• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිද්ධිය පොඩියි පණිවුඩය ලොකුයි වේයන්ගොඩ අරුණ වීරයෙක් නොවෙයිද?

February 19, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
සිද්ධිය පොඩියි පණිවුඩය ලොකුයි වේයන්ගොඩ අරුණ වීරයෙක් නොවෙයිද?
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ අපට වැඩි වශයෙන් අසන්නට දකින්නට ලැබෙන්නේ සමාජ මාධ්‍ය හරහා සිදුවන විවිධාකාර විෂමාචාර ක්‍රියා පිළිබඳවයි. එසේම සමාජ මාධ්‍ය හරහා සිදුකරන යහපත් ක්‍රියාවන්ද ඉඳහිට අපට අසන්නට ලැබෙනවා. මේ, කලාතුරකින් අසන්නට ලැබුණු එවැනි සිදුවීමක් පිළිබඳ පුවතකි. එලෙස වාර්තා වූ පුවත වූයේ රුපියල් 4,50,000ක් (ලක්ෂ 4.5)ක් වටිනා ජංගම දුරකතනයක් එහි හිමිකරුට ලබාදීමේ සිදුවීමකි. එම පුවත පසුගිය දිනවල සමාජ මාධ්‍යවල බොහෝ සේ ප්‍රචාරය වූ අතර, පැයක් වැනි කාලයක් තුළ එය මිලියනයකට අධික පිරිසක් අතර ව්‍යාප්තව තිබිණි. මෙවැනි යහපත් ක්‍රියාවන් අගය කිරීමට සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඔබ අප හැම දෙනාගේම යුතුකමක්. අයුක්තිය, අසාධාරණය රටම ගිලගනිමින් ඇති අවස්ථාවක, මෙවැනි යහපත් ක්‍රියාවන්, සමාජයට ආදර්ශයක් ගෙනදෙන ක්‍රියාවන් ගැන රටට ලෝකයට කියන්නට අප නිර්ලෝභී විය යුතුයි.

අද වන විට අපේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න සිදුවෙලා තිබෙන්නේ ඉතා දුෂ්කර අවස්ථාවක. එදා වේල සරිකරගන්නට පවා නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා සිටිනවා. ඒ අසරණකම නිසාම ඇතැමුන් විවිධ වංචනික ක්‍රියාවන්ට, සොරකම්වලට පවා යොමුවන අවස්ථා ද දැකගන්නට ලැබෙනවා. නමුත් කිසි ලෙසකින් හෝ හොරකම නම් සාධාරණීකරණය කරන්න බැහැ.

පසුගිය 09 වැනිදා දහවල් 12ත් 01ත් අතර කාලයේදී වේයන්ගොඩ පිහිටි “Dot Com mobile” කියන ජංගම දුරකතන අලෙවිසලට ජංගම දුරකතනයක් රැගත් පුද්ගලයෙක් ආවේ එම දුරකතනය විකුණා ගැනීමේ බලාපොරොත්තුවෙන්. එම ජංගම දුරකතනය සොරාගත් එකක් බවයි වාර්තා වුණේ. එය රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඇපල් වර්ගයට අයත් දුරකතනයක්. එහෙත් එම දුරකතනය එහි සැබෑ හිමිකරුට ලබාදීමට එම දුරකතන අලෙවි සලේ හිමිකරු ක්‍රියාකර තිබුණේ රුපියල් ශත වෙනුවෙන් මනුෂ්‍යත්වය පාවා නොදෙන උතුම් මිනිසත්කම ප්‍රදර්ශනය කරමින්. එම වටිනා ක්‍රියාව සිදුකළ ඩොට් කොම් මොබයිල් වෙළෙඳසලේ හිමිකරු අරුණ හර්ෂණ මහතා, තමන් සිදුකළ ක්‍රියාව විස්තර කළේ මෙලෙසයි.

‘මම කඩේ වැඩ කර කර ඉන්නැද්දී ඇපල් අයි ෆෝන් එකක් අරගෙන කෙනෙක් ආවා. ඇවිත් ඇහුවා මේ ෆෝන් එක ලොක්වෙලා තියෙන්නේ, මේක අන්ලොක් කරන්න පුළුවන්ද කියලා. ඒ ෆෝන් එක ඇපල් 13 Pro Max එකක්. සාමාන්‍යයෙන් ඒක ලක්ෂ හතරක් විතර වටිනවා. මේ පුද්ගලයා මේ ෆෝන් එකේ වර්ගය දන්නෙත් නැහැ. මම කිව්වා අන්ලොක් කරන්න පුළුවන්, පොඩ්ඩක් ඉන්න කියලා. ඒ වෙලාවේ මම වැඩකයි හිටියේ. ඊට පස්සේ මම කිව්වා කරලා දෙන්න පුළුවන් ලක්ෂ එකහමාරක් විතර යනවා කමක් නැද්ද කියලා. මේ පුද්ගලයා කිව්වා එච්චර මුදලක් යනවා නම් ඒක මට දරන්න අමාරුයි කියලා. මට සල්ලි හදිසියකට ඔයා මේ ෆෝන් එක තියාගෙන සල්ලි කීයක් හරි දෙන්න කිව්වා. එහෙම කිව්වට පස්සේ මට පොඩ්ඩක් සැක හිතුණා මේක මෙයාගෙමද කියලා. මේ ෆෝන් එකේ තිබුණා වෙඩින් ප්‍රී ෂූට් ෆොටෝ දෙකක්. මං ඇහුවා මේ පින්තුරේ ඉන්නේ කවුද, කොහොමද ඔයාට මේ ෆෝන් එක ලැබුණේ කියලා. ඔහු කිව්වා ඔය ෆොටෝ එකේ ඉන්නේ මගේ අක්කා කියලා. මම කිව්වා අක්කා නම් ඔයාට අක්කාගෙන් පාස්වර්ඩ් එක අහගන්න පුළුවන්නේ, අපරාදේනේ මේක අන්ලොක් කරන්නේ කියලා. එතකොට එයා කිව්වා ඒගොල්ලෝ මා එක්ක තරහයි කියලා. එයාලා මට පාස්වර්ඩ් දෙන්නේ නැහැ කියලා කිව්වා. මේක අන්ලොක් කරලා දෙන්න බැරි නම් මට මේක තියන් සල්ලි දෙන්න කියලත් ඔහු කිව්වා. ඔහුගේ හැඩරුවත් එක්ක මට හිතුණා 100%ක්ම මේක හොරකම් කරපු ෆෝන් එකක් කියලා.

එයා කිව්වා මේ ෆෝන් එක කෑලි ගලවලා පාට්ස්වලට ගන්න කියලා. ඇත්තටම ඒක පාට්ස්වලට ගත්තා නම් රුපියල් ලක්ෂ දෙක හමාරක් තුනක් හොයන්න තිබුණා මට. එයා මගෙන් ඉල්ලුවේ රුපියල් පනස් දාහක් හතළිස් දාහක් වගේ මුදලක්. පස්සේ මම කිව්වා, ෆෝන් එක මට දෙන්න මම ගන්නවා, මගෙ අතේ දැනට එච්චර මුදලක් නැහැ කියලා. මට ඕනෙ වුණේ මේ ෆෝන් එක ගැන ඉක්මනට ෆේස්බුක් එකට දාලා මේකෙ ඇත්ත අයිතිකාරයා හොයාගන්න. මොකද මෙයා හදිසිකාරයෙක්. ක්ෂණිකව යන්න ආවේ. මං හිතුවා මේක අහල පහළ කාගේ හරි වෙන්න ඇති කියලා. එයා ෂොප් එකේ ඉන්න අතරතුර ඒයාට නොතේරෙන්න මම එයාගෙත් ෆොටෝ එකක් අරගෙන ෆෝන් එකෙත් පැහැදිලි ෆොටෝ දෙකක් අරගෙන ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මා. මේක අයිති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනටම මට කතාකරන්න, මේ ෆෝන් එක ඇවිත් තියෙනවා අන්ලොක් කරන්න කියලා.

ඔයා කියන ගාන මට දෙන්න බැහැ. පොඩි වෙලාවක් දෙන්න මම සල්ලි ටික ලෑස්ති කරලා දෙන්නම් කියලා මම මේ පුද්ගලයාට කිව්වා. කොහොම හරි මම මේක ගෙනාපු කෙනාගේ හෑන් ෆෝන් නම්බර් එකත් ගත්තා. එයා ෆෝන් එක අරන් ගියා.

පස්සේ මම දැම්ම පෝස්ට් එක ෆේස්බුක් එකේ මිලියනයකට අධිකව ෂෙයාර් කරලා තිබුණා. ඒ අනුව ෆෝන් එකේ අයිතිකාරයා විනාඩි 15ක් 20ක් ඇතුළත මට කතා කරලා කිව්වා වයිෆ් ළඟ තිබිලා දවල් කුරුණෑගල හොස්පිට්ල් එකේදී තමයි මේ ෆෝන් එක නැතිවෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා හරි ඔයා ඉක්මනට එන්න, ෆෝන් එකයි ගත්ත කෙනායි ඉන්නවා කියලා. ඊට පස්සේ ඔයාගේ සල්ලි ලෑස්ති කරලා තියෙන්නේ කියලා කෝල් එකක් දුන්නා. ඒ අනුව ඔහු මගේ ෂොප් එකට ආයෙත් ආවා. බොරු කිය කියා මම ඔහුව මගේ ෂොප් එකේ තියාගත්තා. මට ඇත්තටම ඕනෙ වුණේ ඒක අයිතිකාරයාට ලබාදෙන්න. කොහොම හරි පැයක් ඇතුළත එයාලා පොලිසියට කතා කරලා තිබුණා. පොලිසිය ඇවිත් අර පුද්ගලයාව ෂොප් එක ඇතුළේ ඉන්නකොට අල්ලා ගත්තා.

මට කියන්න තියෙන්නේ මම මේ ෆෝන් එක ගත්තා නම්, කෑලිවලට ගලවලා විකුණුවා නම් මේ වටින ෆෝන් එක කාටවත් ලැබෙන්නේ නැහැ. මම මේ ගැන හොයා බැලුවේ නැත්නම්, එයා කොළඹ කොටුවට ආවා නම් අනිවාර්යයෙන්ම මේ ෆෝන් එක කෑලිවලට විකුණනවා. ඇත්තටම මෙහෙම වටිනා ෆෝන් හොරකම් කරගෙන ෂොප්වලට ආවාම ඒ මිනිස්සුන්ව අඳුරගන්න පුළුවන් මේ ෆෝන් එකේ ඇත්ත අයිතිකාරයාද, හොරකම් කළ ෆෝන් එකක්ද කියලා.

අයිතිකාරයට ෆෝන් එක වටින්නේ නැතිවෙන්න පුළුවන්. ඒත් ඒක ඇතුළේ තියෙන ඩේටා වෙන ෆෝන් එකකින් ගන්න බැහැ. පින්තුර සල්ලි දීලාවත් ගන්න බැහැ. ඒ වගේ ෆෝන් එකක් ලැබුණාම පොඩ්ඩක් මානුෂීයව හිතලා fb එකේ පෝස්ට් එකක් දාලා නියම අයිතිකාරයාට ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවට අපි උපක්‍රමශීලී වෙන්න ඕනෙ. හොරුන්ට බයවෙන්න හොඳ නැහැ. මටත් තර්ජන තියෙනවා. ඊයේ රෑ මගේ නම්බර් එකට කතා කරලා මට කිහිප දෙනෙක් තර්ජනය කළා. නමුත් ඒකට බයවෙන්න හොඳ නැහැ. මට ඇත්තටම සතුටුයි මගේ උත්සාහය සාර්ථක වුණු එක ගැන. ඒවාට මුහුණ දෙන්න ඕනේ. හොරුම තමා තර්ජනය කරන්නේ. කොච්චර තර්ජන ආවත් අපි මානුෂීයව හිතන්න ඕනේ. ෆෝන් බිස්නස් ෆීල්ඩ් එකේ අයට බොහෝ අය බණින්නේ අපි මිනිස්සුන්ව රවට්ටනවා කියලා. රවට්ටන්නේ නැතුව සෑහෙන ලාභයක් ගන්න පුළුවන්. අපේ රැකියාව අවංකව කරනවා නම් දුරකතන අලුත්වැඩියා කරලා හොඳ ලාභයක් ලබන්න පුළුවන්. මේ ෆෝන් එක ගැලෙව්වා නම් මට ලක්ෂ දෙක තුනක් ගන්න තිබුණා. මට ඒ මුදල්වලට වඩා ඒ මිනිස්සුගේ මානුෂික සතුට වටිනවා. සමාජ මාධ්‍යවලින් හොඳ සපෝට් එකක් ගන්න පුළුවන් ලාභය ගැන හිතන්නේ නැතුව මානුෂීයව හිතනවා නම්.

ඇත්තටම කෙනකුගේ ඇපල් ෆෝන් එකක් නැතිවුණොත් හොයාගන්න ලේසිම ක්‍රමය IMEI No එක, ෆෝන් එක ගත්ත ෂොප් එකේ බිල, ඇපල් ID සහ පාස්වර්ඩ් තියෙනවා නම් ඉතාම ලේහෙසියෙන් සොයාගන්න පුළුවන් කියලා මම හැමෝටම කියනවා…..’

මේ දුරකතනය එහි නියම හිමිකරුට ලබාදීම සඳහා ෆේස්බුක් ඔස්සේ සහාය දැක්වූ සැමට අරුණ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ස්තුතිය පළකර තිබුණේ මෙවැනි සටහනක් තබමිනි.

‘කුරුණෑගල වාරියපොලින් සොරකම් කළ දුරකතනය පැයක් වැනි කෙටි කාලයක් තුළදී වේයන්ගොඩින් ආපසු නැවත එහි නියම අයිතිකරුට ලබාදීමට උදව් කළ ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. අද වන විට තර්ජනාත්මක දුරකතන ඇමතුම්ද මා හට ලැබී ඇති අතර ඒ සියලු විස්තර මා විසින් වේයන්ගොඩ පොලිස් ස්ථානය වෙත දන්වා ඇත.

මේ සඳහා මාගේ ඉතාමත් කෙටි ඉල්ලීම මත මා හට අයිතිකරු සොයාදීමට සහාය දුන් මාගේ මුහුණු පොතේ සියලු යහළුවන්ටත්, පේජ් ඇඩ්මින්වරුන්ටත්, මා සමග දුරකතනයෙන් සම්බන්ධවී සහාය දුන් ඔබ සැමටත් ස්තුතිවන්ත වෙමි…’

රුපියල් ලක්ෂ 4කට අධික වටිනාකමින් යුත් මේ ඇපල් ජංගම දුරකතන සොරකම ගැන පසුගිය දිනවල රටම කතා වුණා. ඒ දුරකතනයේ සැබෑ හිමිකරු එම සිදුවීම ගැන පළ කළේ මෙවන් අදහසක්.

‘මේ ෆෝන් එක ලක්ෂ හතර හමාරක් වගේ වෙනවා. එය ඇපල් 13 Pro Max කියන වර්ගයේ අයි ෆෝන් එකක්. මගේ වයිෆ් හොස්පිට්ල් එකේ නතර කරලා ඉන්නවා. ඇය ඉන්සියුලින් එකක් ගන්න ගිය වෙලාවේ ඇඳ උඩ තියලා ගිහින් තිබ්බේ මේ දුරකතනය. ඒ වෙලාවේ හොරෙක් ඇවිත් ෆෝන් එක අරන් ගිහින් තිබුණා. ඊට පස්සේ මම මුලින් වාරියපොල පොලිසියට පැමිණිල්ලක් දැම්මා. පස්සේ කුරුණෑගල පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. එදා මේ හොස්පිට්ල් එකේ ෆෝන් දෙකක්ම නැතිවෙලා තිබුණා. ෆෝන් ෂොප් එකේ මල්ලි මේ පෝස්ට් එක ෂෙයාර් කළේ නැත්නම් අද වෙනකොට මට ෆෝන් එකක් නැහැ. ඒ මල්ලිට මගේ යාළුවෙක් ක්ෂණිකව කතාකරලා කියලා තිබ්බා. අයියේ මේක මගේ යාළුවෙක්ගේ ෆෝන් එකක්, පුළුවන් නම් මම එනකල් තියාගන්න කියලා. මේ මල්ලි පොලිසිය එනකල්ම ෆෝන් එක අතේ තියාගෙන හොරාව ෆෝන් ෂොප් එකෙන් එළියේ තියාගෙන හිටියා. ඒ මල්ලි කරපු උදව්ව නිසා අද මගේ වයිෆ්ට ෆෝන් එකක් තියෙනවා. රුපියල් පනස්දාහකට මේ ෆෝන් එක ගන්නේ නැතුව ඔහුගේ තිබුණු මනුස්සකම නිසා ඒක මට ලැබෙන්න සැලැස්සුවා. ඇත්තටම වර්තමානයේ මේ වගේ දෙවල්වලට මනුස්සයෝ ඉදිරිපත් වෙනවා අඩුයි. නීතිය ගාවට එන්න ඕනේ. ඒවාට කාලය යොදවන්න ඕනේ. මේ වගේ දේවල්වලට මිනිස්සු කැමැති නැහැ. සමහර විට එක පාරක් දෙපාරක් තුන්පාරක් පොලිසියට එන්න වෙනවා. මිනිස්සු මනුස්සකම අතින් පස්සට ගිහින් තියෙන්නේ. ඒ කිසිවක් සොයන්නේ නැතුව මේ මල්ලි ඉදිරිපත් වුණා. එයා නිර්භීත ළමයෙක්. අද ගොඩක් ඉන්නේ සල්ලි පස්සේ දුවන මිනිස්සු. සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ ආකාරයටයි කියලා මේ මල්ලි කරපු දෙයින් ඉස්මතු වුණා. ඇත්තටම මේ සිද්ධියෙන් සමාජයට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්…’

වර්තමාන සමාජයේ දාහකට එක්කෙනෙක්වත් නෑ ඔය වගේ මානුෂීයව හිතන අය. වෙන කෙනකුට මේ ෆෝන් එක ලැබුණා නම් කෑලි කෑලිවලට කඩලා මේ වෙනකොට මුදලුත් හොයලා ඉවරයි. අද බොහෝ දෙනෙක් හොරකම්වලට යොමුවෙන්නේ අගහිඟකම්වලට මුහුණ දෙන්න අසමත්කම නිසා. මේ වගේ හොරකම්වලට පාර කපන්නේ අපිමයි. මොකද මේ රෝහලේ ලෙඩා ලක්ෂ හතරකට වඩා වටින තමන්ගේ ෆෝන් එක ඇඳ උඩ තියලා යන්නේ නැතුව අරන් ගියා නම් මේ වගේ හොරකම්වලට පාර කැපෙන්නේ නැහැ. ෆෝන් එකක් නැතිවුණාම දැනෙන වේදනාව කියලා නිම කරන්න බැහැ. සමහර ෆෝන් ෂොප් හිමිකරුවෝ ෆෝන් හොරකම් කරලා ගේන කෙනාටත් ගානක් දෙනවා. ජංගම දුරකතනයක් කියන්නේ තමන්ගේ ජීවිතේම වටිනා සිහිවටන රැසක් සැඟවිලා තියෙන මෙවලමක්. ඉගෙනගන්න දරුවන් ඉන්නවා නම් එයාලගේ සටහන් පවා මේ දුරකතනවල ගබඩා කරලා තියෙනවා.

එවැනි වටිනා දත්ත රැසක් අඩංගුව තිබුණු මේ ඇපල් ජංගම දුරකතනය එහි සැබෑ හිමිකරුට ලබාදෙන්න කටයුතු කරපු වේයන්ගොඩ ඩොට් කොම් මොබයිල් ආයතනයේ අරුණ හර්ෂණ මහතාටත් වේයන්ගොඩ පොලිසියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. ඇත්තටම අරුණ සමාජයට වැදගත් කෙනෙක්. ඔහුගේ ගතිගුණ සල්ලිවලට ගන්න බැහැ. මේ ලෝකයේ අවංකව වැඩකරන අයව ධර්මය විසින් ආරක්ෂා කරනවා. ඔබ දුන් ආදර්ශයට ‘මව්රට’ අපිත් හිස නමා ආචාර කරනවා.



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රනිල් මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි? ලයිට් බිල වැඩි කිරීම පිටුපස ඇත්තම කතාව -අනුර! ඇයි මේ කලබලේම ඇවිත්! VIDEO

Next Post

බණ්ඩාරගමත් මහ සෙනගක්! ආණ්ඩුව ඡන්ද කල් දාන්න හැදුවට මිනිස්සු එනවා! සජීවීව මෙතැනින් නරඹන්න! LIVE VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.