ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී සිදු කළ නැනෝ පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අළුතින්ම නිකුත්ව තිබෙන විගණන වාර්තාවක සදහන් වන බව අද වෙළදපොළට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.Sri Lanka Latest News
නැනෝ පොහොර ආනයනයේ දී ඒ සදහා, වෙළද පොල වටිනාකමට වඩා දෙගුණයකටත් වඩා වැඩි මුදලක් ගෙවා ඇති බව මෙම විගණන වාර්තාව තහවුරු කර තිබෙන අතර, සමස්ත ඇණවුමට අදාල මුළු මුදල ගෙවා තිබිය දී ත්, ඇණවුමෙන් ලැබී ඇත්තේ 7% ක ප්‍රමාණයක් පමණක් බව ද එම විගණන වාර්තාව වැඩි දුරටත් හෙළි කර සිටියි.
පොරොන්දු වූ පොහොර තොගය සැපයීමට අසමත් වීම හේතුවෙන් අදාල ඉන්දියානු සමාගම රුපියල් ලක්ෂ 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතුව තිබේ.
මිලිලීටර් පන්සියයක බෝතලයක් ඩොලර් 12.45 ක් වන පරිදි, නැනෝ දියර පොහොර බෝතල්, 4,250,000 ක ප්‍රමාණයක් මිලදී ගැනීම සදහා අදාල ඉන්දියානු සමාගම සමග ගිවිසුම්ගතව තිබුනද, හත් වරක දී ලැබී තිබුණේ බෝතල් 306,454 ක් පමණි.
නැනෝ පොහොර ආනයනය සදහා ශ්‍රී ලංකා රජයට රු. 711.863,096 මුදලක් වියදම් වී ඇති බව විගණන වාර්තාව හෙළි කර සිටියි.










