• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙන්න හිට්ලර්ට නොවෙන්නම වැඩේ දුන්න බයිඩන්…

December 15, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
වෙන්න හිට්ලර්ට නොවෙන්නම වැඩේ දුන්න බයිඩන්…
Share on WhatsAppShare on Facebook

කාලය හරියටම 1945 වසරේ අප්‍රේල් 29 සහ 30 යන දිනයන් විය. ලෝකයේ අහිංසක යුදෙව් ජනතාව මිලියන 06ක් (ලක්ෂ 60ක්) ඝාතනය කළ මහා ම්ලේච්ඡ ඒකාධිපතියා වූ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් තමන්ට එරෙහිව පැමිණෙන සතුරු හමුදා ගැන දැන ගැලවෙන්නට ක්‍රමයක් නැති තැන තම භූගත නිවාස බංකරය වෙත ගොස් සැඟවුණේය. ඔහුගේ දීර්ඝකාලීන පෙව්මවතිය වූ ඊවා බ්‍රෝන් සමග ඔහු විවාහ වූයේත් එයට දින දෙකකට පමණ පෙරදීය. එනම් 1945 අප්‍රේල් 28 වැනිදාය. රුසියානු හමුදාව ප්‍රධාන කරගත් අනෙකුත් මිත්‍ර හමුදා හිට්ලර්ගේ යුද කලාපයත් විශේෂයෙන්ම භූගත නිවාස බංකරය තිබෙන තැනත් වටලා තිබුණේය. හරියටම අප්‍රේල් 30 වැනිදා එළැඹිණි. හිට්ලර් තමාගේ භූගත බංකරය තුළට සැඟවෙන්නට ගියේ තමාගේ අලුත් බිරිය වූ ඊවා බ්‍රෝන්ද සමගිනි. ඒ සමගම කළු පැහැති බලු සුරතලුන් දෙදෙනකුද ඔවුන් පසුපස ගියේය. සතුරු හමුදාව තවත් පැයකටත් අඩු කාලයකදී බංකරයට කඩාවදින බැව් හිට්ලර්ට තම හමුදා නිලධාරීන් දැනුම් දුන්නේය. තමන් සහ බිරිය සතුරු හමුදාවන්ට අසුවුවහොත් තත්ත්වය වදනින් කියා නිමකරන්නට බැරි බව හිට්ලර්ට තේරුම් ගියේය. වහා තමන්ගේ ඉණෙහි වූ පිස්තෝලය අතට ගත්තේය. ඒ සමගම ඔහු කුඩා තෝලයකින් එළියට ගත් බෙහෙත් කැප්සියුලයක් බිරිය ඊවා බ්‍රෝන් අතට දුන්නේය. එය සයනයිඩ් පිරවූ කැප්සියුලයකි. දෙදෙනා තත්පර ගණනාවක් එකිනෙකා දෙස දෙනෙතින් බලා සිටියහ. ගතවූයේ තවත් තත්පර කිහිපයක් පමණි. ඇඩොල්ෆ් හිට්ලර් පිස්තෝලය තම හිසෙහි පැත්තකට හේත්තු කරගෙන වෙඩිතබා ගත්තේය. ඒ සමගම තුෂ්නිම්භූත වූ ඊවා බ්‍රෝන් සැණෙන් සයනයිඩ් කැප්සියුලය හපා ගිලදැමුවේය. දෙදෙනාම සැණෙන් සදාකාලික නින්දට වැටුණහ.

බුදු දහමේ විවිධ කර්ම ඵල ගණනාවක් විස්තර කර ඇත. එයින් අප හොඳින් දන්නා පරිදි එම ආත්ම භවයේදීම විපාක දෙන කර්මය ‘දිට්ඨ ධම්මවේදනීය කර්මය’ ලෙසින් හඳුනාගෙන ඇත්තෙමු. හිට්ලර්ට පලදුන්නේ එම කර්මයයි. මුළු මහත් ලොවකම මහා අපරාධකාරයා වූ ඇඩොල්ෆ් හිට්ලර් සියදිවි හානි කරගන්නා විට 56 වැනි වියෙහි පසුවූ අතර ඔහුගේ බිරිය ඊවා බ්‍රෝන් 33 වැනි වියෙහි පසුවූවාය. හිට්ලර් ඇය සමග ප්‍රේම සබඳතාවක් ආරම්භ කර තිබුණේ වසර ගණනාවක සිට වන අතර ඊවා බ්‍රෝන් යනු හිට්ලර්ගේ නිල ඡායාරූප ශිල්පියා වූ හෙන්රිච් හොෆ්මාන්ගේ සහායකයා සහ නිරූපිකාවද වූවාය. ඔවුන්ගේ ප්‍රේම සබඳතාව වසර ගණනාවක් පුරා තිබුණු අතර හිට්ලර්ට දාව ඇයට දරුවකුද ලැබී ඇත. එහෙත් එම පිරිමි දරුවා කුඩා කාලයේදීම ඝාතනය කරන්නට හිට්ලර් නියෝග කර තිබුණේය. කෙසේ හෝ එම දරුවා ඉන් පසුව අතුරුදන් වී තිබිණි. දරුවා මරාදැමූ බවට කතා ප්‍රචාරය විය. මෙම තත්ත්වය කෙතරම්ම තිරිසන්, අමානුෂික තත්ත්වයක්දැයි සමස්ත ලෝකයටම අවබෝධ වනු ඇත. හිට්ලර් යනු ඒ තරම්ම තිරිසන් යක්ෂයකු විය.

පසුගිය සතියේ අප පිටුවක් පුරා ලිපියක් ලියා තැබුවේ ලෝකයේ මෙම සමයේදීද හිට්ලර්ලා වන්නට හදන විවිධ ජන නායකයන් ගැනය. එසේම හිට්ලර්ලා වන්නට ගොස් විනාශයට පත්වූ ජන නායකයන් ගැනද එහි ලියා තැබුවෙමු. මෙම සුවිශේෂ වගතුග අපට වැදගත් වන්නට වූයේ පසුගිය දින කිහිපයක සිට ශ්‍රී ලංකාව තුළින්ද හිට්ලර් කෙනකු ගැන ඇසුණු අපූරු වගතුගක් හේතුවෙනි. එනම් ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිට්ලර් කෙනකු වන්නට යන බව විවිධ පාර්ශ්ව විසින් චෝදනා කර තිබීම අපූරු කතාවය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පවා එම වගතුග ගැන විවිධ අදහස් ප්‍රකාශ කර තිබිණි. තමන්ට යම් පාර්ශ්ව හිට්ලර් ලෙසින් ආමන්ත්‍රණය කරන බව ඔහු පිළිගත්තේය. කෙසේ හෝ දැන් එම කතාව අප දන්නා නිසා එම වගතුග මඳකට පසෙකින් තබමු.

දැන් එසේ නම් හිට්ලර් නාටකයේ අලුත්ම ජවනිකාව කුමක්ද? මෙය අපට ඇසෙන්නේ ඇමෙරිකාවෙනි. එනම් මෙයට හරියටම දින කිහිපයකට පෙරදී මෙම වගතුග ඇසෙන්නට විය. දැනට 45 වැනි වියෙහි පසුවන කැන්යේ වෙස්ට් (Kanye West) යනු ඇමෙරිකාවේ සිටින අතිශය ප්‍රකට ගායන ශිල්පියෙකි. කළු ඇමෙරිකානු ජාතිකයකු වූ ඔහු නූතන බටහිර රැප් සංගීත ශෛලියෙන් තම නිර්මාණ ඉදිරිපත් කරන ගායකයෙකි. ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේ රටවල් රාශියක ඔහුට සංගීත රසිකයන් ලක්ෂ ගණනාවක් සිටින අතර මෙම කාලයේදී ඔහුගේ ජනපියත්වය තිබෙන්නේද මුදුන්පෙත්තේය. මොහු සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ 1996 වසරේදී වන අතර දැනට නොකඩවා වසර 25ක් සංගීත ක්ෂේත්‍රයේ නියැළී සිටියි. ඇමෙරිකානු කළු ජාතිකයකු වන ඔහු රැප් සහ හිප්-හොප් සංගීත නිර්මාණ සඳහා විවිධ සම්මාන රැසක්ද හිමිකරගෙන ඇත. මේ වන විට ඔහු ලෝකයේ අතිශය පිළිගත් සංගීත සම්මානයක් වන ‘ග්‍රැමී සම්මාන’ 22ක් දිනාගෙන තිබීමද වාර්තාවකි. ඒ අනුව බලන කල ඔහුගේ සංගීත දිවිය අතිශයින්ම ඉහළින් අගැයීමටද ලක්වී ඇත. මෙවැනි සාර්ථක සංගීත දිවියක් නිසාම ඔහු කාලය ගතවෙද්දීම මහා ධනවතකු බවට පත්විය. කෙසේ හෝ ඔහු අද ඇමෙරිකාවේ සිටින ධනවත්ම ගායකයන් කිහිප දෙනාගෙන්ද එක් අයෙකි. ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ඔහුගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ බව පැවසෙයි. ඔබට එසේ මෙම සුවිශේෂ මිනිසා ගැන යම් වගතුගක් ලියා තැබුවේ ඔහු හරියාකාරව හඳුනාගන්නටය. දැන් එසේ නම් ඔහුගේ අලුත්ම කතාව කුමක්ද?

කැන්යේ වෙස්ට් යන මෙම සංගීත ශිල්පියා සමහර සමාජ කතිකාවන්වලදී විවිධාකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදුකරනු ලබන පුද්ගලයකු ලෙස ප්‍රකටය. එසේම ඔහු ඇමෙරිකාවේ දේශපාලනික වේදිකාවේ ක්‍රියාකාරකම්වලටද යම් ආකාරයකින් සම්බන්ධය. දේශපාලකයන් උදෙසා යම් ප්‍රකාශ සිදුකිරීමද, එසේම ඇමෙරිකාවේ ප්‍රකට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන දූෂණ, වංචා, අක්‍රමිකතාද එසේම ලිංගික බලහත්කාරකම් අපරාධ ආදිය ගැනද ඔහු සමාජයේදී එළිපිටම කතා කරනු ලබයි. එසේත් නැත්නම් සමාජ මාධ්‍ය හරහා සහ රූපවාහිනී වැඩසටහන් හරහාද කතාකරනු ලබයි. එසේම ලෝකයේ තිබෙන කළු සුදු භේදය ගැනද ඔහු විවිධ මතිමතාන්තර ප්‍රකාශ කරන ලදී. මෙවැනි වටපිටාවක් යටතේ ඔහු පසුගියදා සිදුකරනු ලැබූ අපූරු ආන්දෝලනාත්මක ප්‍රකාශය කුමක්ද?

මෙයට දින කිහිපයකට ඉහතදී කැන්යේ වෙස්ට් ඇමෙරිකානු රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි විය. එනම් ඇමෙරිකාවේ ප්‍රකට රූපවාහිනී නිෂ්පාදකවරයකු වන ඇලෙක්ස් ජෝන්ස් (Alex Jones) විසින් නිෂ්පාදනය කරනු ලබන ‘ඉන්ෆෝ වෝස්’ (Infowars) නමැති රූපවාහිනී වැඩසටහනට කැන්යේ වෙස්ට් සහභාගි විය. 1999 වසරේදී ආරම්භ කරන ලද මෙම මාධ්‍ය ආයතනය එකල සිට බොහෝ ආන්දෝලනාත්මක වැඩසටහන් ප්‍රචාරයටද ප්‍රකට විය. සමහර පාර්ශ්ව විසින් මෙම මාධ්‍ය ආයතනය හඳුන්වා තිබුණේ ඇමෙරිකානු අන්ත දක්ෂිණාංශික කුමන්ත්‍රණ න්‍යාය (American Far-Right conspiracy theory) අනුගමනය කරනු ලබන ආයතනයක් ලෙසිනි. කෙසේ හෝ මෙම වැඩසටහන හරහා කෙරුණු සාකච්ඡාවේදී කැන්යේ වෙස්ට් සංගීත ශිල්පියා ලෝකයේ දේශපාලකයන් ගැන කතා කරමින් සිටියදී හදිසියේම ප්‍රකාශ කර ඇත්තේ ඉතා අරුමපුදුම කතාවකි. ඔහු සහ නිවේදකයා අතර ඇතිවූ එම දෙබස මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

සංගීත ශිල්පියා
මම හිට්ලර්ගේ හුඟක් හොඳ දේවල් දකිනවා. මම හිට්ලර්ට කැමැතියි. මම යුදෙව්වන්ට ආදරෙයි. ඒ වf්ගම මම නාසිවරුන්ටත් ආදරෙයි. (මෙහිදී නාසිවරුන් යනු හිට්ලර්ගේ ජාතිකත්වය වන අතර, යුදෙව්වන් යනු හිට්ලර් අතින් ඝාතනයට පත්වූ ජනතාවක ජාතිකත්වයයි.)

නිවේදකයා
නාසින් (නාසිවරුන්) කියන්නේ ඉතා දරුණු මැරයන් පිරිසක්. (මහත් අපහසුතාවට පත්වූ නිවේදකයා සැණෙන් කියා සිටියේය.)

සංගීත ශිල්පියා
සෑම මිනිසකුටම ඔවුන් මේසය මතට ගෙන ආ හොඳ දේවල් තිබෙනවා. හිට්ලර් එවැනි මිනිසෙක්. ඔව්, විශේෂයෙන්ම හිට්ලර් තුළ මම හොඳ දේවල් දකිනවා.

නිවේදකයා
හිට්ලර් යහපත් මිනිසෙක් කියලා මම හිතන්නේ නැහැ. ඒක කොහොමටවත් පිළිගන්න බැහැ.

මෙම ප්‍රකාශය සිදුවී ගතවූයේ ඉතා කෙටි කාලයකි. ඇමෙරිකාවේ සහ ලෝකයේ රටවල් රැසක මහත් ආන්දෝලනයක් ඇතිවන්නට ගත්තේය. ඒත් සමගම තවත් සුවිශේෂ සිදුවීමක්ද ඇතිවන්නට වූයේය. එනම් එම දිනවලදීම කැන්යේ වෙස්ට් විසින් තම ට්විටර් ගිණුම වෙත එක්කර තිබුණු උද්වේගකර සේයාරුවකි. එයින් පෙන්වා තිබුණේ යුදෙව්වන්ගේ ජාතික හා ආගමික ලාංඡනය වන Star of David (ඩේවිඩ්ගේ තරුව) රූපය මතට හිට්ලර්ගේ යුද ලාංඡනය සහ නාසිවරුන්ගේ ලාංඡනය වන ස්වස්තිකය (Swastika) එකට බද්ධ කර තිබීමය. එනම් ඩේවිඩ්ගේ තරුව මධ්‍යයේ ස්වස්තිකය ගැබ්කර අලුත් ලාංඡනයක් නිර්මාණය කර තිබීමය. ට්විටර් අඩවියේ පළකෙරුණු මෙම රූපය දැකීමෙන් පසුව සමාජය තුළ තවත් දැඩි උද්වේගකර කලබලකාරී තත්ත්වයක් ඇතිවන්නට ගත්තේය. කැන්යේ වෙස්ට් ගායකයාගේ ඉහත ආන්දෝලනාත්මක රූපවාහිනී සාකච්ඡාව නිමවී පැය කිහිපයක් යන්නට මත්තෙන් ඔහුගේ ට්විටර් ගිණුමේ ඉහත සේයාරුව පළකෙරිණි. කෙසේ හෝ මෙම සිදුවීම් විනාඩියෙන් විනාඩිය ඇමෙරිකාව තුළ මහත් කලබලයක් ඇතිකරන්නට ගත්තේය. මෙම නව ලාංඡන නිර්මාණය මගින් කියැවෙන්නේ ‘නාසිවරුන්ගේ සහ යුදෙව්වන්ගේ ආදරය’ යැයි සංගීත ශිල්පියා සටහනක්ද තබා තිබුණේය. එහිදී පාර්ශ්ව ගණනාවක්ම එයට දැඩි විරෝධය ප්‍රකාශ කරමින් කියා සිටියේ යුදෙව්වන් මිලියන 06ක් මරාදැම නාසිවරුන් තුළ තිබුණේ කිනම් ආදරයක්ද යන පැනය විය. කෙසේ හෝ හිට්ලර් වන්නට උත්සාහ කළ කැන්යේ වෙස්ට්ට සිදුවූයේ මහත් විනාශයකි.

එතැනින් පසු මෙම අර්බුදය තවත් ඔඩුදුවන්නට විය. මෙම නව ලාංඡනය මගින් පෙන්වා ඇත්තේ ආදරය නොව යුදෙව් විරෝධවාදය බව බොහෝ පාර්ශ්ව චෝදනා කරන්නට ගත්තේය. ට්විටර් වෙබ් අඩවියටද මේ නිසා බොහෝ දෝෂාරෝපණ එල්ල වන්නට ගත්තේය. එනම් දැනට ලොව පුරා සිටින යුදෙව් ජනතාව මිලියන ගණනාවක් මහත් සංවේගයට පත්වන්නටද විය. මෙවැනි වටපිටාවක් යටතේ ට්විටර් අඩවිය සම්පූර්ණ අයිතිය හිමි ලොව මහා ධනකුවේරයකු වන එලන් මස්ක් වහා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කැන්යේ වෙස්ට් ගායකයාගේ ට්විටර් ගිණුම වහා අත්හිටුවන බවය. ඒ අනුව සැණෙකින්ම ඔහුගේ ගිණුම අත්හිටුවනු ලැබුවේය. ලොව අතිශය ප්‍රකටව සහ බොහෝ ධන වත්කම් සහිතව සිටින පුද්ගලයන්ගේ මෙලෙස සමාජ මාධ්‍ය තහනමක් පැනවූ විට එම අදාළ පුද්ගලයන් මහත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට පටන් ගනියි. එනම් ඔවුන්ගේ කීර්තිය සහ අභිමානය ඉතා ඉක්මනින් විනාශ වන්නට පටන් ගන්නා අතර ඔවුන්ගේ ධනවත්කම් පවා අහිමිව යන තත්ත්වයට පත්වෙයි. මේ ආකාරයට කැන්යේ වෙස්ට් පවා එම අර්බුදයට සැණෙන් මුහුණ දුන්නේය. ට්විටර් සමාජ මාධ්‍ය අඩවියේ අයිතිකරු වන එලන් මස්ක් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘ඉතා ද්වේශසහගත ආකාරයේ ප්‍රකාශයන් මෙන්ම සේයාරූ ලාංඡනයන්ද ට්විටර් අඩවිය හරහා සමාජගත කිරීමට කැන්යේ වෙස්ට් ගායකයා කටයුතු කර තිබීම විශාල වරදක්. මෙම තත්ත්වය නිසා මෙම සමාජ මාධ්‍ය භාවිත කරන ලෝකයේ ජනතාව මිලියන ගණනාවක් මහත් අපහසුතාවට පත්වෙනවා. එසේම විශේෂයෙන්ම ලෝකයේ රටවල් ගණනාවක සිටින යුදෙව් ජාතිකයන් මහත් සංවේගයට සහ කෝපයටත් පත්වෙනවා. මීට පෙරත් ඔහු මෙම අඩවිය හරහා විවිධ ද්වේශසහගත ප්‍රකාශයන් සිදුකර ඔහුගේ ගිණුම වතාවන් කිහිපයකදී නවත්වා තිබුණා. මම මේ ට්විටර් සමාගමේ අයිතිය පසුගියදා ලබාගත් පසුව මම විසින් ඔහුගේ එම බාධාවන් ඉවත් කරනු ලැබුවා. එහෙත් ඔහු සති දෙකක් යන්නට පෙර නැවතත් එවැනි වරදක් කළා. මෙවර ඔහු සිදුකර ඇති වරද නම් ඉතා බරපතළයි. එයට කිසිම ආකාරයකින් සමාවක් දෙන්න බැහැ. ඔහුගේ ට්විටර් ගිණුම සම්පූර්ණයෙන්ම තහනම් කරන්නට මම තීරණය කළේ ඒ හේතුව නිසයි…’ යනුවෙනි.

කැන්යේ වෙස්ට් සිදුකර ඇත්තේ ට්විටර් අඩවියේ නීතිරීති උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමේ බලවත් වරදක් යැයි ට්විටර් හිමිකරු එලන් මස්ක් තවදුරටත් ප්‍රකාශ කර ඇත. හිට්ලර් වැනි මහා අපරාධකරුවකු මෙසේ වර්ණනා කිරීම අතිශය නිහීන ක්‍රියාවක් ලෙසට ඔහු අවධාරණය කර ඇත.

මේ අනුව මේ වන විට අන්තර්ජාලයෙහි දක්නට ඇත්තේ ට්විටර් අඩවියට අදාළ ගිණුම තහනම් කර ඇති බව සඳහන් වන නිවේදනයක් පමණි. කෙසේ හෝ මෙම තත්ත්වය යටතේ කැන්යේ වෙස්ට් වෙත විවිධ ලෝක ප්‍රකට සමාගම් විසින් ලබාදුන් සංගීත සහ රූපවාහිනී වැඩසටහන් මෙන්ම විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක්ම අත්හිටුවා ඇත. එයින් ඩොලර් මිලියන සිය ගණනක විශාල කොන්තරාත්තුවක් වන්නේ ලොව සුප්‍රකට ‘අඩිඩාස්’ ක්‍රීඩා උපකරණ සමාගම විසින් ලබාදී තිබුණු ගිවිසුමයි. එම ගිවිසුමද මේ වන විට අත්හිටුවා ඇත. මෙවැනි වටපිටාවක් යටතේ කැන්යේ වෙස්ට් ගායකයාට මේ වන විට ඩොලර් මිලියන සිය ගණනක මහා පාඩු විඳින්නට සිදුව ඇත. එසේම ඔහුගේ ධනවත්කම් ශීඝ්‍රයෙන් පහළ බසින තත්ත්වයට පත්ව ඇත.

ඇඩොල්ෆ් හිට්ලර් ගැන ගුණ වයන්නට ගොස් කැන්යේ වෙස්ට් හට සිදුවූ මෙම මහා විනාශය ගැන කියැවෙන කතාවේදී එහි ප්‍රධාන කූටප්‍රාප්ති කතාව හෙළිවන්නේ මෙතැනදීය. එනම් මෙම සිදුවීමට බලවත් විරෝධය පළකරමින් ලොව මහා බලවතා වන ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් විසින්ද ප්‍රබල ට්විටර් සටහනක් තබා තිබීමය. එම සුවිශේෂ සටහන මෙසේය.

‘මට කරුණු කිහිපයක් පැහැදිලි කිරීමට අවශ්‍යයි. හිට්ලර් යනු යක්ෂ චරිතයක් විය. එහිදී සමූල ඝාතනයක්ද සිදුවිය. ඊට වේදිකාවක් දෙනවා වෙනුවට අපේ දේශපාලන නායකයන් කළ යුත්තේ යුදෙව් විරෝධය කොතැනක සැඟවුණත් එය ප්‍රතික්ෂේප කිරීමයි. නිශ්ශබ්දතාව යනු අපරාධයකට හවුල්වීමකි…’

ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ බොහෝ ඍජු, ප්‍රබල ස්ථාවරයක සිටිමිනි. ඔහු එහිදී හිට්ලර්ගේ කුරිරුකම කියා සිටින අතර හිට්ලර්ලා වන්නට දඟලන ලෝකයේ විවිධ දේශපාලන නායකයන්ටද චෝදනා කරයි. එය විටෙක හිට්ලර්ලා වන්නට දඟලන ශ්‍රී ලංකාවේ නායකයන්ටද ‘දණ්ඩෙන් ගැසූ පහරක්’ මෙනි. අපේ රටේ නායකයන්ද හිට්ලර්ලා වන්නට ගොස් හෙට අනිද්දාම හොට බිම ඇනගන්නවා සිකුරුය.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ආණ්ඩුවේ වුවමනාවට මැතිවරණ කොමිසම ගහන ගේමක් මුජිබර් එළියට දමයි! ජවිපෙ කරන කුමන්ත්‍රණයත් සාක්ෂි එක්කම පෙන්වා දෙයි! (VIDEO)

Next Post

අරගලයේ ඉදිරියෙන්ම සිටි සෝෂල් මීඩියා ක්‍රියාකරු ඩිලාන්ට තියුණු ආයුධයකින් පහර දීලා! කැපුම් තුවාල සහිතව රෝහලේ! (VIDEO)

MORE NEWS

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

Load More
පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...

Read more
වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.