ඉරානයේ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පස් දෙනෙකු ඝාතනය කරමින් සිරියානු අගනුවරට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරට ඊශ්‍රයාලයට නිසැක නිසි පිළිතුරක් දෙන බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහතික කර පවසයි. (Sri Lanka Latest News)
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ප්‍රහාරයට වගකිව යුතු බවය. මෙම ප්‍රහාරයෙන් සිරියානු හමුදා සාමාජිකයින් ගණනාවක් ද ඝාතනය කර ඇති බව ඔහු දැනුම් දුන්නේය.
මෙම ප්‍රකාශය සම්බන්ධව ඊශ්‍රායලය අදහස් දක්වා නැත. වසර ගණනාවක් තිස්සේ සිරියාවේ ඉරානයට සම්බන්ධ ඉලක්ක වෙත ඊශ්‍රයාල ප්‍රහාර එල්ල කර තිබේ. ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට එවැනි ප්‍රහාර උත්සන්න වී ඇත.
ඉරාන ජනාධිපති සිය නිල වෙබ් අඩවියේ ප්‍රකාශයක් කරමින් පවසන්නේ දිවි පිදූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බවය.
මෙම ඝාතනවලට පළිගැනීම ජනාධිපතිවරයා විසින් සපථ කළේය. ඔහු ප්‍රකාශ කළේ ඉරානයේ කීර්තිමත් උපදේශකයින් පස් දෙනෙක් බියගුලු ලෙස ඝාතනය කර ඇති බවය.
මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී සහ සාපරාධී ක්‍රියාවක් බව පවසන ඉරාන ජනාධිපතිවරයා එය ඊශ්‍රයාලයේ මංමුලා සහගතභාවයේ සහ දුර්වලකමේ උච්චතම අවස්ථාව පෙන්නුම් කරන බව වැඩිදුරටත් දන්වා ඇත.
ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ප්‍රහාර ඊශ්‍රායලයේ “ආක්‍රමණශීලී සහ ප්රකෝපකාරී” ක්‍රියාවක් වන අතර එම තත්ත්වයන් හෙළා දකින ලෙස ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.
lankasara










