක් පැවැත ඇති අතර, පබාරා සහ ඇගේ පෙම්වතාගේ සැලසුමක් මත ඔවුන් මෙලෙස අදාළ හෝටලය වෙත ගොස් ඇති බවද සඳහන්ය. හෝටලයට පිවිසීම සඳහා ටිහාරාට වයස අවුරුදු 18 සම්පූර්ණ නොවී තිබීම හේතුවෙන් වෙනත් මිතුරියකගේ හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඔවුන් හෝටල් කාමරය වෙන් කරගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිව ඇත. ටිහාරාගේ පෙම්වතා බව කියන 29 හැවිරිදි පුද්ගලයා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් පැමිණ ඔවුන් සිවු දෙනාම හෝටලය වෙත රැගෙන යෑමටයි කටයුතු කර ඇත්තේ.

මේ සිවුදෙනා පසුගිය 06 වැනිදා රාත්‍රී 7ට පමණ හෝටලයට පැමිණ කුලියට ගත් කාමර දෙකෙන් එකක හතරදෙනාම මත්පැන් පානය කරමින් සිටිනු දුටු බවත්, පසුව මේ යුවළ දෙක තම කාමරවලට වෙන්ව ගිය බවත් හෝටල් සේවකයෙක් පවසා තිබුණා. විනාඩි 20කට පමණ පසුව පබාරා ඇගේ පෙම්වතා සමග හෝටලයෙන් පිටව ගොස් ඇති අතර, ඒ අවස්ථාවේ ධනුෂ්ක ගයාන් සහ ටිහාරා සිය කාමරයේ විනෝද වෙමින් ගතකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් ටිහාරා මියගොස් ඇති බව දැනගත් ධනුෂ්ක, කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටව යන අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණා. ඔහු තමන් සමග හෝටලයට පැමිණි පබාරාගේ පෙම්වතාට දුරකතන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ ටිහාරා උඩු මහලෙන් බිමට ඇදවැටුණු බවයි.

‘අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා. ඕක හංගපන්’ යනුවෙන් ඔහු පබාරාගේ පෙම්වතාට පවසා ඇති බවද සඳහන්ය. ධනුෂ්කගේ දැනුම් දීමට අනුව එම යුවළ ටිහාරාගේ සිරුර වැටී තිබූ ස්ථානයට පැමිණ සිරුර දුම්රිය මාර්ගයෙන් පසෙකට ඇද දමා කළුතර දෙසට පිටව ගොස් තිබෙනවා.

සුපිරි වෙළෙඳසලකට ගොස් යළි පැමිණෙන බව හෝටලයට පවසා ධනුෂ්කද පිටව ගොස් ඇත්තේ කුලියට ලබාගත් මෝටර් රථයෙනි. ඔහු ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය අසල වාහනය අත්හැර දමාගොස් තිබුණා. පසුව මිතුරකුට ඇමතුමක් ලබාදී වාහනය රැගෙන යන ලෙස දන්වා ඇතැයිද සඳහන්ය.

ටිහාරා සිසුවියගේ මරණය සිදුවී පැය කිහිපයක් ගතවත්ම ඇය සමග හෝටලයට පැමිණි අනෙක් පෙම්වතුන් යුවළ කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ටිහාරාගේ පෙම්වතා වූ ධනුෂ්ක දින තුනක දීර්ඝ විමර්ශනයකින් පසුව අත්අඩංගුවට ගැනුණේ හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදීය. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් ලැබුණු උපදෙස් මත උපක්‍රම කිහිපයක් මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. සමාජ මාධ්‍යයේ ඔහුගේ පින්තූරයක් පළකිරීම හරහා ලැබුණු ඔත්තුවක් මත ඔහු අත්අඩංගුවට ගැනුණු බවද වාර්තා විය. සැකකාර ධනුෂ්ක නමැත්තා කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු බවද කියැවේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කළුතර පොලිස් ස්ථානයට රැගෙන ආ අතර, සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිව තිබුණේ ඔහු බෝට්ටුවකින් රටින් පැන යෑමට සැලසුම් කර තිබූ බවයි. සැකකරු ප්‍රකට ලීසිං සමාගමක වාහන අත්පත්කර ගැනීමේ සීසර්වරයකු බවද හෙළිව තිබෙනවා. ඔහු දෙවැනි වර විවාහ කරගත් කාන්තාව සමග කළුතර පලාතොට ඉසුරු උයන ප්‍රදේශයේ හමුදා නිලධාරියකුට අයත් නිවෙසක පදිංචිව සිට ඇති බවත් සඳහන්ය.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු මෙම සිදුවීම පිළිබඳ පාපොච්චාරණය කර තිබුණා.

තමන් ටිහාරා සමග සිටින අවස්ථාවේ ඇයට දුරකතන ඇමතුම් කිහිපයක් ලැබුණු බවත්, ඒ එක් අමතුමකදී ඇය ‘තෝ මාව නැති කළා. තෝ මාව ඉවරකළා’ යනුවෙන් පැවැසූ බවද සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණා. එසේම, කිසියම් කෙනකු ඇයව බ්ලැක් මේල් කරන්නට ඇතැයි තමන් සැකකරන බවත්, ‘අද නම් ගෙදර ගිහින් ඉවරයි’ යනුවෙන් ටිහාරා පැවසූ බවත්, ඒ සමගම ඇය දිවගොස් ජනේලය අසල පුටුවකට නැග ජනේලයෙන් පිටතට පැන්න බවත් සැකකරු පාපොච්චාරණය කර තිබුණා. මත්පැන් පානය නිසා වෙරිමතින් සිටි ඇය නොසන්සුන්ව හැසිරෙමින් එලෙස බිමට පැන්න බවත්, ඇයව බේරාගැනීමට තරම් කාලයක් තමන්ට නොතිබූ බවත් සැකකරු පවසා තිබුණා.

කෙසේ වෙතත් සැකකරුගේ මෙම ප්‍රකාශය පිළිබඳ මතුවන සැකය හේතුවෙන් තවත් අංශ කිහිපයක් ඔස්සේ ඉදිරි විමර්ශන පවත්වන බව පොලිසිය සඳන් කළා.
වැඩිදුර පරීක්ෂණ සඳහා මියගිය ටිහාරාගේ ජංග දුරකතනය සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ටිහාරා මියගිය පසු ඇගේ මිතුරිය සහ පෙම්වතා රේල් පාර අසලට පැමිණි අවස්ථාවේ ඔවුන් මියගිය සිසුවියගේ දුරකතනය රැගෙන ගොස් දුම්රිය මාර්ගයට එපිටින් වූ කළපුවට වීසිකළ බව පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණා.

ටිහාරා නිර්මාණි නිශ්ශංක සිල්වා සිසුවියගේ අවසන් කටයුතු පසුගිය 09 වැනිදා පස්වරුවේ කළුතර ඇටවිල සුසාන භූමියේදී සිදුකෙරුණා. ඇගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මේ ආණ්ඩුව අපේ! අපි ජනාධිපති කෙනෙක් පත්කරලා තියෙනවා! අපි කියලා තියෙන්නේ පුලුවන් තරම් සජබෙන් ආණ්ඩුවට අරන් වැඩ කරන් යන්න කියලා! මෙන්න ජොනී කියන කතාව! VIDEO

Next Post

කළුතර සිසුවියගේ නඩුවේදී උසාවිය උණුසුම් වෙයි! සිසුවිය විකුණලා තියෙන්නේ 20000කට! 12000ක ඇඩ්වාන්ස් එකක් ගිණුමකට දාලා!

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.