• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මෝ පුදුම නිදහසක් දැනෙන්නේ…

February 10, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
අම්මෝ පුදුම නිදහසක් දැනෙන්නේ…
Share on WhatsAppShare on Facebook

75 වැනි නිදහස් සමරුවට පිළිවෙතින් පෙළගැසෙමු. එක එක්කෙනා එක එක තැන්වල එක එක කයි කතන්දර කියයි. එහෙම කිව්වට සැලෙන්න එපා. මේක තමයි නියම නිදහස. 75 වැනි නිදහස අපි සමරන්නම ඕනෙ නිදහසක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙච්චර නිදහසක්, මෙච්චර කාලෙකට අපට දැනිලම නෑ. දැන් බලන්න හැම දේම හැම වෙලාවකම හැම විදියකටම නිදහස් වෙලයි තියෙන්නේ. පොත්පත් නැති නිසා, කඩදාසි ටික නැති නිසා ඇත්තටම ළමයින්ට නිදහසක් දැනෙන්නෙ නැද්ද? ඉදිරියේදී පෙළපොත් ටික මුද්‍රණය කරගන්න බැරි වුණාම ඒකෙන් නිදහසක් ඇතිවෙන්නෙ නැද්ද? ඉස්පිරිතාවල බෙහෙත් නැතිව ගියාම බේත් බොන්න බේත් බොන්න කියලා බලකරන රෝගීන්ට නිදහසක් නැද්ද? සැත්කම් කරගන්න බැරිව ගියාට පස්සේ දොස්තර මහත්තුරුන්ට නිදහසක් නැද්ද? ඉස්පිරිතාලෙ වැඩ ටික නතර වුණාට පස්සේ හෙද හෙදියන්නට නිදහසක් නැද්ද? මේ ඔක්කොටම විශාල නිදහසක් දැනෙන කාලයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ.

පහුගිය කාලේ තෙල් ගහගෙන එහෙට මෙහෙට පැය 24ම දුවපු ත්‍රීවීල් රියැදුරන්ට කොච්චර නිදහසක් තිබුණද තෙල් පෝලිම්වල? ඒ වගේම ගෑස්වලින් හැමදාම ලිප් පත්තු කරපු කුස්සිවල ලිපට පවා නිදහසක් දැනිච්ච කාලයක් මෙච්චර කාලෙකට උදාවුණා කියලා අපි හිතන්නේ නෑ. දැන් ඉස්සරහට එන්නේ ගොවියන්නට නිදහස උදාවෙන කාලේ. ඒ කියන්නේ පෝර නැති නිසත් ගොවියන්ට නිදහසක් තිබුණා. ඒක වෙනම එකක්. ඇත්තටම පෝර නැති කාලේ හැමදාම කුඹුරේ මැරිච්ච වෙහෙසිච්ච ගොවීන් රැසක් කුඹුරු අතහැරියා. කුඹුරුවල කලින් වැඩ කළත් සමහරුන්ට අස්වනු කපාගන්න බැරිව ගියා. කුඹුරුවල ගොයම් කපනවා කියන්නේ හරියට වැඩ තියෙන කාලයක්. ඒ නිසා ගොයම් නොකපපු ගොවියෝ නිදහසේ හිටියා. කුඹුරුවලට පෝර දාගන්න බැරිව ගිය නිසා කුඹුරු අතහැරපු ගොවියෝ නිදහසේ හිටියා. ඉස්සරහට තිරිඟු පිටි හිඟය වගේ ප්‍රශ්න ඇති වෙනකොට රටේ පාන්, බේකරි නිෂ්පාදනවලට නිදහසක් උදාවෙනවා. ඒ වගේම කරන්ට් බිල වැඩිවුණාට පස්සේ අපට සෑහෙන්න විශ්වාසයක් තියෙනවා ලංකාවේ ගොඩක් ව්‍යාපාර වැහිලා යනවා. එතකොට ඒ ව්‍යාපාරවල වෙහෙසෙන, උදේ වැඩට යන, හවස ගෙදර එන හැම මනුස්සයෙකුටම ලොකු නිදහසක් ලැබෙනවා. ඒගොල්ලන්ට නිදහසේ ඉන්න ලැබෙන කාලයක් විදියට මේ කාලය අපට සලකන්න පුළුවන්.

අපි දන්නවා උප්පැන්න සහතිකයවත් ලියාගන්න බැරි තත්ත්වයකට ලංකාව පත්වෙලා තියෙන්නේ. උප්පැන්න ලියන එක නතර වුණාම, උප්පැන්න සහතික කන්තෝරුවල රාජකාරි කරපු අයට නිදහසක් ලැබෙනවා. ඒ නිසා මේ හැමෝටම නිදහස උදාවෙන කාලයක් ඇත්තටම මේ විදියට උදාවෙලා නෑ කියලයි අපට හිතෙන්නේ. ඒ නිසා මේක තමයි නියම නිදහස. ව්‍යාපාර පැත්තෙන් ගත්තොත් අපි දන්නවා බිත්තර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවුණා. බිත්තර ප්‍රශ්නය ඇතිවුණාම බිත්තර අලෙවිසල්වල මිනිස්සු නිදහසේ හිටියා. ඒ නිසා ඒක නිදහසක්. මේ වගේ රටේ හැම පැත්තෙන්ම බැලුවම කොයි විදියෙන් වුණත් මිනිස්සු ඉන්නේ නිදහසේ. ඒ නිසා මේක තමයි හරිම නිදහස. මේක තමයි සමරන්න ඕනෙ නිදහස.

දේශපාලනික වශයෙන් අපේ රටේ දේශපාලකයෝ ගොඩ දෙනෙක් පහුගිය කාලේ නිදහසේ හිටියා. ඒගොල්ලන්ට නිදහස සමරමින් නිදහසේ ආතල් එක ගනිමින් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම කතාබහක් තිබුණා අත්අඩංගුවට ගන්නවා, හොරු අල්ලනවා, හොරකම් කරපු අයට දඬුවම් කරනවා කියලා. හැබැයි ඒගොල්ලන්ට නිදහස ලැබුණා. ඒක නිසා මේක තමයි හරි නිදහස. 75 වැනි නිදහස තමයි හරියටම සමරන්න ඕනෙ. ඒක නිසා අපි මේ නිදහසට පිළිවෙතින් පෙළගැහෙනවා. එක එක්කෙනා කඩාකප්පල්කාරීව එක එක දේවල් කියයි. ඒත් සැලෙන්න එපා. කවුරු මොනවා කිව්වත් අපි නිදහසේ ආතල් එක ගන්නම ඕනෙ. ඒක නිසා මේක තමයි නියම නිදහස. තව ටික කාලෙකින් බඩටත් නිදහසක් උදාවෙනවා. ඇයි, උදේ ඉඳන් රෑවෙනකල් වේල් තුනක් කාලා බත්වලින් පුරවගත්තු බඩවල්වලින් අපේ ඇඟේ හැම ශරීර කොටසක්ම හරිම වෙහෙසට පත්වෙලයි තිබුණේ. ඒක නිසා දවසක් දෙකක් බඩගින්නේ හිටපුවාම බඩටත් නිදහසක් උදාවෙනවා. අපේ ශරීරයේ හැම කොටසකටම නිදහසක් උදාවෙනවා. සමහර විට අවසානෙදී හෘද වස්තුවටත් නිදහසක් උදාවෙන්න පුළුවන් මේ යන විදියට. ඒක නිසා නිදහස කියන එක හරියට තේරුම් ගන්න ඕනෙ. නිදහස උදහසක් කරගන්නෙ නැතුව අපි ඔක්කොම එකතු වෙලා 75 වැනි නිදහසට පිළිවෙතින් පෙළගැහෙමු. එහෙනම් ඔන්න මේ නිදහස් මොහොතේ ආයෙත් කියන්න ඔක්කොම එකතු වෙලා ‘අපි නිදහස සමරමු…’ මේක තමයි පට්ටම නිදහස. ඇත්තටම කියනවා නම් මෙහෙම නිදහසක් දැනිලම නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ෂාෆ්ටර්ගේ වෛද්‍ය වාර්තා පරස්පරයි! සයනයිඩ් කතාවත් අවුල්! වාර්තාව දී ඇත්තේ මාස 8කට කලින් වෛද්‍ය සභාවෙන් වැඩ තහනම් කරපු අධිකරණ වෛද්‍යවරයෙක්! කොහොමටවත් පිළිගන්න බෑ! ෂාෆ්ටර් පවුලේ නීතීඥයා කරුණු එකින් එක උසාවියට පෙන්වයි! මරණය ගැන තීන්දුවක් දීම මහේස්ත්‍රාත්වරිය කල් දමයි!

Next Post

බෙහෙත් නෑ! උපකරණ නෑ! සෞඛ්‍ය පද්ධතියම අඩපණ වෙලා! තත්ත්වය අතිශය භයානකයි! රටම දන්න වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍යවරු පළමුවරට මාධ්‍ය හමුවකට එකවර වාඩිවෙයි! බය හිතෙන හෙළිදරව්වක් කරයි! VIDEO

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.